කවුළුවේ සුභ පැතුම......!
හැ ම දේටම කලින් මුලිම්ම මං ස්තූති කරන්න ඕනේ සොභාදහම් මෑණියන්ට...!!! මට ,ඔබට අපි හැමදෙනාටම මේ අළුත් අවුද්දේ පලවෙනි දවස දකින්න වරම් දුන්නට.. මං එහෙම කිව්වේ ඇයි? හේතුව... මට බැහැ තර්ක කරන්න ඇත්තටම ලොක විනාසයක් වෙන්න තිබුණාද? නැද්ද? කියලා. මට බැහැ තර්ක කරන්න දැන් තියෙන තත්වේ මත හෙට මොනවා වෙයිද කියලා. පහුගිය වෙනිදා පුදුම ආන්දෝලනයක් තිබුනා ලෝක විනාසයක් ගැන.දැන් කට්ටිය සැහැල්ලුවෙන් අමතක කලත් හැමෝගෙම තිගැස්මක් යටි හිතේ ඇති වුණා කියලා පිලිගන්නම වෙනවා. මං වැරදියි නම් මට චෝදනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං වුණත් වැඩි විශ්වාසයක් තිබුනේ නැහැ ලොක විනාසයක් ගැන,මොකද මං බුදුදහම තදින් විශ්වාස කරන නිසා ( වරදවා හිතන්න එපා ,අනිත් ආගම් සියල්ලටම මම ගරැ කරනවා), නමුත් මං හිතුවා යම් ප්‍රමාණයක ස්භාවික විපත් වලින් අපි අසරණ වෙයි කියලා. හිතුවා වගේම මගේ මුළු ජීවිතේටම අත් නොව්න්ද දෙයක් කුරැණෑගලට සිද්ද වුණා. දින තුනක්.. පැය හැත්තෑ දෙකක්.. නෙකඩවා එකම වේගයෙන්.. පුදුම වැස්සක් ඇද හැළුනා. මුළු හස්ථිශෛල පුරවරයම හෝදගෙන ගියා වගේ, අපේ ගෙවල් දොරවල් අඩි පහ හය යට වෙද්දි කුරැණෑගල තව පැති මාළු...