Posts

Showing posts from 2013

සතුට සැනසීම පිරුණ ශ්‍රී සුභ නව වසරක් වේවා......!!!!!!!!

අම්මෝ.... කාලෙකින් ආවා බ්ලොග් අඩවිය පැත්තට
වැඩේ කියන්නේ, "කවුළු" ගොඩායිනේ දැන් අයියෝ..!!!!
කමක් නෑ ඉතින් උයාලාට මාව මතකයිනේ

ඉතින් සීතල උඳුවප් මාසේ..... නත්තල් කාලේ... සීතලේ ..... පාළුවේ...... අකුරු ටිකක්  අමුණන්න ආවා...
ඔය පැත්තේ කොහොමද? නත්තල් එහෙම සරුද?
හස්ථිශෛල පුරවරයේ නම් නත්තල වැඩිය පේන්න නැ නැ වගේ දැනුනා... හුඟක් දුරට හේතුව සාමාන්‍ය ජනතාවගේ, අසාමාන්‍ය දුප්පත්කම වෙන්න ඕනේ. කොහොම උනත් ඇති හැකි හැටියට හැමදෙනාම නත්තල සමරනවා නේ....

ඒ මදිවට අද 31 නයිට් එක... බලන බලන අතේ පාටි / මියුසිකල් ශෝ/ බොතල් ද පොල් කටුද අරවද මේවද නානාප්‍රකාර එව්වා මෙව්වා නේද?  ඒවත් ඉතින් තියෙන්න එපායැ. නැද්ද!!

අවුරුද්දක් ගෙවිලා ගියා.(අපි වයසට ගියා බොලව්)
මට නම් අවුරුද්ද සර්ව සම්පූර්ණ අවුරුද්දක් උනා. ඒ කියන්නනේ දුක /සතුට /ජොලිය ඇති වෙන්න තිබුණ වේදනාවෙනුත් කිසීම අඩුපාඩුවක් නැති වුණ අවුරුද්දක්..... (ලුණු ඇඹුල් පදමට තිබුණ අස්සෙන් මුල්ලෙන් තිත්තත් තිබුණ පට්ට අවුරුද්දක් ඈ..) අතපහුවීම්/පසුතැවීම් නැතුවා නොවේ, ඒ අතර හිතට දැනුන ආදරණීය මතකයන් ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා.
ඔය අස්සේ මගේ කට වැරැද්දකින් අත වැරැද්දකින් ඔයා…

වෙස් මාරුව 10 ( අවසන් කොටස)

Image
ආයෙමත් පාරක් අම්මා ඇහි පිල්ලමක් වත් ගහයිද බලන්න කොච්චර උත්සාහා කලත් අන්තිමට දොස්තරලා මගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා. කොලපාටින් කොටුකරපු අම්මාගේ ඇඳ ගාව මං තනි උනා...

“අපිට එයාව බේරගන්න බැරි වුණා“ නර්ස් නෝනෙක් කිව්වා මට.
දුකයි කියාගන්න බැරි තරමටම. නමුත් පුදුමේ කියන්නේ මට අඬන්න කඳුළු තවත් තිබුණේ නැහැ.ඔහේ ගොළුවෙක් බීරෙක් වගේ බලාගෙන හිටියා මම.
මං දන්නවා මට ඇත්තට මූණ දෙන්න ම වෙනවා දැන්. ඒ වගේම අම්මා හැමදේම දැනගෙනයි මේ ගමන ගියේ කියන්නත් මට විස්වාසයක් තිබුණා.
ටික වෙලාවකින් විදුර ආවා. තනිවම නම් නෙවෙයි...

සචීත් එක්ක.

යාළුකමට වඩා දෙයක් ඒ දෙන්න අතර තියෙන වග මට දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒක තමයි  පලවෙනිම දවසේ සචී මාව දැකලා මඟ හැරියේ.
මේ සේරම දේවල් වෙනස් වෙලා. මං විතරක් තාම එතනම??

එක අතකට විදුර තනි වෙනවට වඩා සචී ලඟ ඉන්න එක හොඳයි. මට කවදාවත් ආයෙම විදුරට ලං වෙන් බැහැ කියලා දැන් මට පිලිගන්න ම වෙනවා. ලඟ තිබුණ පුටුවකට බර උනේ මම නොදැනීමයි.
අම්මා වෙනුවෙන් ලංකාවට ආවත් මට ඉතිරි උනේ දුක විතරයි. විදුරගේ මූලිකත්වයෙන් අම්මගේ අවසන් කටයුතු සිද්ද වුණා ලස්සනට . මම... මියගිය ශෙවින්ද්‍යා රණසිංහ.. නිකම්ම නික…

වෙස් මාරුව - 9

අවුරුදු ගානකින් හිතේ සැනසීමෙන් නිදාගත්තා.... මගේ කාමරේ මගේ පාඩුවේ..
අඩුවකට තිබුණේ මම විතරයි...!!!
ඇත්තටම හිත හැදෙයි කියලා හැමදේම හරියාවි කියලා හිතාගෙන ගෙදර ආවත්. මගේ හිත තිබුණට වඩා නරක තත්වෙකට හැරිලා .
පාන්දරම වොෂ් එකක් දාගෙන අම්මා ගාවට දුවගෙන ගියේ මගේ ලෝකේ අම්මා නිසා. එයාගේ කටයුතු සේරම කරන්න මං ආසායි. අනේ එක පාරක් පුතේ කියන්න අම්මේ.. ඒ ඇති මට හිත හදාගන්න
අම්මගේ කෑම ටික කවලා, අම්මගේ කකුල් පාමුල ... ඉඳන් හිතේ හිරවෙලා තිබුණ සේරම කියන්න ගත්තේ මට මගේ හිතේ මේ පීඩනය දරාගන තව ඉන්න අමාරැ නිසා. “මං ආයෙ යන්නේ නැ මගේ අම්ම දාලා..“
මං අම්මගේ මුණ දිහා බලාගෙන හිටියා.අම්මගේ ඇසුත් මගේ දිහා බලන් ඉන්නවා. හරියට මාව තේරැණා  වාගේ.

“ශෙවාන් තමුසේ..“

 නෑ.. මං ගැස්සුනේ නැහැ..
බය උනෙත් නැහැ..
ඒ වගේම,
හිනාවක් පුරවගෙන හැරිලා බැළුවෙත් නැහැ..

ගල් පිලිමෙයක් වගේ තත්පරයක් මං ඒ කටහඬ වින්දා ඇසිපිය පියාගෙන...
විදුර......... මගේ විදුර....
කඳුළු ඉස්සර උනා, ඒත් මං කොහොමද මේවා විස්තර කරන්නේ?

හෙමිහිට හැරිලා විදුර ගේ මගේ හිතේ තිබුණ රූපය මවාගෙන මේ ඒයාමද බැළුවේ පපුව රිදෙන තරමේ ආදරේකුත් පුරවාගෙන.
අනේ..
මුහුණ පුරාම රැවුල වැවුණ, ඔහේ ෂර්ට් එකක් ද…

වෙස් මාරුව - 8

Image
පැයගානක් දුර ගෙවාගෙන මං මගේ ගමට ආවා. කොච්චර නම් වෙනස් වෙලාද, මනුස්සයෝ වගේම ගහකොලත් මාව නන්නාදුනන විදියටයි මං දිහා බැළුවේ.  හිත දිව්වා මගේ සුන්දර අතීතයට. හිතුවක්කාර පොඩි කෙල්ලක් විදියට ජීවිතය වින්ද අතීතෙට,  වැලිකැටයක් ගානේ මගේ දගකාර මතකයන් රැඳිලා ඇති, විදුරගේ අතේ දැවටිලා මේ හැම පාරකම මං ගිය හැටි. යාළුවෝ එක්ක වටවෙලා ඉඳපු හැටි, “ක්රාස්..!!“  හරස් පාරකින් ස්කූටර් එකක ආව ගොන් කෙල්ලක් වට පිට නොබලාම මං ආව වෑන් එකේ මූනටම බයික් එක දැම්මා. “අනූනමෙන් ගියේ නංගි, කවුද ලයිසන් දුන්නේ බාප්පද?“ බ්රේක් එකේ නැගගෙන වෑන් ඩ්‍රයිවර් පත්තු වෙලා කෑගහුවා.
“ඔහොම පාරේ යන්නේ මීනී මරන්න ද?“ “සොරි අයියේ..“ හුරුපුරුදු කටහඬක්.. “සචී................“

මං වාහනේ දොරත් ඇරගෙන එලියට පැන්නා. දෙයියනේ අනතුරෙන් සචීට මොනවත් ම වෙලා නැහැ. මට දැනුන සතුට වචනෙන් කියන්න කවදාවත්ම බැරි වේවි.
ඒත් මගේ මූණ දිහා බලපු සචී, එකපාරින් ස්කූටිය ස්ටාර්ට් කරගෙන යන්න ගියා. ඒ ඇයි මගේ එක්ක එකටම ඉඳපු සචී ඇයි මෙහෙම ගියේ. එයාගේ හොඳම යාළුවා ශෙවී.. අනේ, සචී මං කොහොමද කියන්නේ මේක, මේ මං .......... “ඒ මොකද ඒ..,  මහත්තයා ඒ ගෑනූළමයා දන්නවාද?“ “දැනන් හිටිය…

වෙස්මාරුව - 07

Image
ගමනාන්තයට එනකල්ම සිද්ද වුනේ මගේ බයාදු බැල්ම යොහාන්ගේ  කැලඹුණ මුහුණටයි, යොහාන්ගේ බයාදු බැල්ම මගේ සුදුමැලි මූණටයි මාරුවෙන් මාරැවට එහා මෙහා වුණ එක විතරයි. ඒත් පුදුමෙකට වගේ වෙනදා ගිරවා වගේ ඉන්න ටියා වචනයක් වත් කතානොකර එක එල්ලේම ඉමක් නොපෙනෙන පාර දිහාම නෙත් අලවාගෙන හිටියා.
ඒ ඇයි කියලා  අහන්නවත් , එයා එක්ක කතාකරන්න මං බය වුණා. මම එයා එනවට අකමැති ඇයි ? කියලා එයාට මොනවා හිතිලා ඇද්ද කියලා මට හිතුනේ ඒ වෙලාවෙදි. මම හොරගමනත් යනවා කියලා සැක හිතුනාවත් ද?
“ මදැයි මම උදව්වක් අරන් ලංකාවට ආවා“  මට හිතුණා.

බොහෝම අමාරුවෙන් කාලය ගෙවාගෙන අපි ගුවන්තොටුපලට ආවා. එනකල් මට හිතුනේ දවස ගෙවෙන්නේ නැහැ වගේ.
 “බහින්නේ නැද්ද ? “ ටියානා කතාකරපු පලවෙනි පාර ඒක‍.
ඒත් ඒ කටහඬේ වෙනදා වගේ දඟකාර වත්, හුරතල් වත්, අඩුමගානේ තරහක් හරි මුරන්ඩුකමක් හරි ගෑවිලාවත් තිබුණේ නැහැ.
“ගෑනු කාලගුණේ වගේ කියලා කොල්ලෝ කියන්නේ ඇත්ත ම තමා“ මං මටම කියාගත්තා.

එයාපොර්ට් එකේ වැඩකිඩ කරගෙන එයාර් බස් එකට නගින්න යන්න හැරුණාම මගේ පපුව ගැහෙන්න ගත්තා . “මං ගෙදර යනවා... ඇත්තටම යනවා බං..!!“
උන්හිටි තැන් අමතක උන මං යොහාන්ගේ කණට කරලා හයියෙන් කිව්වම ඌ උඩ ගියා. ඒත් යොහා…

