Friday, December 28, 2012

හිත රිදුනා .. ඒත්

ජීවිතේ හමු වුන අය අතරෙන් හිතට ගොඩත් ලඟින් දැනුන හින්ද වගේම මං හොයාපු විදියේ ආදරේට මුල් තැන දුන්න කෙනෙක් නිසා ගොඩක් ආදෙරෙන් ඔයා මගේමයි කියලා  ඇහේ තියං ආදරේ කරේ...
නැහැ කියන්නේ නැහැ ඔයා මට ආදරෙයි ගොඩක්. මට ඒක දැනෙනවා.

“ඔයාව මම ගොඩාක් හොදට බලාගන්නම්
කියන දේ අහල ඉන්න ඕනේ හරිද
නැත්නම් ගුටි කන්න වෙයි ළමයා....“
“ඔයා ඉතින් හුරතල් බොලයක්නේ
ආදරෙයි මම “

ඔයාගේ වචන අහන්න හරි ආසාවෙන් හිටියේ මං. නිතරම හම්බ වුනේ නැතිවට ලොකු විශ්වාසයක් බැඳීමක් අපි අතරේ තිබුණා.එකට කන්න බොන්න, ඔයා වැඩ ඇරිලා එනකල් බලාගෙන ඉන්න . ජීවිතේ විඳින්න පටන් ගත්තා වගේ දැනුනේ එතකොටයි මට

“ එන්න ප්ලේට් එකත් අරගෙන. මම කවන්නම්.
 මගේ හුරතලේ දගලන්නේ නැතිව කන්න ඕනේ මම කවද්දී? හරිද? “

මං පුංචි එකා වගේ ඔයා ගාව දැවටි දැවටි ඉන්න ආස කරපු තරම්. ඒ වගේම වෙන කෙල්ලෙක් කතා කරාම මටත් හොරෙන් මගේ හිතට ලොකු ඉරිසියාවක් ආවා. ඒ හැටි නේද වස්තුවෝ...
ඒ වෙලාවට “ඔයා මගේ විතරයි“ මං හැමදාම කියනවා.

කාලෙකින් ඔයාව බලන්න ආවම, අපි දෙන්න ඇවිදිද්දි වෙනදා වගේ  මං ඔයාගේ පර්ස් එක අවුස්ස අවුස්ස ගියේ. ඒත් එක පාරම මගේ අතට ආව ෆොටෝ එක......
ඒත් වස්තු.. අනේ මට තේරෙන්නේ නැහැ මේක පොඩි දෙයක් උනත් මගේ හිත ගොඩක් රිදිලා.
ඔයාගේ අතීතේ මට රහසක් නොවුනත් මට කියන්න තේරෙන් නැහැ හිත නිකන් කිලෝගානක් බර වෙලා වගේ. තාමත් ඔයාගේ කලින් පෙම්වතියගේ මතක ඔයාගාව පරිස්සමෙන් තියනවා කියලා දන්නවා වුණත් මං මේ තරමට ඒ ගැන හිතුවේ නැහැ .
හිත කියනවා මං ඔයා ගාව ඉන්න එක වරදක් කියලා ..
එයාව හොයාගෙන ගිහින් ආපහු එක්කගෙන එන්න හිතෙනවා..
මට වඩා තැනක් එයාට ඔය හිතේ තියෙනවා කියලා හිතෙනවා..
අනේ මං වැරදිද වස්තුවෝ..

කල්පනා ලොකේ ගිලිලා ඉගිල්ලිලා වාහනේ එලවගෙන  ආපු මම එකපාරම  නිකමට හොඳ සිහියෙන් පාර බැළුවේ. ඒත් පරක්කුයි.. මං තීරැවෙන් පිට පැනලා මදිවට පිඹගෙන එන කන්ටේනරය තව අඩියකින් මාව යට කරගෙන යනවා කියන එක මට හීනෙකින් වගේ මතකයි.




6 comments: