Saturday, April 13, 2013

දුටු නුදුටු සියළුම මගේ මිතුරන්ටත්.. සියළුම ශ්‍රී ලාංකිකයින්ටත් .. හිතේ සතුට සුරැකෙන ,ගතේ ශක්තිය රැඳෙන ,නිදුක් නීරෝගී සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...!!!!!

මේ ම ඉන්න කොල්ලො කුරැට්ටටෝ ටික එකතු වෙලා හදනවා උණ වෙඩිල්ලක්.  හප්පා..  එකේ සද්දේ රතිඤ්ඤා පරාදයි. හදපුවෙලේ ඉඳන් පිඹිනවා...පත්තු කරනවා... තමයි ඉතින්.
“ඩෝං ..!!“ ගාපුවම කෙල්ලො ටික සේරම දුවනවා බයේ..  හැබැයි කන්දෙකත් වහගෙන ආයෙ හිමින් හිමින් ඒතනටම කිට්ටු කරනවා.
අවුරැදු ලැබුවම පොඩිහිටියන්ට වැඩ කොටියයි. කජු ඇහිඳින්න යනවා ,උදේම අඔ කඩන්න යනවා, අවුරැදු උස්සව තියන්න හදනවා.. අම්මලා , ආත්තම්මලා කැව්ම් කොකිස් උයනතැන් වටේ කැරකි කැරකි ඉඳලා උණු උණුවේ කැව්මක් අරං දුවනවා, තාත්තා බිං කරපුකෙසෙල් කැන් ඉදිලද කියලා හොරෙම්ම බලනවා.
දැන් වගේ නෙවේ, සමරැ චීත්ත හැට්ට අඳිනවා සමහරැ චීත්ත ගවුම් අඳිනවා. කොල්ලෝ බැනියම් ,සරම් ඇඳිනවා . අළුත් ඇඳුම් ඇඳගෙන එහෙම ඉතින් කවි කිය කිය ඔන්චිලි පදිනවා,  පංචා දානවා, ඔලිඳ කෙලිනවා, රබං ගහනවා එකක් නෙවේ කඩි ගුල ඇවිස්සිලා වගේ.
අවුරැදු ලැබුවට පස්සේ වැඩ අල්ලලා ගණු දෙනු කරලා නෑගම් යනවා. පහු වෙනිදා හිසතෙල් ගාන්න පන්සලට ගමම එකතු වෙනවා.
ඊට පස්සෙන්දා තමයි පුතේ අළු බොක්කට කෑමදෙන්නේ. ගමේ හැමෝම තම තමන්ට පුළුවන් උපරිම හොඳට කෑම බීම හදලා කටට රහට උයලා කොලපොතකට කොත ගහලා වත්තේ කොනක තියනවා. ඉතින් අපි පොඩි කාලේ යනවා ගම වටේටම මොනවද ඒ ගෙදර උයලා තියෙන්නේ බලන්න. ඔය අස්සේ කජු මාළුවක් එහෙම තිබ්බොත් ඉතින් අපි තමයි අළුබොක්කට අඳින්නේ..

හිනාවෙවී අපේ සීයා,පොඩි නංගිට කියන  කතාවට මාත් කන දැම්මා. ඇත්තට ඒ කාලේ වගේ අපිට කොයින්ද අවුරැදු?? පොරකකා ගන්න සුපුරැදු ඇඳුම්... අවුරැද් කැම බීම කඩෙන්.. මත්  වතුරත් එක්ක රෑ එලි වෙකල් පාටි... 
වැඩිහිටියන්ට කෙසේ  වෙතත් මෙ අළුත් පොඩිහිටියන්ට අවුරැද්ද ගැන විෂේශයක් දැනේන දෙන්න ඕනේ නේද?. ඒත් රැකියාත් එක්ක කොහෙද නිවාඩු පාඩුවේ අවුරැදු සමරන්නේ, ගෙයක් දොරක් සුද්ද කරගන්නවත් වෙලාවක් දැන් කාලේ අම්මලා තාත්තාලාට නැහැනේ.. ඒ හින්දා කා පිටවත් වරද දාන්න බැහැ.
ඒ උනාට හැකි උපරිමෙන් අපේ අම්මලා තාත්තලාට තිබුණ සුන්දර  සිංහල හින්දු අළුත් අවුරැද්ද, අළුත් පරම්පරාවටත් විඳගන්න ඉඩ දෙමු.  නැතිනම් අනාගත පරපුරේ ඇත්තෝ අප්‍රේල් දහතුන, දාහතර කියන්නේ තවත් රජයේ නිවාඩු දවසක් කියලා කියයි. 

ඉතින් අතමිටේ තියන විදිහට , හිතේ  සතුටෙන් , ලබන්නා වූ අළුත් අවුරැද්ද මතින් තොරව සමරන්න කියලා ඉල්ලන ගමන් ,පතන්නම්,

දුටු නුදුටු සියළුම මගේ මිතුරන්ටත්.. සියළුම ශ්‍රී ලාංකිකයින්ටත් .. හිතේ සතුට සුරැකෙන ,ගතේ ශක්තිය රැඳෙන ,නිදුක් නීරෝගී  සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...!!!!!

