Monday, March 18, 2013

වෙස් මාරැව 01

ඇස් මගේ ඇස් දිහාම බලං හිටියා, ඇත්තටම මට ඒ ඇස් වලින් ගැලවෙන්නම බැරි වුණා ..
 හෙමින් හෙමින් මාව පාවෙනවා වගේ දැනුනා. ඒත් එක්කම හැමදේම සුදු පාට වෙලා ගියා.
ඒ ගෙවුන තප්පරේට ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා. මතක් වීමක්ද කාලය ආපහු හැරවුණාද සැකයි ඒ තරමට ඇත්ත වගේ දැනුණා.

 *********

විදුර, ශෙවාන්, නිලංග.. තව කීප දෙනෙක් කොෆි ෂොප් එකේ කෙරවලක  වට මේසයක් දිග ඇරගෙන හිටියේ.මං කිට්ටු උනා ලඟට..

මීට අවුරැදු අටකට කලින් මචං ... කොල්ලෙක් ආවලු අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න.....  ඉතින් ඒ යකා ආව දවසේ  බණක් කියන්නම ඕනේ කියලා ඇඞුවයි කියන්නකෝ පංතියේ මේසේ උඩට නැගලා“
“කවුද දන්නෑ නේද විදුර“
“ඒකනේ ශෙයියා, කවුදෝ මන්දා බුවෙක්. මූ අන්තිමට රැග් එකත් කාලා අපෙන් වැඳුම් පිදුම් අරං ගියේ..“
“වැඩේ කියන්නේ මචං උගේ නමත් ශෙවාන් “
“ඇත්තද මාරයි..“
“මාර නෑ මාර නෑ..... ඒහ් මොකද වෙන්නේ අද අහ්“
“හලෝ ශෙවී...... කෝ ඔයාගේ නැට්ට වෙනදා යන යන තැන එනවනේ“
“හී...ආන් මග , මහාචාර්ය වැලන්ටයින් එනකං මඟ බලං ඉන්නවා“
“එල එල අද පාටියක් ඇදගන්න ඕනේ.............“
“අන්නේහ්..... ශෙවාන් කවද්ද ආවේ... අනේ මේ ඔයා නේද? අවුරැදු පහක් විතර දැක්කේ නැහැනේ.. සුදුවෙලා ,හැඩවෙලා ,උස වෙලා ,මිටි වෙලා, කළු වෙලා.. අපිට මොනාද ගෙනාවේ...????“
“අම්මෝ මේන් ශෙවී ට මාවත් අමතක වෙලා  ශෙවාන් දැක්ක පාර“
“අනේ නෑ මගේ වස්තූ..... ඔයා මගේ පණනේ විදුර , ඉතින් කොහොමද අමතක වෙන්නේ මෝඩයෝ.. මං මේ බටර් පාරක් දැම්ම වැඩිපුර චොකලට් එකක් ඉල්ල ගන්න..“
“මං ඇතිවෙන්න ගෙනාවා මැට්ටි.. කෝ අනේ අපේ කට්ටිය
“මග එනවා ඇති.. ඒක නෙවේ ශෙවාන්, ආයේ ඕස්ට්‍රේලියා වල එහෙම  බණක් කිව්වේ නැද්ද?“
“අපෝ නොන්ඩිම තමයි  දෙන්නේ .දුක නැද්ද අනේ ..දැන් නැවෙන් බැහැලා ආවේ.. බඩගිනී මොනා හරි ඕඩර් කරමුද මචෝ..“
“හා හැබැයි උඹ ගානේ....“
“අපෝ උඹලා...මාවම කාපං, ඒකාලේ වගේමයි.. හනේ මන්දා කවදා හැදෙයිද කියලා “


අපි දහදෙනා.... අවුරැදු අටකට දහයකට කිට්ටු කාලෙකට එපිට ඉඳන් එකටම ඉන්න සෙට්එකක්.. තව යාළුවෝ හිටියට අපේ එකමුතුකම, බැඳීම හැමදාටම එකයි.
විදුර... මගේ හොඳම යාළුවා වගේම මගේ කොළු පැටියා,  ඊගාවට කාංචන ආදරේට කංචා, හැමෝගෙම පිස්සා නිලංක ආදරේට නිලා, උසම කොල්ලා නොහොත් දිගා.. නදීර , සෙට් එකේ කොටම චරිතේ.. ධනංජය, කටකාරම කොල්ලා උදය,
සුදුම කෙල්ල ප්‍රදීපා....ආදරේට පිප්පි , මගේ හොඳම යෙහෙලිය... සචී , දැකුම්කළු අංජු , සහෝදරයෙක් වගේ මගේ දුක සැපට ඉන්න ශෙවාන්...
මේ කතාව කියන මං  ශෙවින්ද්‍යා  ආදරේට ශෙවී..,

“ශෙවී සෝස්  එක්කද රොල්ස් , කන්නේ නැත්නම් රෝල් එක එක්කද සෝස් කන්නේ. මොන්ටසොරි ගියාද? බෙදාගෙන කන්න දන්නවද?“
“පැහැදිලි ඉරිසියාව ඒක නම්..  “
“ඒක නෙවේ දැන් අපේ ට්‍රිප හෙට, සේරම හරි නේද? ශෙවා, විදුර, සේරම හරි නේද? කීදෙනයිද දැන්?“
“මං හිතන්නේ පහලවයි යන්න පුළුවන් අපේ ඉන්නවා දහතුනක්.“
“ශෙවී අම්ම එන්න දෙයි නේද මං කතා කරන්නද අම්මිට“
“එපා විදුර මං  කිව්වා ඔයත් යනවා කියලා එ හින්දා අම්මා එන්න දෙයි. දුන්නේ නැතත් උදේ අටට මං සචීගේ ගෙදර“
“එහෙම බෑ. එහෙනම් ඕනේනැ ගමන“
“අනේ මචං මං රට ඉඳන් ආවේ නිකං ඉන්නද මං මේකිගේ අම්ම ශේප් කරන්නම් ,යං යං අනේ .. ගමන නවවත්වන්න එපා“

“අයි අයියෝ.... අම්මා කෝල් කරනවා.. මළා මට හතරට එන්න කිව්වනේ විදු , ශෙවාන් මං යන්නම් නැත්තං නඩු තමා.. අවුල් ගන්න එපා කට්ටියම හෙට හම්බෙමු හොඳේ..“
“හරි බබී ගිහින් කෝල් කරන්න..“
“හරි ශෙවී ලොකු දෙයක්... සෝස් බෝතලේ දිල පලයං දැන්වත්“

ටික දුරක් යනකල්ම මට හිනාව ඇහුණා කට්ටියගේ.. ජීවිතේ කොච්චර ෂෝක්ද? ඇත්තට මට මොනවගෙන් නම් අඩුවක්ද? ස්කූටියේ ඉගිල්ලීගෙන යන ගමන් මං හීන මවන්න ගත්තේ හෙට  ගමන ගැන
අවුරැදු පහකින් විතර අපි එකට සේරම එකට ගමනක් ගියේ නැහැ.. ශෙවාන් රට ඉඳන් ආවට පස්සේ දැන් සේරම ආයේ එකට..
නොදැනම ගෙදරට කිට්ටු උනා.. අම්මි ඉන්නවා අවුස්සන්න ඕනේ...

“බ්රේක් නැතියෝ...... හැංගෙන්නෝ.. බේරගනියෝ....“
“ළමයෝ ළමයෝ...“
“ආ... තිබිලනේ....මේ  තියෙන්නේ බ්‍රේක්.... හී...“ මං අම්මිගේ මූණ දිහා හොඳට බලලා හිනා උනා.
“මේකිට තියන දැඟලිල්ල ගෙදර එකෙට්ටවත් නැ.. මගේ පපුවත් එක්ක රත් උනා“ අම්ම බැන බැන ගේ පැත්තට ගියා..
“ඉතින් මං විතරක් ඉන්නේ සේරටම හරියන්න“ මං පන්නගෙ ගිහින් ඉඹින්න හදනවා ඉතින්..
“යනවා අහකට දාඩිය නොගා මගේ.. “බොරැ තරහක් පෙන්නුවට මං දන්නවා ආපහු යන ගමන් අම්මා හිනාවෙවී යන්නේ කියලා..

“අම්මි... මං හෙට ට්‍රිප් එක යනවා හො‍දේ..“
“බැරියැ“
“අන්නේ මොනාද බැරියැ.. බැ බැ මං යනවාමයි.. විදුරත් යනවනේ ..ඉතින් අම්මත් එන්න“
“මට වැඩනේ ... හුම් පරිස්මෙන් වතුර වලවල් වලට පනින්නේ එහෙම නෑ..“
“අනේ මගේ තුදු උම්මි...“
“ඒයි කෝ අහකට...... මුනේ ජරාව ගාන්නේනැතුව“

“හෙල්ලෝව් විදූ...... අම්මි එන්න දුන්නා.............................!!!“
“වොව් ශෙවී..කෝ ඇන්ටිට ෆෝන් එක දෙන්න..“


.............................................................................................................................ඉදිරියට........................

“සචී , තාම හතරට නැද්ද“
“මොකද්ද බං ශෙවී.. දැන් කීපාරක් ඇහුවද? උන් හතර හමාරට වගේ එයි අනේ. දැන් වත් නිදාගනිංකෝ නැත්තං උඹයි මමයි යනකල්ම නිදාගෙන ඉදී “
“හුම්..“ ඇස් පියාගත්තට නින්දක් නැ අනේ කිය කිය ඉඳපු මට හොඳටම නින්ද ගියා ඒපාර නම්...
“ඒයි ශෙවී නැගිටපං යකෝ... අන්න කට්ටිය ඇවිත්“
“මොක් , මොකාක් කිව්වා.“ දෙලොව රත් වෙලා ඇහැරැණා මට.  දුවල ගිහින් දනිපනියේ ලැහැස්තිවෙලා ඇඳුම් බැග් දෙකත් ඇදගෙන වැන් එකට දිව්වේ මං  හතිත් දමාගෙන.
“ගුඩ් මොර්නින්ග් ශෙවී....“ මුලින්න කිව්වේ මගේ විදුර. “ගුඩ් මොර්නින්ග් වස්තුවෝ.....“
“යෙහු.... අපි යනවා මාළු බලන්...න... ගාළු කොටුවේ කෙල්ලො පිරීලා.......“ ‍ශෙවාන් සින්දුත් කියන්න අරං...
“හා හා... කට වහං වතුර ටික පුරවන්න. මූ මෙහෙ ඉඳන් එහෙ කෙල්ලො ගැන හීන මවනවා“
“නැතුව නැතුව.. මූට එහෙ  ටූනා ෆිෂ් එපාවෙලාලු දැං“  නිලංගයි ධනංජයයි බයිට් එකකුත් පටං අරං..
“ ඕකට කියන්නේ... නොහැකියාව මත පදනම් වූ පැහැදිලි ඉරිසියාව. හොඳඳ මචං“ ශෙවාන් හිනාවක් දාගෙන කිව්වා

“යන කට්ටිය නගින්න.............. “ අලුත්ම ටොයෝටා වෑන් එකේ සෙට් එක දාන ගමන් ඩ්‍රයිවර් වැඩේට බැස්ස කාන්චන නිවේදනේ කලා. හැමෝගෙම ආසාව පිටිපස්සෙම සීට් පෝලිමනේ . මටයි විදුරටයි .අංජුයි නිලංගයි ,සචියයි අපි පස්දෙනා පිටි පස්සේ සීට් වලට ඇඩ්මිට් උනා.
ඉස්සරහම ධනංජයයි, කාන්චනයි. ඊගාවට ශෙවාන්, නදීර, උදය ඊට පස්සේ  සීට් එකේ සෙට් එකේ අතේ දුරෙන් ඉන්න කිපදෙනෙක් . අපිට ඉස්සරා ඩබල් සීට් එකේ පිප්පියි එයාගේ යාළුවෙකුයි..
සේරම දහතුන් දෙනෙක් . කන පැලෙන්න සද්දෙත් දාගෙන ඒ අතරෙ තම තමන්ගේ වල්පල් මළු දිග ඇරගෙන පිස්සු කෝටියයි..

