අනූනවයෙන් බේරීම

සුපුරැදු විදියට උදේ ඉඳන් මහන්සිවෙලා කොළඹ කුරැණෑගල බස් එකකට නැගලා අම්මයි මායි වාඩි වුනත් තැන් දෙකක හින්දා දෙන්න අතර මාරැ උන බැල්මෙන් කියවුනේ  “මක්කරන්නද  බැහැලා ගියොත් රෑවෙයි “ කියලායි. ඊලඟ මොහොතෙන් බස් එක යන්න පටං ගත්තා ලොකු සද්දෙකුත් දාගෙන. 

පනස් හතරක් යන බස් එකේ එකසිය පනස් හතරක් දාගන්න ට්‍රයි එක දීගෙන බස් එක පිස්සුවෙන් වගේ ගියේ පාර පුරා කරකවමින් .ඔහොම වරකාපොල ,අඹේපුස්ස හරහා බස් එක හැටට හැටේ ආවයි කියමුකෝ රේඩියෝවක් හයි කරපු  සැමන් ටිං එකක් වගේ.

හතට විතර කිට්ටු වෙලා තියෙද්දියි බස් එක යාංගල්මෝදර කොච්චි ට්‍රැපික් එකට අහු වුණේ.එතන පාස්වෙන හැම වෙලාවෙම කාගෙත් ඇඟේ හිරිගඞු පිපෙන්නේ සීඝ්‍රග්‍රාමී දුම්රියත්  ඇම්.ඩී ගුණසේන බස් එකත් හැප්පුණ සිද්දිය මතක්වෙන හින්දා. හුඟක් ඩ්‍රයිවර් උන්නාන්සෙලාට ඒක අමතක වෙලා නොතිබ්බත් අපේ බස් එකේ ඩයිවර් සීට් එකේ ඉඳපු ඉහඳ පනුවට  ඒක අමතක වෙලා වගේ මේකා කොච්චිය එනකන් ටිකක් වෙලා ඉඳලා කෝච්චිය පේනකොටම දැම්මයි කියන්නකෝ........

මායි අම්මයි එකිනෙකා දිහා බලං හිටින්න ඇති තප්පරයක්.මට නම් දැනුනේ කොච්චිය කනෙන් ගියා වගේ. මුළු බස් එකම තක්බිහිරි වුණා කිව්වොත් හරි.ඔක්කොටම හපං ඩ්‍රයිවර් පිස්සා පපුවේ අතතියං කොච්චිය යන දිහා බලං ඉන්නවා. සහතිකයි පිඹගෙන ගිය කොච්චියෙයි බස් එකෙයි අතර පරතරේ අඩියකට වඩා වෙන්න නැතිව ඇති

බස් එක හෙමින් ඇද්දුවා.එක මනුස්සයෙක් වත් කතා නැහැ. ලොකු කම්පනයක් වගේ උනා හැමෝටම. මේවගේ තැන් වලදි අපේ අම්මා කට වහන් හිටියොත් එක ලෝක පුදුමයක්.ඔව් අපේ අම්මා  වාඩි වුන තැනින් නැගිටලා ගියා ඉස්සරහට. “මොන මගුලක්ද මනුස්සයෝ මේ කරේ, උඹට ජීවත් වෙලා ඇති වුනා නම් උඹ පැනපං මේ සේරම මරන්නේ නැතුව“ කියලා ආරම්භය දුන්නම ඉස්සරහා සීට් එකක මැදි වයසේ ගැහැනු කෙනෙකුත් කුඩෙත් ඇදලා අරං පැන්න සටනට. “ සල්ලි දීල යන්නේ මැරෙන්න නෙවේ බත් කන හරකෝ“කියාගෙන.
ඊට පස්සේ පිරිමි පාර්ශවය හඞ අවදි කලා. ආයෙ එතන ඉඳන් එක හොල්ට් එකක වත් නවත්වන්න නොදී ඩ්‍රයිවර් අයියාට ජීවිතේට ඇතිවෙන්න බැනුම් අහගෙන යන්න උනා. මටත් අසූහාරදාහට නැගලා හිටියේ. මට ජීවිතේ කවදාවත් දකින්න බැහැ මගේ අම්මා මං ඉදිරියේ අසරණ වෙලා ඉන්නවා.මට කවදාවත් දකින්න බෑ අම්මා මං ලඟ අඞනවා. ඒත් සේරටම වඩා කවමදාකවත් මට බලන්න බැහැ මගේ අම්මා මගේ ඇස් ඉස්සරහා .........
සත්තකිම්ම මං බය උනා මට අම්මාව නැතිවෙයි කියලා ඒවෙලාවේ.ඉතින් මායි අම්මයි බහිනකොට මගේ කටටත් තිරිංග නැති වුණා..


මේ මනුස්සය මෝඩ කමට ගේට්ටුව හරහා දැම්මා උනත් ඒක දශමෙන් හරි  වැරදුනානම්..වාසනාවට දෙයියෝ බලලා බේරැණාට වැරදිලාවත් අපි රේල්පාරේ නැවතුනා නම්.එහෙනම් අද මං මේ කවුළුවේ නැහැ.


Comments

  1. පුදුම මනුස්සයෙක් නේ.. මොකද්ද දන්නේ නෑ හදිසිය..:P

    ReplyDelete
    Replies
    1. මාරයා අතවනලාද කොහෙද රවීන් අයියේ. මේ මනුස්සයා අපිවත් අරං යන්න හදපු එකයි අවුල

      Delete

Post a Comment

Popular posts from this blog

මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට - I love the way you lie

love the way you lie - part 2

ආත්මගත බැඳීම - සහෝදරකම