කවුළුවෙන් එහා
වැඩිය ලොකු නෑ.. ඇඳන් තුනක් තුන් පැත්තේ තිබ්බාම දොර අරින්න විතරයි ඉඩ තියෙන්නේ මේ කාමරේ.
අවුරැදු ගානක් ක්‍රියාන්විත ඉඳලා අද මේ කුකුල් කූඩුවේ හිරවෙලා මං. දරැවෙක්ගේ වත් පිළිසරණක් නැතිව.. කාමෙරේටම එකම කවුළුවයි තිබුනේ, ඒකත් බොහොම පොඩියි. මං හිටියේ වම් බිත්තිය අයිනේ ඇඳේ. යුද්ධයෙන් ජීවිතේ බේරැණත් කතා කරන්න,ඇවිදින්න තිබුණ වාසනාව තවදුරටත් මං ගාව රැඳුනේ නැහැ.
දකුනු බිත්තියේ ඇඳේ හිටියේ දෙපා අහිමි උන තරමක් වයස්ගත කෙනෙක්, 70 ට කිට්ටුයි මගේ හිතේ. මොනවා වුනත් අවුරැදු ගානක් ඇඳේ ඉඳපු අපි එක්ක බලද්දි ඒ මනුස්සයාට වාසනාවක් තිබුණා ඇඳ කෙලින්ම තිබුණු කවුළුවෙන් එහා ලෝකය දකින්න. මැද ඇදේ හිටියේ දෑස් අහිමි උන කෙනෙක් වැඩි වයසත් නම් නෑ වගේ.
ඒකාකාරී ජීවිතේ..
එළිවෙනවා,අර යස්ස ගෑනි ඇවිත් කාමරේ අස්කරලා තමන්ගේ කටට හැති වැටෙනකල්ම අසරණ අපිට බැණලා පිට වෙනවා. පොඩි සහනයක් හිතට දැනෙන්නේ නර්ස් නෝනා ආවට පස්සේ. නර්ස් නෝනා අපිට හරි කරැණාවයි. මට කතාකරගන්න ඇහැක් නම් මම කෑගහලා කියනවා, මගේ දරැවන්ටත් වැඩිය මං ඒ දැරිවිට ආදරෙයි කියලා.දවල් වෙලා කොළුවෙක් ඇවිත් අපේ මූණකට සෝදලා ඇඳුම් මාරැ කරනවා. ඉතින් හවස් වෙනකල්ම ලෝකෙම නිහඩයි.
මං බලාගෙන ඉන්නේ හවස් වෙනකං..
අර වයසක මනුස්සයා මුළු දවසම කවුළුවෙන් එහා බලාගෙන ඉඳලා හවසට අපිට කියනවා කවුළුවෙන් එහා මොනවද වෙන්නේ කියලා.මම පොඩ්ඩක් හරි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඒ විස්තර හිතෙන් මවාගෙන ඉන්නකොට. මැද ඇඳේ අන්ධ කොළුවා වුණත් බලාගෙන ඉන්නේ මේ වෙලාව එනකල්. ඒ මනුස්සයාගේ මූණෙන් ඒක මට දැනෙනවා.
කවුළුවෙන් එහා තියෙන්නේ පුංචි උද්‍යානයක් ලු. පුංචි ළමයි අරං අම්මලා එන හැටි, ඒ ලමයි කරන දඟ වැඩ, අහන් ඉන්න මගේ හිත පුරාම ඇඳෙනවා. වැලිබත් උයලා තාත්තාට ඇත්තටම කවන්න හදන පොඩි දුවක් ගැන දවසක් කිව්වා මට මතකයි. ඒක කියද්දි ඒ මනුස්සයාගේ ඇහැටත් හොරා කදුළු බිංදුවක් කම්මුල දිගේ ගලාගෙන ගියේ මිනිහටත් හුරතල් දුවෙක් ඉන්න ඇති. ඔය අස්සේ බංකුවක තනිවෙලා ගුලිවෙලා ඉන්න තරැණ ජෝඩු ගැනත් , මුණුපුරෙක් එක්කාගෙන හැමදාම එන වයසක දෙන්නෙක් ගැනත් අපූරැ ලෝකයක් හතේ මවාගෙන මං හිනාවකින්ම නිදාගන්නවා හැමදාම හවස් වෙනකන් ඉවසීමක් නැතිව .
ඉතින් බොරැ මොකටද? මං ඒ ඇඳට ඉරිසියා කරපු තරමක්. මගේ ඇස් දෙකෙන් ඒ සුන්දරත්වය දකින්න පෙරැම් පිරැව තරමක් ඔහේලට හිතාගන්නවත් බැරි වෙයි.
දවසක් උදේ ඒ මනුස්සයා ඇහැරැනේ නෑ....
“ගෙනාපු ආයුෂ ඉවරයි ඉතින්“ ,“මිනිය බාරගන්නවත් කෙනෙක් එන්නේ නැද්ද දන්නෑ“ බිත්තියෙන් එහා කසු කුසුවක්. මං දන්නවා මටත් ඔය ටිකම තමයි. ඉස්පිරිතාලේ කනත්තෙම අවසන් කටයුතු කරන්න ඇති මගේ හිතේ. හිතට දුකක් දැනුනා උනත් අවංකවම මගේ හිත කිව්වේ නර්ස් නෝනා ආව ගමන් ඒ ඇඳට යන්න ඕනේ කියපං කියලා. මට ඒතරම් ආශාවක් තිබුනා හැබෑලොකේ බලන්න.
