Posts

Showing posts from January, 2013

කවුද මේ......

කො හොමද මං ඔයාව හරියටම විග්‍රහ කරන්නේ මහ දුෂ්ට නපුරෙක් කියලද තැම්පත් යහපත් කෙනෙක් විදියටද? නැ ..... ඔයා මහ දෙකටම නැති කෙනෙක්. වෙලාවකට රිද්දනවා මට දරාගන්න බැරි තරමට ගින්දරක් දීලා,  ඒ වගේම මාව සතුටෙන් තියනවා සැහැල්ලුවෙන් පාවෙන්න තරම් .ඒ සේරමත් හරි මාව පිස්සු වට්ටන්නේ ඇයි, ඇයි මාව බය කරන්නේ,ඇයි මට එක අරමුණක ඉන්න නොදෙන්නේ? මේ සේරම කරලා කඳුළු පනිනකල් මාව හිනස්සවන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ ඔයා කොයි වගේද? ඇත්තටම එක විදියකට ඉන්නම බැරිද? නැ නැ. එහෙම එපා එහෙම උනානම් මං දුක දරාගන්න බැරිව මැරෙයි නැත්නම් සතුට දරාගන්න බැරිව මැරෙයි. ඔයා මහ බයගුල්ලෙක් එකනේ හැංගිලා ඉන්නේ. කොහෙ ඉන්නවද මොන වගේද .... කවුද දන්නේ !!! කවුද මේ... ඔව්... ඔව්..ඔයා තමයි මොනතරම් රිද්දුවත්, කොයිතරම් සතුටු කරත් මං ගැන ඔයා තරම් වෙන කවුරැවත් දන්නේ නැහැ.ඔයා තරම් මට අවංක කෙනෙක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ.ඒ වගේම ඔයා තරම් කාවවත් මට විශ්වාසත් නැහැ.ඒවගේම මාව විනාශ කරන්න පුළුවන්කම තියෙන්නෙත් මාව ජීවත් කරන්න පුළුවන්කම තියෙන්නෙත් ඔයාටමයි ..... හිත ............. මං දන්න පුදුමාකාරම අවයවය. පටක රහිත ,සෛල රහිත ,අදෘෂ්‍යමාන

ආත්මගත බැඳීම - සහෝදරකම

ක වදාවත් අමතක නොවෙන පලවෙනි දවස තමයි එකදාස් නමසිය අනූ හයේ මාර්තු දාසය. මං ඉක්කෝලෙ ගියපු පලවෙනි දවස..... අම්මා එක්ක ආපහු යන්න ඕනේ කියලා මං පෙරළි පෙරළි ඇඞුවා. ඔය විදියට පලවෙනි දවස් කොච්චර ගෙව්නද....? දෙදාස් දහතුනේ පලවෙනි දවස මගේ ගෙවුණේ මේ විදියට.... සුපුරැදු විදියට ගුලි වෙලා නිදියං ඉද්දි නිංදෙන් වගේ පෝන් කට්ට දිහා බැළුවා  හයට කාලයි. ආයෙ පැත්තකට හැරිලා ඇහැ පියාගන්න හැදුවම මතක් උනා පලවෙනිදනේ කියලා. ඉතින් කඩියා වගේ නැගිටලා මූණ හොදගෙන අම්මා හදලා දුන්න කිරි එක ආමාශගත කරගෙන ඉදලත් අරං මිදුලට බැස්ස අතුගාන්න (අම්මා ඇස් ඩොගිත්තං බලං ඉන්නවා.) ඇයි යකෝ මං මීට කලිං මිදුල අතුගාලම නැද්ද? කල්පනා කරලා බැළුවා, මාසෙකින් විතර නෑ තමා. සමහර විට දෙකකින්. හී.......ඔහේ ඕන එකක් මං අතුගාගෙන යද්දි මගේ අතිජාත මිතූයෙක් යනවා පාරෙ... මගේ යාළුවෝ ඉතින් මං වගේම තමා.. “ අහ් ... අදවත් මූණ හෝදගනින්“ පාන්දරම කින්ඩියක් “අතින් පිහගත්තා බං“ මාත් ඇරියේ නෑ...“උඹ යන ගමනක් නාගෙනම පලයං, යන යන තැන ගඳගහනකොට පලවෙනිදා අනිත් අයටගේ නහයට අවුලනේ බං“ මාත් විරිත්තගෙනම කිව්වා. අම්මා කිරිබත් උයලා මට කන්න එන්න කිව්වා. ඉතින්