කවුළුවේ සිතුවිලි 01 Get link Facebook X Pinterest Email Other Apps July 12, 2015 ජීවිතයේ හැමදේම ලැබෙන්නේ නැහැ අපට ඕන හැටියට නමුත් වෙහෙසී උපයන සැනසීමට පරාදයි නොවෙද.... නිකම්ම ලැබුණ ක්ෂණික සතුට!!! Get link Facebook X Pinterest Email Other Apps Comments දේශකයාJuly 12, 2015 at 11:19 PMසනික මෝචනය වගේReplyDeleteRepliesකවුළුවJuly 13, 2015 at 1:25 AMඅපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
අද ඇයගේ උපන් දිනයයි!!!! December 30, 2014 ම ගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි. මගේ එකම හොයුරිය - මිතුරිය වගේම මගේ මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි. මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත. උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ. මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය. ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැ... ඉදිරියට »
ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම February 13, 2013 එ ක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්....................... අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ ආදරය “ ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “ සැනසීම “. ආදරයට රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන් නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “ වේදනාව “ වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන යන අකුරැ හතර.............“ වැලපීම “ කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර කරැමය..........“ වැනසීම “ මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“ බුද්ධිය “ සියල්ල පාලනය කරන ප්‍රභල සිවු අක්ෂර උත්පේරකය....... “ ඉවසීම “ ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට්... ඉදිරියට »
කවුළුවෙන් එහා December 07, 2012 වැ ඩිය ල ොකු නෑ.. ඇඳන් තුනක් තුන් පැත් ත ේ තිබ්බාම ද ොර අරින්න විතරයි ඉඩ ති යෙන් න ේ ම ේ කාම ර ේ. අවුරැදු ගානක් ක්‍රියාන්විත ඉඳලා අද මේ කුකුල් කූඩුවේ හිරවෙලා මං. දරැවෙක්ගේ වත් පිළිසරණක් නැතිව.. කාමෙරේටම එකම කවුළුවයි තිබුනේ, ඒකත් බොහොම පොඩියි. මං හිටියේ වම් බිත්තිය අයිනේ ඇඳේ. යුද්ධයෙන් ජීවිතේ බේරැණත් කතා කරන්න,ඇවිදින්න තිබුණ වාසනාව තවදුරටත් මං ගාව රැඳුනේ නැහැ. දකුනු බිත්තියේ ඇඳේ හිටියේ දෙපා අහිමි උන තරමක් වයස්ගත කෙනෙක්, 70 ට කිට්ටුයි මගේ හිතේ. මොනවා වුනත් අවුරැදු ගානක් ඇඳේ ඉඳපු අපි එක්ක බලද්දි ඒ මනුස්සයාට වාසනාවක් තිබුණා ඇඳ කෙලින්ම තිබුණු කවුළුවෙන් එහා ලෝකය දකින්න. මැද ඇදේ හිටියේ දෑස් අහිමි උන කෙනෙක් වැඩි වයසත් නම් නෑ වගේ. ඒකාකාරී ජීවිතේ.. එළිවෙනවා,අර යස්ස ගෑනි ඇවිත් කාමරේ අස්කරලා තමන්ගේ කටට හැති වැටෙනකල්ම අසරණ අපිට බැණලා පිට වෙනවා. පොඩි සහනයක් හිතට දැනෙන්නේ නර්ස් නෝනා ආවට පස්සේ. නර්ස් නෝනා අපිට හරි කරැණාවයි. මට කතාකරගන්න ඇහැක් නම් මම කෑගහලා කියනවා, මගේ දරැවන්ටත් වැඩිය මං ඒ දැරිවිට ආදරෙයි කියලා.දවල් වෙලා කොළුවෙක් ඇවිත් අපේ මූණකට සෝදලා ඇඳුම් මාරැ කරනවා. ඉතින් හව... ඉදිරියට »
සනික මෝචනය වගේ
ReplyDeleteඅපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )
Delete