කවුද මේ......
කො හොමද මං ඔයාව හරියටම විග්‍රහ කරන්නේ මහ දුෂ්ට නපුරෙක් කියලද තැම්පත් යහපත් කෙනෙක් විදියටද? නැ ..... ඔයා මහ දෙකටම නැති කෙනෙක්. වෙලාවකට රිද්දනවා මට දරාගන්න බැරි තරමට ගින්දරක් දීලා, ඒ වගේම මාව සතුටෙන් තියනවා සැහැල්ලුවෙන් පාවෙන්න තරම් .ඒ සේරමත් හරි මාව පිස්සු වට්ටන්නේ ඇයි, ඇයි මාව බය කරන්නේ,ඇයි මට එක අරමුණක ඉන්න නොදෙන්නේ? මේ සේරම කරලා කඳුළු පනිනකල් මාව හිනස්සවන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ ඔයා කොයි වගේද? ඇත්තටම එක විදියකට ඉන්නම බැරිද? නැ නැ. එහෙම එපා එහෙම උනානම් මං දුක දරාගන්න බැරිව මැරෙයි නැත්නම් සතුට දරාගන්න බැරිව මැරෙයි. ඔයා මහ බයගුල්ලෙක් එකනේ හැංගිලා ඉන්නේ. කොහෙ ඉන්නවද මොන වගේද .... කවුද දන්නේ !!! කවුද මේ... ඔව්... ඔව්..ඔයා තමයි මොනතරම් රිද්දුවත්, කොයිතරම් සතුටු කරත් මං ගැන ඔයා තරම් වෙන කවුරැවත් දන්නේ නැහැ.ඔයා තරම් මට අවංක කෙනෙක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ.ඒ වගේම ඔයා තරම් කාවවත් මට විශ්වාසත් නැහැ.ඒවගේම මාව විනාශ කරන්න පුළුවන්කම තියෙන්නෙත් මාව ජීවත් කරන්න පුළුවන්කම තියෙන්නෙත් ඔයාටමයි ..... හිත ............. මං දන්න පුදුමාකාරම අවයවය. පටක රහිත ,සෛල රහිත ,අදෘෂ්...