Thursday, April 11, 2013

වෙස් මාරැව 03

“පුතේ ලැහැස්තිවෙලා පහලට එන්න “
සුපුරැදු කටහඞක් නොවුනත් මං ඇහැරැනේ ශෙවාන්ගේ අම්මගේ කටහඞෙන්.  ඇහැ ඇරපු ගමන් මං බැළුවේ වෙනදා වගේ මං මගේ ගෙදර ඇඳේ ඉන්නවාද කියලා. ඒත් ...
දැන් තේරෙනවා මේක තවදුරටත් හීනයක් නෙවෙයි.  ඇඳේම වාඩි වෙලා ආයෙමත් ඇස් පියාගෙන හිටියේ ඇත්තට මූණ දෙන්න තියෙන බයට. අමුතු හැඟීම් වලින් ඇඟටට නුහුරැ බවක් ආවත් මං හිත තද කරගන  ඇඳෙන් නැගිටලා නාගන්න ගියා.
පිළිකුල් කරන්නේ මං ජීවත්වෙන ඇඟමයි නේද කියලා හිතුනත්  මට හිත හදාගෙන මගේ ඇග දිහා බලන්න ලැජ්ජාවක් දැනුනා.

තුවාය ඇඟේ පටලගෙන ඇවිත් ඇඳුම් තොරනකොට මට හිතාගන්න බැරි උනා මොකක් අඳින්නද කියලා. අන්තිමට හිතලා බලල ෂෝටක් අරං ඇඳගෙන සුදු ටී එකක් දාගෙන ලෙඩ වුණ මනසක් එක්ක පහල තට්ටුවට ගෑටුවා. “කෝ පුතේ සපත්තු“ ශෙවාන්ගේ අම්මා  කෝපිඑකක්ද කොහෙද හදන ගමන් ඉඳලා, ඒකත් නවත්තලා මගෙන් ඇහුවා.
“ අහ් “ මං ආපහු කාමරේට  දිව්වා.  “මූ මේවා කොහෙද දන්නැ තියන්නේ අප්පා“  හිතෙන් බැණ බැණ මං කාමරේ පීරලා හොයනකොට අතට අහු උන දෙකක් කකුලට  දාගෙන ආයෙ පහලට ආවේ මර බඩගින්නෙන්.
“ඔයා වෙනදා චීස් කන්නේ නැහැනේ පුතේ..“ අම්මා කිව්වා.
“මං, මං මේ.. ගානක් නැ කෑවා අද නිකමට “ මේ මෝඩයා ඒව කන්නෙත් නැද්ද ? මාව අහුවේවිද? මගේ ඔළුව හොඳ නැති වෙලා කියලා ආයේ ඉස්පිරිතාලේ වත් ගෙනියයි ද? මට බයක් දැනුනා.

“මට යාළුවෝ බලන්න ආයෙ ලංකාවට යන්න ඕනේ අම්මා.“ මං මගේ එකම බලාපොරොත්තුව එක හුස්මට කිව්වා.
“කතා කරන්න එපා ඒ ගැන . ආයේ යන්න අහන්න හිතන්නවත් එපා එච්චරයි.“ උත්තර දුන්නේ ශෙවාන්ගේ තාත්තා. මට කන්දෙක රත්වේගන එනවාවගේ දැනුනා. ඒත් නිහඞව හිටියේ කතාවෙන් වැඩේ කුරැවල් කරගන්න වෙයි කියලා හිතලයි.

“අද ටියානා එනවා පුතාව බලන්න. අද රෑ කෑම පිටින් ගම්මු කියලයි තාත්තා කිව්වේ. පුතාට හරියන ඇඳුමක් එහෙම ගන්න යනවනම් යමු ටිකකින්.“ අම්මා කියාගෙන ගියා.

ටියානා“ කව්ද ඒ... ශෙවාන් මෙහෙ බැඳලා ඉඳලද? එයාගේ කෙල්ලද? අනේ අම්මෝ ළමයිනුත් ඉන්නවද දන්නෑ.  මෙහෙම ගියොත් ශෙවියෝ උඹ මෙහේ දරැ පවුල් කාරයෙක් වෙන්නයි යන්නේ.. මගේ හිත  කිව්ව.
මං මේකෙන් ගැලවෙන්න ඕනේ පුළුවන් උන ගමන්. මගේ හිත පුදුම විදියට කාර්යබහුල උනා මං එක්කම.
නිහඞවම උන් තැනින් නැගිටලා කාමරේට ගියේ  තනියම ඉන්න එක තරම් සැපක් මට වෙන දැන් නැති නිසා.
“කාලත් ඉවරද දරැවෝ?“ ශෙවාන්ගේ අම්මා කිව්වත් මං නෑහුනා වගේ උඩට ආවා.

ඇඳට වෙලා ජනේලෙන් එපිට බලාගෙන මට හිතන්න දේවල් ඕනේ තරම් තිබුණා. පහුගිය අවුරැදු දෙකේ මොනවා නම්  වෙන්න ඇද්ද?  මගේ විදුරට මොනවා වෙන්න ඇද්ද?  අම්ම මං ගැන මානවා හිතනවා ඇද්ද? ශෙවාන් ලංකාවේ ඉන්නවද දන්නේත් නෑ මං වගේම කරදරේක වැටිලා.
මං මුළු කාමරේම ඇදලා බැළුවා පාස්පොට් එකක් තියෙනවද බලන්න. ඒත් හම්බ උනේනැහැ. කබඩ් එකක් අස්සේ තිබුණ ශෙවාන්ගේ ලැප් එක ඇරැණම වෙන දෙයක් මට හමුවුණේ  නැහැ.  හරියට කතාවක් වගේ මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, කොහොමද මෙහම උනේ.. මං ආයෙම මගේ මූණ අතගාලා බැළුවා.
නැනැ යන්න ඕනේ මොන ක්‍රමෙන් හරි මේ අපායෙන් මං. අම්මා ගාව ඉන්නයි මට ඕනේ. ලොකු සුසුමක් පිට වුනේ හිතේ තියෙන කළ කිරිමටද? ඇඟට දැනුන අප්‍රාණික බව හින්දද වත් හිතන්න  මට උවමනාවක් තිබු‍ණේ නැහැ. හිතේ තිබුණ එකම අරමුණ ලංකාවට යන්න. එච්චරමයි.

“අයියෝ ශෙවාන් මං දැන් කීපාරක් කිව්වද ළමයෝ...... ලැහැස්ති වෙන්නකෝ. වෙනදා ශොපින් කරන්න කිව්වම වාහනේ ඉඳන් මට කෑගහන ඔයා අද තාම ඇඳේ ? “ අම්මා ඇවිත් කියනකල් මට පියවි සිහියට එන්න අමතක උනා.
“ඇයි දරැවෝ , අමාරැවක් ද? අපි ඩොක්ටර් ගාවට යමුද?“
“න් නැහැ නැහැ... කිහිම අමාරැවක් නැ. යං අපි මෙහෙමම.“  මං බය උණේ ආයෙමත් තව කරදර මට දාගන්න උවමනා නැති හින්දායි.

කොහෙන් කොහාට ආවද කියලා මට ගානක් නෑ. මං මීට කලින් ඔස්ට්‍රේලියා ආව කෙනෙක් යැ.  ශෙවාන් ගේ අම්ම ඉස්සරහින් යන කොට මං ඔහේ පස්සෙන් ආවා. ඇස් රිදෙන්න අරං කඳුළු පිරැණේ, මට මගේ අම්මව මතක් උන හින්දා. අනේ එයා මොනවවා කරනවා ඇද්ද. මං පුළුවන් ඉක්මනින් එනවා අම්මේ. පුළුවන් ඉක්මනට...

ශෙවාන්ගේ අම්මා එයාට ඇඳුම් තෝරන්න ගත්තා. මං කල්පනාවක වැටීගෙන උඩට ආවේ මටත් මොකක් හරි ඇඳුමක් ගන්න. මට නිකමට දැනුනා කට්ටිය මං දිහා බලනවා වගේ . ටිකක් මූණ උස්සල බැළුවම දැක්කේ මං නොදැනුවත්වම ඇවිත් තියන්නේ ගැහැණු ළමයින්ගේ ඇඳුම් බලන්න.
දෙයියෝ සාක්කි.. ඇති මං මෙතන ඇඳලා බැළුවේ නැතුව. ලැජ්ජාවට මං රතු වෙන්න ඇති. හෙමීට අතේ තිබුණ ඇඳුම් දෙක තුන  ෂේපට තියලා, මං පිරිමි අයගේ තට්ටුවට යන්න හැරෙනකොට අහම්බෙන් දැක්කේ මං ඉස්සර ඉඳන් ආසා කරපු විදිහේ ගවුමක්.. මෙරෑන් පාට.. කළු නෙට් වලින් වර්ක් කරපු ... මට ඒක නොගෙන යන්න හිත දුන්නේම නැහැ.

“ඕනේ එකක් උනාවේ මං අරං යනවා“දෙපාරක් නොහිතා ගවුමත් අරං යන්න හැරෙනකොට ලඟ ඉඳපු කෙල්ලෙක් මං දිහා බලං හිටියා.  මං ගැස්සුනා. මං ලඟ තිබුණ කණ්නාඩියෙන් මං දිහාම බැළුවා.
 මං ඇවිදින විදිය කොහෙමද දන්නෑ. අඩියක් දෙකක් ඉස්සරහට පස්සට ගිහින් බැළුවේ  මං කෙල්ලෙක් වගේ ගස්ස ගස්ස යනවා වත් ද මේ හැටි කෙල්ලෝ මං දිහා බලන්නේ කියලා දැනගන්න. අර කෙල්ලට හිනා. මං රැව්ව.  වරදක් නෑ  පිටින් මං අංගසම්පුර්ණ පිරිමියෙක්.
“ශෙවාන් දිහා කෙල්ලෙක් බලන්නේ නැත්තන් තමයි පුදුමේ“ මං මටම කියගෙන ආවා කොල්ලන්ගේ ඇඳුම් පැත්තට.
ම්හ්.. මොනවද ගන්නේ මට තේරෙන්නේ නැහැනේ ගන්න. වටේම බලලා ආයෙත් මුල් තැනටම ආවේ මට මොන සයිස් වගේ හරියයිද මන්දා කියලා. අන්තිමට තෝරලා තෝරලා කළු ටි එකකුයි. අයිස් බ්ලූ ඩෙනිමකුයි  අරං පහලට යනකොට ශෙවාන්ගේ අම්මා බලාගෙන ඉන්නවා මම එනකල් .
“අම්මෝ පුතේ, ගෑනු අයටත් වඩා ඔයා වෙලා ගත්තනේ .මං මගේ ඒවා අරගෙන හුඟක් වෙලා.“ ශෙවාන්ගේ අම්මා පුදුම වෙලා වගේ හිටියේ ඇයි කියලා මට තේරැනේ ඒ වෙලාවේ. පිරිමි කවද්ද ඇඳුම් තේරැවේ, දැක්කා ගත්තා ආවා මිසක්.
“ආ කාඩ් එක  පුතා බිල් කරලා එන්න“ මං ඒකට නම් හිනා උනා. වෙලාවට අම්මා ආවෙ නැත්තේ නැත්නම් ගවුමත් දකිනවානේ.

ගෙදර ආවගමන් මං කාමරේ දොර වහන් ගවුමේ හැඩ බැළුවා. පස්සේ කාටවත් අහු නොවෙන්න හැංගුවේ ඒක නැති කරගන්න ලෝබ හින්දා. වොෂ් එකක් දාගෙන ගෙනාපු ඩෙනිමයි ටී එකයි දාගෙන මං පහලට ආවේ දවස් කිපයක් ඇතුලත කොහොම හරි පාස්පොට්  එක හොයාගන්න හිතාගෙන.
ශෙවාන්ගේ අම්මා තාත්තා ලැහැස්ති වෙලා පහලට වෙලා මං එන දිහා බලං හිටියා හිනා වෙවි. එතකොටයි මතක් උණේ.. මේ ටියානා කවුද? මං මොන වගේ උගුලකටද අහුවෙන්න යන්නේ.. දෙයියෝ තමයි දන්නේ , අනේ තවත් කරදර නම් එපා !! 
“මේ ඉන්නේ මගේ කොළු පැටියා ලස්සනට“ ශෙවාන්ගේ අම්මා මාව ඇදලා අරං කම්මුල ඉම්ඹා.  අනේ මගේ අම්මට මං නැති අඩුව මකන්නේ කවුද? මට හිතුනේ ඒ දේ විතරයි. ගමනාන්තයට යනකල්ම ශෙවාන්ගේ දෙමාපියො හිටියේ පුදුම සතුටෙන්. මං විතරක් ගොළුවා වගේ කල්පනාවක ගිලිලා හිටියේ.
“ වෙන දේකට මුහුණ දෙනවා“ ලොකු හුස්මක් අරං රෑ කෑමට නියමිතව තිබුණ අවන්හල ඇතුලට කට්ටියම ගියා. වෙන් කරපු මේසේ හිස්ව තියෙනවා දැක්කම මට දැනුනේ පුදුම සතුටක්. ඇය කවුරැ උනත්, එයා නොඑන තරමට හොඳයි.  සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ....................

**********

පු ගමන් එක පිම්මට මගේ ඇඟට පැනලා..  මාව හුස්ම හිරවෙන තරමට බදාගෙන , එකදිගට කියවන්නයි අඞන්නයි ගත්ත මේ කෙල්ල මොනවගේද  කියලා වත් මට හරියට  බලා ගන්නබැරි උනා. මං වුණ දේ මොකද්ද හිතාගන්න බැරිව ගල් ගැහුනද මන්දා. පස්සේ අමාරැවෙන් දඟලලා එයාගේ අත් වලින් මං ඈත් උනේ මේ විදිහට කෙල්ලෙක් බදාගන්න කිසිම උමනාවක් මට නැති හින්දා.  එයා සංසුන් වෙලා වාඩි උනත් මගේ අත මිරිකගෙන මගේ ඇස් දිහාම බලන් ඉන්න ගත්තා.  ඇත්තටම මට එයා දිහා කෙලින් බලන්න බැරි උනා විතරක් නෙවේ එයා ගැන තරහක් ආවා.
හම නම් සුදුයි අම්මා හරි තාත්තා හරි ලංකාවේ වෙන්න ඇති. කොන්ඩේ කළුයි කොටයි. ඇස් නම් ලස්සනට පෙනුනා මට. ඒ ඇස් ලොකු කරන් මං දිඅහා බලං ඉඳපු හින්දද මන්දා. ශෙවාන් මට කිව්වේ නැහැනේ කෙල්ලෙක් ඉන්න කතාවක් වත්. ශෙවාන්ගේ අම්මා නම් එයාට හරිම කැමතියි වගේ. තාත්තා ඒ ගැහැණු ළමයාගේ තාත්තා එක්ක කතාවක්.

ගිරවී වගේ ඉංග්‍රීසි කෑලි මැදට සිංහල දදා කියවන ටියානා කොල්ලෙක්ට හිත යන විදියේ ගැහැණු ළමෙක් තමයි කියලා මට හිතුණා. ඒත් කිව්ව කිසිම දේකට මං අඩුගානේ “හම් “ වත් කිව්වෙ නැහැ.
“ඔයා සනිප වෙනකල් මං ඉවසුම් නැතුව හිටියේ ශෙවාන්..අපේ මැරෙජ් එක ගැන මං හින බල බල හිටියේ. . .  අනේ ඇයි ඔයා නිහඞ? තාමත් මට අකමැතිද ? “ එයාගෙන් මට සැනසීමක් දැනෙන්න ඇහුණ මුල්ම වචන ටික  තමයි ඒ.  ඒ කියන්නේ ශෙවා කැමැත්නෙත් යාළු වුණ එකක් නෙවේ. පපුව ගැහෙන එක සාමාන්‍ය මට්ටමට හැරැනේ එතකොටයි. 
 “ඔව්“ කියපං මෝඩයෝ... “ඔව් “කියපං.. කියලා මගේ හිත කෑගැහුවට මට ඒක කියා ගන්න බැරි උනා. ඒ ඇස්වල කඳුළු තියෙනවා දැක්කම .
“ මං.. මං වොෂ් රෑම් එකට ගිහින් එන්නම්“ මට ඒ වෙලාවේ එතනින්  පැනගන්න වෙන විදියක් මට මතක් උනේ නැහැ.

