Posts

Showing posts with the label විනිවිද සිතිවිලි

අද ඇයගේ උපන් දිනයයි!!!!

ම ගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි.  මගේ එකම හොයුරිය -  මිතුරිය වගේම මගේ  මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි. මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත  මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත. උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ.  මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය. ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැ...

අතුරු ආන්තරා බහුල කෝකටත් තෛලය!!

“ අ හවල් පලාතේ .....අහවල් පාසලේ.... අහවල් දැරිය ...... සියදිවි හානි කරගෙන“ සති කීපයක් ඇතුලත මේක ගිණි ගන්න හොට් හොට්  සුපුරුදු නිව්ස් එකක් වෙලා නේද? උත්ගෝශන/ උපවාස/පොස්ටර් හෝ පත්‍රිකා නෙවේ සත්තකිම්ම අපි පෙරලි පෙරලි අඬන්න ඕනෙ මේවගේ දේවල් අහන්න දකින්න  වෙන හින්දා.  මොකද මේ ළමයින්ට වෙලා තියෙන්නේ!! දරාගැනීමේ නොහැකියාවද? මන්ද මානසිකත්වයක් ද? හෝමෝන බලපෑමක්ද? එහෙමත් ම නැතිනම් ෆේස් බුක් ද? ජංගම දුරකථනද? මේ සිදුවීම් වලක්වාගන්න එකම පිළියම ජංගම දුරකථන තහනම් කිරීමද? නැතිනම් ෆේස් බුක්  සයිබර් සාමාජ අඩවිය මෙරටට තහනම් කිරිමද? අවංකවම කියනවානම් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට අපි නවීන තාක්ෂණය දැනකියාගත යුතුමයි. නමුත් වැලඳගෙන ඒ මත්තේ නැහිම ඥානාන්විත ද? අවශ්‍ය දේ පමණක් රැගෙන අනවශ්‍ය දේ ඈත් කරගන්න බැරි තරමටම අපි නූගත් ද? ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හිතේ තියන ආවේගයත් එක්ක පිස්සුවෙන් අන්තර්ජාලය /මත් ද්‍රව්‍ය/දුරකථන එක්ක ගැටෙන අපේ ළමුන්ට තේරැම් කිරීමෙන් බැරි නම් පාරක් දීලාහරි , හරිහරි වැරදි තෝරා බේරා දෙන්න දෙමාපියන්ට ශක්තියක් නැද්ද?  ඇයි බැරි...

රෝස මල් - චොකලට් - හාදු - වැලන්ටයින්......

වැ ඩකිඩ ගෝනියකට යට වෙලා ඉන්න අතරේ ආදරවන්තයින්ගේ දිනයට අකුරක් දෙකක් කියන්න කවුළුවට ආවේ ගිය අවුරුද්දේ තරම් දීර්ඝ ලිපියක් ලියන්න නම් නෙවේ.. දැන් ඉතින් කාර්ය බහුල ඈයොනේ.. (නොකියා කීවේ වැඩට යන වග) රෝස මල් - චොකලට් - හාදු පිරුණ පෙම්වතුන්ගේ දිනය 2014 වසරෙ පෙබරවාරි 14 දින වෙනස්ම විදිහකින් සමරන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ පින්බර නවම් පොහොය දිනයේ ශ්‍රී ලංකාව කියන්නේ, තවමත් බෞද්ධ රටක් කියලා ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ ආදරණිය තරුණ පරම්පරාවකුත් තවම අපිට ඉතිරි වෙලාතියෙනවා. මං එහෙම කියන්න හේතු උනේ හොරෙන්ම සතේ සතේ එකතුකරලා  ගෙවල් වලට හොරෙන් තමන් ආදරය කරන ගැහැනු ළමයාට හෝ පිරිමි ලමයාට තෑගි අරං දෙන විදිහේ පෙම්වතුන්ගෙත් දිනයක් නිසාවත් , පෙම්වතුන්ගේ දිනය මුවාවෙන් “පෙම්වත්තු“ කියාගෙන ආදරේ තරම මනින්න අයුතු ප්‍ර‍යෝජන හා කාමුක ආශාවක් මුදුන්පත්කරගන්න දුවන වැලන්ටයින් ලා ගේ දිනයක් නිසාවත් නම් නෙවේ. මේ ආදරවන්තයින්ගේ දවසේ ගෙදරට කියා හෝ නොකියා දෙන්නත් එක්ක පන්සලකට ගොඩවැදුන පිංවත් පෙම්වතුන් පිරිසක් නිසා. ඇත්තටම ආදරේ සමරන්න එක දවසක් වෙන් කරන එක, එක විදියක විහිළුවන් උනත් සමහර වෙන් උන අය , පොඩි-පොඩි හිත් නොහොඳකම...

