වෙස් මාරැව 04
අ පොයි ආපු මෝඩකමක මහත. ඇඟේ හිරිඟඞු පිපුනේ එතකොට .. පිරිමින්ට ලැජ්ජා නැද්ද මන්දා පෝලිමට පෙනි පෙනී මේවා කරන්න. මං ඇස් දෙක පුළුවන් තරම් තදකරං වහගෙන ආපහු එලියට ආවේ රතුවෙලා. වෙලාවට අර ගෑනු කෙනා ගිහින්. මං හොඳ මහත්තයා වගේ හීන් සැරේ ආපහු ලෙස්සුවා. මං එනකං තාමත් ඇස් ලොකු කරං බලං ඉන්න ටියානා දැක්කම මට දුකත් හිතුනා. ඒත් මොනවා කරන්නද මාත් බේරිලා ඔයත් බේරෙන්න ක්‍රමයක් තිබුනනම් මං ඒක නොකර ඉන්නේ නැහැ. එත් වෙලාවේ හැටියට මට ලංකාවට යන්න මං නොකරන දෙයකුත් නැති තරම් කියලත් මට හිතුනා. “මං එහෙනම් ගිහින් එන්නම් ශෙවාන්“ ටියානා මගේ අතින් අල්ලලා කියනකොට මාව ගැස්සුනා. ඒ අත් දෙක ඒ තරම් හීතල වෙලා තිබුණේ හරියට ෆ්‍රිජ් එකකින් දැන් අරං වගේ. එහෙන් මෙහෙන් හිත අහුලගෙන “හා“ කියලා යංතං ඔලුව වනාගත්තා මං. * * * * * * පහුවදා උදේ මං ඇහැරැනේ ජීවිතේට දැකලා නැති කොල්ලෙක් එකපාරම මගේ ඇඟේ හැප්පුන පාර. “අම්මේ“ මං බෙඩ් සීට් එකත් බදාගෙන ඇඳෙන් පැන්න. “මොකද **** කෑගහන්නේ ගෑනියෙක් වගේ. මුළු රෑම මාව බදාගෙන ඉඳලා දැන් යකාට බයවෙලා වගේ මගේ නිංදත් කැඩුවා.“ කියලා සුද්ද සිංහල වචනෙ...