Posts

Showing posts from July, 2013

වෙස් මාරැව 05

Image
ඇල්පෙනිත්තක් බිම වැටුණත් ලෝකෙටම ඇහෙන තරම්  නිහඞ බවක් කාමරේ පුරාම තිබුනේ . ඔරවගත්ත මස්සිනා පොඩ්ඩයි, ඇස් රතු උන ශෙවාන්ගේ අම්මයි  ඇරැණම කලකිරැණ පාටක් තිබුන තාත්තාගේ මුණ විතරක් මං වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඉඟි කරා. මං තෝන්තුවෙන් වගේ වටේම බලල වචනයක් කියන්න කට අරිනකොටම, මස්සිනා කාමරේ දෙදරන්න දොර වහගෙන තරහෙන් යන්න ගියා. කරන්ට් වැදුනා වගේ තප්පරයක් ඉඳපු අම්මාත්  පහලට ගියා.  දෙලොවටම නැතුව වගේ ඉස්පිරිතාලෙදි ඇස් ඇපු වෙලාවේ, මං දිහා බලං ඉඳපු විදිහටම ශෙවාන්ගේ තාත්තා මං දිහා බලං ඉඳලා මං ගාවට ආවා. “ඇයි මගේ පුතේ බිව්වේ. උඹ කවදාවත් බීල මේ ගෙදරට ඇවිත් නැ පුතේ.“ උඔට ඇත්තටම තාම අපිව මතක නැද්ද?“ මගේ උරහිසෙන් අල්ලගෙන එක දිගට ප්‍රශ්ණ වැලක් අහගෙන ගියා.
 මට උත්තර බඳින්න ඉඩ නොදීම තාත්තා ආයෙත් කතා කලා.
“උඔට උඔව අමතක වෙලා පුතේ.“ තාත්තා කඳුළු හංගගෙන කාමරෙන් ගියා. “තාත්..“  මං නැගිට්ටත් තාම කෙලින් කටින් ඉන්න බැරි ගතියක්  වගේ ආවා.


“උඹට උඹව අමතකවෙලා පුතේ.“  අඩියක් තියන තියන වාරයක් ගානේ මගේ ඔළු ඇතුලේ ඒ වචන දෝංකාර දුන්නා. යංතං මූන හෝදගෙන ,බිම බලාගෙන ,ජීවිතේ පරාද උන පිරිමියෙක් වගේ, මං ඔහේ ඇවිදගෙන ගියා. කොහෙද යන්නේ මං ම…