කවුළුවේ සිතුවිලි 01 Get link Facebook X Pinterest Email Other Apps July 12, 2015 ජීවිතයේ හැමදේම ලැබෙන්නේ නැහැ අපට ඕන හැටියට නමුත් වෙහෙසී උපයන සැනසීමට පරාදයි නොවෙද.... නිකම්ම ලැබුණ ක්ෂණික සතුට!!! Get link Facebook X Pinterest Email Other Apps Comments දේශකයාJuly 12, 2015 at 11:19 PMසනික මෝචනය වගේReplyDeleteRepliesකවුළුවJuly 13, 2015 at 1:25 AMඅපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
ආත්මගත බැඳීම - සහෝදරකම January 09, 2013 ක වදාවත් අමතක නොවෙන පලවෙනි දවස තමයි එකදාස් නමසිය අනූ හයේ මාර්තු දාසය. මං ඉක්කෝලෙ ගියපු පලවෙනි දවස..... අම්මා එක්ක ආපහු යන්න ඕනේ කියලා මං පෙරළි පෙරළි ඇඞුවා. ඔය විදියට පලවෙනි දවස් කොච්චර ගෙව්නද....? දෙදාස් දහතුනේ පලවෙනි දවස මගේ ගෙවුණේ මේ විදියට.... සුපුරැදු විදියට ගුලි වෙලා නිදියං ඉද්දි නිංදෙන් වගේ පෝන් කට්ට දිහා බැළුවා හයට කාලයි. ආයෙ පැත්තකට හැරිලා ඇහැ පියාගන්න හැදුවම මතක් උනා පලවෙනිදනේ කියලා. ඉතින් කඩියා වගේ නැගිටලා මූණ හොදගෙන අම්මා හදලා දුන්න කිරි එක ආමාශගත කරගෙන ඉදලත් අරං මිදුලට බැස්ස අතුගාන්න (අම්මා ඇස් ඩොගිත්තං බලං ඉන්නවා.) ඇයි යකෝ මං මීට කලිං මිදුල අතුගාලම නැද්ද? කල්පනා කරලා බැළුවා, මාසෙකින් විතර නෑ තමා. සමහර විට දෙකකින්. හී.......ඔහේ ඕන එකක් මං අතුගාගෙන යද්දි මගේ අතිජාත මිතූයෙක් යනවා පාරෙ... මගේ යාළුවෝ ඉතින් මං වගේම තමා.. “ අහ් ... අදවත් මූණ හෝදගනින්“ පාන්දරම කින්ඩියක් “අතින් පිහගත්තා බං“ මාත් ඇරියේ නෑ...“උඹ යන ගමනක් නාගෙනම පලයං, යන යන තැන ගඳගහනකොට පලවෙනිදා අනිත් අයටගේ නහයට අවුලනේ බං“ මාත් විරිත්තගෙනම කිව්වා. අම්මා කිරිබත් උයලා මට කන්න එන්න කිව්වා. ඉ... ඉදිරියට »
Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම May 10, 2018 Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම මම රඟන්න හදනවා නෙවෙයි මම හොඳ වෙන්න හදනවත් නෙවෙයි මම එන විදිහට ජීවත් වෙන්නයි හදන්නෙ කියන්න? ඔයත් එහෙමයි නේ... ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත? ඔයාට ඒක දැනෙනවද මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම? මට ඔයාව ස්පර්ශ කරන්න ඕන මට ඔයාව විඳින්න ඕන මට හිරු එළිය දකින්න ඕන ඔයාගේ හැම කරුමයක්ම- ඔයයි මමයි අතර විතරයි. එලියක් හොයාගන්න- මේ යන විදිහෙන්ම අපි ආදරෙන් ඉමු මේ දැන්ම වැරදි හදාගන්න - ආදරේ එක්කම කරලා බලමුද.. ඒත් ඔයා කවදාකවත් තනි වෙන්නෙ නැහැ මම ඔයා එක්ක ඉන්නවා රැය පහන් වෙනකල්ම ( ජීවිතේ අමාරු කාලේ ගෙවෙනකල්ම) මම ඔයා ලඟමයි හැමදේම වැරදීගෙන ආවොත් මම බලාගන්නම් ඔයාව මම ඔයා එක්ක ඉන්නවා රැය පහන් වෙනකල්ම මම ඔයා ලඟමයි අපි ගැලපුනා කබායක සිප් එකක් වගේ ඉතින් ඒක එකතු කරන්න අපි එකම පාරේ ගියේ ගැලපෙන රැල්ලක් හොයාගෙන ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත? ඔයාට ඒක දැනෙනවද මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම? යන්න ඔබ ඔබට ආදරය කරන්න ඔබටම පමණයි හැකි එය නතර කරන්න//// "Dusk Till Dawn" (feat. Sia) [Zayn:] Not tryna be ... ඉදිරියට »
අද ඇයගේ උපන් දිනයයි!!!! December 30, 2014 ම ගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි. මගේ එකම හොයුරිය - මිතුරිය වගේම මගේ මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි. මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත. උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ. මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය. ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැ... ඉදිරියට »
සනික මෝචනය වගේ
ReplyDeleteඅපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )
Delete