මේ මොන කරැමයක්ද?  ඇයි මං අකමැතියි කියලා දැම්මේ නැත්තේ කෙලින්ම. මං ඉක්මනින් යන්න ඕනේ  මං ..යන්නම ඕනේ  මං.. , පිස්සුවෙන් වගේ කියවා කියවා මං වොෂ් රැම් එක ඇතුලට  ආවේ ශරීර කෘත්‍ය අවශ්‍යතාවයක් හින්දා නෙවෙයි ඉතින්, සිංක් එක ගාවට ඇවිත් මං කණ්නාඩියෙන් මුණ බලං හිටියා. හිතෙන් මටම බැණ බැණ.

 “වෙය ද හෙල් යූ කමින්ග් සන් ඔෆ් බි..“
අපොයි, මං අසිහියෙන් ලේඩිස් වොෂ් රෑම් ඇවිත්.  මැදි වයස් කාන්තාවක්  මාව මරාගන්න වගේ ඇඟට කඩං  පැන්නා. ගුට් නොකා අනුනමෙන් අහකට පැනගෙන,  “සොරි මැම්, එක්ට්‍රීම්ලි සොරි..  ප්ලීස් ඩෝන්ට් මිස් අන්ඩස්ටැන්ට් මී., ඉට් වෝස් ජස්ට් අ මිස්ටේක්..“  කිය කිය පස්සෙන් පස්සට ඇවිත් අනෙත් පැත්තේ වොෂ් රෑම් එකට  දිව්වත් අර ගැනු මනුස්සයා  දොරගාවටත් ඇවිත් බනින්න ගත්තා. වටේ මනුස්සයොත් දැක්කද දන්නෑ. මමත් කරගන්න දේවල්.

වස ලැජ්ජාවයි. මුණත් රතු කරං, එයා යනකල්  මං බොරැවට හරි ටොයිලට් එකක ඉන්නවා කියලා හිතං ඇතුලට ආවමයි මට  තරැ පෙනුනේ.....

Tuesday, April 2, 2013

වෙස් මාරැව 02

සුදු පාට ටිකටික බොඳවෙලා සුදුපාට සිවිලිමක් වුණා.. මං මැරිලාද?  නැද්ද?  මට හිතුන පලවෙනි ප්‍රශ්නේ ඒක. මං ඇඟිලි නවන්න හැදුවා. නැවුණද කියල දැනෙනකල් මගේ උපරිම හයිය දාලා අත මිටි කලත් මට කිසි  ම දැනීමක් තිබුනේ නැහැ. හරියට මුළු ඇඟම හිරි වැටිලා වගේ .  කතාකරන්න හැදුවට වචන පිට වුනේ නැහැ. මොකද මට  අවමනා විදියට මගේ තොල් හසුරවන්න අපහසුවක් දැනුනා.
සුදු පාට සිවිලමේ ජායාව අඳුරැ හෙවනැල්ලකින් වැසුනා. තත්පර කිහිපයකින් වගේ මට ඒ සෙවනැල්ල මොකක්ද පැහැදිලි උනේ. කවුදෝ ගැහැනුකෙනෙක් මගේ මූණට එබිලා මොනවද කිවුව,  එයාගේ හිනාව තිබුණ තොල් පෙති වලින් කිව්ව දේ මොනවා උනත්,,
මගේ ජීවිත කාලේ පුරාම මගේ යටි හිතේ  හොල්මන් කරන තරමට  ම, මට ඒ මුහුණ මතකයි. කියපු දේවල් මට ඇහුණේ වත්  මට තේරැණේ වත් නැහැ.  පොඩ්ඩක් ඉන්න , ඒ ලංකාවේ කෙනෙකේ නම් නෙවෙයි. මං මේ කොහෙද? මගේ අම්ම කෝ...?  අම්මා මාව කොහේවත් අරං ආවද? මට අමාරැයිද?
වට පිටාව බලන්න ඇස් ඒ මේ අත කරකවද්දී මගේ අතේ හීනි රිදීමක් එක්කම මට නින්ද යාගෙන ආවා.. ..

***********

මං ඇස් ඇරියා. කලින් වතාවට වඩා මගේ ඇඟට පණ ඇවිත් වගේ දැනුනා. ඇඟ හිරි වැටීමක් දැනුනව වඩා අමුතු සැහැල්ලුවක් දැනුනේ හරියට හිරවෙලා ඉඳලා නිදහස් උනා වගේ. ඇස් වලින් පේන  හැම මානෙකටම ඇස් යවලා කවුරැවත් දකින්න නොලැබුණ හින්දා හිතට දැනෙන්න ලොකු හුස්මක් අරගෙන , මං කෙලින් වෙන්න හැදුවා.
ඒත් හරියට මට නැගිට ගන්න බැරි උනා. මට මාව නුහුරැ ගතියක් දැනුනා. වාරැ කරගන්න බැරි ගතියක්.  ඒ එක්කම මට මතක් වුණා මගේ අත . මහපට ඇඟිල්ල නැතුව තිබුණ මගේ දකුණු අතට මක් වෙලාද බලන්න ඕනේ උනා. මට පොරවලා තිබුණ සුදු රෙද්ද අස්සෙන් මං අත එලියට අරං බැළුවා.
දකුණු අත අපුරැවට තියෙනවා. මට වැදිලා දකුණ නෙවේ වම වෙන්න ඇති මං අනිත් අත  බැළුවා.

මොන විකාරයක්ද?..
මගේ ඇස් වලට හෙන ගහලද?
මගේ අත් නෙවේ, මේ මං අත්දෙකම මුණට ලංකරලා බැළුවා. මේ මේවගේ හැඩිදැඩි අත් කොහෙන්ද මට ?, මගේ ඇඟිලි වෙව්ළුවා.  මං මූණ අත ගෑවා. අමුත්තක්.... මොක්ද මේ,.. ඔව් මට දැනුනා ඒ රැවුල් ගස් ... කෝ මගේ කොන්ඩේ , කෙස් කොට වල සිනිදු ස්පර්ෂය දැනුනත් හිතට දැනුනේ උල් කටු ගොඩක් වගේ.
“අම්මේ...!“ මට කියැවුණා.  මට ඇඟට කොහෙන් ආව පණක්ද මන්දා මං නැගිට්ටා එකපාරම. බෙල්ල ගාවට පොරවලා තිබුණ මම සුදු රෙද්ද විසිකරා අහකට, මොනවද මට මේ පෙනෙන්නේ? මං මනෝවිකාරෙන්ද? මගේ මොලේට ඩැමේජ් වෙලා වත් ද?
මං වට පිට බලන්න පමා නොවී මං දිහා බැළුවා. පලල් උරහිස්,  රෝම ගස් තියෙන පපුවක් !! මේ ඇත්තක්ද බල්න්න මං ඇඟිලි තුඩෙන් මාවම අල්ලලා බැළුවා. ඒ එක්කම අත අහකට ගත්තේ මට මාව අල්ලන්න බය හිතුනෙ නිසා , එක විදියක හිරිකිත ගතියකුත් දැනුනා.
“නෑ.... වෙන්න බෑ.. හීනයක්.. කැත හිනයක්“
මගේ සිහි විකල් වෙන්න ඇති. “අම්මේ... !! අම්මේ...“ මං පුළුවන් හයියෙක් කෑ ගැහුවා.  මගේ කන් දෙකෙන් ඇදගත්තා මං. මට මාව හුරගන්න හිතුනා, මං මේ හමට යටින්  ඇති කියලාමයි හිතුනේ, එලියට එන්න බැරිව හිරවෙලා. .
“නැහැ.. නැහැ..  ඉන්න තැනකින් කවුරැවත් එන්නකෝ අනේ..“ මට ඕනේ උනේ පුළුවන් ඉක්මනට වැරදුන දෙයක් නම් ඒක හරි ගස්සවන්න. “ අනේ මගේ සුදු අම්මේ...අනේ ඇවිත් මාව ඇහැරවන්න අනේ.. මං ජරා හීනෙකට හිරවෙලා දෙයියනේ..  කවුරැවත් නැද්ද මං ඇහැරවන්න.. අම්මේ අනේ ලඟට එන්නකෝ..“
කදුළු පෙරාගෙන ,ඔළුව දෑතෙන් ම බදාගෙන මං කෑගහන්න ගත්තා. අතේ සම්බන්ධ කරල තිබුණ සේලයින් බට ඇදල විසි කරල දාලා මං පිස්සෙක් වගේ දගලන්න ගත්තා. මට දුවන්න හිතුනා ඇඳෙන් බිමට පැනලා. දුවලා කොහෙන් ද නවතින්නේ? මං කාගෙන්ද මේ දුවන්නේ?  
හෙදියෝ කීපදෙනෙක් ඇවිත් මාව ඇඳට තියලා තද කරගත්තා. මේ මොන ලොකෙද මං?
“කම් ඩවුන්.. කම් ඩවුන්.. එව්රි තිංන්ග් ඉස් ඹ්කේ. හව් යු ෆීල් නව්, එනි පේය්න්?“ මේ  සුද්දෝ කොහෙන්ද?
“කොහේ කම් ඩව්න්ද යකෝ තොපි මට මොකද්ද මේ කරේ.. “ මං කෑගහල කිව්වා. ඒත් මුන්ට සිංහල තේරෙනවයැ.  මෙතනින් පැනලා දුවන්න ඕනේ උනා.
“අතහරිනවා මාව මේ මං නෙවේ..මට...