වෙස් මාරුව 06

Image
රෑ පුරාම මට හරිහමන් නින්දක් නම් ආවේ නැහැ. බයවෙලාද?දුකෙන්ද ? කියලා හිතාගන්න බැරි තරමට හිත විසිරිලා තිබුණේ. මේ ගෙදර අයට මගේ වෙනස දැනිලා කියලා මට දැන් ශෙවාන්ගේ අම්මගේ තාත්තගේ මුහුණ දකින  හැමවෙලේම  දෙගිඩියාවක් දැනුනා. උදේම හරිබරි ගැහිලා යොහාන් එක්ක එහෙට මෙහෙට දුවලා ලංකාවට යන වැඩේ හරිගස්වා ගන්න සෑහෙන්න වෙහෙසිලා හති වැටුනට පස්සේ මං ගියා මගේ ගැලවුම්කාරිට පිංසෙන්ඩු වෙන්න. යොහාන් උගන්වපු විදියට මං ටියානා ව අන්දවන්නයි යන්නේ. හිතට එකඟව මගේ හිතේ මේ කරන රැවටීමට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මගේ ගැලවීමට මට මේ දේ කරන්න ම වෙනවා. සමාවෙන්න ටියානා... ඒත් ඔයා ශෙවාන්ට සමාව දුන්නත් මට නම් කවම දාකවත් සමාවක් දෙන්නේනැති වේවි නේද?
“දැන්  උඹ ශෙවින්ද්‍යාවමද බඳින්නේ? එතකොට ටියානා?? ඈ..බං, උඹ හිතනවද විදුර උඔට නිකං ම ශෙවී දිල අත පිහදං ඉඳී කියලා? ශෙවී උනත් විදුර දාලා එයිද බං? ටිකක් හිතපංකෝ...“ යොහාන්  හිතාගෙන ඉන්නේ  මම ශෙවින්ද්‍යා බලන්න යනවා කියලා.  ඒත් මං මේකට කොහොම තේරැම් කරන්නද?  මං ඇහුන නෑහුන ගානට හිටියා.
“දැන් උඹ සිරාවටම ඒකිට ලව් මයිද? , මේ අවුරැදු පහට මොනවා වෙන්න බැයිද බං. කවුද දන්නේ ඒකි බැඳලා ළමයා ඉස්ක…

වෙස් මාරැව 05

Image
ඇල්පෙනිත්තක් බිම වැටුණත් ලෝකෙටම ඇහෙන තරම්  නිහඞ බවක් කාමරේ පුරාම තිබුනේ . ඔරවගත්ත මස්සිනා පොඩ්ඩයි, ඇස් රතු උන ශෙවාන්ගේ අම්මයි  ඇරැණම කලකිරැණ පාටක් තිබුන තාත්තාගේ මුණ විතරක් මං වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඉඟි කරා. මං තෝන්තුවෙන් වගේ වටේම බලල වචනයක් කියන්න කට අරිනකොටම, මස්සිනා කාමරේ දෙදරන්න දොර වහගෙන තරහෙන් යන්න ගියා. කරන්ට් වැදුනා වගේ තප්පරයක් ඉඳපු අම්මාත්  පහලට ගියා.  දෙලොවටම නැතුව වගේ ඉස්පිරිතාලෙදි ඇස් ඇපු වෙලාවේ, මං දිහා බලං ඉඳපු විදිහටම ශෙවාන්ගේ තාත්තා මං දිහා බලං ඉඳලා මං ගාවට ආවා. “ඇයි මගේ පුතේ බිව්වේ. උඹ කවදාවත් බීල මේ ගෙදරට ඇවිත් නැ පුතේ.“ උඔට ඇත්තටම තාම අපිව මතක නැද්ද?“ මගේ උරහිසෙන් අල්ලගෙන එක දිගට ප්‍රශ්ණ වැලක් අහගෙන ගියා.
 මට උත්තර බඳින්න ඉඩ නොදීම තාත්තා ආයෙත් කතා කලා.
“උඔට උඔව අමතක වෙලා පුතේ.“ තාත්තා කඳුළු හංගගෙන කාමරෙන් ගියා. “තාත්..“  මං නැගිට්ටත් තාම කෙලින් කටින් ඉන්න බැරි ගතියක්  වගේ ආවා.


“උඹට උඹව අමතකවෙලා පුතේ.“  අඩියක් තියන තියන වාරයක් ගානේ මගේ ඔළු ඇතුලේ ඒ වචන දෝංකාර දුන්නා. යංතං මූන හෝදගෙන ,බිම බලාගෙන ,ජීවිතේ පරාද උන පිරිමියෙක් වගේ, මං ඔහේ ඇවිදගෙන ගියා. කොහෙද යන්නේ මං ම…

