ආත්මගත බැඳීම - සහෝදරකම

වදාවත් අමතක නොවෙන පලවෙනි දවස තමයි එකදාස් නමසිය අනූ හයේ මාර්තු දාසය. මං ඉක්කෝලෙ ගියපු පලවෙනි දවස..... අම්මා එක්ක ආපහු යන්න ඕනේ කියලා මං පෙරළි පෙරළි ඇඞුවා.

ඔය විදියට පලවෙනි දවස් කොච්චර ගෙව්නද....?
දෙදාස් දහතුනේ පලවෙනි දවස මගේ ගෙවුණේ මේ විදියට....

සුපුරැදු විදියට ගුලි වෙලා නිදියං ඉද්දි නිංදෙන් වගේ පෝන් කට්ට දිහා බැළුවා  හයට කාලයි. ආයෙ පැත්තකට හැරිලා ඇහැ පියාගන්න හැදුවම මතක් උනා පලවෙනිදනේ කියලා. ඉතින් කඩියා වගේ නැගිටලා මූණ හොදගෙන අම්මා හදලා දුන්න කිරි එක ආමාශගත කරගෙන ඉදලත් අරං මිදුලට බැස්ස අතුගාන්න
(අම්මා ඇස් ඩොගිත්තං බලං ඉන්නවා.) ඇයි යකෝ මං මීට කලිං මිදුල අතුගාලම නැද්ද? කල්පනා කරලා බැළුවා, මාසෙකින් විතර නෑ තමා. සමහර විට දෙකකින්. හී.......ඔහේ ඕන එකක් මං අතුගාගෙන යද්දි මගේ අතිජාත මිතූයෙක් යනවා පාරෙ... මගේ යාළුවෝ ඉතින් මං වගේම තමා..

“ අහ් ... අදවත් මූණ හෝදගනින්“ පාන්දරම කින්ඩියක්
“අතින් පිහගත්තා බං“ මාත් ඇරියේ නෑ...“උඹ යන ගමනක් නාගෙනම පලයං, යන යන තැන ගඳගහනකොට පලවෙනිදා අනිත් අයටගේ නහයට අවුලනේ බං“ මාත් විරිත්තගෙනම කිව්වා.

අම්මා කිරිබත් උයලා මට කන්න එන්න කිව්වා.
ඉතින් කාලා බීලා දවසගෙවුනා කියමුකෝ......


වැඩේ කියන්නේ අවුරැද්ද ලැබුව දා ඉ‍ඳන් මේ ලියන අද වෙනකල්ම මට කිසිම සිතිවිල්ලක් ආවේ නැහැනේ ලියන්න. මං මේ  ගැන හිත හිතා ඉන්නකොට මට මඟ හැරැණ දෙයක් මතක් උනා. මං අම්මා ගැන කිව්වා , තාත්තා ගැන කිව්වා ,යාළුවෝ ගැනත් කිව්වා අද..............................................

