වෙස් මාරැව 03

“පුතේ ලැහැස්තිවෙලා පහලට එන්න “
සුපුරැදු කටහඞක් නොවුනත් මං ඇහැරැනේ ශෙවාන්ගේ අම්මගේ කටහඞෙන්.  ඇහැ ඇරපු ගමන් මං බැළුවේ වෙනදා වගේ මං මගේ ගෙදර ඇඳේ ඉන්නවාද කියලා. ඒත් ...
දැන් තේරෙනවා මේක තවදුරටත් හීනයක් නෙවෙයි.  ඇඳේම වාඩි වෙලා ආයෙමත් ඇස් පියාගෙන හිටියේ ඇත්තට මූණ දෙන්න තියෙන බයට. අමුතු හැඟීම් වලින් ඇඟටට නුහුරැ බවක් ආවත් මං හිත තද කරගන  ඇඳෙන් නැගිටලා නාගන්න ගියා.
පිළිකුල් කරන්නේ මං ජීවත්වෙන ඇඟමයි නේද කියලා හිතුනත්  මට හිත හදාගෙන මගේ ඇග දිහා බලන්න ලැජ්ජාවක් දැනුනා.

තුවාය ඇඟේ පටලගෙන ඇවිත් ඇඳුම් තොරනකොට මට හිතාගන්න බැරි උනා මොකක් අඳින්නද කියලා. අන්තිමට හිතලා බලල ෂෝටක් අරං ඇඳගෙන සුදු ටී එකක් දාගෙන ලෙඩ වුණ මනසක් එක්ක පහල තට්ටුවට ගෑටුවා. “කෝ පුතේ සපත්තු“ ශෙවාන්ගේ අම්මා  කෝපිඑකක්ද කොහෙද හදන ගමන් ඉඳලා, ඒකත් නවත්තලා මගෙන් ඇහුවා.
“ අහ් “ මං ආපහු කාමරේට  දිව්වා.  “මූ මේවා කොහෙද දන්නැ තියන්නේ අප්පා“  හිතෙන් බැණ බැණ මං කාමරේ පීරලා හොයනකොට අතට අහු උන දෙකක් කකුලට  දාගෙන ආයෙ පහලට ආවේ මර බඩගින්නෙන්.
“ඔයා වෙනදා චීස් කන්නේ නැහැනේ පුතේ..“ අම්මා කිව්වා.
“මං, මං මේ.. ගානක් නැ කෑවා අද නිකමට “ මේ මෝඩයා ඒව කන්නෙත් නැද්ද ? මාව අහුවේවිද? මගේ ඔළුව හොඳ නැති වෙලා කියලා ආයේ ඉස්පිරිතාලේ වත් ගෙනියයි ද? මට බයක් දැනුනා.

“මට යාළුවෝ බලන්න ආයෙ ලංකාවට යන්න ඕනේ අම්මා.“ මං මගේ එකම බලාපොරොත්තුව එක හුස්මට කිව්වා.
“කතා කරන්න එපා ඒ ගැන . ආයේ යන්න අහන්න හිතන්නවත් එපා එච්චරයි.“ උත්තර දුන්නේ ශෙවාන්ගේ තාත්තා. මට කන්දෙක රත්වේගන එනවාවගේ දැනුනා. ඒත් නිහඞව හිටියේ කතාවෙන් වැඩේ කුරැවල් කරගන්න වෙයි කියලා හිතලයි.

“අද ටියානා එනවා පුතාව බලන්න. අද රෑ කෑම පිටින් ගම්මු කියලයි තාත්තා කිව්වේ. පුතාට හරියන ඇඳුමක් එහෙම ගන්න යනවනම් යමු ටිකකින්.“ අම්මා කියාගෙන ගියා.

ටියානා“ කව්ද ඒ... ශෙවාන් මෙහෙ බැඳලා ඉඳලද? එයාගේ කෙල්ලද? අනේ අම්මෝ ළමයිනුත් ඉන්නවද දන්නෑ.  මෙහෙම ගියොත් ශෙවියෝ උඹ මෙහේ දරැ පවුල් කාරයෙක් වෙන්නයි යන්නේ.. මගේ හිත  කිව්ව.
මං මේකෙන් ගැලවෙන්න ඕනේ පුළුවන් උන ගමන්. මගේ හිත පුදුම විදියට කාර්යබහුල උනා මං එක්කම.
නිහඞවම උන් තැනින් නැගිටලා කාමරේට ගියේ  තනියම ඉන්න එක තරම් සැපක් මට වෙන දැන් නැති නිසා.
“කාලත් ඉවරද දරැවෝ?“ ශෙවාන්ගේ අම්මා කිව්වත් මං නෑහුනා වගේ උඩට ආවා.

ඇඳට වෙලා ජනේලෙන් එපිට බලාගෙන මට හිතන්න දේවල් ඕනේ තරම් තිබුණා. පහුගිය අවුරැදු දෙකේ මොනවා නම්  වෙන්න ඇද්ද?  මගේ විදුරට මොනවා වෙන්න ඇද්ද?  අම්ම මං ගැන මානවා හිතනවා ඇද්ද? ශෙවාන් ලංකාවේ ඉන්නවද දන්නේත් නෑ මං වගේම කරදරේක වැටිලා.
මං මුළු කාමරේම ඇදලා බැළුවා පාස්පොට් එකක් තියෙනවද බලන්න. ඒත් හම්බ උනේනැහැ. කබඩ් එකක් අස්සේ තිබුණ ශෙවාන්ගේ ලැප් එක ඇරැණම වෙන දෙයක් මට හමුවුණේ  නැහැ.  හරියට කතාවක් වගේ මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, කොහොමද මෙහම උනේ.. මං ආයෙම මගේ මූණ අතගාලා බැළුවා.
නැනැ යන්න ඕනේ මොන ක්‍රමෙන් හරි මේ අපායෙන් මං. අම්මා ගාව ඉන්නයි මට ඕනේ. ලොකු සුසුමක් පිට වුනේ හිතේ තියෙන කළ කිරිමටද? ඇඟට දැනුන අප්‍රාණික බව හින්දද වත් හිතන්න  මට උවමනාවක් තිබු‍ණේ නැහැ. හිතේ තිබුණ එකම අරමුණ ලංකාවට යන්න. එච්චරමයි.

“අයියෝ ශෙවාන් මං දැන් කීපාරක් කිව්වද ළමයෝ...... ලැහැස්ති වෙන්නකෝ. වෙනදා ශොපින් කරන්න කිව්වම වාහනේ ඉඳන් මට කෑගහන ඔයා අද තාම ඇඳේ ? “ අම්මා ඇවිත් කියනකල් මට පියවි සිහියට එන්න අමතක උනා.
“ඇයි දරැවෝ , අමාරැවක් ද? අපි ඩොක්ටර් ගාවට යමුද?“
“න් නැහැ නැහැ... කිහිම අමාරැවක් නැ. යං අපි මෙහෙමම.“  මං බය උණේ ආයෙමත් තව කරදර මට දාගන්න උවමනා නැති හින්දායි.

කොහෙන් කොහාට ආවද කියලා මට ගානක් නෑ. මං මීට කලින් ඔස්ට්‍රේලියා ආව කෙනෙක් යැ.  ශෙවාන් ගේ අම්ම ඉස්සරහින් යන කොට මං ඔහේ පස්සෙන් ආවා. ඇස් රිදෙන්න අරං කඳුළු පිරැණේ, මට මගේ අම්මව මතක් උන හින්දා. අනේ එයා මොනවවා කරනවා ඇද්ද. මං පුළුවන් ඉක්මනින් එනවා අම්මේ. පුළුවන් ඉක්මනට...

ශෙවාන්ගේ අම්මා එයාට ඇඳුම් තෝරන්න ගත්තා. මං කල්පනාවක වැටීගෙන උඩට ආවේ මටත් මොකක් හරි ඇඳුමක් ගන්න. මට නිකමට දැනුනා කට්ටිය මං දිහා බලනවා වගේ . ටිකක් මූණ උස්සල බැළුවම දැක්කේ මං නොදැනුවත්වම ඇවිත් තියන්නේ ගැහැණු ළමයින්ගේ ඇඳුම් බලන්න.
දෙයියෝ සාක්කි.. ඇති මං මෙතන ඇඳලා බැළුවේ නැතුව. ලැජ්ජාවට මං රතු වෙන්න ඇති. හෙමීට අතේ තිබුණ ඇඳුම් දෙක තුන  ෂේපට තියලා, මං පිරිමි අයගේ තට්ටුවට යන්න හැරෙනකොට අහම්බෙන් දැක්කේ මං ඉස්සර ඉඳන් ආසා කරපු විදිහේ ගවුමක්.. මෙරෑන් පාට.. කළු නෙට් වලින් වර්ක් කරපු ... මට ඒක නොගෙන යන්න හිත දුන්නේම නැහැ.

“ඕනේ එකක් උනාවේ මං අරං යනවා“දෙපාරක් නොහිතා ගවුමත් අරං යන්න හැරෙනකොට ලඟ ඉඳපු කෙල්ලෙක් මං දිහා බලං හිටියා.  මං ගැස්සුනා. මං ලඟ තිබුණ කණ්නාඩියෙන් මං දිහාම බැළුවා.
 මං ඇවිදින විදිය කොහෙමද දන්නෑ. අඩියක් දෙකක් ඉස්සරහට පස්සට ගිහින් බැළුවේ  මං කෙල්ලෙක් වගේ ගස්ස ගස්ස යනවා වත් ද මේ හැටි කෙල්ලෝ මං දිහා බලන්නේ කියලා දැනගන්න. අර කෙල්ලට හිනා. මං රැව්ව.  වරදක් නෑ  පිටින් මං අංගසම්පුර්ණ පිරිමියෙක්.
“ශෙවාන් දිහා කෙල්ලෙක් බලන්නේ නැත්තන් තමයි පුදුමේ“ මං මටම කියගෙන ආවා කොල්ලන්ගේ ඇඳුම් පැත්තට.
ම්හ්.. මොනවද ගන්නේ මට තේරෙන්නේ නැහැනේ ගන්න. වටේම බලලා ආයෙත් මුල් තැනටම ආවේ මට මොන සයිස් වගේ හරියයිද මන්දා කියලා. අන්තිමට තෝරලා තෝරලා කළු ටි එකකුයි. අයිස් බ්ලූ ඩෙනිමකුයි  අරං පහලට යනකොට ශෙවාන්ගේ අම්මා බලාගෙන ඉන්නවා මම එනකල් .
“අම්මෝ පුතේ, ගෑනු අයටත් වඩා ඔයා වෙලා ගත්තනේ .මං මගේ ඒවා අරගෙන හුඟක් වෙලා.“ ශෙවාන්ගේ අම්මා පුදුම වෙලා වගේ හිටියේ ඇයි කියලා මට තේරැනේ ඒ වෙලාවේ. පිරිමි කවද්ද ඇඳුම් තේරැවේ, දැක්කා ගත්තා ආවා මිසක්.
“ආ කාඩ් එක  පුතා බිල් කරලා එන්න“ මං ඒකට නම් හිනා උනා. වෙලාවට අම්මා ආවෙ නැත්තේ නැත්නම් ගවුමත් දකිනවානේ.

ගෙදර ආවගමන් මං කාමරේ දොර වහන් ගවුමේ හැඩ බැළුවා. පස්සේ කාටවත් අහු නොවෙන්න හැංගුවේ ඒක නැති කරගන්න ලෝබ හින්දා. වොෂ් එකක් දාගෙන ගෙනාපු ඩෙනිමයි ටී එකයි දාගෙන මං පහලට ආවේ දවස් කිපයක් ඇතුලත කොහොම හරි පාස්පොට්  එක හොයාගන්න හිතාගෙන.
ශෙවාන්ගේ අම්මා තාත්තා ලැහැස්ති වෙලා පහලට වෙලා මං එන දිහා බලං හිටියා හිනා වෙවි. එතකොටයි මතක් උණේ.. මේ ටියානා කවුද? මං මොන වගේ උගුලකටද අහුවෙන්න යන්නේ.. දෙයියෝ තමයි දන්නේ , අනේ තවත් කරදර නම් එපා !! 
“මේ ඉන්නේ මගේ කොළු පැටියා ලස්සනට“ ශෙවාන්ගේ අම්මා මාව ඇදලා අරං කම්මුල ඉම්ඹා.  අනේ මගේ අම්මට මං නැති අඩුව මකන්නේ කවුද? මට හිතුනේ ඒ දේ විතරයි. ගමනාන්තයට යනකල්ම ශෙවාන්ගේ දෙමාපියො හිටියේ පුදුම සතුටෙන්. මං විතරක් ගොළුවා වගේ කල්පනාවක ගිලිලා හිටියේ.
“ වෙන දේකට මුහුණ දෙනවා“ ලොකු හුස්මක් අරං රෑ කෑමට නියමිතව තිබුණ අවන්හල ඇතුලට කට්ටියම ගියා. වෙන් කරපු මේසේ හිස්ව තියෙනවා දැක්කම මට දැනුනේ පුදුම සතුටක්. ඇය කවුරැ උනත්, එයා නොඑන තරමට හොඳයි.  සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ....................