වෙස් මාරැව 04

අපොයි ආපු මෝඩකමක මහත. ඇඟේ හිරිඟඞු පිපුනේ එතකොට .. පිරිමින්ට ලැජ්ජා නැද්ද මන්දා පෝලිමට පෙනි පෙනී මේවා කරන්න. මං ඇස් දෙක පුළුවන් තරම් තදකරං වහගෙන ආපහු  එලියට ආවේ රතුවෙලා. වෙලාවට අර ගෑනු කෙනා ගිහින්. මං  හොඳ මහත්තයා වගේ හීන් සැරේ ආපහු ලෙස්සුවා.
මං එනකං තාමත් ඇස් ලොකු කරං බලං  ඉන්න ටියානා දැක්කම මට දුකත් හිතුනා. ඒත් මොනවා කරන්නද මාත් බේරිලා ඔයත් බේරෙන්න ක්‍රමයක් තිබුනනම් මං ඒක නොකර ඉන්නේ නැහැ. එත් වෙලාවේ හැටියට මට ලංකාවට යන්න මං නොකරන දෙයකුත් නැති තරම් කියලත් මට හිතුනා.
“මං එහෙනම් ගිහින් එන්නම් ශෙවාන්“ ටියානා මගේ අතින් අල්ලලා කියනකොට මාව ගැස්සුනා. ඒ අත් දෙක ඒ තරම් හීතල වෙලා තිබුණේ  හරියට ෆ්‍රිජ් එකකින් දැන් අරං වගේ. එහෙන් මෙහෙන් හිත අහුලගෙන  “හා“ කියලා යංතං ඔලුව වනාගත්තා මං.
* * * * * *
පහුවදා උදේ මං ඇහැරැනේ ජීවිතේට දැකලා නැති කොල්ලෙක් එකපාරම මගේ ඇඟේ හැප්පුන පාර.  “අම්මේ“  මං බෙඩ් සීට් එකත් බදාගෙන ඇඳෙන් පැන්න.
“මොකද **** කෑගහන්නේ ගෑනියෙක්  වගේ.  මුළු රෑම මාව බදාගෙන ඉඳලා දැන් යකාට බයවෙලා වගේ මගේ නිංදත් කැඩුවා.“ කියලා සුද්ද සිංහල වචනෙකින් මාව අමතපු මෙකා “හීතලයි බං.. දැංම නැගිටිනවද උඹ?“  කි…

දුටු නුදුටු සියළුම මගේ මිතුරන්ටත්.. සියළුම ශ්‍රී ලාංකිකයින්ටත් .. හිතේ සතුට සුරැකෙන ,ගතේ ශක්තිය රැඳෙන ,නිදුක් නීරෝගී සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...!!!!!

ගමේ ම ඉන්න කොල්ලො කුරැට්ටටෝ ටික එකතු වෙලා හදනවා උණ වෙඩිල්ලක්.  හප්පා..  එකේ සද්දේ රතිඤ්ඤා පරාදයි. හදපුවෙලේ ඉඳන් පිඹිනවා...පත්තු කරනවා... තමයි ඉතින්.
“ඩෝං ..!!“ ගාපුවම කෙල්ලො ටික සේරම දුවනවා බයේ..  හැබැයි කන්දෙකත් වහගෙන ආයෙ හිමින් හිමින් ඒතනටම කිට්ටු කරනවා.
අවුරැදු ලැබුවම පොඩිහිටියන්ට වැඩ කොටියයි. කජු ඇහිඳින්න යනවා ,උදේම අඔ කඩන්න යනවා, අවුරැදු උස්සව තියන්න හදනවා.. අම්මලා , ආත්තම්මලා කැව්ම් කොකිස් උයනතැන් වටේ කැරකි කැරකි ඉඳලා උණු උණුවේ කැව්මක් අරං දුවනවා, තාත්තා බිං කරපුකෙසෙල් කැන් ඉදිලද කියලා හොරෙම්ම බලනවා.
දැන් වගේ නෙවේ, සමරැ චීත්ත හැට්ට අඳිනවා සමහරැ චීත්ත ගවුම් අඳිනවා. කොල්ලෝ බැනියම් ,සරම් ඇඳිනවා . අළුත් ඇඳුම් ඇඳගෙන එහෙම ඉතින් කවි කිය කිය ඔන්චිලි පදිනවා,  පංචා දානවා, ඔලිඳ කෙලිනවා, රබං ගහනවා එකක් නෙවේ කඩි ගුල ඇවිස්සිලා වගේ.
අවුරැදු ලැබුවට පස්සේ වැඩ අල්ලලා ගණු දෙනු කරලා නෑගම් යනවා. පහු වෙනිදා හිසතෙල් ගාන්න පන්සලට ගමම එකතු වෙනවා.
ඊට පස්සෙන්දා තමයි පුතේ අළු බොක්කට කෑමදෙන්නේ. ගමේ හැමෝම තම තමන්ට පුළුවන් උපරිම හොඳට කෑම බීම හදලා කටට රහට උයලා කොලපොතකට කොත ගහලා වත්තේ කොනක තියනවා. ඉතින් අපි පොඩි ක…

වෙස් මාරැව 03

“පුතේ ලැහැස්තිවෙලා පහලට එන්න “
සුපුරැදු කටහඞක් නොවුනත් මං ඇහැරැනේ ශෙවාන්ගේ අම්මගේ කටහඞෙන්.  ඇහැ ඇරපු ගමන් මං බැළුවේ වෙනදා වගේ මං මගේ ගෙදර ඇඳේ ඉන්නවාද කියලා. ඒත් ...
දැන් තේරෙනවා මේක තවදුරටත් හීනයක් නෙවෙයි.  ඇඳේම වාඩි වෙලා ආයෙමත් ඇස් පියාගෙන හිටියේ ඇත්තට මූණ දෙන්න තියෙන බයට. අමුතු හැඟීම් වලින් ඇඟටට නුහුරැ බවක් ආවත් මං හිත තද කරගන  ඇඳෙන් නැගිටලා නාගන්න ගියා.
පිළිකුල් කරන්නේ මං ජීවත්වෙන ඇඟමයි නේද කියලා හිතුනත්  මට හිත හදාගෙන මගේ ඇග දිහා බලන්න ලැජ්ජාවක් දැනුනා.

තුවාය ඇඟේ පටලගෙන ඇවිත් ඇඳුම් තොරනකොට මට හිතාගන්න බැරි උනා මොකක් අඳින්නද කියලා. අන්තිමට හිතලා බලල ෂෝටක් අරං ඇඳගෙන සුදු ටී එකක් දාගෙන ලෙඩ වුණ මනසක් එක්ක පහල තට්ටුවට ගෑටුවා. “කෝ පුතේ සපත්තු“ ශෙවාන්ගේ අම්මා  කෝපිඑකක්ද කොහෙද හදන ගමන් ඉඳලා, ඒකත් නවත්තලා මගෙන් ඇහුවා.
“ අහ් “ මං ආපහු කාමරේට  දිව්වා.  “මූ මේවා කොහෙද දන්නැ තියන්නේ අප්පා“  හිතෙන් බැණ බැණ මං කාමරේ පීරලා හොයනකොට අතට අහු උන දෙකක් කකුලට  දාගෙන ආයෙ පහලට ආවේ මර බඩගින්නෙන්.
“ඔයා වෙනදා චීස් කන්නේ නැහැනේ පුතේ..“ අම්මා කිව්වා.
“මං, මං මේ.. ගානක් නැ කෑවා අද නිකමට “ මේ මෝඩයා ඒව කන්න…

වෙස් මාරැව 02

Image
සුදු පාට ටිකටික බොඳවෙලා සුදුපාට සිවිලිමක් වුණා.. මං මැරිලාද?  නැද්ද?  මට හිතුන පලවෙනි ප්‍රශ්නේ ඒක. මං ඇඟිලි නවන්න හැදුවා. නැවුණද කියල දැනෙනකල් මගේ උපරිම හයිය දාලා අත මිටි කලත් මට කිසි  ම දැනීමක් තිබුනේ නැහැ. හරියට මුළු ඇඟම හිරි වැටිලා වගේ .  කතාකරන්න හැදුවට වචන පිට වුනේ නැහැ. මොකද මට  අවමනා විදියට මගේ තොල් හසුරවන්න අපහසුවක් දැනුනා.
සුදු පාට සිවිලමේ ජායාව අඳුරැ හෙවනැල්ලකින් වැසුනා. තත්පර කිහිපයකින් වගේ මට ඒ සෙවනැල්ල මොකක්ද පැහැදිලි උනේ. කවුදෝ ගැහැනුකෙනෙක් මගේ මූණට එබිලා මොනවද කිවුව,  එයාගේ හිනාව තිබුණ තොල් පෙති වලින් කිව්ව දේ මොනවා උනත්,,
මගේ ජීවිත කාලේ පුරාම මගේ යටි හිතේ  හොල්මන් කරන තරමට  ම, මට ඒ මුහුණ මතකයි. කියපු දේවල් මට ඇහුණේ වත්  මට තේරැණේ වත් නැහැ.  පොඩ්ඩක් ඉන්න , ඒ ලංකාවේ කෙනෙකේ නම් නෙවෙයි. මං මේ කොහෙද? මගේ අම්ම කෝ...?  අම්මා මාව කොහේවත් අරං ආවද? මට අමාරැයිද?
වට පිටාව බලන්න ඇස් ඒ මේ අත කරකවද්දී මගේ අතේ හීනි රිදීමක් එක්කම මට නින්ද යාගෙන ආවා.. ..

