Posts

Showing posts from December, 2013

සතුට සැනසීම පිරුණ ශ්‍රී සුභ නව වසරක් වේවා......!!!!!!!!

අම්මෝ.... කාලෙකින් ආවා බ්ලොග් අඩවිය පැත්තට වැඩේ කියන්නේ, "කවුළු" ගොඩායිනේ දැන් අයියෝ..!!!! කමක් නෑ ඉතින් උයාලාට මාව මතකයිනේ ඉතින් සීතල උඳුවප් මාසේ..... නත්තල් කාලේ... සීතලේ ..... පාළුවේ...... අකුරු ටිකක්  අමුණන්න ආවා... ඔය පැත්තේ කොහොමද? නත්තල් එහෙම සරුද? හස්ථිශෛල පුරවරයේ නම් නත්තල වැඩිය පේන්න නැ නැ වගේ දැනුනා... හුඟක් දුරට හේතුව සාමාන්‍ය ජනතාවගේ, අසාමාන්‍ය දුප්පත්කම වෙන්න ඕනේ. කොහොම උනත් ඇති හැකි හැටියට හැමදෙනාම නත්තල සමරනවා නේ.... ඒ මදිවට අද 31 නයිට් එක... බලන බලන අතේ පාටි / මියුසිකල් ශෝ/ බොතල් ද පොල් කටුද අරවද මේවද නානාප්‍රකාර එව්වා මෙව්වා නේද?  ඒවත් ඉතින් තියෙන්න එපායැ. නැද්ද!! අවුරුද්දක් ගෙවිලා ගියා.(අපි වයසට ගියා බොලව්) මට නම් අවුරුද්ද සර්ව සම්පූර්ණ අවුරුද්දක් උනා. ඒ කියන්නනේ දුක /සතුට /ජොලිය ඇති වෙන්න තිබුණ වේදනාවෙනුත් කිසීම අඩුපාඩුවක් නැති වුණ අවුරුද්දක්..... (ලුණු ඇඹුල් පදමට තිබුණ අස්සෙන් මුල්ලෙන් තිත්තත් තිබුණ පට්ට අවුරුද්දක් ඈ..) අතපහුවීම්/පසුතැවීම් නැතුවා නොවේ, ඒ අතර හිතට දැනුන ආදරණීය මතකයන් ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා. ඔය අස්සේ මගේ කට වැරැද්දකින් අත වැ