Posts

Showing posts with the label කවුළුවේ පද ගෙතුම්

කවුළුවේ සිතුවිලි 07

Image

කවුළුවේ සිතුවිලි - 06

Image
නුඹෙන් ලැබෙන ආදරෙ මට තරම _________මහමෙරක්  එයින් විඳින සැනසීමද මට ______________මහෝගයක් අයදින්නම් දන නමමින් එක පොඩි___________ වරයක් හැකිනම් තව ඈත් වෙන්න මතින් ___________දශමයක්..... නුඹෙන් ලැබුනි ජීවිතයට සුන්දර _____________අරුතක්  සසර පුරා රැගෙන යන්න මිහිරි _____________මතකයක්  නුඹේ සුවඳ විඳගන්නට දෙන්න මට_____________ඉඩක් හැමදාටම දුම්වැටිය ට තියනුමැන______________තිතක්..... මගේ ලොවට එලිය ගෙනෙන මැනික නුඹ ________ඉරක්  සසල සිතට සිසිල ගෙනෙන සොඳුර මට__________සඳක්  විඩාබරිත ගත සනහන නුඹ පවන් _____________රොදක්  ඉඩෝරයට සුවය ගෙනෙන නුඹ __________මල්වැස්සක්.... ඉර ගින්නට පුළුස්සන්න එපා මං ______________මලක්  අමාවකට සැඟවී මට දෙනු එපා_______________ දුකක්  විසිරවන්න එපා මසිත වී සැඩ _______________සුලගක්  අසරන වෙයි මා නුඹ වුවොත් _____________කුනාටුවක්....

කවුළුවේ සිතිවිලි -05

Image

කවුළුවේ සිතුවිලි - 04

Image

කවුළුවේ සිතුවිලි 03

Image
විසල් වනයකි මේ සමාජය වන මලකි මම එහි ම මුකුලිත දනිමි නුඹ මා සොයා එන වග වඩිනු මහදට නොහිඳ මග තොට බාඳුරා මග පිපෙයි නුඹ එන ඉඟිපායි පොපියවා ලැමහස නොදුටු සේ එනු නොපා මදහහස එහි නොවේ නුඔ සොයන සෙනෙහස   වසඟ වූවොත් වරක් හෝ නුඹ බාඳුරා පෙති සිප නොගත්තද එපා එන්නට පිවිතුරුය මම අවසරයි හද අගුළු ලන්නට රාග යුෂයේ නුඹ ගිලී ගිය පසුව මා ලතැවී පලක් නැත. නොදුටු සේ පෙති හලා ඉවතට නිහඬ වෙමි සදහටම එදිනට

කවුළුවේ සිතුවිලි 02

Image
විශ්වාසය වීදුරුවකි.. පරෙස්සමෙන් රකිනු යෙහෙකි... බිඳ වැටුනොත් පලුදු ගොඩකි කිසිදා යලි මකනු නොහැකි ..

කවුළුවේ සිතුවිලි 01

Image
ජීවිතයේ හැමදේම ලැබෙන්නේ නැහැ අපට ඕන හැටියට නමුත් වෙහෙසී උපයන සැනසීමට පරාදයි නොවෙද.... නිකම්ම ලැබුණ ක්ෂණික සතුට!!!

සුලඟට පාටක් තිබුනා නම්......

Image
ස මනල කන්දෙන් හිරු නැග එනකොට අරුණළු අතරින් පිබිදුන දෑසට සුලඟ පෙනෙයි රන්වන් පාටින් වනාත අතරින් තණ පත් සිපඑන ගත සිත සනහන සිසිල් සුලං රොද පෙනේවි ලොවටම කොල පාටින් වියැලුනු කුඹුරේ ඉපනැලි අතරින් රත් උන වැලි කැට උණුවන තරමින් කහ පැහැ සුලඟක් එයි සැර දමමින් අඳුරු වලා පිරි දම් පැහැ අහසෙන් සීතල හිරිකඩ දිය බිඳු අරගෙන හමාවි සුලඟක් නිල් පාටින් බටහිර අහසේ ඉර හැංගෙනකොට වෙරළ පුරා සයුරේ ඉම සොයමින් සුලඟ සැරිසරයි රතු පාටින් තරුකැට අතරින් සඳ හිනැහෙනකොට අඳුර මැදින් ගං දියේ ඇදීයයි රිදී පාට සුලඟක් රහසින්

නිවන් පුරේ ගිය අප්පච්චී........

Image
සුදු පැහැ ඇඳුමෙන් සුදුමැලි මූනෙන් දෙනෙත් පියන් ඇයි?     අප්පච්චී තුරුලට අරගෙන කීව කතන්දර ගොළුවෙලාද අද                   අප්පච්චී පහනේ එලියෙන් දෝනි රැඳෙන්නේ නුඹේ තනියටයි             අප්පච්චී දෑස විහිදලා හිස අතගාලා නොබලන්නේ ඇයි                       අප්පච්චී අම්මව ආපහු ගෙදර ගෙන්නද සුර ලෝකෙට ගියෙ                අප්පච්චී තාම නාවෙ ඇයි දින සති ගෙවුනා මාස තුනක් දැන්               අප්පච්චී ලබන දුරුත්තට ගේත් සින්න වෙයි කාට කියන්නද                අප්පච්චී දෝණිට පාළුයි දොම්නස් බෝමයි විගහට එනවද               ...

වීදි දරුවා

මුහුනේ පුරා පැල්ලම් සීරැම්__________ලකුණු එනමුත් නෙතින් අවිහින්සක බව______පිරුණු පුංචි එකෙත් ඇවිදින් අත පා_________දකුණු නෝනා බඩගිනියි, මට කීවා ________කරුණු මා අත තිබූ බත් පත ඔහු අත_________තියලා දොඩමළු උනා පැය ගානක් _________ඉවසාලා ඒ හිත රැඳුනු දුක් දොම්නම් තතු ______අහලා මගෙ හිත උණු උනා හදවත_________හිරිවැටිලා මහ මඟ අතැර දමලා ගිය දා___________ඉඳලා අව්ව වැස්ස  මැද තනිවම ඔට්ටු_________වෙලා කුසගිනි නිවා ගනිමින් දුක සේ_________හිඳිනා වීදි දරුවෙකුයි මම කවුරුත්___________කියනා මා රැක බලාගන්නට කෙනෙකුන්______නොමැත වැඩකිඩ කලත් හරියට සැලකුමක්________නැත සොරකම් කරන්නට තුන් හිතකවත් ______ නැත දෑතම පානවා හැර පිලිසරණක්ද_________ නැත අතපය හතර තියාගෙනත් කනවා__________සිඟා කියමින් නෝනලා යනවා මට____________ඔරවා ඉඳහිට කෙනෙක් ඇවිදින් මුහුණට_________එබිලා පනමක් දී කියයි අසරණයා______________කියලා දවසක් විරිදු කවි කියමින්____________ඇවිදිනවා විටකදි වැඩබිමක බර වැඩකුත්_________කෙරුවා බැරි බැරි ගානේ බඩු මළු උස්සං__________යනවා ඒ නැති දිනෙක දුක කියලා අත___________පෑවා පොලවේ ප...

බලන්න මං කියන කතාව ඔයාටත් තේරුණාද කියලා

Image
ඉඳිකඩ කඩුල්ලේ වැහැරුණ__________ඉනි වැටට බරවී හෙලයි ඈ නෙත් යුග_____________බටහිරට රන්වන් පාට මළ හිරු රැස් කොපොල්________ සිඹ නොමියුනු ඇගේ සෙනෙහස පෙන්වයි _______තවම පැහැ සේදිලා සුද මතු වුණ _______________ චීත්තයේ කොනකින් පිස දමයි තෙත් බිඳ නෙත් ______පොකුනේ සුසුමන් දවාගෙන යයි වියැළුන  ____________ලමැදේ හුස්මක් පුරා මඟ බලමින්____________ ලතැවෙන්නේ දස මාසයක් දහ දුක් ගිණි _______________උහුලගෙන ඇගෙ පන     දෙවෙනිකර නුඹ වෙනුවෙන්______ නැහුන කැත කුණු කොහිද දරු සෙනෙහස දැනෙන ________ දින නුඹ ලොකු මහත් කෙරුවා දුක ____________ දරාගෙන හේනේ ඉඳන් එනවිටදී නුඹේ_______________පියා මහ රෑ පොලොන් විසකින් අප අතැර__________ගියා දාහක් ගැහැට විඳිමින් නෙක නව____________නින්දා තනිකඩ හිතින් නුඹ හැදුවා සැප ___________නොබලා කන්නෙන් කන්න කයියට පැන__________වෙහෙසීලා පැදුරුත් පොල් අතුත් විව්වා ____________ නිදි වරලා වෙහෙසක් දැනුන විට පැදුරට_____________ලං වීලා නුඹෙ හිස පිරිමදී අම්මා _______________හිනැහීලා ඉපනැලි දිගේ දුව පැවන උන් කොළු_______ ගැටයා ...

පුස්කාපු ආදරේ.............

Image
හිත හාරගෙන - හාරගෙන ඇතුලටම දුවන මතකය හති දමාගෙන ඇස් ඩොගිත්තන් මේ හොයන්නේ නුඔම නේද? විඩා පත් නෙත් කෙවෙනි තිස් පැයම තෙත් කරන හිතුවක්කාරව මාව ම රිදවන අහංකාර සිතුවිල්ල නුඔම නේද? එකෝමත් එක ඈත දවසක මාල හතකට සීන පෙන්නුව අදත් - මතුවත් මැරී මැරී උපද්දවන වේදනාවේ විරහ ගීතය නුඔම නේද? මගෙන්  මඟ හැරුණ නුඹෙන් මග හැළුන අඟ මුලක් නැති පුස් කාපු ආදරේ.....!!!!