Posts

Showing posts from February, 2013

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

එ ක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්....................... අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන  පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ ආදරය “ ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “ සැනසීම “. ආදරයට  රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන්  නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “ වේදනාව “ වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන  යන අකුරැ හතර.............“ වැලපීම “ කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර  කරැමය..........“ වැනසීම “ මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“ බුද්ධිය “ සියල්ල පාලනය කරන ප්‍රභල  සිවු අක්ෂර උත්පේරකය....... “ ඉවසීම “ ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට් වලින් පගාව හම්බෙනවා. ඉතින් ම

දෙයියන්ගේ මල්ලි

ස තුට අකුරැ තුනයි..... ශෝකය අකුරැ තුනයි........... මේ දෙකේම අඩුවැඩි වීමේ නූතන රහස.................... ඔව් ඒකටත් අකුරැ තුනයි...         සල්ලි ඔයා මොනාද කරන්නේ....? සල්ලි හොයන්න ජිවත් වෙනවද?  ජීවත් වෙලා සල්ලි හොයනවද? තනිකඩයෙක් නම් ජීවත් වෙලා සල්ලි හොයනවා කියයි. ඒ කාලෙට තියෙන ඇඳුම ගන්න. මොබයිල් එක දුවා ගන්න සරල දේවල් කිහිපයක් ඇරැණම ඒතරම් බරක් නැති හින්දා. ඒත් විවාහකයෙක් නම් උත්තරේ වෙනස්... බිරිඳ - දරැවෝ  - වියදම්  එක්ක බලද්දි සිද්ද වෙලා තියෙන්නේ සල්ලි හොයන්න ජීවත් වෙන්නයි.ජීවිතේ එක රාමුවකටම යට වෙලා නේද? එලිවෙනවා , වැඩට යනවා, ගෙදර එනවා, රෑ වෙනවා. එහෙම නැතුවත් බැහැ.  හැමෝම ආසයි  ලස්සනට ඉන්න. ගෙයක් දොරක්, වාහනයක් , පවුලක්. ඒත් ඒ සේරම කරන්න  අද අත්‍යවශය දුව්‍ය වෙලා තියෙන්නේ මුදල්. මේ සමාජ රැල්ල අපිවත් ගහගෙන කොහාටද  යන්නේ ?  මට නම් හිතෙන්නේ  මගේ  ජීවිතේ සෑදෑ සමයට එන කාලේ එනකොට සුපර් මාකට් එකෙන් සැනසීම කිලෝවක් සල්ලි වලට ගේන්න තරමට  අපි යාන්ත්‍රික වෙයි කියලා. ඕන කෙනෙක් බනින්න මේ ලිපියට. මං සම්පූර්ණ කළකිරීමෙන් ලියන්නේ. ( ආයෙ ලියන්න එපා කියලා කිවුවත් මට දුකක් නැහැ ) මට මේ දේවල් වෙනස්