සතුට සැනසීම පිරුණ ශ්‍රී සුභ නව වසරක් වේවා......!!!!!!!!

අම්මෝ.... කාලෙකින් ආවා බ්ලොග් අඩවිය පැත්තට වැඩේ කියන්නේ, "කවුළු" ගොඩායිනේ දැන් අයියෝ..!!!! කමක් නෑ ඉතින් උයාලාට මාව මතකයිනේ ඉතින් සීතල උඳුවප් මාසේ..... නත්තල් කාලේ... සීතලේ ..... පාළුවේ...... අකුරු ටිකක්  අමුණන්න ආවා... ඔය පැත්තේ කොහොමද? නත්තල් එහෙම සරුද? හස්ථිශෛල පුරවරයේ නම් නත්තල වැඩිය පේන්න නැ නැ වගේ දැනුනා... හුඟක් දුරට හේතුව සාමාන්‍ය ජනතාවගේ, අසාමාන්‍ය දුප්පත්කම වෙන්න ඕනේ. කොහොම උනත් ඇති හැකි හැටියට හැමදෙනාම නත්තල සමරනවා නේ.... ඒ මදිවට අද 31 නයිට් එක... බලන බලන අතේ පාටි / මියුසිකල් ශෝ/ බොතල් ද පොල් කටුද අරවද මේවද නානාප්‍රකාර එව්වා මෙව්වා නේද?  ඒවත් ඉතින් තියෙන්න එපායැ. නැද්ද!! අවුරුද්දක් ගෙවිලා ගියා.(අපි වයසට ගියා බොලව්) මට නම් අවුරුද්ද සර්ව සම්පූර්ණ අවුරුද්දක් උනා. ඒ කියන්නනේ දුක /සතුට /ජොලිය ඇති වෙන්න තිබුණ වේදනාවෙනුත් කිසීම අඩුපාඩුවක් නැති වුණ අවුරුද්දක්..... (ලුණු ඇඹුල් පදමට තිබුණ අස්සෙන් මුල්ලෙන් තිත්තත් තිබුණ පට්ට අවුරුද්දක් ඈ..) අතපහුවීම්/පසුතැවීම් නැතුවා නොවේ, ඒ අතර හිතට දැනුන ආදරණීය මතකයන් ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා. ඔය අස්සේ මගේ කට වැරැද්දකින් අත වැ...

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

එ ක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්....................... අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන  පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ ආදරය “ ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “ සැනසීම “. ආදරයට  රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන්  නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “ වේදනාව “ වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන  යන අකුරැ හතර.............“ වැලපීම “ කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර  කරැමය..........“ වැනසීම “ මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“ බුද්ධිය “ සියල්ල පාලනය කරන ප්‍රභල  සිවු අක්ෂර උත්පේරකය....... “ ඉවසීම “ ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට්...

කවුද මේ......