“මෙහෙමයි සීන් එක.. අපි  බඩගමුවෙන් නවත්තලා උදේට කමු  දැන්  තුන හමාරට කිට්ටුයිනේ. කොහොමත් ගාල්ලට යන්න පැය අටකට වගේ යයි නේද බං“ උදය කිව්වා.
“ඒකනේ ඒකනේ  හාවෝ අරැන් මුං එහෙම අල්ලන්නත් තියෙනවා බඩගමුවෙන්“
“මුකද්ද බං .. උඹේ මුත්‍රාශයක්ද ඹ්ක නැත්තං හිල් උන මැටි කලයක්ද“
“කාට වත් ඇහෙයි බං මගේ කාඩ් එක කුඩු කරන්න එපා“
“උඹට කුඩ් වෙන්න කාඩ් එකක් තිබ්බද????“

 එක වචනයක් ඇති කතා කොච්චියක් පටං ගන්න..

“ඉස්කෝලෙන් පස්සේ යන නියමම ට්‍රිප අනේ...“ අංජු කිව්වා
“හිතේ හැටියට ෆන් එකක් ගන්න ඹ්නේ. මේ අවසාන එකද දන්නේ නැනේ බං“ නදීරයා හැමදාම නෙගටිව් ටෝක්.
“අපෝ උඹේ කුනු කට“
“අහ් ශෙවී අපේ අම්මා ඔයාට කොල් කරයි ඉඳලා හිටලා හොඳේ . මං ඔයාගේ නම්බර් එක දීලා ආවේ . මං ෆෝන් එක ගෙනාවොත් ඕක නැති කරගන්නවනේ බං“ ධනංජය මට ලෙඩක් දැම්ම.
“හා ඉතින් මගේ මහන්සිය දීපං හරිද..“
“දවල්වෙලා ටොපියක් අරං දෙන්නංකෝ.“

ඉතින් බඩගමුව මූකලානෙ හරියෙන් නවත්වලා අපි උදේට කෑම ගත්තා. තුනයි හතලිස් පහට විතර අපි ආපහු යන්න වාහානේට නැග්ගා.
“ස්ටාර්ට් වෙනවා හොරයිනේ බං මක් වෙලාද මන්දා..“ කාංචන මූණ ඇඹුල් කර ගත්තා.
“ෆස්ට් සේවිස් එක කලානේද බං ලඟදි.. යන ගමන් චෙක් කරං යමු  ආයේ සුවිච් එක දාමු බලන්න“
වෙලාවට වගේ ඒ පාර ස්ටාර්ට් වුණා.
“අම්මෝ හරි.. කට්ටියම ඉන්නවා නේද?  “ උදය නඩේ ගුරා චරිතේ ඇට් කරනවා.

දෙතුන් පාරක් ට්‍රයි කරලා ස්ටාර්ට් කරගෙන හැට හැටේ රට වටේ කියලා අපි ගමන යන්න ගත්තා.
ටික වෙලාවක් යද්දි කුරෑණෑගල හරියෙන් වහින්න ගත්තා.
“අපෝ චුරැචුරැව බං දිගටම තියෙයිද?“ සචී නහය අකුලගෙන වැස්සට නොක්කාඩු කිව්වා.
“ඔක පායයි බං ආසිරි මල් වරැසාවක්නේ“ ඒ ධනංජය.
“කෙහෙල්මල., මට පාර පේනවත් හොරයි.“ කාංචන දත්මිටි කනවද මන්දා.
 කට්ටියම නිහඞ වෙලා හිටිය විනාඩි ගාන මට නිකං පැය ගානක් වගේ දැනුනා. ටිකකින්  එකා එකා නිදි.. විදුරත් නිදි . නිදි කුම්බරයෝ මැද්දේ මටත් නිදිමත වගේ ආව හින්දා විදුරගේ උරහිසට හේත්තුවක් දාගන්න හිතුවත් නින්ද ආවේ නැ.
“හතරයි කාලට වගේ ඇති  නේද?  මාර කළුවරයි බං ඒ  වුණාට“ මං තනියම ඉන්න බැරි තැන කතා කරා
“ඒක තමා ශෙවී., දැන් දැන් පොල්ගහවෙලට කිට්ටුයි. වැස්ස නැත්තං මෙලහට අලව්වේ.“  නදීර කිව්වා.

එකපාරම මං උඩ ගියේ මගෙම ෆොන් එකේ රිගින් ටොන් එකට.
“හෙලෝ..“ මං කතා කලා.
“ෆෙවින්ද්‍යා දුව , අපේ ධනංජය කොල්ලා ඉන්නවද දුවේ.. “
“ අහ් ඇන්ටි විනාඩියක් දෙන්න, පොරට හොරට  නින්ද ගිහින්නේ.. එයාට මං දෙන්නම්කෝ.“ ගොළු භාෂාවෙන් කතා කරන්න බැරි බව පෙන්න පෙන්න දඟලන ධනංජයට ෆොන් එක දෙන්න සීට් අතරෙන් මං හිමීට වැන් එකේ ඉස්සරහට ගියා.
“මෙහේ හොඳටම වැස්ස අනේ පරිස්සමට ගිහින් එන්න දරැවනේ., අපෝ මොඩයට දෙන්නකෝ පොඩ්ඩක්“ ධනංජයගේ අම්මා කියාගෙන ගියා.
ෆොන් එක දීලා  , මාත් කන දෙන්න වාඩි උනා එන්ජින් එක උඩින්.
“අම්මේ.,   දැන් යාංගල්මෝදර  වැස්ස හින්දා ඇහෙන්නෑනේ අම්මී....“ බොරැවටත් එක්ක කෑගහන ධනංජය නිහඞවෙනවත් එක්කම වාහනේ දෙපාරක් ගැස්සිලා.නැවතුනා හිටි හැටියෙම පාරේ.
“ ඇයි බං මක් උනාද “ ශෙවාන් ඇහුවා
“ඒ ඉක්මන් කරපං බං කොච්චි පාරෙද මංදා ඉන්නේ.. උඹ ගේට් එක අස්සෙන් දැම්මද මෝඩයෝ“ උදය කෑගහුවා.
“කලබල කරන්න එපා බං.. දැන් එන කෝච්චියක් නෑ . මේක ස්ටාර්ට් වෙයි. ගියර් හිරවුණා වගේ බං...“ කාංචන කිව්වේ තරහෙන් වගේ මට නම් දැනුනේ.
“මේ මගුල් වල වීදුරැත් නෑ ඇරලා බලන්න, ඉන්න මං බැහැලා බලන්නම්“ උදය හුන් තැනින් නැගිට්ටා.
“ඒ ඇහුණද බං.. ඒ කොච්චි සද්දයක්ද“ ධනංජය ඇහෙන නෑහෙන ගානට කිව්වා.
“කෝ කොහෙද“ කාංචකන එයාගේ දොර ඇරියා. ඒත් එලියට තියපු කකුල ආපහු ගන්න බැරිව ගල් ගැහිලා වගේ මොහොතක් බලං හිටියා
 මට පපුව දාගෙන එනවා වගේ දැනුනා. මට කිසි දෙයක් ඇහුනේ නැ කන් අඟුල් වැටුණා වගේ දැනුනා “විදුර...“ මං පුළුවන් හයියෙන් කෑගැහුවා
මං ලාවට වගේ දැක්කා කාංචන ඉඳපු පැත්තේ දොර ගැලවිලා විසිවෙනවා..  රතුපාට පැල්ලමක් එක්ක.

*********************

ලාවට එළිය වැටීගෙන එනවා වෙන්න ඕනේ ..එන්බියුලන්ස් සද්දේ ඈතින් ඇහෙනවා වගේ දැනුනට ඒ  මගේ හිතද කියලත් සැකයි මට.. මගේ ඉනෙන් පහල නෑ වගේ දැනේනනේ ඇයි? දැනගන්න ඕනේ උනාට  බය හිතුනා අතගාලා බලන්න , මොනවගේ දෙයක් අතට දැනෙයිද කියලා.
තාර පොලවේ මුනින් තලා වැටුණ මගේ ඉස්සරහා මහපට ඇඟිල්ල නැති  පැත්තක් පිලිස්සුණ මගේ අත දැක්කම මට කලන්තේ වගේ උනා.. හෙවැනැලි වගේ මට පෙනුන අය ටික ටික අඳුරගන්න පුළුන් උනා.  මගේ ඇස් ලගම ශෙවාන්  ඒ ඇස් වල කඳුළු පිරිලා, ලේ තැවරැණ වැහි වතුරෙන් පෙගුන තාරපොලවට වැටුණා.
කෝ මගේ විදුර..මට හෙලවෙන්න වත් බැහැ.   ඒත් ඇස් එයා හොයන එක අත්හරින්නේත් නැහැ. අන්තිමට දැක්කා.. වෑන් එකේ පිටිපස්සේ දොර  එක්කම ඈතටවිසිවෙලා බිම වැටිලා ඉන්න මගේ වස්තු දැක්කා මං.. අනේ මට ලගට එන්න ඕනේ ඔයාගේ.....  මං අඞන්න හැදුවා, ඒත් ඇඞුනේ නැහැ.