***********

මං ඇස් ඇරියා. කලින් වතාවට වඩා මගේ ඇඟට පණ ඇවිත් වගේ දැනුනා. ඇඟ හිරි වැටීමක් දැනුනව වඩා අමුතු සැහැල්ලුවක් දැනුනේ හරියට හිරව…

වෙස් මාරැව 01

Image
ඒ ඇස් මගේ ඇස් දිහාම බලං හිටියා, ඇත්තටම මට ඒ ඇස් වලින් ගැලවෙන්නම බැරි වුණා ..
 හෙමින් හෙමින් මාව පාවෙනවා වගේ දැනුනා. ඒත් එක්කම හැමදේම සුදු පාට වෙලා ගියා.
ඒ ගෙවුන තප්පරේට ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා. මතක් වීමක්ද කාලය ආපහු හැරවුණාද සැකයි ඒ තරමට ඇත්ත වගේ දැනුණා.

 *********

විදුර, ශෙවාන්, නිලංග.. තව කීප දෙනෙක් කොෆි ෂොප් එකේ කෙරවලක  වට මේසයක් දිග ඇරගෙන හිටියේ.මං කිට්ටු උනා ලඟට..

“මීට අවුරැදු අටකට කලින් මචං ... කොල්ලෙක් ආවලු අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න.....  ඉතින් ඒ යකා ආව දවසේ  බණක් කියන්නම ඕනේ කියලා ඇඞුවයි කියන්නකෝ පංතියේ මේසේ උඩට නැගලා“
“කවුද දන්නෑ නේද විදුර“
“ඒකනේ ශෙයියා, කවුදෝ මන්දා බුවෙක්. මූ අන්තිමට රැග් එකත් කාලා අපෙන් වැඳුම් පිදුම් අරං ගියේ..“
“වැඩේ කියන්නේ මචං උගේ නමත් ශෙවාන් “
“ඇත්තද මාරයි..“
“මාර නෑ මාර නෑ..... ඒහ් මොකද වෙන්නේ අද අහ්“
“හලෝ ශෙවී...... කෝ ඔයාගේ නැට්ට වෙනදා යන යන තැන එනවනේ“
“හී...ආන් මග , මහාචාර්ය වැලන්ටයින් එනකං මඟ බලං ඉන්නවා“
“එල එල අද පාටියක් ඇදගන්න ඕනේ.............“
“අන්නේහ්..... ශෙවාන් කවද්ද ආවේ... අනේ මේ ඔයා නේද? අවුරැදු පහක් විතර දැක්කේ නැහැනේ.. සුදුවෙලා ,හැ…

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

එක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්.......................

අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන  පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ආදරය“
ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “සැනසීම“. ආදරයට  රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන්  නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “වේදනාව“ වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන  යන අකුරැ හතර.............“වැලපීම“
කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර  කරැමය..........“වැනසීම“
මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“බුද්ධිය“
සියල්ල පාලනය කරන ප්‍රභල  සිවු අක්ෂර උත්පේරකය....... “ඉවසීම“

ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට් වලින් පගාව හම්බෙනවා. ඉතින් මං ලියන්න ගත්තා. පොදුවේ...  …