කො හොමද මං ඔයාව හරියටම විග්‍රහ කරන්නේ මහ දුෂ්ට නපුරෙක් කියලද තැම්පත් යහපත් කෙනෙක් විදියටද? නැ ..... ඔයා මහ දෙකටම නැති කෙනෙක්. වෙලාවකට රිද්දනවා මට දරාගන්න බැරි තරමට ගින්දරක් දීලා,  ඒ වගේම මාව සතුටෙන් තියනවා සැහැල්ලුවෙන් පාවෙන්න තරම් .ඒ සේරමත් හරි මාව පිස්සු වට්ටන්නේ ඇයි, ඇයි මාව බය කරන්නේ,ඇයි මට එක අරමුණක ඉන්න නොදෙන්නේ? මේ සේරම කරලා කඳුළු පනිනකල් මාව හිනස්සවන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ ඔයා කොයි වගේද? ඇත්තටම එක විදියකට ඉන්නම බැරිද? නැ නැ. එහෙම එපා එහෙම උනානම් මං දුක දරාගන්න බැරිව මැරෙයි නැත්නම් සතුට දරාගන්න බැරිව මැරෙයි. ඔයා මහ බයගුල්ලෙක් එකනේ හැංගිලා ඉන්නේ. කොහෙ ඉන්නවද මොන වගේද .... කවුද දන්නේ !!! කවුද මේ... ඔව්... ඔව්..ඔයා තමයි මොනතරම් රිද්දුවත්, කොයිතරම් සතුටු කරත් මං ගැන ඔයා තරම් වෙන කවුරැවත් දන්නේ නැහැ.ඔයා තරම් මට අවංක කෙනෙක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ.ඒ වගේම ඔයා තරම් කාවවත් මට විශ්වාසත් නැහැ.ඒවගේම මාව විනාශ කරන්න පුළුවන්කම තියෙන්නෙත් මාව ජීවත් කරන්න පුළුවන්කම තියෙන්නෙත් ඔයාටමයි ..... හිත ............. මං දන්න පුදුමාකාරම අවයවය. පටක රහිත ,සෛල රහිත ,අදෘෂ්‍...

ආත්මගත බැඳීම - සහෝදරකම

ක වදාවත් අමතක නොවෙන පලවෙනි දවස තමයි එකදාස් නමසිය අනූ හයේ මාර්තු දාසය. මං ඉක්කෝලෙ ගියපු පලවෙනි දවස..... අම්මා එක්ක ආපහු යන්න ඕනේ කියලා මං පෙරළි පෙරළි ඇඞුවා. ඔය විදියට පලවෙනි දවස් කොච්චර ගෙව්නද....? දෙදාස් දහතුනේ පලවෙනි දවස මගේ ගෙවුණේ මේ විදියට.... සුපුරැදු විදියට ගුලි වෙලා නිදියං ඉද්දි නිංදෙන් වගේ පෝන් කට්ට දිහා බැළුවා  හයට කාලයි. ආයෙ පැත්තකට හැරිලා ඇහැ පියාගන්න හැදුවම මතක් උනා පලවෙනිදනේ කියලා. ඉතින් කඩියා වගේ නැගිටලා මූණ හොදගෙන අම්මා හදලා දුන්න කිරි එක ආමාශගත කරගෙන ඉදලත් අරං මිදුලට බැස්ස අතුගාන්න (අම්මා ඇස් ඩොගිත්තං බලං ඉන්නවා.) ඇයි යකෝ මං මීට කලිං මිදුල අතුගාලම නැද්ද? කල්පනා කරලා බැළුවා, මාසෙකින් විතර නෑ තමා. සමහර විට දෙකකින්. හී.......ඔහේ ඕන එකක් මං අතුගාගෙන යද්දි මගේ අතිජාත මිතූයෙක් යනවා පාරෙ... මගේ යාළුවෝ ඉතින් මං වගේම තමා.. “ අහ් ... අදවත් මූණ හෝදගනින්“ පාන්දරම කින්ඩියක් “අතින් පිහගත්තා බං“ මාත් ඇරියේ නෑ...“උඹ යන ගමනක් නාගෙනම පලයං, යන යන තැන ගඳගහනකොට පලවෙනිදා අනිත් අයටගේ නහයට අවුලනේ බං“ මාත් විරිත්තගෙනම කිව්වා. අම්මා කිරිබත් උයලා මට කන්න එන්න කිව්වා. ඉ...

කවුළුවේ සුභ පැතුම......!

