අතුරු ආන්තරා බහුල කෝකටත් තෛලය!!
“ අ හවල් පලාතේ .....අහවල් පාසලේ.... අහවල් දැරිය ...... සියදිවි හානි කරගෙන“ සති කීපයක් ඇතුලත මේක ගිණි ගන්න හොට් හොට් සුපුරුදු නිව්ස් එකක් වෙලා නේද? උත්ගෝශන/ උපවාස/පොස්ටර් හෝ පත්‍රිකා නෙවේ සත්තකිම්ම අපි පෙරලි පෙරලි අඬන්න ඕනෙ මේවගේ දේවල් අහන්න දකින්න වෙන හින්දා. මොකද මේ ළමයින්ට වෙලා තියෙන්නේ!! දරාගැනීමේ නොහැකියාවද? මන්ද මානසිකත්වයක් ද? හෝමෝන බලපෑමක්ද? එහෙමත් ම නැතිනම් ෆේස් බුක් ද? ජංගම දුරකථනද? මේ සිදුවීම් වලක්වාගන්න එකම පිළියම ජංගම දුරකථන තහනම් කිරීමද? නැතිනම් ෆේස් බුක් සයිබර් සාමාජ අඩවිය මෙරටට තහනම් කිරිමද? අවංකවම කියනවානම් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට අපි නවීන තාක්ෂණය දැනකියාගත යුතුමයි. නමුත් වැලඳගෙන ඒ මත්තේ නැහිම ඥානාන්විත ද? අවශ්‍ය දේ පමණක් රැගෙන අනවශ්‍ය දේ ඈත් කරගන්න බැරි තරමටම අපි නූගත් ද? ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හිතේ තියන ආවේගයත් එක්ක පිස්සුවෙන් අන්තර්ජාලය /මත් ද්‍රව්‍ය/දුරකථන එක්ක ගැටෙන අපේ ළමුන්ට තේරැම් කිරීමෙන් බැරි නම් පාරක් දීලාහරි , හරිහරි වැරදි තෝරා බේරා දෙන්න දෙමාපියන්ට ශක්තියක් නැද්ද? ඇයි බැරි...