පුංචි පැලක් තිබුණ. අපේ ගමේ තිබුණ අන්තිම පොල් අතු පැල කිව්වොත් නිවැරදියි. වරිච්චි බිත්ති වට වුණ ඒ ගෙදර මං දන්න විදියට තිබුනේ ඇඳකුයි පුටු දෙකකුයි ගරා වැටුන රාක්කෙකුයි විතරයි. අවුරැදු දොලහක් විතර ඇති පොඩි කොළුගැටයෙකුයි අවුරැදු තුනකට හතරකට කිට්ටු පොඩි දුවෙකුයි අම්මයි තාත්තයි තමයි ඒ පැලේ හිටියේ. ඒ ගෙදර අම්මා හදිසියේම අන්තරා වුණා.එදා ඉඳන් ඒ ගෙදර පිලිවෙල කනපිට හැරැණා. අම්මා ඉද්දි කොහොම හරි ඉස්කෝලෙ ගියපු පිරිමි ළමයාට පොඩි මයා බලාගන්න ගෙදර නවතින්න උනා.ඒ ගෙදර තාත්තා බීමට ඇබ්බැහි වෙලා විනාස වෙන්න ගත්තා. ඇත්තටම ගෙදර අම්මා නැති උනාම කොයිතරම් දේවල් වෙනස් වෙනවද?
මේ අතරේ අර පුංචි ලමයාගේ බඩගින්න නිවන්න අයියා ගල්වලක ගල් කඩන්න ගියා.දවල් ගෙදර තනියම දාලා යන්න බැරි හිංදා අර පොඩි කෙල්ලවත් වඩාගෙන උදේම ගල්වලට යන මේ පිරිමි දරැවා බිං කරැවල වැටීගෙන එද්දි ආයෙමත් නංගි වඩාගෙන ගෙදර එනවා. ගමේ සමහර උදවිය රෑට උයන දේකින් කොටසක් ඒ ළමයි දෙන්නට දෙන්න තරම් කරැණාවන්ත වුණා.මහ රෑ වෙලා තාත්තා බීගෙ ඇවිත් රටේම ඒවා කියවන්න  ගන්නවා,එක්කෝ කාට හරි  බනිනවා. මේ දේවල් දකිද්දි අපේ හිත් කම්පා වෙන එක සාමාන්‍යයි උනත් මේ දේවල් වෙනස් කරන්න තරම් හයියක් හැමෝටම නැහැ. 

මං මේ කියන්න පටං ගන්න හදන්නේ සහෝදරකම ගැන.මේකට වස්තු බීජය වුනේ අර ළමයි දෙන්නා.
පුළුවනි නම් හිතෙන් මවාගන්න, සෑහෙන්න පරණ  ඉස්කොලේ ඇඳපු කලිසම් කොටයක්  ඇඳගෙන, අව්වට පිච්චුන  ඉළ ඇට බේරැණ නිරැවත් පපුවට තමංගේ නංගිව තුරැල් කරගෙන යන එන පොඩි කොල්ලෙක්. අනික් ලමයින්ට වගේ ආසා ඇති යාළුවෝ රැළත් එක්ක සෙල්ලම් කරන්න යන්න,ඉස්කොලෙ යන්න, ඒත් ඒ සේරම යටපත් කරගෙන තමන්ගේ නංගිට තාත්තෙක් වෙන්න ඒ ළමයට කවුරැවත් කියල දුන්නේ  නැති වුනාට ලේවලින් එන සහෝදරකම ඒක කියලා දීලා තිබුණා.
සමහර ගෙවල් වල අක්කලා මල්ලිලා , හැම වෙලේම රංඩු, ඒ වුණාට  මල්ලි කිලුටු ඇදුම් විසි කරන්නේ අක්කට “ඕක හොදලා දානවකෝ“  කියලා. අක්කත් ඉතින් හෝදලා දානවා. අසනීපයක් උනාම අම්මා වගේ ලඟ ඉන්නවා කවනවා පොවනවා.අක්කලා නංගිලා නම් හොඳම යාළුවෝ වගෙයි. පුංචි කාලේ කන දේකට උනත් රංඩු දාගන්න සහෝදරයෝ සහෝදරියෝ කාලෙත් එක්ක පුදුම එකමුතුවකින් ඉන්නවා.
අනික් අතට අයියලා මල්ලිලා ඉන්න ගෙවල්... ඔන්න අයියා සපත්තු දෙක පොලිෂ් කරලා, ෂර්ට් එකක් මැදලා කරලා තියලා මූණ හෝදං එනවා. එනකොට  මල්ලි  ඒක ඇඳගෙන යනවා හිනාවකුත් දාලා. අයියාලා නංගිලාට නම් පෙන්වන්නේ පුදුම සැර පාටක්.මතුපිටින් එහෙම වුණාට අයියාලා නංගිලාට ආදරෙයි පුදුම විදිහට. නංගිව පරිස්සම් කරගන්න හදන්නනේ ආදරේ හින්දම තමයි. නමුත් ඒ ආදරේ නංගිට දකින්න ලැබෙන්නේ එකම එක දවසක. ඒ තමයි කල වයස ආවම නංගි විවාහ වෙලා ගෙදරින් යන දවස, කවදාවත් අඞන්නැති අයියාගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ එදාට.