හවස නර්ස් නෝනා ආවගමන් මං අත දික් කරලා පෙන්නුවා මට ඒ ඇඳට එන්න ඔනේ කියලා. පුදුමෙන් වගේ බලාගෙන ඉඳපු ඒ කරැණාවන්ත දැරිවි මට ඒ ඇඳ හදලා ඒකට යන්න උදව් කරලා ගියා. හිතට දැනුන සතුට කොයිතරම් වෙලා තිබුණද ?
තත්පරයක්....... දෙකක් ...... දෙයියනේ මගේ ඇස් වලට හෙනගහලද..!!
කවුළුවෙන් එහා....................... හිස්.. අවකාශයක් විතරයි. උද්‍යානයක් කෝ කොහෙද?
මහ විසාල තාප්පයක්.
සත්තයි මං ඇඩුවා, ජිවිතේ කවදාවත්ම නැති විදියට. උද්‍යානයක් නැති දුකට නම් නෙවේ.
අර අහිංසක මහළු මනුස්සයා අවුරැදු කීයක් අපේ හිත සතුටු කලාද? එහෙම නොවුනා නම් මේ කාලකන්නි ජීවිතේ ඒපාවෙලා මායි මේ අන්ධ මනුස්සයයි මිය ඇදිලා..
එක අතකින් මගෙත් ඇස් නෙපෙනුනා නම්....................

බොරිස් පොලෙවොයි ගෙ Tale of a true man (‘සැබෑ මිනිසෙකුගේ කතාවක්‘) පොතේ එන කොමිසාර් මතක් වෙනවා.
ReplyDeleteඑල එල.. හොඳට ලියලා තියෙනවා.
+ ඉන්දරේ...... හොඳට ලියලා තියෙනවා
ReplyDeleteදිගටම එන්නම්ග වර්ඩ් වරිෆිකේෂන් අයින් කරමු නේද?
පොඩ්ඩක් ඉන්න පළවෙනි එක හොයලා කියවලා එනකල්...
ReplyDeleteඑළනේ.. මෙන්න මගේ නංගි පැට්ටගෙ වැඩ.....
ReplyDeleteම්ම්ම්.... සුබපැතුම් මගෙ නංගියෝ.......
අන්නේ මේ චිංතක අයියානේද :D
Deleteමේ කතාව මම මීට ඉස්සරවෙලා අහලා තියෙනවා...
ReplyDeleteකොහොම වුනත් අළුත් දේ එකතු කරලා හොඳට ලියලා තියෙනවා...
අනේ මං එහෙම එකක් දැනගෙන නම් හිටියෙ නැහැ. මම නිකන් හිතලා ලිව්වේ :(
Deleteමාත් මේ වගෙ කහ්ටාවක් කියවල තියෙනෝ. රසියන් කෙටි කතාවක්. හිතල ලියපු එකක්නම් ශෝයි !!!
ReplyDeleteසත්තකිම්ම දැනගෙන නම් හිටියේ නැහැ. :) thanx
Deleteඅපූරු කතාවක්. ජය!
ReplyDeleteමේ ජාතියේම පරිවර්තනයක් කියෙව්ව බවක් මතකේ තියෙනවා!
ReplyDeletemekathawa mama kalin blog ekakadima dakala thiyenawa. kothanada thibbe kiyala mathakana. kathawata aluthen ekathuwela thiyenne mua hariyak witharai. meka mehemama liyawuna eka ahambayak wennath puluwan. eth ahabuwak kiyala piliganna amarui :) jayawewazzz :)
ReplyDeletemath mekanam kiyawala tiyenawa...
ReplyDeleteoll the best nanga
ReplyDeletethanx akki
Deleteසියලුම දෙනාට ස්තූතියි!! :)
ReplyDelete"යුද්ධයෙන් ජීවිතේ බේරැණත් කතා කරන්න,ඇවිදින්න තිබුණ වාසනාව තවදුරටත් මං ගාව රැඳුනේ නැහැ."
ReplyDelete" මට කතාකරගන්න ඇහැක් නම් මම කෑගහලා කියනවා"
ඔන්න ඔහොමයි ප්‍රධාන චරිතය මුලින් කියන්නෙ, ඒත් අන්තිමට
.
"මට උඹේ හිත මරන්න දුකයි. මමත් මගේ හුස්ම යනකල් උඹට හීන ගේන්නං.ඒකෙන් උඹේ මුණේ ඇඳෙන හිනාව බලලා මමත් සැනසෙන්නං."
ආ කාටද කියන්න පුළුවන් ගොළුවා කොහොමද අන්ධයට ජනේලෙන් එහා පැත්තෙ දේවල් කියන්නෙ කියලා
දෙයියෝ සාක්කි ඔක ලියපු මටවත් හිතුනෙ නැහැනේ . දැන් දැක්කේ . ගොඩක් ස්තූකියි වරද පෙන්නුවට :)
Delete