වැ ඩකිඩ ගෝනියකට යට වෙලා ඉන්න අතරේ ආදරවන්තයින්ගේ දිනයට අකුරක් දෙකක් කියන්න කවුළුවට ආවේ ගිය අවුරුද්දේ තරම් දීර්ඝ ලිපියක් ලියන්න නම් නෙවේ.. දැන් ඉතින් කාර්ය බහුල ඈයොනේ.. (නොකියා කීවේ වැඩට යන වග) රෝස මල් - චොකලට් - හාදු පිරුණ පෙම්වතුන්ගේ දිනය 2014 වසරෙ පෙබරවාරි 14 දින වෙනස්ම විදිහකින් සමරන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ පින්බර නවම් පොහොය දිනයේ ශ්‍රී ලංකාව කියන්නේ, තවමත් බෞද්ධ රටක් කියලා ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ ආදරණිය තරුණ පරම්පරාවකුත් තවම අපිට ඉතිරි වෙලාතියෙනවා. මං එහෙම කියන්න හේතු උනේ හොරෙන්ම සතේ සතේ එකතුකරලා ගෙවල් වලට හොරෙන් තමන් ආදරය කරන ගැහැනු ළමයාට හෝ පිරිමි ලමයාට තෑගි අරං දෙන විදිහේ පෙම්වතුන්ගෙත් දිනයක් නිසාවත් , පෙම්වතුන්ගේ දිනය මුවාවෙන් “පෙම්වත්තු“ කියාගෙන ආදරේ තරම මනින්න අයුතු ප්‍රයෝජන හා කාමුක ආශාවක් මුදුන්පත්කරගන්න දුවන වැලන්ටයින් ලා ගේ දිනයක් නිසාවත් නම් නෙවේ. මේ ආදරවන්තයින්ගේ දවසේ ගෙදරට කියා හෝ නොකියා දෙන්නත් එක්ක පන්සලකට ගොඩවැදුන පිංවත් පෙම්වතුන් පිරිසක් නිසා. ඇත්තටම ආදරේ සමරන්න එක දවසක් වෙන් කරන එක, එක විදියක විහිළුවන් උනත් සමහර වෙන් උන අය , පොඩි-පොඩි හිත් නොහොඳකම...