වෙස් මාරැව 01
ඒ ඇස් මගේ ඇස් දිහාම බලං හිටියා, ඇත්තටම මට ඒ ඇස් වලින් ගැලවෙන්නම බැරි වුණා .. හෙමින් හෙමින් මාව පාවෙනවා වගේ දැනුනා. ඒත් එක්කම හැමදේම සුදු පාට වෙලා ගියා. ඒ ගෙවුන තප්පරේට ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා. මතක් වීමක්ද කාලය ආපහු හැරවුණාද සැකයි ඒ තරමට ඇත්ත වගේ දැනුණා. ********* විදුර, ශෙවාන්, නිලංග.. තව කීප දෙනෙක් කොෆි ෂොප් එකේ කෙරවලක වට මේසයක් දිග ඇරගෙන හිටියේ.මං කිට්ටු උනා ලඟට.. “ මී ට අවුරැදු අටකට කලින් මචං ... කොල්ලෙක් ආවලු අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න..... ඉතින් ඒ යකා ආව දවසේ බණක් කියන්නම ඕනේ කියලා ඇඞුවයි කියන්නකෝ පංතියේ මේසේ උඩට නැගලා“ “කවුද දන්නෑ නේද විදුර“ “ඒකනේ ශෙයියා, කවුදෝ මන්දා බුවෙක්. මූ අන්තිමට රැග් එකත් කාලා අපෙන් වැඳුම් පිදුම් අරං ගියේ..“ “වැඩේ කියන්නේ මචං උගේ නමත් ශෙවාන් “ “ඇත්තද මාරයි..“ “මාර නෑ මාර නෑ..... ඒහ් මොකද වෙන්නේ අද අහ්“ “හලෝ ශෙවී...... කෝ ඔයාගේ නැට්ට වෙනදා යන යන තැන එනවනේ“ “හී...ආන් මග , මහාචාර්ය වැලන්ටයින් එනකං මඟ බලං ඉන්නවා“ “එල එල අද පාටියක් ඇදගන්න ඕනේ.............“ “අන්නේහ්..... ශෙවාන් කවද්ද ආවේ... අනේ මේ ඔයා නේද? අව...