Posts

Showing posts from September, 2013

වෙස් මාරුව - 9

අවුරුදු ගානකින් හිතේ සැනසීමෙන් නිදාගත්තා.... මගේ කාමරේ මගේ පාඩුවේ..
අඩුවකට තිබුණේ මම විතරයි...!!!
ඇත්තටම හිත හැදෙයි කියලා හැමදේම හරියාවි කියලා හිතාගෙන ගෙදර ආවත්. මගේ හිත තිබුණට වඩා නරක තත්වෙකට හැරිලා .
පාන්දරම වොෂ් එකක් දාගෙන අම්මා ගාවට දුවගෙන ගියේ මගේ ලෝකේ අම්මා නිසා. එයාගේ කටයුතු සේරම කරන්න මං ආසායි. අනේ එක පාරක් පුතේ කියන්න අම්මේ.. ඒ ඇති මට හිත හදාගන්න
අම්මගේ කෑම ටික කවලා, අම්මගේ කකුල් පාමුල ... ඉඳන් හිතේ හිරවෙලා තිබුණ සේරම කියන්න ගත්තේ මට මගේ හිතේ මේ පීඩනය දරාගන තව ඉන්න අමාරැ නිසා. “මං ආයෙ යන්නේ නැ මගේ අම්ම දාලා..“
මං අම්මගේ මුණ දිහා බලාගෙන හිටියා.අම්මගේ ඇසුත් මගේ දිහා බලන් ඉන්නවා. හරියට මාව තේරැණා  වාගේ.

“ශෙවාන් තමුසේ..“

 නෑ.. මං ගැස්සුනේ නැහැ..
බය උනෙත් නැහැ..
ඒ වගේම,
හිනාවක් පුරවගෙන හැරිලා බැළුවෙත් නැහැ..

ගල් පිලිමෙයක් වගේ තත්පරයක් මං ඒ කටහඬ වින්දා ඇසිපිය පියාගෙන...
විදුර......... මගේ විදුර....
කඳුළු ඉස්සර උනා, ඒත් මං කොහොමද මේවා විස්තර කරන්නේ?

හෙමිහිට හැරිලා විදුර ගේ මගේ හිතේ තිබුණ රූපය මවාගෙන මේ ඒයාමද බැළුවේ පපුව රිදෙන තරමේ ආදරේකුත් පුරවාගෙන.
අනේ..
මුහුණ පුරාම රැවුල වැවුණ, ඔහේ ෂර්ට් එකක් ද…