Posts

Showing posts from December, 2012

කවුළුවේ සුභ පැතුම......!

හැම දේටම කලින් මුලිම්ම මං ස්තූති කරන්න ඕනේ  සොභාදහම් මෑණියන්ට...!!!
මට ,ඔබට අපි හැමදෙනාටම මේ අළුත් අවුද්දේ පලවෙනි දවස දකින්න වරම් දුන්නට..
මං එහෙම කිව්වේ ඇයි?  හේතුව...
මට බැහැ තර්ක කරන්න ඇත්තටම ලොක විනාසයක් වෙන්න තිබුණාද? නැද්ද? කියලා. මට බැහැ තර්ක කරන්න දැන් තියෙන තත්වේ මත හෙට මොනවා වෙයිද කියලා. පහුගිය වෙනිදා පුදුම ආන්දෝලනයක් තිබුනා ලෝක විනාසයක් ගැන.දැන් කට්ටිය සැහැල්ලුවෙන් අමතක කලත් හැමෝගෙම තිගැස්මක් යටි හිතේ ඇති වුණා කියලා පිලිගන්නම වෙනවා.
මං වැරදියි නම් මට චෝදනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං වුණත් වැඩි විශ්වාසයක් තිබුනේ නැහැ ලොක විනාසයක් ගැන,මොකද මං බුදුදහම තදින් විශ්වාස කරන නිසා  ( වරදවා හිතන්න එපා ,අනිත් ආගම් සියල්ලටම  මම ගරැ කරනවා), නමුත් මං හිතුවා යම් ප්‍රමාණයක ස්භාවික විපත් වලින් අපි අසරණ වෙයි කියලා.  හිතුවා වගේම මගේ මුළු ජීවිතේටම අත් නොව්න්ද දෙයක් කුරැණෑගලට සිද්ද වුණා. දින තුනක්.. පැය හැත්තෑ දෙකක්.. නෙකඩවා එකම වේගයෙන්.. පුදුම වැස්සක් ඇද හැළුනා. මුළු හස්ථිශෛල පුරවරයම හෝදගෙන ගියා වගේ, අපේ ගෙවල් දොරවල් අඩි පහ හය යට වෙද්දි කුරැණෑගල තව පැති මාළු ටැංකි වගේ වෙලා,කොළඹ /මීගමු පාර…

අනූනවයෙන් බේරීම

සුපුරැදු විදියට උදේ ඉඳන් මහන්සිවෙලා කොළඹ කුරැණෑගල බස් එකකට නැගලා අම්මයි මායි වාඩි වුනත් තැන් දෙකක හින්දා දෙන්න අතර මාරැ උන බැල්මෙන් කියවුනේ  “මක්කරන්නද  බැහැලා ගියොත් රෑවෙයි “ කියලායි. ඊලඟ මොහොතෙන් බස් එක යන්න පටං ගත්තා ලොකු සද්දෙකුත් දාගෙන. 
පනස් හතරක් යන බස් එකේ එකසිය පනස් හතරක් දාගන්න ට්‍රයි එක දීගෙන බස් එක පිස්සුවෙන් වගේ ගියේ පාර පුරා කරකවමින් .ඔහොම වරකාපොල ,අඹේපුස්ස හරහා බස් එක හැටට හැටේ ආවයි කියමුකෝ රේඩියෝවක් හයි කරපු  සැමන් ටිං එකක් වගේ.
හතට විතර කිට්ටු වෙලා තියෙද්දියි බස් එක යාංගල්මෝදර කොච්චි ට්‍රැපික් එකට අහු වුණේ.එතන පාස්වෙන හැම වෙලාවෙම කාගෙත් ඇඟේ හිරිගඞු පිපෙන්නේ සීඝ්‍රග්‍රාමී දුම්රියත්  ඇම්.ඩී ගුණසේන බස් එකත් හැප්පුණ සිද්දිය මතක්වෙන හින්දා. හුඟක් ඩ්‍රයිවර් උන්නාන්සෙලාට ඒක අමතක වෙලා නොතිබ්බත් අපේ බස් එකේ ඩයිවර් සීට් එකේ ඉඳපු ඉහඳ පනුවට  ඒක අමතක වෙලා වගේ මේකා කොච්චිය එනකන් ටිකක් වෙලා ඉඳලා කෝච්චිය පේනකොටම දැම්මයි කියන්නකෝ........
මායි අම්මයි එකිනෙකා දිහා බලං හිටින්න ඇති තප්පරයක්.මට නම් දැනුනේ කොච්චිය කනෙන් ගියා වගේ. මුළු බස් එකම තක්බිහිරි වුණා කිව්වොත් හරි.ඔක්කොටම හපං ඩ්‍රයිවර…

(අ)මුතු ජීවීයෝ

අපෝ ඉතින් කැපිල්ලටම හිනාවෙයන්, ගේමක් ඇදුනම ශේප් වෙයන් අනේ මටම ඔහොම කරපන්කෝ... හැමදාමත් ඔහොමමයි !!! හා උඹ මට කීයක් ණයද? ඒවට මට පොල්ලද...? ආසාවට මටත් එක්ක එක දවසකට ටිකට් ගනින් බස් එකට. උඹට සිරාවටම මාරැ කාසි නැද්ද...? ඊයෙ ගත්ත නිල් පෑන, “ෂහ් මචෝ පට්ට පෑන.. කවද්ද ගත්තේ ? නියමෙට ලියවෙනවානේද ? “
“එළකිරි මචං මේක මට“. අනේ උඹ අරගෙනත් ඉවරද? ඇත්තටම මාව උඹට පේන්නේ කොන්ඩෙ බැඳපු චීනෙක් වගේද? සද්ද නැතුව ඉන්නේ මං උඹට බයේ වත් ද? වෙන්න බෑ මේ අපේ යාළුකම... කවදා හරි අපි හිනාවෙයි අපේ  පාසල් කාලෙ මතක් වෙලා..... ................... නැද්ද කියන්නේ..????
ඉස්කෝලෙ සමරැ පොත පෙරලගෙන යනකොට ඇහැ ගැටුන කොටසකින් හිතට සතුට මිශ්‍ර දුකක් ආවා.  යාළුවෝ.....එකට දුක කාගෙන ,සතුට සමරගෙන හෙවනැල්ල වගේ ලඟ ඉන්න,  ඕනම දේකට සප් එක බොක්කෙම්ම දෙන , කාටවත් කඩලා බිඳලා දාන්න බැරි, විශ්වාසය පද නම් වුණු බැම්මක්. සත්තකිම්ම හැමදේටම වඩා වටිනවා.
ඔය අතරෙ දෙපැත්ත කන  දෙපිට කාට්ටු දෙපත් නයි නැතුවා නොවේ.....
යාළුකමක් පටන් ගත්ත දවසක් හරියටම කියන්න කාටවත් බැහැ ඒක ඉබේ ඇතිවෙන ලෙන්ගතුකමක් . මං තදින් විශ්වාස කරනවා යාළුකමට ගැහැනුද පිරිමිද කියලා බේදයක් හෝ වැඩිමල් ද බාලද…

අප්පච්චී

අම්මලා පුතාලා -  තාත්තලා දුවලා ඇත්ත තමයි අම්මලා වැඩීපුරම ආදරේ පුතාලට ( ඒකයි අපේ අම්මත් මට පුතේ කියන්නේ ) ඒවගේම තාත්තලා වැඩිපුරම ආදරේ දුවලට. තාත්තලා කොච්චර නම් දුක්විඳිනවද පවුලක් ජීවත් කරන්න. මට ඒවගේ සිද්දි කිහිපයක්ම දකින්න"අත්විඳින්න ලැබිලා තියෙනවා.
මං දවසක් පුංචි  කාලේ අප්පච්චිත් එක්ක ඉක්කෝලෙ ගිහින් එද්දි  මගේ සපත්තුව කැඩුනා. ඉතින් අප්පච්චි මාව වඩාගෙන ගියා සපත්තු මහන කෙනෙක් ගාවට,ඒකාලේ නොතේරැණාට ඒ දේවල් මතක් වෙනකොට හිතට පුදුම දුකක් දැනෙනවා. ඒ සපත්තු මහන මනුස්සයා හිටියෙ  ඉස්කෝලේ තාප්පේ ගාව, ඉස්කෝලෙ එපාපැත්තේ තිබ්බ ජෑම් අත්තක පුංචි හෙවනැල්ලක් විතරයි ඒ මනුස්සයට අව්වට වැස්සට හෙවනක් වුණේ.  ඒ මනුස්සයාගේ එක කකුලක් නැහැ.කිහිලි කරැවක් ලඟින් තියාගෙන ගිණි අව්වේ දහදිය පෙරාගෙන එයා ඉඳිකටුවක් එක්ක ඹට්ටුවෙනවා. අප්පච්චි මාවත් වඩාගෙන එතනට ආවම ඒ මනුස්සයා මං දිහා බලං ඉඳලා හිනාවුණා. මට මතකයි මං හිනාවුනේ නැහැ. මං බය උනා ඒ මනුස්සයාගේ විට පුරෝගත්තු රතුපාට දත් වලට. “ඉක්මනටම කඩාගෙන වගේ, කෝදෙන්න මං මහලා දෙන්න“ උගුරෙ රැල්බුරැල් ඇරලා එයා කිව්වා. “දාංගලේනේ පරිස්සමක් නැහැ“ අප්පච්චි කිව්වා . මට ඕවා මතක්වෙනවයැ …