මට එකපාරම මගේ අතේ සුලැඟිල්ලේ සීතල නැතිවෙලා උණුසුම් දෙයක් ගෑවෙනවා වගේ දැනුනා.  ශෙවාන් මගේ ඇඟිල්ල අල්ලගෙන මං දිහා බලාගෙනම ඉන්නවා දැක්කේ එතකොට.ඒ ඇස් මොනවා හරි කියන්න හැදුවා. මට ඒක තේරැණේ නැහැ , මං ඒ ඇස් දිහා බලාගෙම හිටියා.  ඇත්තටම ඒ ඇස් වලින් ගැලවෙන්න බැරි ව  දැහැන් ගත වුනා වගේ. . . .

වැහි කබා ඇඳගෙන පොලිස් මහත්තුරැ ඒහේ මෙහේ දුවනවා.. සුදු ඇඳපු මිනිස්සු කලබලෙන් තෙමි තෙමී ආවා.  මුලින්ම විදුර ලඟට එයාව ඇඳකට දාගෙන එන්බියුලන්ස් එකක් ගාවට දිව්වා
ඊගාවට තව කෙනෙක් මට පැහැදිලි නැහැ කවුද කියලා. පස්සේ ශෙවාන් ගාවට.. ඊලඟට මං ගාවටද?  .. නැ.. එයා මගේ ඇඟට උඩින් පැනලා ගියා.. ඇයි මාව නොදැක වගේ ගියේ.
මට කතා කරන්න උවමනා උනා.. ඒත් හඞක් පිට උනේ නැහැ..පාවෙනවා වගේ හැඟීමක් දැනුනේ. හරියට මං උඩ ඉඳන් හැම දේම දිහා බලං ඉන්නවා වගේ.

 කවුරැ හරි  මාව කෙලින් හරවන්න ඇති , ඇහැට වැහි බින්දුවක් වැටෙන්න ඇති .. හැමදේම බොඳවෙලා සුදු පාට වුණා..

.............................................................................................................................ඉදිරියට........................

දෙවැනි කොටසට..........................

Friday, March 8, 2013

එක්තරා චරිතයක්

මාස තුනකට කලින් ඉඳන් ලියන්න ගත්තු ගමනේ ඒක එක ඒවා ලිව්වා මං. ඉතින් හොඳින්ම දන්න කියන කෙනෙක් ගැන ලියන්න හිතුනා...
පොඩි ගැහැණු ළමෙක් ගැන.වැඩි වයසක් නැහැ ,අපි විස්සයි කියමුකෝ.. එකදාස් නමසිය අනූ දෙකේ අටවෙනි මාසේ දහ අටවෙනි දා අටයි ගානකට තමයි මේ චරිතේ  පලවෙනි  හුස්ම අරං බෙරිහන්දීලා අඞලා තියෙන්නේ...

මං මේ ගැහැනු ළමයාව අඳුරන්නේ ගොඩාක් කාලයක ඉඳන්. දුප්පත් පවුලක සාමාන්‍ය ජීවිතයක් ගෙවන ගමේ කෙල්ලෙක්. මහා අති පණ්ඩිත දක්ෂ චරිතයක් නම් නෙවෙයි පහුගිය අවුරැද්දක යන්තං උ.පෙළ පාස් ‍ ඒත් සමාජෙ යම්තාක් දුරට දන්න, තවත් ගැඹුරට තේරැම් ගන්න උත්සාහ කරන හැමදාමත් මොනවා හරි අලුත් දෙයක් ඉගන ගන්න කෙනෙක්. කටකාර, ලේසියකින් අඞන්නේ නැති, ඇඞුවොත් නවත්වන්න ලේසිත් නැති, සෑහෙන්න දඟකාර චරිතයක් . මුලින්ම කතාබහ කරපුවාම මේ චරිතේ හරි අමුතුයි කියලා හිතෙයි නමුත් එයාව හරියට තේරැම් ගන්න නම් එයාව ලඟින්ම ආශ්‍රය කරන්න ඕනේ.
ටිකක් අමුතු විදියකට හිතන,ඉන්න කෙනෙක්. උදාහරණයකට කිවොතින්..
ඔන්න පාරේ වාහනයක් යනවා නවීන පන්නේ ඇහැ ඇදල ගන්න වාහනයක්...  අනෙක් පැත්තේ ගැහැනු ළමෙක් යනවා  ඒලඟම මං මේ කියන චරිතෙත් යනවා. 
ගැහැනු ළමයා ටිකක් ඔලුව උස්සලා බලයි, නැත්නම් සතේකට ගනන් නොගෙන බිම බලං යාවි. ඒත් මේ චරිතේ??? 
ඒක මොන වර්ගේ වාහනයක්ද?  වටිනාකම කීයද? ඇලොයිවීල්ද?  බ්‍රෑන්ඩ් නිව්ද?  ප්‍රෙට්‍රල් කොහොම වැඩකරනවා ඇද්ද? ඒක මොඩිෆයි කරන්න පුළුවන් සුපිරිම විදිය මොකද්ද?  හිතෙන් දාහක් ප්‍රශ්න අහ අහ ගමනේ යයි. සමහර විට පුංචි හිනාවකුත් යයි.
ඒ වාහනේ බස් එකක් නම්.., සෙමි සීට්ද? එන්ජිම ඇත්තටම ටර්බෝද? සෙට් එක මැලේෂියන්ද? සරවුන්ඩින් වූෆර්ද? කොල්ලෙක්ටවත් නැති රැදාවක්!! ඒ එයාගේ හැටි.
පිටින් දකින කෙනෙක්ට හිතෙයි මෙයා පිස්සෙක්,  නොගැලපෙන විදියට ජිවත් වෙන කෙනෙක් කියලා.  නැහැ එයා විවෘත මනසකින් ජීවත් වෙන්නේ. හැම දේ ගැනම අප්ඩේට් වෙලා ඉන්න කැමති කෙනෙක්. සත්තකිම්ම තැම්පත්, බිම බලං යන චරිතයක් නම් නෙවේ.. වෙලාවකට මේ චරිතේ මටත් තේරැම් ගන්න බැහැ.
හුඟක් දුරට ඩෙනිමයි ටි එකයි දාගෙන සැහැල්ලුවෙන් පාඩුවේ නිහඞව ඉන්න කැමති කෙනෙක්. වෙලාවකට කන පැලෙන්න  සින්දුවක් දාගෙන ඉන්න  පොටො ජෙනික් කෙනෙක් .... මොනවා වුණත් ලඟ ඉන්න කෙනාගේ මානසිකත්වයට අනුවර්ථනය වෙලා ඉන්න හැකියාවත් තියන චරිතයක්.

එකා යකා . නැත්නම් ගෙදර එකම ළමයා විදිහට ආධිපත්‍ය පතුරං ඉන්න මේ චරිතේ  වැඩිමල් සහෝදරයෙක් නැති කම ගැන ගොඩක් දුක් වෙනවා.ඒ  එහෙම හිටියනම් එයාගේ ජීවිතේ මීට වඩා ලස්සන වෙන නිසා.
හිතවත්ම යාළුවෝ ටිකත් එක්ක සහෝදරයෝ /සහෝදරියෝ වගේ එකටම ඉන්න කැමති බොරැව දිරවන්නේම නැති ඇය.. සාමාන්‍යයෙන් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනව නමුත් , තමන්ගේ කියන කෙනෙක්ට ඒ කෙනාගේ දුකේදී එයාට නැතිවුණ  සතුට ගේන්න ඒ වෙලාවේ කරන්න සුදුසුම දේ කරන්න  මේ චරිතේ අයිතිකාරිය දෙපාරක් හිතන්නේනැහැ.
තමන්ගේ ලඟම අය තදින් විශ්වාස කරන , ඒ විශ්වාසේ කැඩුවොත් කිසිම  සමාවක් නොදෙන , ටිකක් දුරට තද හිතක් තියෙන කෙනෙක්. ඒ වගේම දෙයක්  හිතුවොත්  ඒක කරලම නවතින  ණයත් නැති බයත් නැති හිතුවක්කාරියක්. කට කෑවත් කියන්න ඕනේ දේ කෙලින් කියන කෙනෙක් වගේම වැරදි කරන්න බය කෙනෙක්. යාළුවෝ/ හිතවත්තු ඉදිරියේ චන්ඩියා උනාට ලැජ්ජාශීලී කෙනෙක්. තරහක් , දුකක් ආවොත් විෂ්වාසවන්තම කෙනෙක් එක්ක හිත සැහැල්ලුවෙනකල්ම කියවන කෙනෙක්..
මොඩ දුර්වලකම් මහ ගොඩක් තියෙන චරිතයක් විදියටයි මට වෙලාවකට එයාව පේන්නේ. එයාගේ හදාගන්න අමාරැම දුර්වලකම  නැට්ටට තද වෙන එක.. ඉවසීම බින්දුවයි  ... නමුත් සමහර දේවල් වලට එයා තරම් ඉවසන්න වෙන කෙනෙක්ට බැරිව ඇති කියලත් මට හිතෙනවා.

හැමෝටම වගේ ආදරේ කියන සුලඟ මේ  චරිතේ ලඟිනුත් හමාගෙන යනවා....වෙලාවකට සුළි කුණාටුවක් විදිහට. වෙලාවකට සීතල සිනිදු සුළං රැල්ලක් විදිහට...... කාලෙකට සුළඟක් පේන මානෙකවත් නැහැ... මොනවා උනත් ඒ  හිතට ඕන විදියේ සුළං රැල්ලක් තාම ඒ චරිතේ ලඟින් හමාගෙන හිහින් නැහැ.
සමහර විට නොඑන්නමත් ඉඩ තියෙනවා. ඒ ගැන එයා වැඩිය හිතන්නේ නැහැ. මොකද ඒ චරිතේ හොයන ආදරේ පෘථිවි තලයෙන් වඳවිමේ තරජනයට ලක්වුණ විදියේ ආදරයක්...ඒතරම් දුර්ලභයි ලු.

ඇබ දෙක කනේ ගහං සින්දුවක් අහං , ගිරවා වගේ කියවන. අනෙකාව මූණට හිනාවක් ගෙන්න හැම වෙලාවෙම  කැමති මේ ගැහැණු ළමයා  මතුපිටින් පේන සැහැල්ලුකම හීනෙන් වත් විඳින්නේනැති තරම් කිව්වාත් නිවැරදියි. ඒත් හුඟක් අය මේ චරිතේ අර්ථකථනය කරන්නේ “මාර ෆන් එකේ ඉන්න කෙනෙක්“ කියලා.. ඒත් ඒ ලේබල් එකට මැදි වෙලා එයා ගොඩක් ඒව හිතනවා..
ජිවිතේ ගොඩගන්න , දුක සැප මැද්දේ අම්මවත් බලාගෙන හොඳින් ජීවත් වෙන්න  මේ චරිතේ ඒ හැමදේම කරන්න කොහොම හරි උත්සාහ කරනවා, ප්‍රශ්ණ දහස්ගානක් මැද වුණත්.
මේ චරිතෙට අවංකව ලඟ ඉන්න පිරිසක් ඉන්නවා.. ඒ ගැන එයා ආඩම්බරෙන් ඉන්නේ කියලා මට විශ්වාසයි.
ඒ වගේම ඇය ඒ සියළු දෙනාටම ලෙන්ගතුයි.

ඉතින් කවුද මේ ඇය????
හම්.. දන්නෝ දනිති.
ගිහින් එන්නම් බුදු සරණයි -  ජේසු පිහිටයි..!!