වෙස් මාරැව 04

පොයි ආපු මෝඩකමක මහත. ඇඟේ හිරිඟඞු පිපුනේ එතකොට .. පිරිමින්ට ලැජ්ජා නැද්ද මන්දා පෝලිමට පෙනි පෙනී මේවා කරන්න. මං ඇස් දෙක පුළුවන් තරම් තදකරං වහගෙන ආපහු  එලියට ආවේ රතුවෙලා. වෙලාවට අර ගෑනු කෙනා ගිහින්. මං  හොඳ මහත්තයා වගේ හීන් සැරේ ආපහු ලෙස්සුවා.

මං එනකං තාමත් ඇස් ලොකු කරං බලං  ඉන්න ටියානා දැක්කම මට දුකත් හිතුනා. ඒත් මොනවා කරන්නද මාත් බේරිලා ඔයත් බේරෙන්න ක්‍රමයක් තිබුනනම් මං ඒක නොකර ඉන්නේ නැහැ. එත් වෙලාවේ හැටියට මට ලංකාවට යන්න මං නොකරන දෙයකුත් නැති තරම් කියලත් මට හිතුනා.
“මං එහෙනම් ගිහින් එන්නම් ශෙවාන්“ ටියානා මගේ අතින් අල්ලලා කියනකොට මාව ගැස්සුනා. ඒ අත් දෙක ඒ තරම් හීතල වෙලා තිබුණේ  හරියට ෆ්‍රිජ් එකකින් දැන් අරං වගේ. එහෙන් මෙහෙන් හිත අහුලගෙන  “හා“ කියලා යංතං ඔලුව වනාගත්තා මං.

* * * * * *

පහුවදා උදේ මං ඇහැරැනේ ජීවිතේට දැකලා නැති කොල්ලෙක් එකපාරම මගේ ඇඟේ හැප්පුන පාර.  “අම්මේ“  මං බෙඩ් සීට් එකත් බදාගෙන ඇඳෙන් පැන්න.
“මොකද **** කෑගහන්නේ ගෑනියෙක්  වගේ.  මුළු රෑම මාව බදාගෙන ඉඳලා දැන් යකාට බයවෙලා වගේ මගේ නිංදත් කැඩුවා.“ කියලා සුද්ද සිංහල වචනෙකින් මාව අමතපු මෙකා “හීතලයි බං.. දැංම නැගිටිනවද උඹ?“  කියලා ඌ හිමිහිට ඇඳ උඩ ඉඳගත්තා .
මං බ්රං තට්ටු වෙලා වගේ බලං උන්නේ මූ කොහෙන්ද කඩා පාත් උනේ මං මුගේ නමක් වත් දන්නවයැ කියලා කල්පනා කරන ගමං. වස ලැජ්ජාවයි, මං කොට්ටේ කියලා කකුලක් එහෙම දාගෙන බදාගත්තේ මූවද එතකොට. මං ඌ දිහා රවලා වගේ බැළුවා.

“ හරි හරි මචං. මං එනකොට එකට වගේ ඇති. මං උඹව ඇහැරවන්නේ නැතුව උඹ ට එහා පැත්තෙන් නිදාගත්තා ඉතිං ඕකට ඔරං ඔටං වගේ බලන්න ඹ්නේද ශෙවානයෝ, අනික මං ජීවිතේට අදද මෙහෙම ආවේ? ඇයි බං උඹට මාව අමතකද?“ ඒ පාර නම් පොරගේ වොයිස් එක බැහැලා ටිකක්.
“නැ නැ බං.. මං වොෂ් එකක් දාං එන්නං“ මං ඉක්මනට බාත් ටබ් එකට  පැන්නේ මේ හෙනේ බාත් රෑම් එකටවත් එයිද කියලා බයේ. “හිතපංකෝ මං කොල්ලෙක් බඳාගෙන නිදියලා.“ මං මටම කියාගත්තා.

“ඒ දොර ඇරපං යකෝ මටත් එන්න ..මඟුලට ලොක් කරලද මන්දා.. උඹේ මොක බලන්නද මං. ඇරපංකෝ බ්‍රෂ් එක කටේ“.. “හිටපංකෝ මං එනවා ඉක්මන්ට“ මං කිව්වා. “උඹ කෙල්ලෙක් වෙලාද බං“ දොර ට තට්ටුවක්  දාගෙන මං එලියට  එනකං රටේම පල් කතා මට කිය කිය  ඉඳලා මං එනකොටම මාවත් පෙරලං ඌ  රිංගගත්තා. මුන්ට තියන විසයක්.

ඉතිං මං පහලට ආවේ යකෙක් කන්න බඩගින්නේ.. “පුතේ  ඊයේ ටියානා ගේ අයියා ආවා. මං ඔයා ඇහැරැවේ නැහැ ඉතිං, “ ශෙවාන්ගේ අම්මා මගේ ඔළුව අත ගගා කිව්වා. අනේ ආයෙමත් කඳුළු පිරැණා මගේ ඇස් වලට . අනේ මගේ සුදු අම්මේ.. ඹයාගේ කෙල්ල නැතුව අම්මගේ  හිතට කොච්චර දුක ඇද්ද? අනේ මගේ තැන වෙන කෙනෙක් අරගෙන ද?
කෑම මේසෙට අර යක් පැටියා ආවමයි මට මතක් උනේ, එතකොට මූද ශෙයියගේ මස්සිනා පොඩ්ඩ. ඉඳලා හමාරයි. !!!

“ඒ ශෙවා, අද මං එක්ක යං හොඳ රවුමක්. එතකොට වත් උඹේ ඔය හුඹහෙන් ඇදල අරං වගේ ගතිය යයි.“ මේකා කිඹුලා වගේ ගිලගෙන ගිලගෙන යන ගමං කියවද්ද මට කෑමත් එපා උනා. “මං දන්නෙ නැද්ද උඹේ හැටි ඉතිං. පොඩි බීච් පාරක් දාලා අරහේ විසිට් එකක් දාලා එමුකෝ“ ඇහැක් ගහලා ‘අරහේ ‘ කිව්වම මට පොරගේ මූන ඇල්ලුවේ නැහැ.
“අද  ද“ මං ගොතන්න ගත්ත මුසාවක් . “අදද හෙටද කතා නෑ යමං එච්චරයි...“ මගේ අතෙන් ඇදගෙන මස්සිනා කාරයා එලියට යන්න පටං ගත්තා.

මුලින්ම ගියේ කාගෙද ගෙදරක .. ඊගාවට තව ගේකට... ආයෙම  එකකට... මං නිදා ගත්තා  මුල්ලකට වෙලා. මස්සිනාගේ වාහනේ ඉඩ පිරී ඉතිරී යන්න පටවගෙන මුහුදක් අයිනට ආවා .“ තැන නම් මාරම ලස්සනයි.. “ කියන්න තියා මං බිමට අඩිය තියන්න කලින්  මස්සිනාකාරයා මාව උස්සගෙන ගිහින් වතුරට දාපි.
 මං පීනන්න දන්නව යැ. පන කඩාගෙන වෙරලට ආවේ ගිලුනොත් කියලා පන බයේ.“ මොකද්ද බං ඇඳුමත් තෙමුනා“ මං කිව්වා. “උඹ තෙමුනම හැඩයි ආ...“ කට්ටිය කෙකර ගාන්න ගත්තා. “

බිච් එකේ තැන් තැන් වල  ජෝඩු ඉන්නවා දැක්කම මං හිටි තැනම ගල් ගැහුනා. මට මතක් උනේ මගේ විදුරව.. අනේ ලංකාවේ අපි ඇවිදපු නැති තැනක් නැහැ නේද විදුර?
මං කොහොමද මෙහෙම ඉන්නේ . මං යන්න ඕනේ දෙයියනේ මේ කරැමෙන් බේරිලා. ගිහින් සේරම කියනවා මං . එයා මාව දන්නවා  මට පුළුවන් එයාට මේ හැම දේම කියන්න.. මගේ ඔළුව කකියන්න ගත්තතේ එතකොට . එහෙමම අත් දෙකෙන් ඔළුව බදාගෙන එතනම බිම ඉඳගත්තා.
 මට විදුරගේ කටහඞ ඇහෙන්න ගත්තා . සචී,කාන්චන,නිලංග,හැමෝම මගේ ඔළුව ඇතුලේ හිරවෙලා කෑගහනවා වගේ දැනුනා. 

“මොකද උනේ බං...“ “ඒ කතා කරපං කෝ“ වැලි ගෑවුන කම්මුලට තදින් වැදුනක “චටාස්“ සද්දෙන් මං ඇහැරැනත් ඒ පාර වැදුනේ මට කියලා දැනෙන්න ටිකක් වෙලා ගියා. “මං රත් උනා ශෙවා“ මස්සිනාකාරයයි අනික් උනුයි මාව වට කරං බිම ඉඳගෙන ඉන්නවා කියලා දැනුනේ එතකොටයි මට.
“ඇයි මොකද උනේ“ මං ඇහුවේ නැගිටලා ඉඳගන්න ගමන්. “අපි දන්නෙත් නැ.. උඹ වැටිලා හිටියේ මෙතන.“ ,“යමං  වොෂ් එකක් දාගෙන කන්න මොනහරි “

කාලා එහෙම කට්ටියම විනොදෙන් හිටියත් මට හිනා වෙන්න බැරි උනා,  ගිලගත්ත මතකයත් එක්ක මං එක්තැන් උන ලෙඩෙක් වගේ හරියට දැනුනේ..
රෑ කරැවලත් එක්ක ක්ලබ් එකකටද කොහෙද කට්ටියම ආවා. මං වාහනෙන් බහින්නැතුව නිදි වගේ හිටියත් වදෙන් පොරෙන් මාවත් ඇදගෙන ගියා.
ටිකක් වෙලා බුම්මගෙන සයිඩ් ගහලා හිටියත් ටිකක් වෙලා යනකොට මමත් නොදැනම එතනට ආස වුණා. ඉතින් ක්ලබ් යන උන්ට ඒකෙන් ඈත් වෙන එක අතහරින්න බැරි එක අහන්නත් දෙයක්ද.
“මොනාද බං ගනිංකෝ පොඩ්ඩක්..“ කොහෙදෝ කොටට කොටේ ඇඳගත්ත කෙල්ලෙක් එක්ක ඇලි ඇලි නට නට ඉඳලා සත් ගුණවත් මගේ මස්සිනා ආවා මට දුකක් දෙන්න.
“ අපෝ ශෙවයියා අද විතරනේ. අනික උඹ ඉස්සර ගත්තේ නැතුවද..  හා කියහං බලන්න..ඔව්වද බං අපි කරේ... ඇත්තටම උමට අමතකද කියපං..“ දෙපැත්තට වැනි වැනී මස්සිනා කාරයා ඇනයක් වෙන්න ගත්තාම මං බැරිම තැම උගේ අතේ තිබ්බ වීදුරැව කටේ ගෑවා.
“චික් මොන ජරාවද්ද ඒ..කොල්ලෝ කොහෙම බොනවද මන්දා “මං මූන ඇඹල් කරං  හයියෙන්ම කියලා දාන්න ඇති එහෙම.  වටේ එවුන් එකා එකා ටික  ටික හිනාවෙන්න ගත්තා බඩ අල්ලන්. “මේකා ගෑනියෙක් වෙලා බං ඇක්සිඩන්ට් එකෙන් පස්සේ.“ එකෙක් කියලා තව හයියෙන් හිනා උනා.
ඇත්තටම මං පිරිමි ගොඩක් මැද අසරන උනා වගේ අසරණකමක් දැනුනා. මට එතනින් දුවන්න හිතුනා.