ඔරලෝසුව

වැහි කරැවල ඇවිත් තිබුණත් වැඩ ඇරිලා ගෙදර නොයා රෑපවතීලගේ වාඩියට ගියේ බීමට ඇබ්බැහි වෙලාමහිංදාමත් නෙවෙයි. කොල්ලත් ගෙදර නැති එකේ තට්ට තනියම ඉන්න හිතට  හයිය මදිපාඩුව හොයාගන්න. වයසත් එක්ක  හංදියෙ කඩේ  දවස් කුලියට වැඩකරනවා මිසක් මට වෙන රස්සාවක් කරන්න බැ. වේලක් ඇර වේලක් කාලා හරි මං කොල්ලාව විශ්ව විද්යාලෙට යැව්වා.දැන් ඉතින් බයක් නෑ ඌ ජීවිතේ හදාගනි දැන් ඉඳන්ම ඌ එහෙ පංති කරනවාලු.

කරැවලේ යංතන් වැහි පොදක් වැටුනත් මං ඔහේ තෙමිතෙමීම ගෙදර යන්න එළියට බැස්සා. කුස්සිය තෙමෙනවා ඇති,වේලක් පිරිමහ ගන්න බැරැව මං කොහේ ටකරං දාන්නද.කල්පනාවක ගිලීගෙන ගියත් වැස්ස වැඩි වේගන එනවා දැනුනේ ඔළුවට දෙඹ ගෙඩි සයිස් වතුර බිංදු  කඩං වැටෙනකොට. පය ඉක්මන් කොරලා ගියේ ලඟපාත තියෙන පාළු බස් හෝල්ට් එකට වත් රිංගාගන්න. ඒකෙයි  මගේ තෙමෙන කුස්සියෙයි වැඩි වෙනසක් නැ.
මොන හේතුවකටද මන්දා මට නිකමට වගේ ඉඳගන්න තිබ්බ ලෑල්ලේ කෙරවල බැළුවා. සුදු පාට පොදියක් ,
ටික වෙලාවක් බලාගෙන ඉද්දි ඒක හෙලවෙනවා වගේ දැනුන හංදා මට ලඟට යැවුනේ ඉබේම.

ලඟට ගියාම මගේ තිබ්බ වෙරිටික හිඳුනා.අනේ ඇබිත්තන් කොලු පැටියෙක් බර නින්දක. මං තෙමි තෙමීම එලියට බැහැලා වට පිට  බැළුවේ අම්මෙක් අ…

අම්මා

අම්මලා කොච්චර වැඩ කරනවද ඇත්තට....
මං කියන්නේ, අතට පයට වැඩකරැවන් ඉන්න සුපිරි නිවසක ජීවත්වෙන මමීලා ගැන නම් නෙවෙයි.සාමාන්‍ය පවුලක රැකියාවක් නොකරන අම්මලා ගැන.
වරදවා හිතන්න එපා...
තාත්තා වැඩ නොකරනවා නෙවේ ,තාත්තා තමයි ගෙදර වියදම් දරන්නේ.
ඔන්න පටං ගත්තා....

අම්මා, පාන්දර 3ට කිට්ටුවෙන්න නැකිටිනවා සාමානයෙන්.. මං මේ කියන අම්මාට ඉන්නවා රජයේ රැකියාවක් කරන ස්වාමිපුරැෂයෙක්, ඉස්කෝලෙ යන සා/පෙල පුතෙක්, උ/පෙළ කරපු ප්‍රතිඵල එනකන් කලාස් දුවන දුවෙක්,3වසරෙ පොඩ්ඩෙක්.
ඔන්න අම්මා පාන්දර නැගිටලා උයනවා කට්ටියටම කෑම ගෙනියන්න.උයලා චූටි කොල්ලාව ලෑස්ති කරලා.ලොකු කොල්ලාගේ වැඩත් කරලා,කෙල්ලගේ කෑම එකයි මහත්තයගේ කෑම එකයි ලෑස්ති කරලා කට්ටියම යැව්වයි කියමු. ඔන්න යුද්දේ පටං ගත්තා.....
ගියා මුලින්ම මුළු ගේම අස් කරලා අතුගාලා, ම්දුලත් අතුගාලා ආගම සිහිකරලා,කාමරෙන් කාමරේට ගිහින් කට්ටිය වටේට දාපු කිලුටු ඇඳුම් අරං ඒවා සෝදලා දාන්න යනවා. පුළුවන් ඉක්මනින් ඒක කරත් අඩුම 10 වත් වෙනවා. ඊට පස්සේ උදේට අම්මා කන්නේ 10ට. ඊලඟට අම්මා වලං පිඟන් එක්ක ඔට්ටුවෙනවා. සමහර විට ගේ මොප් කරන්නත් වෙයි. ඊගාවට අම්මා තව මොනාහරි මාලුවක් හදන්න ප…

කවුළුවෙන් එහා

වැඩිය ලොකු නෑ.. ඇඳන් තුනක් තුන් පැත්තේ තිබ්බාම දොර අරින්න විතරයි ඉඩ තියෙන්නේ ‍මේ කාමරේ.
අවුරැදු ගානක් ක්‍රියාන්විත ඉඳලා අද මේ කුකුල් කූඩුවේ හිරවෙලා මං. දරැවෙක්ගේ වත් පිළිසරණක් නැතිව.. කාමෙරේටම එකම කවුළුවයි තිබුනේ, ඒකත් බොහොම පොඩියි. මං හිටියේ වම් බිත්තිය අයිනේ ඇඳේ. යුද්ධයෙන් ජීවිතේ බේරැණත් කතා කරන්න,ඇවිදින්න තිබුණ වාසනාව තවදුරටත් මං ගාව රැඳුනේ නැහැ.

දකුනු බිත්තියේ ඇඳේ හිටියේ  දෙපා අහිමි උන තරමක් වයස්ගත කෙනෙක්, 70 ට කිට්ටුයි මගේ හිතේ. මොනවා වුනත් අවුරැදු ගානක් ඇඳේ ඉඳපු අපි එක්ක බලද්දි ඒ මනුස්සයාට වාසනාවක් තිබුණා ඇඳ කෙලින්ම තිබුණු කවුළුවෙන් එහා ලෝකය දකින්න. මැද ඇදේ හිටියේ දෑස් අහිමි උන කෙනෙක් වැඩි වයසත් නම් නෑ වගේ.

ඒකාකාරී ජීවිතේ..
එළිවෙනවා,අර යස්ස ගෑනි ඇවිත් කාමරේ අස්කරලා තමන්ගේ කටට හැති වැටෙනකල්ම  අසරණ අපිට බැණලා පිට වෙනවා. පොඩි සහනයක් හිතට දැනෙන්නේ නර්ස් නෝනා ආවට පස්සේ.  නර්ස් නෝනා අපිට හරි කරැණාවයි. මට කතාකරගන්න ඇහැක් නම් මම කෑගහලා කියනවා, මගේ දරැවන්ටත් වැඩිය මං ඒ දැරිවිට ආදරෙයි කියලා.දවල් වෙලා කොළුවෙක් ඇවිත් අපේ මූණකට සෝදලා ඇඳුම් මාරැ කරනවා. ඉතින් හවස් වෙනකල්ම ලෝකෙම නිහඩයි.

මං බලා…

කවුළු පියන්පත් විවරකළ වගයි....!!

හාහා පුරා කියලා ඔන්න අනුරාධ අයියේ මං ලියන්න පටං ගත්තා.,
බ්ලොග් ගැන අකුරක් වත් නොදැන ඉඳපු මට,  ඔයා මට අකුරෙන් අකුර කියලා දුන්නු හැටි කවදාවත් අමතක කරන්නේ නම් නෑ. මොකද මට බ්ලොග් කියන විෂය ධාරාවේ “අ“ කියලා දුන්නේ ඔයා.
ඉතින් මේතැන් ඉඳන් මේ කවුළුවෙන් එබෙන හැ‍මෝටම හොඳ දෙයක්  දෙන්න ලැබුනොත් ඒකේ මූල් ගල ඔයා.... නරකක් වුණොත් ඒ මගේ වරදක්ම විතරයි...
ඒක පාරක් ස්තූතියි කියලා නවත්වන්න බැරි හිංදා
....මං  ස්තූති නොකියාම නවතිනවා.

ඉතින් අද ඉඳන් මම ලියනවා ... අපි කතා කරමු , හිනාවෙමු,  දුක සතුට බෙදාගමු..
මේ විවෘත ආරාධනය සයිබර් අවකාශයේ මගේ පුංචි කවුළුවෙන් එබෙන ඔය හැමෝටමයි....!