හැ ම දේටම කලින් මුලිම්ම මං ස්තූති කරන්න ඕනේ  සොභාදහම් මෑණියන්ට...!!! මට ,ඔබට අපි හැමදෙනාටම මේ අළුත් අවුද්දේ පලවෙනි දවස දකින්න වරම් දුන්නට.. මං එහෙම කිව්වේ ඇයි?  හේතුව... මට බැහැ තර්ක කරන්න ඇත්තටම ලොක විනාසයක් වෙන්න තිබුණාද? නැද්ද? කියලා. මට බැහැ තර්ක කරන්න දැන් තියෙන තත්වේ මත හෙට මොනවා වෙයිද කියලා. පහුගිය වෙනිදා පුදුම ආන්දෝලනයක් තිබුනා ලෝක විනාසයක් ගැන.දැන් කට්ටිය සැහැල්ලුවෙන් අමතක කලත් හැමෝගෙම තිගැස්මක් යටි හිතේ ඇති වුණා කියලා පිලිගන්නම වෙනවා. මං වැරදියි නම් මට චෝදනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං වුණත් වැඩි විශ්වාසයක් තිබුනේ නැහැ ලොක විනාසයක් ගැන,මොකද මං බුදුදහම තදින් විශ්වාස කරන නිසා  ( වරදවා හිතන්න එපා ,අනිත් ආගම් සියල්ලටම  මම ගරැ කරනවා), නමුත් මං හිතුවා යම් ප්‍රමාණයක ස්භාවික විපත් වලින් අපි අසරණ වෙයි කියලා.  හිතුවා වගේම මගේ මුළු ජීවිතේටම අත් නොව්න්ද දෙයක් කුරැණෑගලට සිද්ද වුණා. දින තුනක්.. පැය හැත්තෑ දෙකක්.. නෙකඩවා එකම වේගයෙන්.. පුදුම වැස්සක් ඇද හැළුනා. මුළු හස්ථිශෛල පුරවරයම හෝදගෙන ගියා වගේ, අපේ ගෙවල් දොරවල් අඩි පහ හය යට වෙද්දි කුරැණෑගල තව පැති මාළු...

(අ)මුතු ජීවීයෝ

අ ප ෝ ඉතින් කැපිල්ලටම හිනාවෙයන්, ගේමක් ඇදුනම ශේප් වෙයන් අනේ මටම ඔහොම කරපන්කෝ... හැමදාමත් ඔහොමමයි !!! හා උඹ මට කීයක් ණයද? ඒවට මට පොල්ලද...? ආසාවට මටත් එක්ක එක දවසකට ටිකට් ගනින් බස් එකට. උඹට සිරාවටම මාරැ කාසි නැද්ද...? ඊයෙ ගත්ත නිල් පෑන, “ෂහ් මචෝ පට්ට පෑන.. කවද්ද ගත්තේ ? නියමෙට ලියවෙනවානේද ? “ “එළකිරි මචං මේක මට“. අනේ උඹ අරගෙනත් ඉවරද? ඇත්තටම මාව උඹට පේන්නේ කොන්ඩෙ බැඳපු චීනෙක් වගේද? සද්ද නැතුව ඉන්නේ මං උඹට බයේ වත් ද? වෙන්න බෑ මේ අපේ යාළුකම... කවදා හරි අපි හිනාවෙයි අපේ  පාසල් කාලෙ මතක් වෙලා..... ................... නැද්ද කියන්නේ..???? ඉස්කෝලෙ සමරැ පොත පෙරලගෙන යනකොට ඇහැ ගැටුන කොටසකින් හිතට සතුට මිශ්‍ර දුකක් ආවා.  යාළුවෝ.....එකට දුක කාගෙන ,සතුට සමරගෙන හෙවනැල්ල වගේ ලඟ ඉන්න,  ඕනම දේකට සප් එක බොක්කෙම්ම දෙන , කාටවත් කඩලා බිඳලා දාන්න බැරි, විශ්වාසය පද නම් වුණු බැම්මක්. සත්තකිම්ම හැමදේටම වඩා වටිනවා. ඔය අතරෙ දෙපැත්ත කන  දෙපිට කාට්ටු දෙපත් නයි නැතුවා නොවේ..... යාළුකමක් පටන් ගත්ත දවසක් හරියටම කියන්න කාටවත් බැහැ ඒක ඉබේ ඇතිවෙන ලෙන්ගතුකමක් . ම...

අප්පච්චී

අ ම්මලා පුතාලා -  තාත්තලා දුවලා ඇත්ත තමයි අම්මලා වැඩීපුරම ආදරේ පුතාලට ( ඒකයි අපේ අම්මත් මට පුතේ කියන්නේ ) ඒවගේම තාත්තලා වැඩිපුරම ආදරේ දුවලට. තාත්තලා කොච්චර නම් දුක්විඳිනවද පවුලක් ජීවත් කරන්න. මට ඒවගේ සිද්දි කිහිපයක්ම දකින්න"අත්විඳින්න ලැබිලා තියෙනවා. මං දවසක් පුංචි  කාලේ අප්පච්චිත් එක්ක ඉක්කෝලෙ ගිහින් එද්දි  මගේ සපත්තුව කැඩුනා. ඉතින් අප්පච්චි මාව වඩාගෙන ගියා සපත්තු මහන කෙනෙක් ගාවට,ඒකාලේ නොතේරැණාට ඒ දේවල් මතක් වෙනකොට හිතට පුදුම දුකක් දැනෙනවා. ඒ සපත්තු මහන මනුස්සයා හිටියෙ  ඉස්කෝලේ තාප්පේ ගාව, ඉස්කෝලෙ එපාපැත්තේ තිබ්බ ජෑම් අත්තක පුංචි හෙවනැල්ලක් විතරයි ඒ මනුස්සයට අව්වට වැස්සට හෙවනක් වුණේ.  ඒ මනුස්සයාගේ එක කකුලක් නැහැ.කිහිලි කරැවක් ලඟින් තියාගෙන ගිණි අව්වේ දහදිය පෙරාගෙන එයා ඉඳිකටුවක් එක්ක ඹට්ටුවෙනවා. අප්පච්චි මාවත් වඩාගෙන එතනට ආවම ඒ මනුස්සයා මං දිහා බලං ඉඳලා හිනාවුණා. මට මතකයි මං හිනාවුනේ නැහැ. මං බය උනා ඒ මනුස්සයාගේ විට පුරෝගත්තු රතුපාට දත් වලට. “ඉක්මනටම කඩාගෙන වගේ, කෝදෙන්න මං මහලා දෙන්න“ උගුරෙ රැල්බුරැල් ඇරලා එයා කිව්වා. “දාංගලේනේ පරිස්සමක් නැහැ“ අප්...

අම්මා

අ ම්මලා කොච්චර වැඩ කරනවද ඇත්තට.... මං කියන්නේ, අතට පයට වැඩකරැවන් ඉන්න සුපිරි නිවසක ජීවත්වෙන මමීලා ගැන නම් නෙවෙයි.සාමාන්‍ය පවුලක රැකියාවක් නොකරන අම්මලා ගැන. වරදවා හිතන්න එපා... තාත්තා වැඩ නොකරනවා නෙවේ ,තාත්තා තමයි ගෙදර වියදම් දරන්නේ. ඔන්න පටං ගත්තා.... අම්මා, පාන්දර 3ට කිට්ටුවෙන්න නැකිටිනවා සාමානයෙන්.. මං මේ කියන අම්මාට ඉන්නවා රජයේ රැකියාවක් කරන ස්වාමිපුරැෂයෙක්, ඉස්කෝලෙ යන සා/පෙල පුතෙක්, උ/පෙළ කරපු ප්‍රතිඵල එනකන් කලාස් දුවන දුවෙක්,3වසරෙ පොඩ්ඩෙක්. ඔන්න අම්මා පාන්දර නැගි ටලා උයනවා කට්ටියටම කෑම ගෙනියන්න.උයලා චූටි කොල්ලාව ලෑස්ති කරලා.ලොකු කොල්ලාගේ වැඩත් කරලා,කෙල්ලගේ කෑම එකයි මහත්තයගේ කෑම එකයි ලෑස්ති කරලා කට්ටියම යැව්වයි කියමු. ඔන්න යුද්දේ පටං ගත්තා..... ගියා මුලින්ම මුළු ගේම අස් කරලා අතුගාලා, ම්දුලත් අතුගාලා ආගම සිහිකරලා,කාමරෙන් කාමරේට ගිහින් කට්ටිය වටේට දාපු කිලුටු ඇඳුම් අරං ඒවා සෝදලා දාන්න යනවා. පුළුවන් ඉක්මනින් ඒක කරත් අඩුම 10 වත් වෙනවා. ඊට පස්සේ උදේට අම්මා කන්නේ 10ට. ඊලඟට අම්මා වලං පිඟන් එක්ක ඔට්ටුවෙනවා. සමහර විට ගේ මොප් කරන්නත් වෙයි. ඊගාවට අම්මා තව මොනාහරි මාල...