(අ)මුතු ජීවීයෝ
අපෝ ඉතින් කැපිල්ලටම හිනාවෙයන්, ගේමක් ඇදුනම ශේප් වෙයන්
අනේ මටම ඔහොම කරපන්කෝ...
හැමදාමත් ඔහොමමයි !!!
හා උඹ මට කීයක් ණයද? ඒවට මට පොල්ලද...?
ආසාවට මටත් එක්ක එක දවසකට ටිකට් ගනින් බස් එකට.
උඹට සිරාවටම මාරැ කාසි නැද්ද...?
ඊයෙ ගත්ත නිල් පෑන,
“ෂහ් මචෝ පට්ට පෑන.. කවද්ද ගත්තේ ? නියමෙට ලියවෙනවානේද ? “
“එළකිරි මචං මේක මට“.
“එළකිරි මචං මේක මට“.
අනේ උඹ අරගෙනත් ඉවරද?
ඇත්තටම මාව උඹට පේන්නේ කොන්ඩෙ බැඳපු චීනෙක් වගේද?
සද්ද නැතුව ඉන්නේ මං උඹට බයේ වත් ද?
වෙන්න බෑ මේ අපේ යාළුකම...
කවදා හරි අපි හිනාවෙයි
අපේ පාසල් කාලෙ මතක් වෙලා.....
................... නැද්ද කියන්නේ..????
ඉස්කෝලෙ සමරැ පොත පෙරලගෙන යනකොට ඇහැ ගැටුන කොටසකින් හිතට සතුට මිශ්‍ර දුකක් ආවා. යාළුවෝ.....එකට දුක කාගෙන ,සතුට සමරගෙන හෙවනැල්ල වගේ ලඟ ඉන්න, ඕනම දේකට සප් එක බොක්කෙම්ම දෙන , කාටවත් කඩලා බිඳලා දාන්න බැරි, විශ්වාසය පද නම් වුණු බැම්මක්. සත්තකිම්ම හැමදේටම වඩා වටිනවා.
ඔය අතරෙ දෙපැත්ත කන දෙපිට කාට්ටු දෙපත් නයි නැතුවා නොවේ.....
යාළුකමක් පටන් ගත්ත දවසක් හරියටම කියන්න කාටවත් බැහැ ඒක ඉබේ ඇතිවෙන ලෙන්ගතුකමක් . මං තදින් විශ්වාස කරනවා යාළුකමට ගැහැනුද පිරිමිද කියලා බේදයක් හෝ වැඩිමල් ද බාලද වෙනසක් තියෙන්න බැහැ කියලා වගේම දුප්පත් ද පොහොසත් ද වෙනසත් තියෙන්නත් බැහැ කියලා.
යාළුකම් ඇතිවෙන ලොකුම තැන පාසල. එක වසරෙන් පටං ගන්න පාසල් ජීවිතේ අපිට අනෙත් අයට වඩා තදින් ලං උන කෙනෙක් අපේ හොඳම යාළුවා වෙනවා. මට මතකයි මගේ පලවෙනිම යාළුවා මට හම්බුනේ එක වසරෙන්. මං එතකොට හරි බයයි පුටුව උස්සලා මේසෙ උඩ අනිත් පැත්ත හරවලා තියන්න. මේ බටු කෙල්ල ඒක කරලා දුන්නා මට. එදා ඉඳන් අපි දෙන්න හිටියේ එකටමයි. අදටත්....
යාළුකම් වල අගේ වැඩි වෙන්නේ වයස වැඩිවෙනවා හා සමානව . මං එහෙම කිව්වේ මගේ අත්දැකීමෙන්. මොකද පුංචි කාලේ හුරතල් යාළුකම වයසත් එක්ක වැඩිවෙලා ඒ සම්බන්ධය දැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ වගේම එක යාළුවෙක්ට සීමා උන යාළුකම කණ්ඩායමකට පෙරලෙනවා.මටත් හිටියා සෑහෙන සෙට් එකක්. ඒත් කාලයත් එක්ක තම තමන්ගේ අරමුණු දිගේ ඇවිදන් යන්න අරං හින්දා හුඟක්දුරට පාසල් කාලේ තරම් යාළුකමක් නැති උනත් දැක්කම “හායි...!! බායි....!!!“ කියන මට්ටමට යන්තම් බේරිලා ඉන්නවා. ඒ උනාට අදටත් පණ වගේ ඉන්න කිහිප දෙනෙක් හරි ඉතිරි වෙලා ඉන්න එක මගේ වාසනාව.
සාමාන්‍ය පෙළෙන් හැලෙන යාළුවෝ ඇරැණාම පාසල් ජීවිතෙන් ඉදිරියට ඉතිරි වෙන්නේ උසස්පෙළ යාළුවෝ. ඒ කාලේ ඉස්කෝලේ කරන දග වැඩ (ගොන් ආතල්/බාල්දි/ජෝක්), එක බත් එක දහ දෙනෙක් විතර වට වෙලා කන හැටි, එකෙක් වැරැද්දක් කලත් රංචුවම දඞුවම් විඳගන්න හැටි, මොකක් හරි උත්සවයක් සෙට් උනොත් කඩියෝ වගේ වැඩ කරන හැටි,බස් එක එනකන් කියවා කියවා ඉන්න හැටි, විභාගේ ලං වුනාම පණකඩං පාඩම් කරන්න දඟලන හැටි.. පැත්තකට වෙලා කල්පනා කරද්දි තමයි ඒ කාලය ගෙවෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ.
මට හිටපු සමහර යාළුවෝ ගැන මං අවංකවම දුක් වෙනවා වගේම සමහර යාළුවෝ ගැන මට දැනෙන දේ වචනයට හරවන්න මට තේරෙන්නේ නැහැ. මං උසස් පෙල විභාගෙට යන්න මාසෙයකට කලින් මගේ අම්මා අසනීප උනා. මං කලේ කෘෂි,ජීව විද්‍යාව විශය ධාරාව. බොරැ මොකටද මං රසායන විද්‍යාවට පණ බයයි. අනිවාර්ය ප්‍රශ්නයක් එන පාඩමක් කරන්න පටන් ගද්දි තමයි මගේ කරැමෙකට මගේ අම්මාව අසනීප වෙලා රෝහල් ගත කරන්න උනේ.අම්මා ගාව නවතින්න උන හින්දා මට කරකියාගන්න දෙයක් නැති උනා.
මේ සිද්දියෙන් තමයි මට මගේ හොඳ නරක - යාළුවෝ අඳුර ගන්න ලැබුනේ. මං ලොකුකමට පංති එන්නේ නැහැයි කියලා සර්ට බොරැ කියපු කොටසක් ඉද්දි ,පංතියේ කන්න ගෙනාපු බත් එකත් උස්සගෙන ආව තවත් යාළුවෝ කොටසක් මට හිටියා. පංතියේ උගන්වපු සේරම මට කියලා දුන්න යාළුවෝ වගේම තමංගේ වැඩ ටික කරගන්නවත් කාලය මදි වුණ අන්තිම දින කීපයෙත් රෑ එළිවෙනකං මට නෝට් ලියපු යාළුවෝ හිටියා. මං ගෙදර දුවල එනකං අම්මව බලාගත්තු යාළුවෝ හිටියා. යාළුකම කියන්නේ කොයිතරම් පුදුම බැඳිමක්ද කියලා මට තේරැනේ ඒ කාලේ.
හොඳ පැත්තට ඇදගෙන යන යාළුවෝ වගේම, වලපල්ලටම තල්ලු කරන යාළුවොත් ඉන්නවා. ඉතින් තමන් දැන ගන්න ඕනේ තමනුත් බේරිලා අනිකාවත් බේරගෙන ඉස්සරහට යන්න.
හොඳ පැත්තට ඇදගෙන යන යාළුවෝ වගේම, වලපල්ලටම තල්ලු කරන යාළුවොත් ඉන්නවා. ඉතින් තමන් දැන ගන්න ඕනේ තමනුත් බේරිලා අනිකාවත් බේරගෙන ඉස්සරහට යන්න.
ඔයාලටත් ඇති ජීවිත කාලේ හමුවුණ කල්‍යාණ මිතුරෝ.
හිතන්නකෝ.... මේ තරමට එකෙක්ට එකෙක් නැති සමාජයේ, තමන් වෙනුවෙන් අපේ කියන හැඟීමක් පිරැණු ලෙන්ගතු කමකින්, කිසිම ලේ නෑකමක් නැතිව දුකට සැපට එක වගේ ලග ඉන්න යාළුවෝ.....
අමුතු ජීවී කොට්ඨාශයක්ම නේද????
යාළුවෝ අපිට එකට ජීවත්වෙන්න කියලා දෙනවා...
යාළුවෝ අපිට එකට කන්න බොන්න කියලා දෙනවා...
යාළුවෝ අපිට එකට හිනාවෙන්න කියලා දෙනවා...
යාළුවෝ අපිට එකට අඩන්න කියලා දෙනවා...
........ඒ උනාට
එයාලා නැතුව ඉන්නේ කොහොමද කියලා,
කියලා නොදීම යනවා
... __________________ ...
මිතුරු තොමෝ නම් දුක සැප දෙකෙහි ම පිටු නොපාන්නාහු ය, බිතු සිතුවම් රූ මෙන්.
ReplyDeleteබොහොම අගේ ඇති අලුත් තැනක්. බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබේවා!
ජය වේවා!
ඉත්තූතියි !!
Deleteමිතුරු තොමෝ නම් දුක සැප දෙකෙහි ම පිටු නොපාන්නාහු ය, බිතු සිතුවම් රූ මෙන්.
ReplyDeleteබොහොම අගේ ඇති අලුත් තැනක්. බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබේවා!
ජය වේවා!
හ්ම්ම්... ඇත්ත කතාව..
ReplyDeleteමොනවා වුනත් ඉස්කෝලේ කාලේදී හම්බෙන යාළුවො මාරම වටිනවා..
(ඒත් මම මේකෙන් අදහස් කරන්නේ නැහැ පස්සේ හම්බෙන අය වටින්නේ නෑ කියල )
මුළු ජීවිත කාලේ පුරාවටම, මැරෙනකල්ම හම්බෙන අවංක යාළුවෝ සේරම වටිනවා තමයි යාළු.ඒත් ඉස්කෝලේ/කැම්පස් එකේ ලං වෙන යාළුවෝ එක්ක සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවිතේ විදින කාලේ වැඩියි. ඒ නිසා එයාලා ටිකක් වැඩිපුර හයිලයිට්.
Deleteහා නැද්ද හා
ඔව් ඔව්.. කතාව ඇත්ත..:)
Delete:D
Deleteජීවිතේ ලස්සන අහුමුළු අවූස්සන ලියවිල්ලක්. අන්තිමට දම් පාටින් දාලා තියෙන වචන වලින් ලියවිල්ල 100% සම්පූර්ණ කරලා. දෙවෙනි පාරටත් ලොකු හුස්මක් ගන්න උනා අන්තිම වචන තුන හතරත් එක්ක.
ReplyDelete:D ......!!
Deleteඅනී.. නංඟෝ ඉස්කෝලෙ කාලෙ මතක් කරන්න එපා ඇඬෙනවා.. ආපහු කවදාවත් යන්න බෑනේ.. විභාග ටික අයින් කරා නම් ඉස්කෝලෙ කියන්නේ කොච්චර හොඳ තැනක්ද ?
ReplyDeleteඅනේ ඔව් අභාග විභාග නැත්තම්.......... මං ආයෙත් ඉක්කෝලෙ යනවා
Delete