වෙස් මාරැව 02

සුදු පාට ටිකටික බොඳවෙලා සුදුපාට සිවිලිමක් වුණා.. මං මැරිලාද?  නැද්ද?  මට හිතුන පලවෙනි ප්‍රශ්නේ ඒක. මං ඇඟිලි නවන්න හැදුවා. නැවුණද කියල දැනෙනකල් මගේ උපරිම හයිය දාලා අත මිටි කලත් මට කිසි  ම දැනීමක් තිබුනේ නැහැ. හරියට මුළු ඇඟම හිරි වැටිලා වගේ .  කතාකරන්න හැදුවට වචන පිට වුනේ නැහැ. මොකද මට  අවමනා විදියට මගේ තොල් හසුරවන්න අපහසුවක් දැනුනා.
සුදු පාට සිවිලමේ ජායාව අඳුරැ හෙවනැල්ලකින් වැසුනා. තත්පර කිහිපයකින් වගේ මට ඒ සෙවනැල්ල මොකක්ද පැහැදිලි උනේ. කවුදෝ ගැහැනුකෙනෙක් මගේ මූණට එබිලා මොනවද කිවුව,  එයාගේ හිනාව තිබුණ තොල් පෙති වලින් කිව්ව දේ මොනවා උනත්,,
මගේ ජීවිත කාලේ පුරාම මගේ යටි හිතේ  හොල්මන් කරන තරමට  ම, මට ඒ මුහුණ මතකයි. කියපු දේවල් මට ඇහුණේ වත්  මට තේරැණේ වත් නැහැ.  පොඩ්ඩක් ඉන්න , ඒ ලංකාවේ කෙනෙකේ නම් නෙවෙයි. මං මේ කොහෙද? මගේ අම්ම කෝ...?  අම්මා මාව කොහේවත් අරං ආවද? මට අමාරැයිද?
වට පිටාව බලන්න ඇස් ඒ මේ අත කරකවද්දී මගේ අතේ හීනි රිදීමක් එක්කම මට නින්ද යාගෙන ආවා.. ..

***********

මං ඇස් ඇරියා. කලින් වතාවට වඩා මගේ ඇඟට පණ ඇවිත් වගේ දැනුනා. ඇඟ හිරි වැටීමක් දැනුනව වඩා අමුතු සැහැල්ලුවක් දැනුනේ හරියට හිරවෙලා ඉඳලා නිදහස් උනා වගේ. ඇස් වලින් පේන  හැම මානෙකටම ඇස් යවලා කවුරැවත් දකින්න නොලැබුණ හින්දා හිතට දැනෙන්න ලොකු හුස්මක් අරගෙන , මං කෙලින් වෙන්න හැදුවා.
ඒත් හරියට මට නැගිට ගන්න බැරි උනා. මට මාව නුහුරැ ගතියක් දැනුනා. වාරැ කරගන්න බැරි ගතියක්.  ඒ එක්කම මට මතක් වුණා මගේ අත . මහපට ඇඟිල්ල නැතුව තිබුණ මගේ දකුණු අතට මක් වෙලාද බලන්න ඕනේ උනා. මට පොරවලා තිබුණ සුදු රෙද්ද අස්සෙන් මං අත එලියට අරං බැළුවා.
දකුණු අත අපුරැවට තියෙනවා. මට වැදිලා දකුණ නෙවේ වම වෙන්න ඇති මං අනිත් අත  බැළුවා.

මොන විකාරයක්ද?..
මගේ ඇස් වලට හෙන ගහලද?
මගේ අත් නෙවේ, මේ මං අත්දෙකම මුණට ලංකරලා බැළුවා. මේ මේවගේ හැඩිදැඩි අත් කොහෙන්ද මට ?, මගේ ඇඟිලි වෙව්ළුවා.  මං මූණ අත ගෑවා. අමුත්තක්.... මොක්ද මේ,.. ඔව් මට දැනුනා ඒ රැවුල් ගස් ... කෝ මගේ කොන්ඩේ , කෙස් කොට වල සිනිදු ස්පර්ෂය දැනුනත් හිතට දැනුනේ උල් කටු ගොඩක් වගේ.
“අම්මේ...!“ මට කියැවුණා.  මට ඇඟට කොහෙන් ආව පණක්ද මන්දා මං නැගිට්ටා එකපාරම. බෙල්ල ගාවට පොරවලා තිබුණ මම සුදු රෙද්ද විසිකරා අහකට, මොනවද මට මේ පෙනෙන්නේ? මං මනෝවිකාරෙන්ද? මගේ මොලේට ඩැමේජ් වෙලා වත් ද?
මං වට පිට බලන්න පමා නොවී මං දිහා බැළුවා. පලල් උරහිස්,  රෝම ගස් තියෙන පපුවක් !! මේ ඇත්තක්ද බල්න්න මං ඇඟිලි තුඩෙන් මාවම අල්ලලා බැළුවා. ඒ එක්කම අත අහකට ගත්තේ මට මාව අල්ලන්න බය හිතුනෙ නිසා , එක විදියක හිරිකිත ගතියකුත් දැනුනා.
“නෑ.... වෙන්න බෑ.. හීනයක්.. කැත හිනයක්“
මගේ සිහි විකල් වෙන්න ඇති. “අම්මේ... !! අම්මේ...“ මං පුළුවන් හයියෙක් කෑ ගැහුවා.  මගේ කන් දෙකෙන් ඇදගත්තා මං. මට මාව හුරගන්න හිතුනා, මං මේ හමට යටින්  ඇති කියලාමයි හිතුනේ, එලියට එන්න බැරිව හිරවෙලා. .
“නැහැ.. නැහැ..  ඉන්න තැනකින් කවුරැවත් එන්නකෝ අනේ..“ මට ඕනේ උනේ පුළුවන් ඉක්මනට වැරදුන දෙයක් නම් ඒක හරි ගස්සවන්න. “ අනේ මගේ සුදු අම්මේ...අනේ ඇවිත් මාව ඇහැරවන්න අනේ.. මං ජරා හීනෙකට හිරවෙලා දෙයියනේ..  කවුරැවත් නැද්ද මං ඇහැරවන්න.. අම්මේ අනේ ලඟට එන්නකෝ..“
කදුළු පෙරාගෙන ,ඔළුව දෑතෙන් ම බදාගෙන මං කෑගහන්න ගත්තා. අතේ සම්බන්ධ කරල තිබුණ සේලයින් බට ඇදල විසි කරල දාලා මං පිස්සෙක් වගේ දගලන්න ගත්තා. මට දුවන්න හිතුනා ඇඳෙන් බිමට පැනලා. දුවලා කොහෙන් ද නවතින්නේ? මං කාගෙන්ද මේ දුවන්නේ?  
හෙදියෝ කීපදෙනෙක් ඇවිත් මාව ඇඳට තියලා තද කරගත්තා. මේ මොන ලොකෙද මං?
“කම් ඩවුන්.. කම් ඩවුන්.. එව්රි තිංන්ග් ඉස් ඹ්කේ. හව් යු ෆීල් නව්, එනි පේය්න්?“ මේ  සුද්දෝ කොහෙන්ද?
“කොහේ කම් ඩව්න්ද යකෝ තොපි මට මොකද්ද මේ කරේ.. “ මං කෑගහල කිව්වා. ඒත් මුන්ට සිංහල තේරෙනවයැ.  මෙතනින් පැනලා දුවන්න ඕනේ උනා.
“අතහරිනවා මාව මේ මං නෙවේ..මට...

“පුතේ..“ දොර ඇරගෙන ආවේ  හුරැ පුරැදු මුහුණක්. කවුද මේ මං කල්පනා කලා. ශෙවාන්ගේ තාත්තා .. ඇයි එයා මෙහේ.
 මං ගොළු වුණා. මොකද්ද මේ වෙන්නේ. මං කවුද ඇත්තටම??  මං කල්පනා කරා, මට මාව මතකයි. අනේ මට පිස්සු හැදිලද?  මං කඳුළු පෙරාගෙන ශෙවාන්ගේ තාත්තා දිහා බලං හිටියා. “මාව මේ අපායෙන් ගෙනිහින් මගේ අම්ම ගාවට දාන්න අංකල්.. මුන් මාව පිරිමියෙක්ට..“ මං කිව්ව මොනවත් ඇහුනේ නැති ගානට හිනා වෙවී මං ගාවට  ඉක්මනට ශෙවාන්ගේ තාත්තා ආවා.
තාත්තා ඇවිත් මගේ කඳුළු පිහිලා මාව තුරැළු කරගත්තා. මං මොකද්ද කියන්නේ?  මට හිතා ගන්න බැරි වුණා.

“පුතේ බය වෙන්න එපා. මායි අම්මයි ඔයාව සනීප කරගන්න මෙහෙ අරං ආවා. දෙවියන්ට පිං සිද්ද වෙන්න අවුරැදු දෙකකට පස්සේ අද ඔයා නැගිටලා ඉන්නවා.“ ශෙවාන්ගේ තාත්තා මගේ මූන අත ගාන ගමන් අඞ අඞ කියන්න ගත්තා.
“මාව අඳුරන්න පුළුවන් නේද පුතේ? ඔයාට හැම දේම මතකයි නේද? කියන්නකෝ ? මගේ පුතාට දැන් සනිපයි නේද? අපි ගෙදර යමු දරැවෝ.“ මං මොලේ විකාර වෙලා වගේ බලං හිටියා එයා දිහා. මට කතා කරන්න බය හිතුණා.
“ගෙදර“ මං මටම කියාගත්තා. මොකක්ද මං කරන්නේ? වෙලා තියන දේ මගේ ඇස්වලින් දැක ගන්න ඕනේ උනා. බාත් රෑම් එකේ කන්නාඩියක් නැති වෙන්න බැහැ.  මට එලියට යන්න ඕනේ කියලා කිව්වේ ඒකයි දෙපාරක් නොහිතාම.
 මං ශෙවාන්ගේ තාත්තාගේ ඇඟට වාරැවෙලා හිමිහිට අඩියෙන් අඩිය තියලා ඇවිදින්න හැදුවා. මුළු ඇඟම බර ගතියක් දැනුනා වාරැ නැහැ වගේ අඩියක් තියන තියන පාර මට දැනුනේ මේ මං නෙවේ කියන හැඟිම, මේ මගේ දෙයක් නෙවේ කියන හැඟීම හින්දා මට මාව අල්ලන්න වත් හිතුනේ නැ.
මට කවදාවත්ම මේ විදිහට ජීවත් වෙන්න නම් බැහැ. මං මේ පවෙන් ගැලවෙන්න ඕනේ. අඩියෙන් අඩිය හිතුවේ පැතුවේ මේක හීනයක්ම වෙන්න කියලා.

මූණ හෝද ගන්න තැනට තාත්තාට අමාරැවෙන් වාරැවෙලා ආවත්, මං තනියම ඇතුලට ආවා. මට තනයම ඉන්න ඕනේ උණා. කාමරයට ඇතුල් වුණ පලවෙනි තත්පරේ මම වටේටම ඇහැ යවලා හෙව්වේ කන්ණාඩියක්.. මං දැක්කා කණ්නාඩියක්.  මං බයෙන් බිත්තිය අල්ලං ඒ ලඟට ගියා.
කන්නාඩියෙන් මගේ මූණ බැළුවා. බොහොම හෙමිහිට.. සැකෙන් බයෙන් පපුව ගැගෙන්න ගත්තා.
 මං ගැස්සුනා. ඇස් පියා ගත්තේ දැක්ක දේ ඇත්තක්ද සැක හින්දාමයි. ඒත් ආයෙමත් ඇස් ඇරලා  දෑතින්ම මං මූණ අල්ලලා බැළුවේ කණ්නාඩියත් මට බොරැ කරනවද?  මේ මංමද? කියලා බලන්න. මට මතක් වුණේ ශෙවාන්ගේ ඇස් .. කණ්නාඩියෙන් ඒ ඇස් මං දිහා බලන් ඉන්නවා මට බලන් ඉන්න බැරි උනා.
පස්සෙන් පස්සට ආව මං දොරට හේත්තු උනේ ඉබේම, මට හිතුනා මගේ පපුවේ සද්දේ දොරෙන් එහා පැත්තට ඇහෙයි කියලා.  හුස්ම ගන්න සද්දේ මුළු වොර්ඩ් එකටම ඇහෙනවා ඇති හිතුනා. .
කන්නාඩියෙන් මං දිහා බලං හිටියේ ශෙවාන්. ඒත් මං ඔයා නෙවෙයි,  මොකද්ද මේ උනේ මං මගෙන්ම ඇහුවා. කවුද මාව විස්වාස කරන්නේ..? කාටද කියන්නේ?  මං ශෙවින්ද්‍යා...
“මං....“ ඇහෙන්න කතා කරන්න බය හිතුනා. මගේ කට හඞ මොනවගේද කියලා ඇහෙනවට මට බය හිතුනා. ඒත් වෙනසක් නැහැ  හැමදේම ශෙවාන්ගේ, ඒත් මං... ?? එක රොම ගහක් වත් මගේ නෙවෙයි එයාගේ..
මං එයා ඇතුලේ හිරවෙලා.

 “පුතේ“ ඒ ශෙවාන්ගේ තාත්තාගේ කටහඞ. ඒ කට හඞ ඇහෙනකොටත් මම බය වුණා.
 එයාට කිව්වොත් මේ කතාව...  අංකල් තේරැම් ගනීවිද?  එයාගේ දරැවා නොවෙයි මම කිව්වට? පේන්න තියෙන දේ නැහැ කිව්වට පිළිගනීවිද? නැහැ. ... පුළුවන් ඉක්මනට මේ කතාව විෂ්වාස කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න ඕනේ. ලොකු හුස්මක් අරං මං තීරණය කලා.
“මේ එනවා“ මට තාත්තේ කියන්න කට ඇරැනේ නැහැ..    මං සද්ද නැතුව ආවා එලියට. හිතේ  පැටළුණ සැලසුම් ගොඩක් එක්කම.. ඒ මූණ දිහා මට බලන්න තරම් හයියක් ආවෙ නැහැ.
බය හිතුණා මං හිතන දේවල් එයාට දැනෙනවද  කියලා.
ශෙවාන්ගේ තාත්තා මගේ ඇඳුම් මාරැ කලා. මං කොච්චර හංගන්න හැදුවත් මට කඳුළු හංගන්න බැරි උනා. තාත්තා හිතන්න ඇති මට යාළුවො මතක් උනා කියලා.

“අපි යමු ගෙදර“ ශෙවාන්ගේ මුහුණුවර තියෙන ගැහැණු කෙනෙක් මගේ අතින් අල්ලගෙන කිව්වා. ශෙවාන් ගේ අම්මා වෙන්න ඇති. මං දැකලා තිබුනේනැති හින්දා මට විස්වාස නැහැ. 
මං ඔහේ ඇවිදගෙන ගියා පොඩි ළමෙක් වගේ ඒ අතේ එල්ලිලා. කිසිම දෙයක් මට හිතාගන්න අමාරැ උණා. වාහනේ වාඩි උණාම මගේ වටේ ලොකෙ කැරකෙනවා වගේ දැණුනා..

“එන්න අපි ගෙදර ආවා. මං පුළුවන් විදියට ඔයාගේ කාමරේ පරිස්සමට පිරිසිදු කරලා තියාගත්ත පහුගිය කාලේ “ ශෙවාන්ගේ අම්ම කිව්වා. ටිකක් නිදා ගන්න ඒකෙන් හැම දේම හරියාවි. මගේ නලල ඉඹලා ඇය කිව්වා.
එයා කාමරෙන් යන්න දොර ලඟට ඇවිල්ලා ආයෙම හැරිලා මං ගාවට ඇවිත් මාව බදාගෙන ඇඞුවා. සතුටු කඳුළු කිව්වොත් හරි. හැබැයි ඒ ඇයට විතරක් .....ඔව් එයාට විතරක්...

ශෙවාන්ගේ අම්මා කාමරෙන් ගියාම මං වට පිටාව බැළුවා. අවුරැදු දෙකක් මං සිහි නැතුව හිටියද? ඇත්තටම මේ මං ද?  මං හෙමීට ඇඳෙන් බැහැලා ජනේලේ ලඟට ආවා. ලස්සන වටපිටාව..ඒත් මේ ශෙවාන්ගේ ගෙදර මිසක් මගේ නෙවෙයි.  මේ කොහෙද කියන්න වත්  මම දන්නෙ නැහැ.  අවංකවම මං ශෙවාන් නෙවෙයි.
ආපහු හැරිලා ඇඳ පැත්තට ආවේ මට ඔළුව කැරකෙනවා වගේ දැනුන නිසා.  මට මගේ අම්මා ඕනේ,  මගේ විදුරව ඕනේ, මට බැහැ මෙහෙ ශෙවාන් වෙලා ඉන්න. ඒත් මම කෝ?  මං මගේ ඇඟ දිහා බැළුවා. මට ආයෙ ගැහැනු ළමෙක් වෙන්න විදිහක් ඇත්තේම නැහැ. ඒත් මේක උනේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.
ලඟ තිබුණ රාක්කෙක මගෙයි ශෙවාන්ගෙයි පින්තූරයක් රාමු කරලා තියෙනවා දැක්කා. ශෙවාන්ට මාව මතක්වෙන්න වෙන්න ඇති ඒක තියෙන්න ඇත්තේ.  ඒත් අද මට මාව මතක්වෙන්න ඉතිරි ඒක විතරයි. මං ෆොටෝ එක අතට අරං බලාගෙන හිටියා. මමත් නොදැන කඳුළු පෝලිමක් ෆොටෝ එකේ වීදුරැවට වැටිලා මාව බොඳ කරා.
මට ගැලවුමත් නැහැ. මොන පවක්ද මේ මට සාප වුණේ . අනේ ශෙවාන් ඉන්න තැනකින් ඇවිත් මාව බේරගන්න මේ අපායෙන්. ඇඳට වැටුන මං ඇඞුවා මට පුළුවන් තරම්.ශෙවාන්ගේ අම්මා කිව්වා වගේ නිදාගත්තම හැමදේම හරි යනවනම්...
අනේ මගේ අම්මේ, මං ඇහැරෙනකොට මං ගාව ඉන්න. මේක මාව බයකරන නපුරැ හීනයක් විතරයි කියන්න..


.............................................................................................................................ඉදිරියට........................

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම