කවුළුවේ සිතුවිලි - 06
නුඹෙන් ලැබෙන ආදරෙ මට තරම _________මහමෙරක් එයින් විඳින සැනසීමද මට ______________මහෝගයක් අයදින්නම් දන නමමින් එක පොඩි___________ වරයක් හැකිනම් තව ඈත් වෙන්න මතින් ___________දශමයක්..... නුඹෙන් ලැබුනි ජීවිතයට සුන්දර _____________අරුතක් සසර පුරා රැගෙන යන්න මිහිරි _____________මතකයක් නුඹේ සුවඳ විඳගන්නට දෙන්න මට_____________ඉඩක් හැමදාටම දුම්වැටිය ට තියනුමැන______________තිතක්..... මගේ ලොවට එලිය ගෙනෙන මැනික නුඹ ________ඉරක් සසල සිතට සිසිල ගෙනෙන සොඳුර මට__________සඳක් විඩාබරිත ගත සනහන නුඹ පවන් _____________රොදක් ඉඩෝරයට සුවය ගෙනෙන නුඹ __________මල්වැස්සක්.... ඉර ගින්නට පුළුස්සන්න එපා මං ______________මලක් අමාවකට සැඟවී මට දෙනු එපා_______________ දුකක් විසිරවන්න එපා මසිත වී සැඩ _______________සුලගක් අසරන වෙයි මා නුඹ වුවොත් _____________කුනාටුවක්....