Posts

Showing posts from 2015

කවුළුවේ සිතිවිලි -05

Image

කවුළුවේ සිතුවිලි - 04

Image

කවුළුවේ සිතුවිලි 03

Image
විසල් වනයකි මේ සමාජය
වන මලකි මම එහි ම මුකුලිත
දනිමි නුඹ මා සොයා එන වග
වඩිනු මහදට නොහිඳ මග තොට


බාඳුරා මග පිපෙයි නුඹ එන
ඉඟිපායි පොපියවා ලැමහස
නොදුටු සේ එනු නොපා මදහහස
එහි නොවේ නුඔ සොයන සෙනෙහස

වසඟ වූවොත් වරක් හෝ නුඹ
බාඳුරා පෙති සිප නොගත්තද
එපා එන්නට පිවිතුරුය මම
අවසරයි හද අගුළු ලන්නට

රාග යුෂයේ නුඹ ගිලී ගිය
පසුව මා ලතැවී පලක් නැත.
නොදුටු සේ පෙති හලා ඉවතට
නිහඬ වෙමි සදහටම එදිනට

කවුළුවේ සිතුවිලි 02

Image
විශ්වාසය වීදුරුවකි..
පරෙස්සමෙන් රකිනු යෙහෙකි...
බිඳ වැටුනොත් පලුදු ගොඩකි
කිසිදා යලි මකනු නොහැකි ..

කවුළුවේ සිතුවිලි 01

Image
ජීවිතයේ හැමදේම
ලැබෙන්නේ නැහැ
අපට ඕන හැටියට
නමුත් වෙහෙසී උපයන සැනසීමට
පරාදයි නොවෙද....
නිකම්ම ලැබුණ ක්ෂණික සතුට!!!

නැවත විවර කරන ලදී!!!!!

2012-12-07  දිනෙන්  විවර කල  "කවුළුව"2014-12-30  දිනෙන් පසුව මේ වන තෙක්  ඔහේ පාළුවේ වසා දමා තබන ලදී.  ගතවු කාලාන්තරය තුල මුහුණු පොතේ කවුළුව පිටුක්  සදා පැලපදියම් වී විවිධ පොස්ටු දැමූ අතර රැකියාවත් සමඟ බ්ලොග් අඩවියෙන්  ක්ෂණිකව ඈත් වී ගිය කවුළුව  ,  බැඳී ඇති මකුළු දැල් කඩා ශුද්ධ පවිත්‍ර කර තීන්ත පොඩ්ඩක් උලා රෙපයාර් කර නැවත විවර කල බව මෙයින් දන්වා සිටිමි!!!!!!!!!!!!!!!

එබී බලන සැමට ආරාධනා!