Posts

Showing posts from December, 2014

අද ඇයගේ උපන් දිනයයි!!!!

මගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි.  මගේ එකම හොයුරිය -  මිතුරිය වගේම මගේ  මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි.
මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත  මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත.
උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ.  මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය.

ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැන මා කණගාටු නොවෙමි. නමුත් මා…

සුලඟට පාටක් තිබුනා නම්......

Image
සමනල කන්දෙන් හිරු නැග එනකොට
අරුණළු අතරින් පිබිදුන දෑසට
සුලඟ පෙනෙයි රන්වන් පාටින්

වනාත අතරින් තණ පත් සිපඑන
ගත සිත සනහන සිසිල් සුලං රොද
පෙනේවි ලොවටම කොල පාටින්

වියැලුනු කුඹුරේ ඉපනැලි අතරින්
රත් උන වැලි කැට උණුවන තරමින්
කහ පැහැ සුලඟක් එයි සැර දමමින්

අඳුරු වලා පිරි දම් පැහැ අහසෙන්
සීතල හිරිකඩ දිය බිඳු අරගෙන
හමාවි සුලඟක් නිල් පාටින්

බටහිර අහසේ ඉර හැංගෙනකොට
වෙරළ පුරා සයුරේ ඉම සොයමින්
සුලඟ සැරිසරයි රතු පාටින්

තරුකැට අතරින් සඳ හිනැහෙනකොට
අඳුර මැදින් ගං දියේ ඇදීයයි
රිදී පාට සුලඟක් රහසින්