Posts

Showing posts from January, 2014

බලන්න මං කියන කතාව ඔයාටත් තේරුණාද කියලා

Image
ඉඳිකඩ කඩුල්ලේ වැහැරුණ__________ඉනි වැටට බරවී හෙලයි ඈ නෙත් යුග_____________බටහිරට රන්වන් පාට මළ හිරු රැස් කොපොල්________ සිඹ නොමියුනු ඇගේ සෙනෙහස පෙන්වයි _______තවම
පැහැ සේදිලා සුද මතු වුණ _______________ චීත්තයේ කොනකින් පිස දමයි තෙත් බිඳ නෙත් ______පොකුනේ සුසුමන් දවාගෙන යයි වියැළුන  ____________ලමැදේ හුස්මක් පුරා මඟ බලමින්____________ ලතැවෙන්නේ
දස මාසයක් දහ දුක් ගිණි _______________උහුලගෙන ඇගෙ පන     දෙවෙනිකර නුඹ වෙනුවෙන්______ නැහුන කැත කුණු කොහිද දරු සෙනෙහස දැනෙන ________ දින නුඹ ලොකු මහත් කෙරුවා දුක ____________ දරාගෙන
හේනේ ඉඳන් එනවිටදී නුඹේ_______________පියා මහ රෑ පොලොන් විසකින් අප අතැර__________ගියා දාහක් ගැහැට විඳිමින් නෙක නව____________නින්දා තනිකඩ හිතින් නුඹ හැදුවා සැප ___________නොබලා
කන්නෙන් කන්න කයියට පැන__________වෙහෙසීලා පැදුරුත් පොල් අතුත් විව්වා ____________ නිදි වරලා වෙහෙසක් දැනුන විට පැදුරට_____________ලං වීලා නුඹෙ හිස පිරිමදී අම්මා _______________හිනැහීලා
ඉපනැලි දිගේ දුව පැවන උන් කොළු_______ ගැටයා පහරක් දෙවා හෝ පිරිවෙන වෙත_________ යවලා ඇඳුමක් තියා කුස ගැනවත් ඈ_____…

පුස්කාපු ආදරේ.............

Image
හිත හාරගෙන - හාරගෙන
ඇතුලටම දුවන මතකය
හති දමාගෙන
ඇස් ඩොගිත්තන්
මේ හොයන්නේ නුඔම නේද?

විඩා පත් නෙත් කෙවෙනි
තිස් පැයම තෙත් කරන
හිතුවක්කාරව
මාව ම රිදවන
අහංකාර සිතුවිල්ල නුඔම නේද?

එකෝමත් එක ඈත දවසක
මාල හතකට සීන පෙන්නුව
අදත් - මතුවත්
මැරී මැරී උපද්දවන
වේදනාවේ විරහ ගීතය නුඔම නේද?

මගෙන්  මඟ හැරුණ
නුඹෙන් මග හැළුන
අඟ මුලක් නැති
පුස් කාපු ආදරේ.....!!!!