කවුළුවේ සිතුවිලි 01 Get link Facebook X Pinterest Email Other Apps July 12, 2015 ජීවිතයේ හැමදේම ලැබෙන්නේ නැහැ අපට ඕන හැටියට නමුත් වෙහෙසී උපයන සැනසීමට පරාදයි නොවෙද.... නිකම්ම ලැබුණ ක්ෂණික සතුට!!! Get link Facebook X Pinterest Email Other Apps Comments දේශකයාJuly 12, 2015 at 11:19 PMසනික මෝචනය වගේReplyDeleteRepliesකවුළුවJuly 13, 2015 at 1:25 AMඅපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම February 13, 2013 එ ක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්....................... අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ ආදරය “ ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “ සැනසීම “. ආදරයට රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන් නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “ වේදනාව “ වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන යන අකුරැ හතර.............“ වැලපීම “ කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර කරැමය..........“ වැනසීම “ මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“ බුද්ධිය “ සියල්ල පාලනය කරන ප්‍රභල සිවු අක්ෂර උත්පේරකය....... “ ඉවසීම “ ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට්... ඉදිරියට »
ආත්මගත බැඳීම - සහෝදරකම January 09, 2013 ක වදාවත් අමතක නොවෙන පලවෙනි දවස තමයි එකදාස් නමසිය අනූ හයේ මාර්තු දාසය. මං ඉක්කෝලෙ ගියපු පලවෙනි දවස..... අම්මා එක්ක ආපහු යන්න ඕනේ කියලා මං පෙරළි පෙරළි ඇඞුවා. ඔය විදියට පලවෙනි දවස් කොච්චර ගෙව්නද....? දෙදාස් දහතුනේ පලවෙනි දවස මගේ ගෙවුණේ මේ විදියට.... සුපුරැදු විදියට ගුලි වෙලා නිදියං ඉද්දි නිංදෙන් වගේ පෝන් කට්ට දිහා බැළුවා හයට කාලයි. ආයෙ පැත්තකට හැරිලා ඇහැ පියාගන්න හැදුවම මතක් උනා පලවෙනිදනේ කියලා. ඉතින් කඩියා වගේ නැගිටලා මූණ හොදගෙන අම්මා හදලා දුන්න කිරි එක ආමාශගත කරගෙන ඉදලත් අරං මිදුලට බැස්ස අතුගාන්න (අම්මා ඇස් ඩොගිත්තං බලං ඉන්නවා.) ඇයි යකෝ මං මීට කලිං මිදුල අතුගාලම නැද්ද? කල්පනා කරලා බැළුවා, මාසෙකින් විතර නෑ තමා. සමහර විට දෙකකින්. හී.......ඔහේ ඕන එකක් මං අතුගාගෙන යද්දි මගේ අතිජාත මිතූයෙක් යනවා පාරෙ... මගේ යාළුවෝ ඉතින් මං වගේම තමා.. “ අහ් ... අදවත් මූණ හෝදගනින්“ පාන්දරම කින්ඩියක් “අතින් පිහගත්තා බං“ මාත් ඇරියේ නෑ...“උඹ යන ගමනක් නාගෙනම පලයං, යන යන තැන ගඳගහනකොට පලවෙනිදා අනිත් අයටගේ නහයට අවුලනේ බං“ මාත් විරිත්තගෙනම කිව්වා. අම්මා කිරිබත් උයලා මට කන්න එන්න කිව්වා. ඉ... ඉදිරියට »
කවුළු පියන්පත් විවරකළ වගයි....!! December 07, 2012 හාහා පුරා කියලා ඔන්න අනුරාධ අයියේ මං ලියන්න පටං ගත්තා., බ්ලොග් ගැන අකුරක් වත් නොදැන ඉඳපු මට, ඔයා මට අකුරෙන් අකුර කියලා දුන්නු හැටි කවදාවත් අමතක කරන්නේ නම් නෑ. මොකද මට බ්ලොග් කියන විෂය ධාරාවේ “අ“ කියලා දුන්නේ ඔයා. ඉතින් මේතැන් ඉඳන් මේ කවුළුවෙන් එබෙන හැමෝටම හොඳ දෙයක් දෙන්න ලැබුනොත් ඒකේ මූල් ගල ඔයා.... නරකක් වුණොත් ඒ මගේ වරදක්ම විතරයි... ඒක පාරක් ස්තූතියි කියලා නවත්වන්න බැරි හිංදා ....මං ස්තූති නොකියාම නවතිනවා. ඉතින් අද ඉඳන් මම ලියනවා ... අපි කතා කරමු , හිනාවෙමු, දුක සතුට බෙදාගමු.. මේ විවෘත ආරාධනය සයිබර් අවකාශයේ මගේ පුංචි කවුළුවෙන් එබෙන ඔය හැමෝටමයි....! ඉදිරියට »
සනික මෝචනය වගේ
ReplyDeleteඅපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )
Delete