යියන මල්ලි

සතුට අකුරැ තුනයි..... ශෝකය අකුරැ තුනයි...........
මේ දෙකේම අඩුවැඩි වීමේ නූතන රහස.................... ඔව් ඒකටත් අකුරැ තුනයි... සල්ලි ඔයා මොනාද කරන්නේ....?
සල්ලි හොයන්න ජිවත් වෙනවද?  ජීවත් වෙලා සල්ලි හොයනවද?
තනිකඩයෙක් නම්
ජීවත් වෙලා සල්ලි හොයනවා කියයි.
ඒ කාලෙට තියෙන ඇඳුම ගන්න. මොබයිල් එක දුවා ගන්න සරල දේවල් කිහිපයක් ඇරැණම ඒතරම් බරක් නැති හින්දා.
ඒත් විවාහකයෙක් නම් උත්තරේ වෙනස්...
බිරිඳ - දරැවෝ  - වියදම්  එක්ක බලද්දි සිද්ද වෙලා තියෙන්නේ සල්ලි හොයන්න ජීවත් වෙන්නයි.ජීවිතේ එක රාමුවකටම යට වෙලා නේද? එලිවෙනවා , වැඩට යනවා, ගෙදර එනවා, රෑ වෙනවා. එහෙම නැතුවත් බැහැ.  හැමෝම ආසයි  ලස්සනට ඉන්න. ගෙයක් දොරක්, වාහනයක් , පවුලක්. ඒත් ඒ සේරම කරන්න  අද අත්‍යවශය දුව්‍ය වෙලා තියෙන්නේ මුදල්. මේ සමාජ රැල්ල අපිවත් ගහගෙන කොහාටද  යන්නේ ?  මට නම් හිතෙන්නේ  මගේ  ජීවිතේ සෑදෑ සමයට එන කාලේ එනකොට සුපර් මාකට් එකෙන් සැනසීම කිලෝවක් සල්ලි වලට ගේන්න තරමට  අපි යාන්ත්‍රික වෙයි කියලා. ඕන කෙනෙක් බනින්න මේ ලිපියට. මං සම්පූර්ණ කළකිරීමෙන් ලියන්නේ. (ආයෙ ලියන්න එපා කියලා කිවුවත් මට දුකක් නැහැ) මට මේ දේවල් වෙනස් කරන්න බැහැ නමුත් උත්සා…

කවුද මේ......

කොහොමද මං ඔයාව හරියටම විග්‍රහ කරන්නේ මහ දුෂ්ට නපුරෙක් කියලද තැම්පත් යහපත් කෙනෙක් විදියටද? නැ .....
ඔයා මහ දෙකටම නැති කෙනෙක්. වෙලාවකට රිද්දනවා මට දරාගන්න බැරි තරමට ගින්දරක් දීලා,  ඒ වගේම මාව සතුටෙන් තියනවා සැහැල්ලුවෙන් පාවෙන්න තරම් .ඒ සේරමත් හරි මාව පිස්සු වට්ටන්නේ ඇයි, ඇයි මාව බය කරන්නේ,ඇයි මට එක අරමුණක ඉන්න නොදෙන්නේ? මේ සේරම කරලා කඳුළු පනිනකල් මාව හිනස්සවන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ ඔයා කොයි වගේද?
ඇත්තටම එක විදියකට ඉන්නම බැරිද?
නැ නැ. එහෙම එපා එහෙම උනානම් මං දුක දරාගන්න බැරිව මැරෙයි නැත්නම් සතුට දරාගන්න බැරිව මැරෙයි. ඔයා මහ බයගුල්ලෙක් එකනේ හැංගිලා ඉන්නේ. කොහෙ ඉන්නවද මොන වගේද .... කවුද දන්නේ !!! කවුද මේ...
ඔව්... ඔව්..ඔයා තමයි
මොනතරම් රිද්දුවත්, කොයිතරම් සතුටු කරත් මං ගැන ඔයා තරම් වෙන කවුරැවත් දන්නේ නැහැ.ඔයා තරම් මට අවංක කෙනෙක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ.ඒ වගේම ඔයා තරම් කාවවත් මට විශ්වාසත් නැහැ.ඒවගේම මාව විනාශ කරන්න පුළුවන්කම තියෙන්නෙත් මාව ජීවත් කරන්න පුළුවන්කම තියෙන්නෙත් ඔයාටමයි

.....හිත .............
මං දන්න පුදුමාකාරම අවයවය. පටක රහිත ,සෛල රහිත ,අදෘෂ්‍යමාන හිත ..
වෙලාවකට හිතෙනවා ජීව…