Posts

Showing posts from February, 2014

අතුරු ආන්තරා බහුල කෝකටත් තෛලය!!

“අහවල් පලාතේ .....අහවල් පාසලේ.... අහවල් දැරිය ...... සියදිවි හානි කරගෙන“ සති කීපයක් ඇතුලත මේක ගිණි ගන්න හොට් හොට්  සුපුරුදු නිව්ස් එකක් වෙලා නේද?
උත්ගෝශන/ උපවාස/පොස්ටර් හෝ පත්‍රිකා නෙවේ සත්තකිම්ම අපි පෙරලි පෙරලි අඬන්න ඕනෙ මේවගේ දේවල් අහන්න දකින්න  වෙන හින්දා.  මොකද මේ ළමයින්ට වෙලා තියෙන්නේ!! දරාගැනීමේ නොහැකියාවද? මන්ද මානසිකත්වයක් ද? හෝමෝන බලපෑමක්ද? එහෙමත් ම නැතිනම් ෆේස් බුක් ද? ජංගම දුරකථනද? මේ සිදුවීම් වලක්වාගන්න එකම පිළියම ජංගම දුරකථන තහනම් කිරීමද? නැතිනම් ෆේස් බුක්  සයිබර් සාමාජ අඩවිය මෙරටට තහනම් කිරිමද?
අවංකවම කියනවානම් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට අපි නවීන තාක්ෂණය දැනකියාගත යුතුමයි. නමුත් වැලඳගෙන ඒ මත්තේ නැහිම ඥානාන්විත ද? අවශ්‍ය දේ පමණක් රැගෙන අනවශ්‍ය දේ ඈත් කරගන්න බැරි තරමටම අපි නූගත් ද? ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හිතේ තියන ආවේගයත් එක්ක පිස්සුවෙන් අන්තර්ජාලය /මත් ද්‍රව්‍ය/දුරකථන එක්ක ගැටෙන අපේ ළමුන්ට තේරැම් කිරීමෙන් බැරි නම් පාරක් දීලාහරි , හරිහරි වැරදි තෝරා බේරා දෙන්න දෙමාපියන්ට ශක්තියක් නැද්ද?  ඇයි බැරි  අපේ දෙමාපියන්ට මේ ලමයා මොකක්ද කරන්නේ කියලා හොයාබ…

රෝස මල් - චොකලට් - හාදු - වැලන්ටයින්......

වැඩකිඩ ගෝනියකට යට වෙලා ඉන්න අතරේ ආදරවන්තයින්ගේ දිනයට අකුරක් දෙකක් කියන්න කවුළුවට ආවේ ගිය අවුරුද්දේ තරම් දීර්ඝ ලිපියක් ලියන්න නම් නෙවේ.. දැන් ඉතින් කාර්ය බහුල ඈයොනේ.. (නොකියා කීවේ වැඩට යන වග)

රෝස මල් - චොකලට් - හාදු පිරුණ පෙම්වතුන්ගේ දිනය 2014 වසරෙ පෙබරවාරි 14 දින වෙනස්ම විදිහකින් සමරන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ පින්බර නවම් පොහොය දිනයේ ශ්‍රී ලංකාව කියන්නේ, තවමත් බෞද්ධ රටක් කියලා ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ ආදරණිය තරුණ පරම්පරාවකුත් තවම අපිට ඉතිරි වෙලාතියෙනවා. මං එහෙම කියන්න හේතු උනේ හොරෙන්ම සතේ සතේ එකතුකරලා  ගෙවල් වලට හොරෙන් තමන් ආදරය කරන ගැහැනු ළමයාට හෝ පිරිමි ලමයාට තෑගි අරං දෙන විදිහේ පෙම්වතුන්ගෙත් දිනයක් නිසාවත් , පෙම්වතුන්ගේ දිනය මුවාවෙන් “පෙම්වත්තු“ කියාගෙන ආදරේ තරම මනින්න අයුතු ප්‍ර‍යෝජන හා කාමුක ආශාවක් මුදුන්පත්කරගන්න දුවන වැලන්ටයින් ලා ගේ දිනයක් නිසාවත් නම් නෙවේ. මේ ආදරවන්තයින්ගේ දවසේ ගෙදරට කියා හෝ නොකියා දෙන්නත් එක්ක පන්සලකට ගොඩවැදුන පිංවත් පෙම්වතුන් පිරිසක් නිසා.

ඇත්තටම ආදරේ සමරන්න එක දවසක් වෙන් කරන එක, එක විදියක විහිළුවන් උනත් සමහර වෙන් උන අය , පොඩි-පොඩි හිත් නොහොඳකම්නිසා නෝක්කා…

වීදි දරුවා

මුහුනේ පුරා පැල්ලම් සීරැම්__________ලකුණු
එනමුත් නෙතින් අවිහින්සක බව______පිරුණු
පුංචි එකෙත් ඇවිදින් අත පා_________දකුණු
නෝනා බඩගිනියි, මට කීවා ________කරුණු

මා අත තිබූ බත් පත ඔහු අත_________තියලා
දොඩමළු උනා පැය ගානක් _________ඉවසාලා
ඒ හිත රැඳුනු දුක් දොම්නම් තතු ______අහලා
මගෙ හිත උණු උනා හදවත_________හිරිවැටිලා

මහ මඟ අතැර දමලා ගිය දා___________ඉඳලා
අව්ව වැස්ස  මැද තනිවම ඔට්ටු_________වෙලා
කුසගිනි නිවා ගනිමින් දුක සේ_________හිඳිනා
වීදි දරුවෙකුයි මම කවුරුත්___________කියනා

මා රැක බලාගන්නට කෙනෙකුන්______නොමැත
වැඩකිඩ කලත් හරියට සැලකුමක්________නැත
සොරකම් කරන්නට තුන් හිතකවත් ______ නැත
දෑතම පානවා හැර පිලිසරණක්ද_________ නැත

අතපය හතර තියාගෙනත් කනවා__________සිඟා
කියමින් නෝනලා යනවා මට____________ඔරවා
ඉඳහිට කෙනෙක් ඇවිදින් මුහුණට_________එබිලා
පනමක් දී කියයි අසරණයා______________කියලා

දවසක් විරිදු කවි කියමින්____________ඇවිදිනවා
විටකදි වැඩබිමක බර වැඩකුත්_________කෙරුවා
බැරි බැරි ගානේ බඩු මළු උස්සං__________යනවා
ඒ නැති දිනෙක දුක කියලා අත___________පෑවා

පොලවේ පය ගසා ඇවිදින දා____________ඉඳලා
ම…