පොඩි දේටත් මරාගන්න සහෝදරයොත් ඉන්නවා,වස්තුවට නිලයට බලයට සහෝදර කම පාවලා දෙන අයත් ඉන්නවා. ඒත් ධනාත්මකව හිතමූ. 
සහෝදරයෝ ඉන්න අයට ඒතරම් ගානක් නැති වුණාට මං වගේ පවුලේ එකා යකා වගේ ඉන්න කෙනෙක්ට තමයි සහෝදරයෙක්ගේ අගේ දැනන්නේ. සහෝදරයෙක් ලඟ ඉද්දි මොන දේකට වත් හිතට බයක් නැහැ ,මොකද කේලමකට හෝ අල්ලසකට වත් සහෝදරකම වෙනස් නොවෙනනිසා වගේම තමං අමාරැවක වැටිලා අසරණ වුණාම ඒකේ කැක්කුම ඇත්තටම දැනෙන්නේ සහෝදරයාට හෝ සහෝදරීට නිසා. තනියම ඉන්න එක ෂෝක් කියලා කෙනෙක් කියයි.ඔව් සෝක්..ඒත්  තමං ආසම දෙයක් කන්න හම්බුණ වෙලාවක විතරයි. ගෙදර ඉද්දි තේරෙන්නේ නැහැ.පිට තැනක තනි වුණාම තමයි සහෝදරකමේ අගේ දැනෙන්නේ.

සහෝදරකමක්  මට නම් දැනෙන්නේ දෙමාපියන්ට විතරක් දෙවෙනි වුන ආත්මගත බැදීමක් විදිහට. මං හිතන්නේ මං වැරදි නැහැ.
එහෙම නේද?



Comments

  1. 100 % නිවැරදියි නංගි..
    ඒත් සහෝදර බැඳීම් ගැන එහෙම හිතන් නැති සහ හිතන්න අකමැති අයත් ඉන්නවා.. මොනවා වුනත් මේක ලියල තියෙන හැටි ගොඩක් ලස්සනයි..
    ජය...

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම අකමැති අය මාත් දන්නවා.ඒත් එයාලට ඒ බැඳීම ඕනෙ වෙන දවසට එයාලා සදහටම තනිවෙලා ඉදියි රවීන් අයියේ.

      Delete
  2. මෙන්න ඔයාගෙ ටැලන්ට් එක. කදිමයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එල එල අක්කියෝ. ඔහොම යමු. අපිත් ඔයාට අපෙන් පුල් සප් එක දෙනවා. සුබ පැතුම් ප්ලැටිනම්. :D

    ReplyDelete
  5. ඔයත් එක්ක මේ මලයා හැමදාමත් ඉන්නවා මගේ අක්කි......... ඕන දේකට .... මේ මලයා ඔයා ලගම තමා..... තවත් හොදට ලියන්න සුබ පතනවා මගේ අක්කි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ මල්ලී. මං දන්නවා ඔයා මාගවමයි කියලා

      Delete
  6. සහෝදර හීනය මං අත් ඇරලා ඉන්නෙ... මං තනියා.. හැබැයි මං ආසයි මට මල්ලියෙකුයි.. අයියලා දෙන්නෙකුයි හිටියා නම්!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අක්කේ.. මාත් තනියා.... ඒත් අයියලා දෙන්නෙකුයි නංගියෙකුයි මල්ලියෙකුයි හිටියා නම්................. ( අක්කෙක්ට ඔයා ඉන්නවනේ)

      Delete

Post a Comment

Popular posts from this blog

මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට - I love the way you lie

love the way you lie - part 2