“පුතේ..“ දොර ඇරගෙන ආවේ  හුරැ පුරැදු මුහුණක්. කවුද මේ මං කල්පනා කලා. ශෙවාන්ගේ තාත්තා .. ඇයි එයා මෙහේ.
 මං ගොළු වුණා. මොකද්ද මේ වෙන්නේ. මං කවුද ඇත්තටම??  මං කල්පනා කරා, මට මාව මතකයි. අනේ මට පිස්සු හැදිලද?  මං කඳුළු පෙරාගෙන ශෙවාන්ගේ තාත්තා දිහා බලං හිටියා. “මාව මේ අපායෙන් ගෙනිහින් මගේ අම්ම ගාවට දාන්න අංකල්.. මුන් මාව පිරිමියෙක්ට..“ මං කිව්ව මොනවත් ඇහුනේ නැති ගානට හිනා වෙවී මං ගාවට  ඉක්මනට ශෙවාන්ගේ තාත්තා ආවා.
තාත්තා ඇවිත් මගේ කඳුළු පිහිලා මාව තුරැළු කරගත්තා. මං මොකද්ද කියන්නේ?  මට හිතා ගන්න බැරි වුණා.

“පුතේ බය වෙන්න එපා. මායි අම්මයි ඔයාව සනීප කරගන්න මෙහෙ අරං ආවා. දෙවියන්ට පිං සිද්ද වෙන්න අවුරැදු දෙකකට පස්සේ අද ඔයා නැගිටලා ඉන්නවා.“ ශෙවාන්ගේ තාත්තා මගේ මූන අත ගාන ගමන් අඞ අඞ කියන්න ගත්තා.
“මාව අඳුරන්න පුළුවන් නේද පුතේ? ඔයාට හැම දේම මතකයි නේද? කියන්නකෝ ? මගේ පුතාට දැන් සනිපයි නේද? අපි ගෙදර යමු දරැවෝ.“ මං මොලේ විකාර වෙලා වගේ බලං හිටියා එයා දිහා. මට කතා කරන්න බය හිතුණා.
“ගෙදර“ මං මටම කියාගත්තා. මොකක්ද මං කරන්නේ? වෙලා තියන දේ මගේ ඇස්වලින් දැක ගන්න ඕනේ උනා. බාත් රෑම් එකේ කන්නාඩියක් නැති වෙන්න බැහැ.  මට එලියට යන්න ඕනේ කියලා කිව්වේ ඒකයි දෙපාරක් නොහිතාම.
 මං ශෙවාන්ගේ තාත්තාගේ ඇඟට වාරැවෙලා හිමිහිට අඩියෙන් අඩිය තියලා ඇවිදින්න හැදුවා. මුළු ඇඟම බර ගතියක් දැනුනා වාරැ නැහැ වගේ අඩියක් තියන තියන පාර මට දැනුනේ මේ මං නෙවේ කියන හැඟිම, මේ මගේ දෙයක් නෙවේ කියන හැඟීම හින්දා මට මාව අල්ලන්න වත් හිතුනේ නැ.
මට කවදාවත්ම මේ විදිහට ජීවත් වෙන්න නම් බැහැ. මං මේ පවෙන් ගැලවෙන්න ඕනේ. අඩියෙන් අඩිය හිතුවේ පැතුවේ මේක හීනයක්ම වෙන්න කියලා.

මූණ හෝද ගන්න තැනට තාත්තාට අමාරැවෙන් වාරැවෙලා ආවත්, මං තනියම ඇතුලට ආවා. මට තනයම ඉන්න ඕනේ උණා. කාමරයට ඇතුල් වුණ පලවෙනි තත්පරේ මම වටේටම ඇහැ යවලා හෙව්වේ කන්ණාඩියක්.. මං දැක්කා කණ්නාඩියක්.  මං බයෙන් බිත්තිය අල්ලං ඒ ලඟට ගියා.
කන්නාඩියෙන් මගේ මූණ බැළුවා. බොහොම හෙමිහිට.. සැකෙන් බයෙන් පපුව ගැගෙන්න ගත්තා.
 මං ගැස්සුනා. ඇස් පියා ගත්තේ දැක්ක දේ ඇත්තක්ද සැක හින්දාමයි. ඒත් ආයෙමත් ඇස් ඇරලා  දෑතින්ම මං මූණ අල්ලලා බැළුවේ කණ්නාඩියත් මට බොරැ කරනවද?  මේ මංමද? කියලා බලන්න. මට මතක් වුණේ ශෙවාන්ගේ ඇස් .. කණ්නාඩියෙන් ඒ ඇස් මං දිහා බලන් ඉන්නවා මට බලන් ඉන්න බැරි උනා.
පස්සෙන් පස්සට ආව මං දොරට හේත්තු උනේ ඉබේම, මට හිතුනා මගේ පපුවේ සද්දේ දොරෙන් එහා පැත්තට ඇහෙයි කියලා.  හුස්ම ගන්න සද්දේ මුළු වොර්ඩ් එකටම ඇහෙනවා ඇති හිතුනා. .
කන්නාඩියෙන් මං දිහා බලං හිටියේ ශෙවාන්. ඒත් මං ඔයා නෙවෙයි,  මොකද්ද මේ උනේ මං මගෙන්ම ඇහුවා. කවුද මාව විස්වාස කරන්නේ..? කාටද කියන්නේ?  මං ශෙවින්ද්‍යා...
“මං....“ ඇහෙන්න කතා කරන්න බය හිතුනා. මගේ කට හඞ මොනවගේද කියලා ඇහෙනවට මට බය හිතුනා. ඒත් වෙනසක් නැහැ  හැමදේම ශෙවාන්ගේ, ඒත් මං... ?? එක රොම ගහක් වත් මගේ නෙවෙයි එයාගේ..
මං එයා ඇතුලේ හිරවෙලා.