 මං නැගිටලා යන්න හදද්දි මස්සිනාකාරයා මගේ අත මිරිකලා අල්ලගත්තා. “බීපං මේක“ විනිවිද පේන ගිණි වතුර විදුරැවක්  මගේ මූණයි උගේ මූණයි අතර මැද අල්ලගෙන හිටියා. ඒ අතරින් මට උගේ ගිණි ගත්ත ඇස් දෙක පේනකොට මං බය උනා.
“මට යන්න දීපං. මං එලියෙන් ඉන්නං“ මාත් බොරැ සැරක් දාලා කිව්වා දෙක වෙන් බැරි හින්දා. ඒත් උගේ අතේ දැඩි බව බුරැල් උනේ නැහැ..
“තමුසේ දැන් වෙනනමම නාඩගමක් දාන්නද යන්නේ?  කාලයක් අර ශෙවින්ද්‍යාද කවින්ද්‍යාද මගුලක් ගැන හිත හිත මගේ නංගි ගෙන් ඈත් වෙන්න හැදුවා. ඒකි සතේකට උඹ ගනං ගත්ත කියපං. “කෙලින් ඉන්න බැරි ගානට ඉඳලත් මූ කියාගෙන ගියා.  “ඒකි  උඹට කොකා පෙන්නලා අනිකාගේ එල්ලුනා... ඒ කුනු  කෑලි වගේද අපේ එකි.. දැන්මොන නාඩගමක්ද මේ ..“ මස්සිනා දත්මිටි කකා කියන්න  ගත්තම මං පොඩි එකෙක් වගේ ඌ දිහාම බලං හිටියා.
“ඇයි අමතකයි වගේ රඟපාලා මගේ නංගි මඟ හරින්නද..? ඒව හඳේ පුතේ.. උඹ පණපිටිං ඉන්නවනං බඳින්නේ මගෙ නංගිව. දැං මේක බීපං“ මුගේ කුණු කතාවට මගේ ඇඟෙත් ලේ රත්වේගන වගේ ආවා. මං ඉස්සරහා මටම කියන ඒවා ඇහෙනකොට මාව උණු උනා වගේ දැනුනා. මං ශෙවාන්ට සැලකුවේ මගේම සහෝදරයෙක්ට වගේ. ශෙවාන් මට ආදරේ කලාට මං මොනවා කරන්නද ?  මං ආදරේ විදුරට විදුරට විතරමයි.  ඇදල ගත්ත වීදුරැව එක හුස්මට බීගෙන ගියේ  අනෙකාගේ අතේ වීදුරැවත් ඇදලා අරං , හිතේ තිබුන  ආවේගය.. හිර වෙලා තිබුන දුක.. සේරම ඇස් දිගේ බේරෙනකොට. මං තුන් වෙනි වීදුරැවත් හිස් කරාම මස්සිනා බය උනාද කොහෙද.
“ඒ... ඇති ඇති බං “ ඌ මගේ අතෙන් අල්ලගත්තම මට මගේ පාලනය බින්දුවටම  නැති උනා.  තිබුණ තරහත් එක්ක අතට අහු උන ඊලඟ වීදුරැව උගේ මූණට නෑවිලා යන්න විසිකරන්න මං කලිං හිතං හිටියේ නැහැ. “මොකද්ද බල්ලෝ ඒ කරේ..“ ඌ මට ගහන්න ඇති .... වටේ පිටේ දේවල් පෙරලගෙන වැටෙව සද්දෙයි ගෑනු කෑගහන සද්දෙයි ඇහෙනවා විතරයි මට දැනුනේ. ඒකත් හීනෙන් වගේ.

සිනීදු අතක් මූන අල්ලනවා දැනුනා. මට මක් උනාද මං දන්නේ නැහැ ඒ අතේ අයිතිකාරිට තුරැල් වෙලා මං ඇති වෙනකං ඇඞුවා .. හිනා උනා..  කතා කලා.... මුළු ලෝකෙම  හිස් මායි විදුරයි විතරයි.... “
“ඔව් ඹයයි මමයි“

* * * *  * * *
“අන්තිම කැතයි ආන්ටි . මූට ඒ විදියට හැසිරෙන්න වටිනවද කියන්න. ලැජ්ජාවේ බෑ. ආයේ මං කොහොමද එතනට යන්නේ. මං. මං හීනෙන් වත් හිතුවේ නැහැ ශෙවාන් මේ වගේ  ෂික්.!!“


Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම