ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම
එ ක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්....................... අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ ආදරය “ ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “ සැනසීම “. ආදරයට රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන් නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “ වේදනාව “ වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන යන අකුරැ හතර.............“ වැලපීම “ කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර කරැමය..........“ වැනසීම “ මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“ බුද්ධිය “ සියල්ල පාලනය කරන ප්‍රභල සිවු අක්ෂර උත්පේරකය....... “ ඉවසීම “ ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට්...
අනිවා, වැඩිය ඉවසන්න ගියාම අන්තින්මේ මෝඩයෝ වෙනවා..
ReplyDelete:)
Delete