වෙස් මාරුව - 9
අවුරුදු ගානකින් හිතේ සැනසීමෙන් නිදාගත්තා.... මගේ කාමරේ මගේ පාඩුවේ..
අඩුවකට තිබුණේ මම විතරයි...!!!
ඇත්තටම හිත හැදෙයි කියලා හැමදේම හරියාවි කියලා හිතාගෙන ගෙදර ආවත්. මගේ හිත තිබුණට වඩා නරක තත්වෙකට හැරිලා .
පාන්දරම වොෂ් එකක් දාගෙන අම්මා ගාවට දුවගෙන ගියේ මගේ ලෝකේ අම්මා නිසා. එයාගේ කටයුතු සේරම කරන්න මං ආසායි. අනේ එක පාරක් පුතේ කියන්න අම්මේ.. ඒ ඇති මට හිත හදාගන්න
අම්මගේ කෑම ටික කවලා, අම්මගේ කකුල් පාමුල ... ඉඳන් හිතේ හිරවෙලා තිබුණ සේරම කියන්න ගත්තේ මට මගේ හිතේ මේ පීඩනය දරාගන තව ඉන්න අමාරැ නිසා. “මං ආයෙ යන්නේ නැ මගේ අම්ම දාලා..“
මං අම්මගේ මුණ දිහා බලාගෙන හිටියා.අම්මගේ ඇසුත් මගේ දිහා බලන් ඉන්නවා. හරියට මාව තේරැණා වාගේ.
“ශෙවාන් තමුසේ..“
නෑ.. මං ගැස්සුනේ නැහැ..
බය උනෙත් නැහැ..
ඒ වගේම,
හිනාවක් පුරවගෙන හැරිලා බැළුවෙත් නැහැ..
ගල් පිලිමෙයක් වගේ තත්පරයක් මං ඒ කටහඬ වින්දා ඇසිපිය පියාගෙන...
විදුර......... මගේ විදුර....
කඳුළු ඉස්සර උනා, ඒත් මං කොහොමද මේවා විස්තර කරන්නේ?
හෙමිහිට හැරිලා විදුර ගේ මගේ හිතේ තිබුණ රූපය මවාගෙන මේ ඒයාමද බැළුවේ පපුව රිදෙන තරමේ ආදරේකුත් පුරවාගෙන.
අනේ..
මුහුණ පුරාම රැවුල වැවුණ, ඔහේ ෂර්ට් එකක් දාගෙන..රතු උන ඇස් දෙකක් එක්ක තරහෙන් ඉන්න සම්පූරණවම වෙනස් උන විදුර කෙනෙක් මගේ ඇස් ඉස්සරහා හිටියා.
“අනේ විදූ ..“ මට කියවුණා.
“විදූ..“ ඇස් හීනි කරලා නපුරු බැල්මක් දාගෙන විදුර කතා කලා..
ඇයි මේ තරහෙන්. නලලලේ නහරයක් නලියන විදියෙන් පෙනුනේ විදුර දත්මිටි කනවා වගේ.
“වරෙන් මෙහාට“
මම නැගිටලා කාමරෙන් එලියට ආවා.
“ආව අතක් බලාගෙන යන මගුලක යනවා තවත් පවු නොදී“ විදුර ගිගිරුවා.
මෙහෙම නොකියා ගැහුවනම් හොඳයි විදුර .....මගේ අත ඉබේම ගියේ විදුරගේ මූණ ගාවට.
වෙනදා එක රැවුල් ගහක් නැතිවෙන්න කපන විදුර, අද?
“ඇයි උඹ ආවේ.. කියපං.. ආයේ මගෙන් මොනවා උදුර ගන්නද? තව ඉතුරු මොනවද මගෙන් උදුරගන්න . කියපං..........
බිත්තියේ ඔළුව ගහගෙන විදුර කෑගැහුවා.
අනේ මට තුරැළු වෙන්න ඇත්නම්.ආදරෙන් ලඟට අරං සනසවන්න ඇත්නම්.. හිත ආදරේ පෙන්වා ගන්න බැරුව කකියන්න ගත්තා.

“විදූ.,‘
“කතා එපා පලයං යන්න. උඹ ඇවිත් මාව විනාස කරා.. දැන්වත් සැනසීමෙන් ඉන්න දීපං මට“ මාව දොර පැත්තට තල්ලු කරලා විදුර කෑගැහුවා.
“මං විඳින දුක දන්නේ මං විතරයි විදුර. අවුරුදු ගානක් මලමිණියක් වගේ ඉඳලා පන ආපු ගමන් ඔයා හොයාගෙන ආවේ මොකද උනේ දැනගන්න.
