Posts

Showing posts from January, 2014

බලන්න මං කියන කතාව ඔයාටත් තේරුණාද කියලා

Image
ඉඳිකඩ කඩුල්ලේ වැහැරුණ__________ඉනි වැටට බරවී හෙලයි ඈ නෙත් යුග_____________බටහිරට රන්වන් පාට මළ හිරු රැස් කොපොල්________ සිඹ නොමියුනු ඇගේ සෙනෙහස පෙන්වයි _______තවම පැහැ සේදිලා සුද මතු වුණ _______________ චීත්තයේ කොනකින් පිස දමයි තෙත් බිඳ නෙත් ______පොකුනේ සුසුමන් දවාගෙන යයි වියැළුන  ____________ලමැදේ හුස්මක් පුරා මඟ බලමින්____________ ලතැවෙන්නේ දස මාසයක් දහ දුක් ගිණි _______________උහුලගෙන ඇගෙ පන     දෙවෙනිකර නුඹ වෙනුවෙන්______ නැහුන කැත කුණු කොහිද දරු සෙනෙහස දැනෙන ________ දින නුඹ ලොකු මහත් කෙරුවා දුක ____________ දරාගෙන හේනේ ඉඳන් එනවිටදී නුඹේ_______________පියා මහ රෑ පොලොන් විසකින් අප අතැර__________ගියා දාහක් ගැහැට විඳිමින් නෙක නව____________නින්දා තනිකඩ හිතින් නුඹ හැදුවා සැප ___________නොබලා කන්නෙන් කන්න කයියට පැන__________වෙහෙසීලා පැදුරුත් පොල් අතුත් විව්වා ____________ නිදි වරලා වෙහෙසක් දැනුන විට පැදුරට_____________ලං වීලා නුඹෙ හිස පිරිමදී අම්මා _______________හිනැහීලා ඉපනැලි දිගේ දුව පැවන උන් කොළු_______ ගැටයා පහරක් දෙවා හෝ පිරි

පුස්කාපු ආදරේ.............

Image
හිත හාරගෙන - හාරගෙන ඇතුලටම දුවන මතකය හති දමාගෙන ඇස් ඩොගිත්තන් මේ හොයන්නේ නුඔම නේද? විඩා පත් නෙත් කෙවෙනි තිස් පැයම තෙත් කරන හිතුවක්කාරව මාව ම රිදවන අහංකාර සිතුවිල්ල නුඔම නේද? එකෝමත් එක ඈත දවසක මාල හතකට සීන පෙන්නුව අදත් - මතුවත් මැරී මැරී උපද්දවන වේදනාවේ විරහ ගීතය නුඔම නේද? මගෙන්  මඟ හැරුණ නුඹෙන් මග හැළුන අඟ මුලක් නැති පුස් කාපු ආදරේ.....!!!!