Thursday, October 24, 2013

එක්ස්ෆයර් ඩේට් කේස් එක

පුංචි සිද්දියක් හින්දා මගේ යාළුවෙක් එයාට උනදෙයක් ගැන මං එක්ක කිව්වා.ඉතින් මට මේක ලියන්න හිතුනා. නොකියාම ලිව්ව එක ගැන,
මචං සමාව භාජනයට දමන සේක්වා.!!

ක එක දේවල් වලට එක්ස්ෆයර් ඩේට් තියනවානේ. මං කිව්වේ කල්-ඉකුත් වීමේ-දිනයක්..
ඉතින් මගේ යාළුවත් කියනවා ඉඳගෙන “ආදරේ“ ටත් කල් ඉකුත්වීමේ දිනක් තියනව ලු. අවංකවම හිතුවා පැත්තකට වෙලා.
මොකක්ද මූ මේ කිව්ව හරුපේ... අර කවුදෝ මනුස්සයෙක් විවාහා සහතිකේ පෙරල පෙරලා එක්ස්ෆයර් ඩේට් එකක් හෙව්වා වගේ සීන් කෝන් එකක් වත් ද කියලා. ( ඒ කතාව දන්නව ඇතිනේ..)
බලාගෙන ගියාම එහෙමත් නෙවේ,පොර ෆුල් අවුලෙන් , ලණු දෙන මානසිකත්වයක් නම් පේන්න නැහැ.
මං දානවා ඔන්න තර්කේ,
“නැහැ එහෙම නැහැ“ , මං කිව්වා.
ආදරේට කවදාවත් කල් ඉකුත් වීමේ දිනයක් නැහැ. ආදරේ කියන දේ ඇති වුනොත් ඇති වුණාමයි.
“කවුද කියන්නේ ? “ මගේ යාළුවා අහනවා.
“මගේ කෙල්ල/කොල්ලා අවුරුදු ගානක් මං ගාව පණ වගේ ඉඳලා, පෙරේදා මාව දාලා වෙන කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක ගියානේ? ඔන්න මචං ආදරේ “.
දීපං උත්තර..

මචං මං කිව්වේ “ආදරේ ගැන “ මිසක්  “ආකර්ෂණය “ගැන නෙවෙයිනේ.. ( මං මහාචාර්ය මාන්නය හිතට ගත්තා)
උඹලා ඔය “ආදරේයි“ කියාගන්න හැඟීම, ඔය පේන තරම් සීනිබෝල නැහැ. ආදරේ කියන්නේ පුදුම පූජනීය හැඟීමක්. අම්මලා-තාත්තලා-සහෝදරයෝ, දුකට සැපට එකට ඉන්න යාළුවෝ අතරේ ඇතිවෙන හිත් වලින් බැඳුන ශක්තිමත් බැඳීමක්. උපන් දා ඉඳන් අද වෙනකල් ඒවට කවදාවත් අවසාන දිනයක් තිබුණද? නැහැ නේද?  (තිබ්බනම් මාත් නැනේ...)
ඒ කෙල්ල/කොල්ලා උඹට අවුරුදු ගානක් ආකර්ෂණේ වෙලා ඉන්න ඇති.. ඒත් ආදරේ නම් වෙලා නැහැ. සමහර විටක උඹත් තාම ආකර්ෂණය වෙලා ඉන්නේ .
(නැත්තං මේකා මං එක්ක කිය කිය ඉඳීයැ.පොලිඩෝල් එකක් ගහලා ලිඳේ පනින්න එපායැ.)

ඔය ආකර්ෂණේ කොයි මොහොතේ කල් ඉකුත්වෙයිද තමන් වත් දන්නේ නැහැ බං. ඒ වෙලාවේ තියෙන පරිසරය, හැඟීම මත විතරයි ආකර්ශනේ රැඳිලා තියෙන්නේ., ඒක වෙනස් වෙන්න මහ දෙයක්, මහා වෙලාවක් ඕනෙ නැහැ. අනික ආදරේ හැමවෙලාවෙම විශ්වාසෙත් එක්ක එකට ඉන්නේ. ආකර්ෂනේට විස්වාසය කියලා දෙයක් ස්ථීරව පේන්න නැහැ.
ඒවගේ  දෙකයි පනහේ දේකට ආදරේ කියලා  “ආදරේ“ කියන දේ හෑල්ලු කරන්න එපා.

අනික කෙනෙක් තව කෙනෙක්ට ආදරේ කරනවනම් එයා මොනම ප්‍රශ්නේ ආවත් එයාව දාලා යන්නේ නැහැ. ඒ කිව්වෙ කොටිම්ම අවංක ආදරේට එක්ස්ෆයර් ඩේට් එකක් නැහැ කියලා. හැමතැනම “ආදරේ “කියලා  “ආකර්ෂණයට“ රැවටිලා ඉතින් ආදරේ බොරුවක් කිය කිය අඬාගෙන පිස්සු නටනවා.
භයානකයි. මොකද ලේසියකට ආදරේ /ආකර්ෂණය වෙන් කරලා අඳුරගන්න බැහැ හොඳ සිහියෙන් ඉන්නේ නැත්තන්... ආකර්ෂණය අපිව අතෑරලා යයි. සැලෙන්න එපා.. ඒත්, හිතන්නේ නැති වෙලාවක.. ආදරේ අපි ලඟ රැදෙයි. හැමදාටම.. හිතට දුකක් නොදීම.

ඉතින් මචංලා, හොඳ සිහියෙන් ආදරේ කරන්න පටන් ගන්ඩෝ......!!!!

හලෝ...... හුඟ කාලෙකින්.......!!!!

ප්පා.. සෑහෙන කාලෙකින් ආවා ආයෙමත් සුපුරුදු විදියට දෙයක් ලියා කියාගන ඉන්න.........
ම්.. මොනාද ලියන්නේ.....
කාලයක්ම කතාවකට යට වෙලා හිටිය හින්දා නිදහසේ දෙයක් ලියන්න බැරි ම උනානේ.
ඒකත් යාංතං ඇදගෙන ගියා කියමුකෝ අතරමගදි කියවන්න බලාගෙන ඉන්න කීපදෙනෙක් ඉන්නවා කියලා දැනුනම ආසා හිතුනා. ඒ හැමදෙනාටම ස්තූතියි.....!! එයාලා හින්දයි කතාව අවසානයකට  යනකල් ආවෙ.
වැඩේ කියන්නේ අවසාන කොටස කිව්වම +9 ක් ම ආවනේ .....
ඒක මට ඉහටත් උඩින් ඈ.....
පහුගිය කාලේ කවුළුවට සෑහෙන ඒවා උනා..
දවසම කළුවරේ , මහ වැහි ඇවිත් හෙන එහෙම පුපුරලා  ඇස් තෙමුණා..
සැඩ හුලඟක් එහෙම ඇවිත් අතු-ඉති ගල- මුල් එහෙමත් වැදුනා....
ඉඳ හිටලා ඉර එළියත් එබිකම් කරලා කුරුල්ලෝ සිංදුත් කිව්වා...
ලෝක සුභාවෙනේ.............
මං ආයෙත් අන්තර්ජාලේ මගේ කවුළුවේ ඉඳන් අකුරු අමුණන්න ආවා.. ලඟදීම ලිපියක් එක්ක එන්නම්කෝ.

ඉතින්, ආයුබෝවන්,,,,,,,,,!!!!!!!!!!

Friday, October 4, 2013

වෙස් මාරුව 10 ( අවසන් කොටස)

යෙමත් පාරක් අම්මා ඇහි පිල්ලමක් වත් ගහයිද බලන්න කොච්චර උත්සාහා කලත් අන්තිමට දොස්තරලා මගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා. කොලපාටින් කොටුකරපු අම්මාගේ ඇඳ ගාව මං තනි උනා...

“අපිට එයාව බේරගන්න බැරි වුණා“ නර්ස් නෝනෙක් කිව්වා මට.
දුකයි කියාගන්න බැරි තරමටම. නමුත් පුදුමේ කියන්නේ මට අඬන්න කඳුළු තවත් තිබුණේ නැහැ.ඔහේ ගොළුවෙක් බීරෙක් වගේ බලාගෙන හිටියා මම.
මං දන්නවා මට ඇත්තට මූණ දෙන්න ම වෙනවා දැන්. ඒ වගේම අම්මා හැමදේම දැනගෙනයි මේ ගමන ගියේ කියන්නත් මට විස්වාසයක් තිබුණා.
ටික වෙලාවකින් විදුර ආවා. තනිවම නම් නෙවෙයි...

සචීත් එක්ක.

යාළුකමට වඩා දෙයක් ඒ දෙන්න අතර තියෙන වග මට දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒක තමයි  පලවෙනිම දවසේ සචී මාව දැකලා මඟ හැරියේ.
මේ සේරම දේවල් වෙනස් වෙලා. මං විතරක් තාම එතනම??

එක අතකට විදුර තනි වෙනවට වඩා සචී ලඟ ඉන්න එක හොඳයි. මට කවදාවත් ආයෙම විදුරට ලං වෙන් බැහැ කියලා දැන් මට පිලිගන්න ම වෙනවා. ලඟ තිබුණ පුටුවකට බර උනේ මම නොදැනීමයි.
අම්මා වෙනුවෙන් ලංකාවට ආවත් මට ඉතිරි උනේ දුක විතරයි. විදුරගේ මූලිකත්වයෙන් අම්මගේ අවසන් කටයුතු සිද්ද වුණා ලස්සනට . මම... මියගිය ශෙවින්ද්‍යා රණසිංහ.. නිකම්ම නිකං පිට මිනිහෙක් වෙලා බලාගෙන ඉන්න චරිතයක් උනා.
ඉතින් දැන් මං කා වෙනුවෙන් ජීවත් වෙන්නද?

මගේම කාමරේ දැන් මට අයිතිව තිබුණ ඇඳුම් දෙක තුන බෑග් එකට දාගෙන මං තරප්පු පෙල බැස්සා. ශෙවී ගෙන් කියලා මං ගත්තේ,අම්මගෙයි මගෙයි ඡායාරූපයක් විතරයි.
ඒකත් හොරෙන්.
කා එක්ක වත් කතා කරන්න මට උවමනාවක් තිබුනේ නැහැ. හැමෝම දකින එකත් මට හිසරදයක් වෙලා තිබුණේ.
හැමෝම බලන් ඉද්දි මං මගේ බෑග් එකත් අරං පාර දිගේ ඔහේ ගියා. පලවෙනියෙන් ම ආපු දඹුල්ල කොළඹ ඒ/සී  බස් එකට නැග්ගා.

****************************

කොලඹින් යොහාන් ව හොයාගෙන මම ආපහු හෝටල් කාමරේට ආවා. මෙච්චර වෙලා හිතේ හිර වෙලා තිබුණ දුක පිටාර යන්න ගත්තතේ යොහාන් දැක්ක ම.
ඇස් ඇරගන්න බැරි ගානටම අඬලා පපුවත් අල්ලගෙන  ඇඳෙන් වාඩි උනාට පස්සේ. වතුර එකකුත් අරගෙන ඇවිත් යොහාන් කතා කලා.

“ඇයි බං මේ? මං ජීවිතේට උඹ මෙහෙම දැක්කේ නෑ ශෙයියා.“
“අපි ඉක්මනින් ආපහු යමු යොහාන්“ වතුර එක තොලගාන ගමන් මං කිව්වා
“ශෙවී බැඳලද බං?“
යොහාන් හෙමීහිට ඇහුවා.
“මචං මං වඳින්නං, මාවත් අරං පලයන් නැත්තං මට යන්න හදලා දීපං“ වීදුරුව  එක උගුරට බීලාදාලා මං කෑගැහුවා නෙවේ කෑගැහුනා.

ලයිට් එකට කලින් දවසේ මට නින්දක් තිබුණේ නැහැ.
හැම දේම මතක් උනා. මේ හැම කරුමෙකම ඇරඹුම වුණ ඒ කාලකන්නි අනතුර, සිහිය එනකොට දැනුන දේවල්.. ශෙවාන්ගේ දෙමාපියෝ.. ටියානා.... මස්සිනා.... යොහාන්... මං???  මං ගන්න ඕනේ තීරනේ මොකක්ද කියන එක ලොකු ගැටළුවක් උනා මගේ හිතට.
ජීවිතේ කෙලවර කරගන්න?
ආපහු ගිහින් ටියා බඳින්න?
වෙනත් විසඳුම්.......

සත්තකිම්ම ටියානා මට හිතුන දේ, මං කරන්න ම තීරණේ කලා.
ඔයා හොඳයි, හැම අතින් ම සම්පූර්ණයි. ඔයාව ලබන පිරිමියා මාරම වාසනාවන්තයි. ඒ ශෙවාන් වුණා නම් මටත් සතුටුයි. ශෙවාන් ඔයාට ගැලපුනත් මම ගැලපෙන එක ගැන නම් මට සැකයි. ඒක ඔයාටත් තේරැණ දෙයක් කියලා මම දන්නවා.

මේ හැම දේම මගේ අම්මා නමින් දිවුරන්න පුළුවන් හෘද ශාක්ෂියට එකඟවම සම්පූර්ණ ඇත්ත කියලා. මගේ අතින් ම මේ සේරම ලියලා තියන්න ගත්තේ ඇත්තටම ටියා.. ඔයා වෙනුවෙන්.
ඒක කරන්න හේතු උනේ  මං ලංකාවට එනකොට ඔයා කියපු කරපු දේවල් නිසා. මොකද මමත් ඔයා වගේම හිටපු කෙනෙක්, මේ දේවල් වෙන කාටවත් තේරුම් ගන්නත් බැහැ.තේරුම් කරන්න් ගියොත් ඒ තේරුම් කරන කෙනා පිස්සෙක් විදියට දකින්න පුළුවන් විතරයි.

ඔයා පිලිගත්තත් නැතත්..
ජීවිතේ දී අපේ දෛවය වෙනස් කරගන්න , දෙවියෝ අපිට අවස්ථා දෙනවා .. සමහර විට එකක්  වෙන්න පුලුවන්. දෙකක් වෙන්න පුළුවන්.
ඉතින් ඒකෙනුත් දුර්ලභම අවස්ථාව ලැබුණේ මට කිව්වොත් නිවැරදියි නේද? ඒක පවක් ද පිනක් ද විග්‍රහ කරන්න මං දන්නේ නැහැ.
දවසක ඔයාට මාව දකින්න ලැබේවි.. නොලැබෙන්න ත් පුළුවනි... ඒ වගේම මම ඔයා ලඟපාතකම ඉන්නවා වෙන්නත් පුළුවනි. හැතැක්ම දාස් ගානක් දුර වෙන්නත් පුළුවනි.
මොනවා උනත් මං මනසින් ජීවතුන් අතර කියලා නම් ස්ථිරවම කියන්න පුළුවනි.

________________________________________________________________

තහ්..  කාමරේම ගිලිලා තිබුණ නිහඬබව බිඳුනේ පොතක් වහන සද්දෙකින්,
පොඩි නිහඬතාවෙකින් පස්සේ ශෙවාන් ගේ දින පොතට වශිවෙලා වගේ ඉඳපු ටියානා එකපාරම කතා කලා.

“යොහාන්.. ශෙවාන් මේක ඔයාට දීලා කොහාටද ගියේ.?“
“මාත් කල්පනා කලේ ටියා, මූ මට ඕක ටියාට දෙන්න ඕනෙ කියලා මගේ අතට දීලා බාත් රෑම් එකට යන්නම් කියලා ගියා ගියාමයි අපහු ආවෙ නෑ.“
“අපි එයා හොයන්න ඕනේ යොහාන්.“
“කොහෙන්ද? කොහොමද? මේක ලංකාව නෙවේ ටියා.. කොහොමද ශෙවාන් ව හොයන්නේ? දැන් ඔය මල ඉලව් දින පොතේ මොනවද තියෙන්නේ ?. මට පිටු දෙක කියවද්දි නින්ද ගියා“.
“මේකෙද? “
ටියානා තත්පරයක් දෙකක් කල්පනා කලා..
“මං පහලට ගිහින් එන්නම් ඔතනම ඉන්න.. “ ටියා පහල තට්ටුවට ඉක්මන් ගමනෙන් ගියා.

විනාඩි පහක් දහයක් ගියා..
“ටියා...“ මට බැරිම තැන පහලට යන්න හිතුනා
හෙමින් හෙමින් පහල තට්ටුවට එනකොට...
ටියා ශෙවාන් ගේ දිනපොත  පිටුවෙන් පිටුව ගලවලා උඳුනට දාලා පුච්චනවා...
“මොනාද මේ කරන්නනේ ටියා...“ මං ඇහුවා
“යොහාන් කරන්න තියෙන හොඳ ම දේ මේක..“ ටියානා  රතු උන ඇස් වල කඳුළු පුරවගෙන කිව්වා.
“ඒත් මං එයා ව හොයාගන්නව මයි, යොහාන්..! හොයාගන්න ව මයි.. “  ටියානා ඒක කිව්වේ තියුණු අධිශ්ඨානයකින් ම කියලා මට වචනෙන් ම දැනුණා..