අපි කවුරුවත් මේ දේවල් හිතලා කරගත්තද? කවුද අම්මා බලාගන්නේ? ඔයා ට මොකද උනේ? මේ හැම දේම මගේ හිතේ තිබුණ මනුස්සයෝ.
හුස්ම ගත්තෙත් ලංකාවට එන්න පුළුවන් වෙන්න කියලා. විදූ ගොන් ගහක් වගේ කතා කරන්න එපා.“ මං කියාගෙන ගියා.
“ගොන් ගහක් වගේ...“ විදුර මගේ දිහා බලාගෙන හිටියා. සිහි කල්පනාව නැහැ වගේ.
“මං ඒකිට ආදරේ කරා බං උඹට වඩා..“ විදුර මගේ උරහිසේ ඔළුව තියං අඬන්න ගත්තා කෙල්ලක් වගේ.
“අම්මා බලාගන්න පොරොන්දු උනා මං. නැත්තං මාත් ඒකි ගාවින්ම වැලලෙනවා ශෙවාන්.. අනේ මගේ අහින්සකී “ හිතේ හැටියට අඬන්න ඉඩ ඇරලා මං විදුරගේ ඔළුව අතගෑවා.
මොනවා උනත් මේ මගේ පන. මගේ හැමදේම උනේ මේ දෙන්න.
“යමං මං උඔට පෙන්වන්නං උඹ හින්දා ,අපි හැමෝම දාලා මගේ කෙල්ල ගිය දිහාව.“ එකපාරම පන ආවා වගේ විදුර මාවත් ඇදගෙන පහලට ආවා. මාව වාහනේට බලෙන් තල්ලු කරගෙන දුහුවිලි අවුස්සාගෙන
වාහනේ කොහේ යනවද කියලා මගේ හිතේ දෙගිඩියාවක් ඇති උනා.
ඒත් හිතුවා වගේ ම, අපි ආවේ සුසානභූමියට. මාවත් ඇදගෙන සොහොන් කොත් අතරෙන් විදුර ඇවිදිනවට වඩා දුවගෙන වගේ ගියා..
එක කෙරවලක,මගේ මූණත් එක්කම ...
ශෙවින්ද්‍යා රණසිංහ
උපත......
විපත......
ලෝකෙ කිසිම මිනිහෙක්ට මේ තරං වේදනාවක් නැතුව ඇති. මං ....... මං මගේ ම සොහොන දිහා බලං ඉන්නවා..
හිනා ගියා මට.. මම මගේ සොහොනේ හැඩ බලනවා.. හයියෙන් ම හිනා උනා. විදුර මං දිහා බලං හිටියා බයෙන්.
හිනාව එක්කම මහා වැලපීමක් ... දණින් වැටිලා සිහියක්පතක් නැති වෙනකල්ම ඇඬුවා.. විදුරත් මගේ ලඟ , ඒත් මං කොහොමද කියන්නේ මේ මං.... මං මැරිලා නැ දෙයියනේ.
විදුර මගේ ලඟින් ඇනතියං වාඩි උනා. “මගේ කෙල්ල ජීවත් වෙලා මං මැරුණා නම් ශෙවාන් ..
අඩුගානේ උඹ වත් හිනාවෙයි.“
“මං මැරුණා නම් මට මේවා දකින්න වෙන්නේ නැ විදූ. මට මේවා දකින එක මහා වේදනාවක්. අනේ මාව ගෙදර අරං පලයං.“ උන් තැනින් නැගිටපු මං කිව්වා.
ආපහු හැරිලා නොබලාම මං ගියා . මොන කරුමයක්ද මේ මට පල දෙන්නේ. මොන විදියේ පවකටද මේ දඩුවම් මට?
හැන්දෑ වෙනකල්ම පයින් හෙමින් හෙමින් මං ගෙදරට ආවා.
හිතට වගේම ගතටත් කිසිම පනක් නැහැ.
එක අතකට මේ ගමන නෑවිත් ........... ඒත් අම්මා.
අඬාගෙන මං අම්මාගේ කකුල් ලඟ වැටුනා.
විස්වාස කරන්න.. අම්මාගේ අත මගේ ඔළුවට බර උනා මට දැනුනා.
මං දැක්කා අම්මාගේ ඇස් දිලිසෙනවා. කඳුළු බිඳුවක්.. එකම එක බිංදුවක් මගේ අතට වැටුනා අම්මාගේ ඇහෙන්.
“ඩිංගිරි අම්මේ.................!!“
මට කෑගැහුනා.
Comments
Post a Comment