Posts

Showing posts from December, 2014

අද ඇයගේ උපන් දිනයයි!!!!

ම ගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි.  මගේ එකම හොයුරිය -  මිතුරිය වගේම මගේ  මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි. මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත  මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත. උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ.  මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය. ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැන මා කණගාටු නොවෙමි. නමුත

සුලඟට පාටක් තිබුනා නම්......

Image
ස මනල කන්දෙන් හිරු නැග එනකොට අරුණළු අතරින් පිබිදුන දෑසට සුලඟ පෙනෙයි රන්වන් පාටින් වනාත අතරින් තණ පත් සිපඑන ගත සිත සනහන සිසිල් සුලං රොද පෙනේවි ලොවටම කොල පාටින් වියැලුනු කුඹුරේ ඉපනැලි අතරින් රත් උන වැලි කැට උණුවන තරමින් කහ පැහැ සුලඟක් එයි සැර දමමින් අඳුරු වලා පිරි දම් පැහැ අහසෙන් සීතල හිරිකඩ දිය බිඳු අරගෙන හමාවි සුලඟක් නිල් පාටින් බටහිර අහසේ ඉර හැංගෙනකොට වෙරළ පුරා සයුරේ ඉම සොයමින් සුලඟ සැරිසරයි රතු පාටින් තරුකැට අතරින් සඳ හිනැහෙනකොට අඳුර මැදින් ගං දියේ ඇදීයයි රිදී පාට සුලඟක් රහසින්