 “පුතේ“ ඒ ශෙවාන්ගේ තාත්තාගේ කටහඞ. ඒ කට හඞ ඇහෙනකොටත් මම බය වුණා.
 එයාට කිව්වොත් මේ කතාව...  අංකල් තේරැම් ගනීවිද?  එයාගේ දරැවා නොවෙයි මම කිව්වට? පේන්න තියෙන දේ නැහැ කිව්වට පිළිගනීවිද? නැහැ. ... පුළුවන් ඉක්මනට මේ කතාව විෂ්වාස කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න ඕනේ. ලොකු හුස්මක් අරං මං තීරණය කලා.
“මේ එනවා“ මට තාත්තේ කියන්න කට ඇරැනේ නැහැ..    මං සද්ද නැතුව ආවා එලියට. හිතේ  පැටළුණ සැලසුම් ගොඩක් එක්කම.. ඒ මූණ දිහා මට බලන්න තරම් හයියක් ආවෙ නැහැ.
බය හිතුණා මං හිතන දේවල් එයාට දැනෙනවද  කියලා.
ශෙවාන්ගේ තාත්තා මගේ ඇඳුම් මාරැ කලා. මං කොච්චර හංගන්න හැදුවත් මට කඳුළු හංගන්න බැරි උනා. තාත්තා හිතන්න ඇති මට යාළුවො මතක් උනා කියලා.

“අපි යමු ගෙදර“ ශෙවාන්ගේ මුහුණුවර තියෙන ගැහැණු කෙනෙක් මගේ අතින් අල්ලගෙන කිව්වා. ශෙවාන් ගේ අම්මා වෙන්න ඇති. මං දැකලා තිබුනේනැති හින්දා මට විස්වාස නැහැ. 
මං ඔහේ ඇවිදගෙන ගියා පොඩි ළමෙක් වගේ ඒ අතේ එල්ලිලා. කිසිම දෙයක් මට හිතාගන්න අමාරැ උණා. වාහනේ වාඩි උණාම මගේ වටේ ලොකෙ කැරකෙනවා වගේ දැණුනා..

“එන්න අපි ගෙදර ආවා. මං පුළුවන් විදියට ඔයාගේ කාමරේ පරිස්සමට පිරිසිදු කරලා තියාගත්ත පහුගිය කාලේ “ ශෙවාන්ගේ අම්ම කිව්වා. ටිකක් නිදා ගන්න ඒකෙන් හැම දේම හරියාවි. මගේ නලල ඉඹලා ඇය කිව්වා.
එයා කාමරෙන් යන්න දොර ලඟට ඇවිල්ලා ආයෙම හැරිලා මං ගාවට ඇවිත් මාව බදාගෙන ඇඞුවා. සතුටු කඳුළු කිව්වොත් හරි. හැබැයි ඒ ඇයට විතරක් .....ඔව් එයාට විතරක්...

ශෙවාන්ගේ අම්මා කාමරෙන් ගියාම මං වට පිටාව බැළුවා. අවුරැදු දෙකක් මං සිහි නැතුව හිටියද? ඇත්තටම මේ මං ද?  මං හෙමීට ඇඳෙන් බැහැලා ජනේලේ ලඟට ආවා. ලස්සන වටපිටාව..ඒත් මේ ශෙවාන්ගේ ගෙදර මිසක් මගේ නෙවෙයි.  මේ කොහෙද කියන්න වත්  මම දන්නෙ නැහැ.  අවංකවම මං ශෙවාන් නෙවෙයි.
ආපහු හැරිලා ඇඳ පැත්තට ආවේ මට ඔළුව කැරකෙනවා වගේ දැනුන නිසා.  මට මගේ අම්මා ඕනේ,  මගේ විදුරව ඕනේ, මට බැහැ මෙහෙ ශෙවාන් වෙලා ඉන්න. ඒත් මම කෝ?  මං මගේ ඇඟ දිහා බැළුවා. මට ආයෙ ගැහැනු ළමෙක් වෙන්න විදිහක් ඇත්තේම නැහැ. ඒත් මේක උනේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.
ලඟ තිබුණ රාක්කෙක මගෙයි ශෙවාන්ගෙයි පින්තූරයක් රාමු කරලා තියෙනවා දැක්කා. ශෙවාන්ට මාව මතක්වෙන්න වෙන්න ඇති ඒක තියෙන්න ඇත්තේ.  ඒත් අද මට මාව මතක්වෙන්න ඉතිරි ඒක විතරයි. මං ෆොටෝ එක අතට අරං බලාගෙන හිටියා. මමත් නොදැන කඳුළු පෝලිමක් ෆොටෝ එකේ වීදුරැවට වැටිලා මාව බොඳ කරා.
මට ගැලවුමත් නැහැ. මොන පවක්ද මේ මට සාප වුණේ . අනේ ශෙවාන් ඉන්න තැනකින් ඇවිත් මාව බේරගන්න මේ අපායෙන්. ඇඳට වැටුන මං ඇඞුවා මට පුළුවන් තරම්.ශෙවාන්ගේ අම්මා කිව්වා වගේ නිදාගත්තම හැමදේම හරි යනවනම්...
අනේ මගේ අම්මේ, මං ඇහැරෙනකොට මං ගාව ඉන්න. මේක මාව බයකරන නපුරැ හීනයක් විතරයි කියන්න..


.............................................................................................................................ඉදිරියට........................