**********

පු ගමන් එක පිම්මට මගේ ඇඟට පැනලා..  මාව හුස්ම හිරවෙන තරමට බදාගෙන , එකදිගට කියවන්නයි අඞන්නයි ගත්ත මේ කෙල්ල මොනවගේද  කියලා වත් මට හරියට  බලා ගන්නබැරි උනා. මං වුණ දේ මොකද්ද හිතාගන්න බැරිව ගල් ගැහුනද මන්දා. පස්සේ අමාරැවෙන් දඟලලා එයාගේ අත් වලින් මං ඈත් උනේ මේ විදිහට කෙල්ලෙක් බදාගන්න කිසිම උමනාවක් මට නැති හින්දා.  එයා සංසුන් වෙලා වාඩි උනත් මගේ අත මිරිකගෙන මගේ ඇස් දිහාම බලන් ඉන්න ගත්තා.  ඇත්තටම මට එයා දිහා කෙලින් බලන්න බැරි උනා විතරක් නෙවේ එයා ගැන තරහක් ආවා.
හම නම් සුදුයි අම්මා හරි තාත්තා හරි ලංකාවේ වෙන්න ඇති. කොන්ඩේ කළුයි කොටයි. ඇස් නම් ලස්සනට පෙනුනා මට. ඒ ඇස් ලොකු කරන් මං දිඅහා බලං ඉඳපු හින්දද මන්දා. ශෙවාන් මට කිව්වේ නැහැනේ කෙල්ලෙක් ඉන්න කතාවක් වත්. ශෙවාන්ගේ අම්මා නම් එයාට හරිම කැමතියි වගේ. තාත්තා ඒ ගැහැණු ළමයාගේ තාත්තා එක්ක කතාවක්.

ගිරවී වගේ ඉංග්‍රීසි කෑලි මැදට සිංහල දදා කියවන ටියානා කොල්ලෙක්ට හිත යන විදියේ ගැහැණු ළමෙක් තමයි කියලා මට හිතුණා. ඒත් කිව්ව කිසිම දේකට මං අඩුගානේ “හම් “ වත් කිව්වෙ නැහැ.
“ඔයා සනිප වෙනකල් මං ඉවසුම් නැතුව හිටියේ ශෙවාන්..අපේ මැරෙජ් එක ගැන මං හින බල බල හිටියේ. . .  අනේ ඇයි ඔයා නිහඞ? තාමත් මට අකමැතිද ? “ එයාගෙන් මට සැනසීමක් දැනෙන්න ඇහුණ මුල්ම වචන ටික  තමයි ඒ.  ඒ කියන්නේ ශෙවා කැමැත්නෙත් යාළු වුණ එකක් නෙවේ. පපුව ගැහෙන එක සාමාන්‍ය මට්ටමට හැරැනේ එතකොටයි. 
 “ඔව්“ කියපං මෝඩයෝ... “ඔව් “කියපං.. කියලා මගේ හිත කෑගැහුවට මට ඒක කියා ගන්න බැරි උනා. ඒ ඇස්වල කඳුළු තියෙනවා දැක්කම .
“ මං.. මං වොෂ් රෑම් එකට ගිහින් එන්නම්“ මට ඒ වෙලාවේ එතනින්  පැනගන්න වෙන විදියක් මට මතක් උනේ නැහැ.

මේ මොන කරැමයක්ද?  ඇයි මං අකමැතියි කියලා දැම්මේ නැත්තේ කෙලින්ම. මං ඉක්මනින් යන්න ඕනේ  මං ..යන්නම ඕනේ  මං.. , පිස්සුවෙන් වගේ කියවා කියවා මං වොෂ් රැම් එක ඇතුලට  ආවේ ශරීර කෘත්‍ය අවශ්‍යතාවයක් හින්දා නෙවෙයි ඉතින්, සිංක් එක ගාවට ඇවිත් මං කණ්නාඩියෙන් මුණ බලං හිටියා. හිතෙන් මටම බැණ බැණ.

 “වෙය ද හෙල් යූ කමින්ග් සන් ඔෆ් බි..“
අපොයි, මං අසිහියෙන් ලේඩිස් වොෂ් රෑම් ඇවිත්.  මැදි වයස් කාන්තාවක්  මාව මරාගන්න වගේ ඇඟට කඩං  පැන්නා. ගුට් නොකා අනුනමෙන් අහකට පැනගෙන,  “සොරි මැම්, එක්ට්‍රීම්ලි සොරි..  ප්ලීස් ඩෝන්ට් මිස් අන්ඩස්ටැන්ට් මී., ඉට් වෝස් ජස්ට් අ මිස්ටේක්..“  කිය කිය පස්සෙන් පස්සට ඇවිත් අනෙත් පැත්තේ වොෂ් රෑම් එකට  දිව්වත් අර ගැනු මනුස්සයා  දොරගාවටත් ඇවිත් බනින්න ගත්තා. වටේ මනුස්සයොත් දැක්කද දන්නෑ. මමත් කරගන්න දේවල්.

වස ලැජ්ජාවයි. මුණත් රතු කරං, එයා යනකල්  මං බොරැවට හරි ටොයිලට් එකක ඉන්නවා කියලා හිතං ඇතුලට ආවමයි මට  තරැ පෙනුනේ.....

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම