කවුළුවේ සිතුවිලි 03

විසල් වනයකි මේ සමාජය
වන මලකි මම එහි ම මුකුලිත
දනිමි නුඹ මා සොයා එන වග
වඩිනු මහදට නොහිඳ මග තොට



බාඳුරා මග පිපෙයි නුඹ එන
ඉඟිපායි පොපියවා ලැමහස
නොදුටු සේ එනු නොපා මදහහස
එහි නොවේ නුඔ සොයන සෙනෙහස

 
වසඟ වූවොත් වරක් හෝ නුඹ
බාඳුරා පෙති සිප නොගත්තද
එපා එන්නට පිවිතුරුය මම
අවසරයි හද අගුළු ලන්නට


රාග යුෂයේ නුඹ ගිලී ගිය
පසුව මා ලතැවී පලක් නැත.
නොදුටු සේ පෙති හලා ඉවතට
නිහඬ වෙමි සදහටම එදිනට


Comments

Popular posts from this blog

ආත්මගත බැඳීම - සහෝදරකම

කවුළු පියන්පත් විවරකළ වගයි....!!

Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම