ඔරලෝසුව
වැහි කරැවල ඇවිත් තිබුණත් වැඩ ඇරිලා ගෙදර නොයා රෑපවතීලගේ වාඩියට ගියේ බීමට ඇබ්බැහි වෙලාම හිංදාමත් නෙවෙයි. කොල්ලත් ගෙදර නැති එකේ තට්ට තනියම ඉන්න හිතට හයිය මදිපාඩුව හොයාගන්න. වයසත් එක්ක හංදියෙ කඩේ දවස් කුලියට වැඩකරනවා මිසක් මට වෙන රස්සාවක් කරන්න බැ. වේලක් ඇර වේලක් කාලා හරි මං කොල්ලාව විශ්ව විද්යාලෙට යැව්වා.දැන් ඉතින් බයක් නෑ ඌ ජීවිතේ හදාගනි දැන් ඉඳන්ම ඌ එහෙ පංති කරනවාලු.
කරැවලේ යංතන් වැහි පොදක් වැටුනත් මං ඔහේ තෙමිතෙමීම ගෙදර යන්න එළියට බැස්සා. කුස්සිය තෙමෙනවා ඇති,වේලක් පිරිමහ ගන්න බැරැව මං කොහේ ටකරං දාන්නද.කල්පනාවක ගිලීගෙන ගියත් වැස්ස වැඩි වේගන එනවා දැනුනේ ඔළුවට දෙඹ ගෙඩි සයිස් වතුර බිංදු කඩං වැටෙනකොට. පය ඉක්මන් කොරලා ගියේ ලඟපාත තියෙන පාළු බස් හෝල්ට් එකට වත් රිංගාගන්න. ඒකෙයි මගේ තෙමෙන කුස්සියෙයි වැඩි වෙනසක් නැ.
මොන හේතුවකටද මන්දා මට නිකමට වගේ ඉඳගන්න තිබ්බ ලෑල්ලේ කෙරවල බැළුවා. සුදු පාට පොදියක් ,
ටික වෙලාවක් බලාගෙන ඉද්දි ඒක හෙලවෙනවා වගේ දැනුන හංදා මට ලඟට යැවුනේ ඉබේම.
ලඟට ගියාම මගේ තිබ්බ වෙරිටික හිඳුනා.අනේ ඇබිත්තන් කොලු පැටියෙක් බර නින්දක. මං තෙමි තෙමීම එලියට බැහැලා වට පිට බැළුවේ අම්මෙක් අප්පෙක් නැත්තම් ගෙනාපු කෙනෙක් කොහෙද කියලා.
“මේ කරැවලේ මොන යකාද මේ අත දරැවා තියලා ගියේ“. මං ගෙදර යෑම පැත්තක තියලා මොකා හරි එනකං ඉන්න තීරනේ කරා. හිත දුන්නෑ මේ කිරි කැටියා මෙතන දාලා යන්න.
පැයක් දෙකක් ගියා . “එන එකෙක් නම් එන්න වෙලා, මොකෙක් හරි බල්ලෙක් හරි බැල්ලියෙක් හරි දාලා යන්න ඇති මෙලහට“. ඈතින් පේන ලයිට් කනුවේ කනාමැදිරි එලිය දිහා බලාගෙන ලොකු හුස්මක් ගත්තේ මං මේ පොඩි දරැවා අරං යනවා කියන තීරණේ ඇතුව.
“මං පුළුවන් විදියට උඹව ලොකු කරන්නං කෝ. මෙතන ඉඳලා උඹ මැරෙන්න අරින්න වැයි“ තනියම කියව කියව පොඩිත්තාව එහෙමම පපුවට ගුලි කරගෙන ඇඳලම ගෙවුන කමිසේ අස්සට කරගෙන ආවේ පින්නක් වත් වැදිලා අසනීප වුනොත් කියන බයටමයි.
ගෙදරට ආව කිව්වට ගරා වැටීගෙන යන පැලකට ආව කිව්වනම් හරි. දොර ඇරගෙන ගෙට ආවේ ඉක්මනට ලාම්පුව පත්තු කරලා අපේ කොල්ලා පොඩි කාලේ ඇඳපු මොකක් හරි හොයලා මේ කිරිපැටියට අන්දවන්න. නිච්චියටම පාඩිඑකා වරැ ගානක් ඒතන ඉන්න ඇති , චූකරලා හොඳටම. මං පැටියව වඩාගත්තා. ඌට මැජික් වගේ වටෙට ඇස් කරකව කරකව බලනවා.එතකොටයි දැක්කේ පොඩිඑකාගේ එක ඇහැක් සුදුයි. “මොන හිතකින් දාලා ගියාද මන්ද මේ කිරිසප්පයා“ අපේ කොල්ල මීට වඩා පාටයි ඒ කාලේ. පොඩි එකා පොඩ්ඩක් වෙලා බලං ඉඳලා හිනාවක් දැම්මා.රස්නේට ගලාගෙන යනවා දැනෙද්දි තේරැනේ මොකෝ හිනාවක් දැම්මේ කියලා .“ ඕන් ඉතින්“ .
කොල්ලා ආවම නිදියා ගන්න ඇදේ මැද්දෙන් පොඩි එකාව තියලා මං කමිසෙ අයින් කරලා පොඩි එකාට කලිසං කොටයක් හොයාගෙන අන්දවලා කුස්සියට ආවා. “බඩගින්දරේ ඇත්තේ. මට නං ඉතින් කිරි හොයා දෙන්න නැ ඉතින්“ මං කිව්වට උඹට තේරෙනවයැ. හාල් ටිකක් අරං කැඳ පොඩ්ඩක් වත් හදන්න කියලා ලිප පත්තු කරන්න හැදුවේ. දර පෙඟලාද කොහෙද දඟලලා දඟලලා ලිප පත්තු කර ගත්තේ.‘උඹව ගෙනාවා වගේ නෙවේ ඉතින් කමක් නෑ කොහොම හරි හදා ගන්නවා‘
කැද පොඩ්ඩක් ඇඟිල්ලේ දවට දවට පොවාගත්තා. පොඩිඑකා තේරිලාද මන්දා මුලින් මුණ හැංගුවට දෙතුන් පාර ගියාම සද්ද නැතුව ගිල්ලා.අපේ කොල්ලවත් හැදුවෙ මං තනියම. අතීතේ මතක් කර කරම කිරි පැටියත් එක්ක මට නින්ද ගියා.
උදේ නැගිටපුවාමයි මතක් උනේ කඩපොලේ වැඩට යද්දි පොඩි එකා කොහේ තියන්නද කියලා.මුණ අතපය හෝදං අල්ලපුගෙදර සෝමා අක්කට කතාව කියන්න දිව්වේ වැඩ ඇරිලා එනකං දරැවා තියාගන්න කියන්න. අපේ කොල්ලා පොඩි කාලේ බලාගත්තෙත් උන්දැනේ.
“උඹ ඉතින් කුර ගෙවෙනකන් අනුන්ගේ පැටව් හදපං, අනේ මල්ලියේ උඹෙත් කරැමෙ, මේ අමාරැකං අස්සේ, ගෙනත් තියහංකෝ එහෙනං“. කරන්න දෙයක් නැති කමටමයි එහෙම කියන්න ඇත්තේ. කඩේ වැඩට ගිහින් හිටියට හිතේ තිබුනේම පොඩි එකාව. හැන්දෑ වෙලා මං ගෙදර දුවගෙන ආවේ කඩෙන් කිරි පැකට් එකක් අරං පඩියෙන් කපාගන්න කියලා. මට නම් මොනවා හරි ඒත් පොඩිඑකාට...
අපේ කොල්ල ගෙදර ඇවිත්. මං කඩුල්ල පනිද්දිම මං දිහා බැළුවේ රාස්සයෙක් වගේ.මං පොඩි එකාවත් වඩාගෙන ගෙට ආවා. “ තාත්තට පිස්සු හැදීගෙන එනවද? මේ වයසට දරැවෝ හදන්න පුළුවන්ද? අතේ සතේ නැතුව, ඔන්න ඔකව ගිහින් පොලිසියට දෙන්න පින්සිද්දවෙයි“ කොල්ල කෑගහනවා කියලා දැනගෙනමයි මං ගෙට ආවෙ. මං නෑහුනා වගේ හිටියා. කොල්ලත් පස්සෙම්ම ආවා. “තියන්නේ එහෙම නැ මගේ ඇඳෙන්“ .
මං මගේ පැදුර අරං ඒක එලලා පැටියව ඒකෙන් තිබ්බා. ඌ හිනාවක් දාගෙන පෙරලි පෙරලි හිටියා දැක්කම මගේ මුණටත් හිනාවක් ආවා. ටිකක් වෙලා රවාගෙන ඉඳලා ලොකු කොල්ලා ඇදට පැනලා නිදියා ගත්තා
පහුවදා උදේ පුතා කැම්පස් යන්න ගියා. ආයෙ සතියක්ම මායි මේ පැටියයි.දවස් ගෙවිලා ගියා..
පොඩිඑකාගේ කිරිත් ඉවර වේගන එන්නේ, අතේ සල්ලි නැතුව ගින්දරෙන් ඉද්දි පුතාගේ යාළුවෙක් ආවා ගෙදර පුතා හොයාගෙන.මං කිව්වා කොල්ලා ගෙදර නැහැයි කියලා පස්සේ ඒ ලමයා කිව්වා“ මං තිළිණට කොල් එකක් දෙන්නම්කෝ අංකල් මේක එයා ආවම දෙන්න“ ඒ දරැවා රට ඉඳන් ආවයි කියලා පුතාට දෙන්න කියලා පාර්සලයක් දීල ගියා. මං නිකමට ඇහැ දාලා බැළුවා මොනාද කියලා ආරළු බුරළු ගොඩක් අස්සේ පෙට්ටියක ආපු ඔරලෝසුවක් දැක්කා මං. ඒක තියලා මං ගෙට දිව්වේ පොඩි එකා අඩනවා ඇහිලා.
උදේ ලෑස්තිවෙලා පොඩි එකාට අන්තිම පිටි ටිකෙන් කිරි පොඩ්ඩක් හදලා පෙව්වා. සෝමා අක්කා ගාවෙන් පැටියාව තියලා මං කඩේ වැඩට ගියා. හැන්දෑවේගන එද්දි කඩේ කොළුවා කිව්වා හෙට කඩේ වහලා මාමේ, දැන් වැඩිය වැඩත් නෑ මාමා වෙන තැනක් හොයා ගත්තත් කමක් නැ දැන් නම් කියලා. මට දෙලොව රත් උනේ ඒවෙලේ.
කල්පනාවක ගිලීගෙනම මං ගෙදර ආවා ආවමයි මතක් උනේ කිරි පිටි ඉවරයි නේද කියලා.අතේ රැපියල් විස්සයි තියෙන්නේ. පොඩි එකා අඩන සද්දේ මගේ කන් ඇතුලේ දෝංකාර දුන්නා. ලෝකෙ පේන එක ඇහෙන් පොඩිඑකා මං දිහා බලාගෙන “ තා... තා... තා“ කියනවා .මට සමාවෙයන් ලොක පුතේ, මං වෙව්ලන අත් දෙකෙන් පුතාට හම්බ උනු ඔරලෝසුව අතට ගත්තා. ඒකේ පෙනුම හැටියකට සෑහෙන්න වටින හැඩයි. දෙපාරක් නොහිතා මං පොඩි එකාව තියලා ඉස්කෝලෙ මහත්තයාගේ ගෙදර දිව්වා. ගිහින් ඔරලෝසුව දීලා කීයක් හරි දෙන්න කියන්න හිතුවේ. යනකොට හිටියේ ඒගෙදර ලොකු දරැවා. ඒ දරැවා මේපාර දොස්තර විභාගේ කරනවාලු.මං ඇහුවා මේක අරං කීයක් හරි දෙන්න පුළුවන්ද කියලා, මං වටෙන් ගොඩෙන් විස්තරෙත් කිව්වා. ටිකක් වෙලා බලං ඉඳලා මට රැපියල් දාහක් දුන්නා ඒක අරං මං ඉක්මනට ගෙදර එන්න ආවා.
එනගමන් හිත හිතා ආවේ කොහොමද දැන් පුතා ආවම මේක කියන්නේ කියලා. ඒ ගමන්නම කඩෙන් කිරි පැකට් එකකුයි පොඩි එකාට විස්කෝතු පැකට් එකකුයි අරං ගෙදර උයන්න දේකුත් අරං ආවේ අතේ තියන සේරම වියදං නොකර. එනකොට පොඩිඑකා අඩනවා මං ඌත් නලවන ගමං විගහට කිරි පොඩ්ඩක් හදලා හැන්දෙන් පෙව්වා.
උදේ නැකිටිනකොට ටිකක් දවල් වෙලා කොල්ලා නැති හංදා මං පැටියාව ඇදෙන් නිදි කලේ. කඩේ වැඩත් නැති හින්දා කොහොමද මං මේ කිරි පැටියා ලොකු කරගන්නේ කියලා මට සැහෙන්න කල්පනාවක් ආවා.
පොඩ්ඩාව පැදුර එලලා බිමින් තියලා මං දර ටිකක් පල පලා හිටියේ වතුර ටිකක් උණුකලා පොඩි කොල්ලාව නාවන්න.
ලොකු පුතා කඩුල්ල පැනලා එනවා දැක්කේ පස්සේ. මං ඇහුවා “ මොකද මයෙ පුතේ හදිස්සියේ“. “එහේ කලබල තාත්තේ. උගන්වන් නැහැ නිවාඩු දුන්නා. තාත්තේ නුවන් ආවලු නේද?“එහෙම කියාගෙනම පුතා ගෙට ගියා. මගේ පපුව ගැහෙන්න ගත්තා.
“මොකාද මගේ මේසේ ඇද්දේ ? කෝ මේකේ ඔරලෝසුවක් තිබුණලුනේ ? තාත්තේ .... තාත්තා ඒක කොහෙන්ද තිබ්බේ?“ පුතාගෙන් ප්‍රශ්ණ වැලයි මං ඇහෙන නැහෙන ගානට “ කරන්න දෙයක් නැතුවම කිරිපැකට් එකක් ගන්න මං ඒක විකුන්න පුතේ“ කිව්වා. කොල්ලා දොරත් තල්ලු කරගෙන ආවා තරහෙන්,
“මේ මොන කරැමයක්ද, මං කිව්වා නේද මේකා මගේ ඇඳේ තියන්න එපා කියලා. මුලු ඇඳම ගඳේ බෑ, මොකද්ද මේකේ තේරැම ? තාත්තේ ඔයාට අයිති නැති ඒවා නොකර ඉන්න ඉගන ගන්න. දැන්වත් මේ කරැමේ ගිහින් පොලිසියට බාර දෙන්න නැත්නම් ආයෙ පැත්ත පලාතේවත් එන්නේ නැහැ මං. අනුන්ගේ පැටව් අරං මං තමා දුක් විඳින්න ඕනේ. තාත්තාගෙන් මට හැමදාම දුක විතරයි. මං තාත්තා තාත්තා ගගා ආවට....“ ඉතිරි ටික මට ඇහුනේ නෑ . ඇස් දෙකම මීදුමකින් වැහුනා වගේ උනා.
ඔව් උඹට මගෙන් දුක විතරයි පුතේ.....! මං උඹගේ වයසෙදි ,උඹේ අයිතිකාරයෝ උඹව කානුවක දාලා ගිහින් තියෙද්දි උඹේ කෑගැහිල්ල මට කරැමයක් වගේ ඇහුනේ නැති හින්ද අද උඹ ජීවත්වෙලා මගේ දුක්විඳිනවා නේද මගේ සුදු පුතේ. අම්මෙක්ගේ නාමයක් නැතුව. මුලු ජීවිතේම උඔට කැපකරල මගේ ලේ වලින් හැදුන දරැවෙක් වගේ හදාගත්ත හන්ද උඹ දුක්විඳිනවා නේද මගේ පුතේ.. මං ගැන නොහිතපු හිංදා.උඹ අනුන්ගේ පැටියෙක් කියලා නොහිතපු හංදා මගෙන් අද උඹට දුකක් නේද පුතේ ....!
තාත්තේ..... තාත්තේ.. අනේ තාත්තේ කතා කරන්නකෝ.. තාත්තේ...
අනේ කව්රැ හරි වාහනයක් අරං එන්න

අවුලක් ම නෑ.... හොඳයි...
ReplyDelete:)
ReplyDeleteඑලය.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)
ලියලා තියෙන රටාව සහා වචන භාවිතය ඉතාම ලස්සනයි. නමුත් කතාවෙ ක්ලයිමැක්ස් එක පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන ගතියක් දැනුනා. තව දියුණුවිය යුතු තැන් කීපයක් තියෙන බවක් හැඟුනා. කමක් නෑ. සමස්තයක් ලෙස හොඳ මට්ටමක තියෙනවා. ඔහොම යන්. දිගටම ලියමු.
ReplyDelete:D
Delete