Posts

Showing posts from August, 2013

වෙස් මාරුව - 8

Image
පැ යගානක් දුර ගෙවාගෙන මං මගේ ගමට ආවා. කොච්චර නම් වෙනස් වෙලාද, මනුස්සයෝ වගේම ගහකොලත් මාව නන්නාදුනන විදියටයි මං දිහා බැළුවේ.  හිත දිව්වා මගේ සුන්දර අතීතයට. හිතුවක්කාර පොඩි කෙල්ලක් විදියට ජීවිතය වින්ද අතීතෙට,  වැලිකැටයක් ගානේ මගේ දගකාර මතකයන් රැඳිලා ඇති, විදුරගේ අතේ දැවටිලා මේ හැම පාරකම මං ගිය හැටි. යාළුවෝ එක්ක වටවෙලා ඉඳපු හැටි, “ක්රාස්..!!“  හරස් පාරකින් ස්කූටර් එකක ආව ගොන් කෙල්ලක් වට පිට නොබලාම මං ආව වෑන් එකේ මූනටම බයික් එක දැම්මා. “අනූනමෙන් ගියේ නංගි, කවුද ලයිසන් දුන්නේ බාප්පද?“ බ්රේක් එකේ නැගගෙන වෑන් ඩ්‍රයිවර් පත්තු වෙලා කෑගහුවා. “ඔහොම පාරේ යන්නේ මීනී මරන්න ද?“ “සොරි අයියේ..“ හුරුපුරුදු කටහඬක්.. “සචී................“ මං වාහනේ දොරත් ඇරගෙන එලියට පැන්නා. දෙයියනේ අනතුරෙන් සචීට මොනවත් ම වෙලා නැහැ. මට දැනුන සතුට වචනෙන් කියන්න කවදාවත්ම බැරි වේවි. ඒත් මගේ මූණ දිහා බලපු සචී, එකපාරින් ස්කූටිය ස්ටාර්ට් කරගෙන යන්න ගියා. ඒ ඇයි මගේ එක්ක එකටම ඉඳපු සචී ඇයි මෙහෙම ගියේ. එයාගේ හොඳම යාළුවා ශෙවී.. අනේ, සචී මං කොහොමද කියන්නේ මේක, මේ මං .......... “ඒ මොකද ඒ..,  මහත්...

වෙස්මාරුව - 07

Image
ගමනාන්තයට එනකල්ම සිද්ද වුනේ මගේ බයාදු බැල්ම යොහාන්ගේ  කැලඹුණ මුහුණටයි, යොහාන්ගේ බයාදු බැල්ම මගේ සුදුමැලි මූණටයි මාරුවෙන් මාරැවට එහා මෙහා වුණ එක විතරයි. ඒත් පුදුමෙකට වගේ වෙනදා ගිරවා වගේ ඉන්න ටියා වචනයක් වත් කතානොකර එක එල්ලේම ඉමක් නොපෙනෙන පාර දිහාම නෙත් අලවාගෙන හිටියා. ඒ ඇයි කියලා  අහන්නවත් , එයා එක්ක කතාකරන්න මං බය වුණා. මම එයා එනවට අකමැති ඇයි ? කියලා එයාට මොනවා හිතිලා ඇද්ද කියලා මට හිතුනේ ඒ වෙලාවෙදි. මම හොරගමනත් යනවා කියලා සැක හිතුනාවත් ද? “ මදැයි මම උදව්වක් අරන් ලංකාවට ආවා“  මට හිතුණා. බොහෝම අමාරුවෙන් කාලය ගෙවාගෙන අපි ගුවන්තොටුපලට ආවා. එනකල් මට හිතුනේ දවස ගෙවෙන්නේ නැහැ වගේ.  “බහින්නේ නැද්ද ? “ ටියානා කතාකරපු පලවෙනි පාර ඒක‍. ඒත් ඒ කටහඬේ වෙනදා වගේ දඟකාර වත්, හුරතල් වත්, අඩුමගානේ තරහක් හරි මුරන්ඩුකමක් හරි ගෑවිලාවත් තිබුණේ නැහැ. “ගෑනු කාලගුණේ වගේ කියලා කොල්ලෝ කියන්නේ ඇත්ත ම තමා“ මං මටම කියාගත්තා. එයාපොර්ට් එකේ වැඩකිඩ කරගෙන එයාර් බස් එකට නගින්න යන්න හැරුණාම මගේ පපුව ගැහෙන්න ගත්තා . “මං ගෙදර යනවා... ඇත්තටම යනවා බං..!!“ උන්හිටි තැන් අමතක උන මං යොහාන්ගේ කණට කරලා හයියෙන්...

වෙස් මාරුව 06

Image
රෑ පුරාම මට හරිහමන් නින්දක් නම් ආවේ නැහැ. බයවෙලාද?දුකෙන්ද ? කියලා හිතාගන්න බැරි තරමට හිත විසිරිලා තිබුණේ. මේ ගෙදර අයට මගේ වෙනස දැනිලා කියලා මට දැන් ශෙවාන්ගේ අම්මගේ තාත්තගේ මුහුණ දකින  හැමවෙලේම  දෙගිඩියාවක් දැනුනා. උදේම හරිබරි ගැහිලා යොහාන් එක්ක එහෙට මෙහෙට දුවලා ලංකාවට යන වැඩේ හරිගස්වා ගන්න සෑහෙන්න වෙහෙසිලා හති වැටුනට පස්සේ මං ගියා මගේ ගැලවුම්කාරිට පිංසෙන්ඩු වෙන්න. යොහාන් උගන්වපු විදියට මං ටියානා ව අන්දවන්නයි යන්නේ. හිතට එකඟව මගේ හිතේ මේ කරන රැවටීමට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මගේ ගැලවීමට මට මේ දේ කරන්න ම වෙනවා. සමාවෙන්න ටියානා... ඒත් ඔයා ශෙවාන්ට සමාව දුන්නත් මට නම් කවම දාකවත් සමාවක් දෙන්නේනැති වේවි නේද? “දැන්  උඹ ශෙවින්ද්‍යාවමද බඳින්නේ? එතකොට ටියානා?? ඈ..බං, උඹ හිතනවද විදුර උඔට නිකං ම ශෙවී දිල අත පිහදං ඉඳී කියලා? ශෙවී උනත් විදුර දාලා එයිද බං? ටිකක් හිතපංකෝ...“ යොහාන්  හිතාගෙන ඉන්නේ  මම ශෙවින්ද්‍යා බලන්න යනවා කියලා.  ඒත් මං මේකට කොහොම තේරැම් කරන්නද?  මං ඇහුන නෑහුන ගානට හිටියා. “දැන් උඹ සිරාවටම ඒකිට ලව් මයිද? , මේ අවුරැදු පහට මොන...