වෙස් මාරැව 05

ල්පෙනිත්තක් බිම වැටුණත් ලෝකෙටම ඇහෙන තරම්  නිහඞ බවක් කාමරේ පුරාම තිබුනේ . ඔරවගත්ත මස්සිනා පොඩ්ඩයි, ඇස් රතු උන ශෙවාන්ගේ අම්මයි  ඇරැණම කලකිරැණ පාටක් තිබුන තාත්තාගේ මුණ විතරක් මං වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඉඟි කරා. මං තෝන්තුවෙන් වගේ වටේම බලල වචනයක් කියන්න කට අරිනකොටම, මස්සිනා කාමරේ දෙදරන්න දොර වහගෙන තරහෙන් යන්න ගියා. කරන්ට් වැදුනා වගේ තප්පරයක් ඉඳපු අම්මාත්  පහලට ගියා. 
දෙලොවටම නැතුව වගේ ඉස්පිරිතාලෙදි ඇස් ඇපු වෙලාවේ, මං දිහා බලං ඉඳපු විදිහටම ශෙවාන්ගේ තාත්තා මං දිහා බලං ඉඳලා මං ගාවට ආවා.
“ඇයි මගේ පුතේ බිව්වේ. උඹ කවදාවත් බීල මේ ගෙදරට ඇවිත් නැ පුතේ.“ උඔට ඇත්තටම තාම අපිව මතක නැද්ද?“ මගේ උරහිසෙන් අල්ලගෙන එක දිගට ප්‍රශ්ණ වැලක් අහගෙන ගියා.
 මට උත්තර බඳින්න ඉඩ නොදීම තාත්තා ආයෙත් කතා කලා.
“උඔට උඔව අමතක වෙලා පුතේ.“ තාත්තා කඳුළු හංගගෙන කාමරෙන් ගියා. “තාත්..“  මං නැගිට්ටත් තාම කෙලින් කටින් ඉන්න බැරි ගතියක්  වගේ ආවා.


“උඹට උඹව අමතකවෙලා පුතේ.“ 
අඩියක් තියන තියන වාරයක් ගානේ මගේ ඔළු ඇතුලේ ඒ වචන දෝංකාර දුන්නා. යංතං මූන හෝදගෙන ,බිම බලාගෙන ,ජීවිතේ පරාද උන පිරිමියෙක් වගේ, මං ඔහේ ඇවිදගෙන ගියා. කොහෙද යන්නේ මං මගෙන් ම ඇහුවා. මට ඊයේ මක් උනාද කියලා මට හරි හැටි වැටහීමක් තිබුනේ නැහැ.
“උන දේ දැනගන්න කෙනෙක් හිටියනම්....“ කවුරැවත් නැති පාළු පාරේ මං ඇවිදගෙන ආවා. නොදැනුවත්ව හරි පුරැද්දට වගේ මං ගොඩවුනා  කොෆිෂොප් එකකට. කෙරවලේ  තිබුන  අඳුරැම මුල්ලේ වාඩි වෙලා හුස්මක් ගන්න කලින්..

“අම්මෝ උඔ.. උඔ..ට කතාකර කර.. මං.. පස්සෙන් ආව , යකෝ ගේ ගාව ඉඳන් ම . ඇහෙන්නේ නැද්ද? මේ තරං දුරක්. උඹේ කන් දෙක සාක්කුවෙද තිබුනේ“.
මූ ශෙවාන්ගේ තාත්තාගේ මල්ලිගේ පුතා.යොහාන්. මං ගෙදරට ආව දවසේ ඉදන් එයා නිතර මං ලඟ හිටියා. මට එයා ගැන කියන්න බැරි උන එක ලොකු වරදක්.
“පලයං පලයං... මටත් එක්ක බොන්න දෙයක් ගෙනෙං.. දැන් පනයන්න එන්නනේ උඹ පස්සෙන් පන්නලා. “ කියාගෙනසීට් එකට දබස් ගාලා පැනපු මේ කොල්ලගේ කට ටිකක් වැඩී උනත් හොඳ කෙනෙක්. මේ රටෙන් මං ෆොටෝ එකකින් හරි කලින් දැකලා තිබුණ එකම අඳුරන කෙනා යොහාන් විතරයි.

පාඩුවේ ඉන්න ආව වෙලාවක මේ වගේ කටර් එකක් ලඟ නැවතුන එක ගැන මගේ හිතේ කැමැත්තක් තිබුනේ නැහැ.“ ඇයි ඉතින් පන්නගෙන ආවේ. මං කල්පනාවක හිටියේ ,ඇහෙන්න නැතුව ඇති “. මං නැගිලා යන්න හදිස්සියක් නැති විදියට ඇහුවා.
“ඒක කියන්න තමා ආවේ. . හිටපං මං ම අරං එන්නං. කෝ  දිපං සල්ලි..“
බටු ඇටේ වගේ ඉඳන් පන්නගෙන ඇවිත් මගේ නිදහසත් කාලා.. තව මගෙන් සල්ලිත් ඉල්ලනවා . දෙන්න හිතයි මට මුට තව ටිකක් මිටි වෙන්න.  හිතෙන් බැන බැන මං උගේ අතට පර්ස් එක දුන්නා.
“අංකල්ට පිස්සු බං ... උඹ ඉස්සර එකාමයි  “ මං දිහා අමුතු විදිහට බලල ආපහු පර්ස් එක මගේ අතෙන් තියලා  “ උඔට සීනි හොඳ නැනේහ් “ කැත හිනාවක් දාගෙන  කැෂියර් එක ලඟට ගියා.
මොන මොනාද අරං ආපහු මං ලඟට ආව යොහාන් , ටිකක් බැරෑරැම් බැල්මක් එක්ක  කතා කලා. “අංකල් කිව්වා  මට උඹ එක්ක කතාකරන්න කියලා. “  විනාඩියක් විතර මං දිහා බලං බටේ කටේ ගහන් ඉඳපු යොහාන්,  “සේරටම කලින මට කියපං ඇයි උඹේ මස්සිනාගේ  කෙල්ල බදාගත්තේ ?“

“මොක?“ බීප්වා පිට උගුරෙ ගිහින් ආපු කැස්සත් එක්ක  මගේ ඇස් එලියට පනින්න තරං ලොකු වෙන්න ඇති.
“ඔව් ඉතින් සිහියක් තියෙන එකෙක් කරන වැඩක් නෙවේ තමා. වාරැ නැතුව ඇඟට වැටුණා ...ඒක කමක් නෑ කියමුකෝ. ඒත් මොන මඟුලකටද ඒකි බදාගෙන සින්දු කියන්න ගත්තේ?,
මස්සිනා හොඳ හන්දා හොඳයි. නැත්තං උඹට ආයෙ ඉස්පිරිතාලේ ලගින්න වෙයි. හැබැයි මෙහෙම වත් මතකයක් නැති වෙන්නම  පාරක් දෙකක් වැදිලා.“ යොහාන් කියාගෙන ගියා.
“දෙයියෝ සාක්කි.!!“ මට කියවුනා.
“දෙයියෝ කොහෙ සාක්කි දෙන්නද ශෙයියෝ ... උඹ මගේ වස්තුව නැතුව ඉන්න බෑ.. කියලා අඞාගෙන දොඩාගෙන වෙන්න නෑනව බදාගත්තම...“
හිකි හිකි හිනාවක් දාගෙන කියන්නේ යොහාන්ට මේව විහිළු වගේත
“මොකෙද්ද කොල්ලෙක් ගැනත් කියෙව්වලු . මස්සිනා උඹව ඇදලා අරං දෙකක් දෙන්න යද්දි ටියානත් එතන ඉඳලානේ. ඒකි අයියාටත් කෑගහලා  තමා උඔව ෂේප් කරලා ගෙදර ගෙනාවේ.“
“ටියානා“ මං නැගිට්ටා .
“කොහෙ යන්නද ඉඳපං තව කියන්න තියනවා.“ යොහාන් මගේ අතින් ඇද්දා. මං ආයෙමක් සිට් එකට බර උනා. යොහාන් හරිබරි ගැහිලා වාඩිවෙලා කතා කලා.
“ඇත්තටම උඹ අපි එක්ක කතාකරාට හිනා උනාට  උඹට අපිව මතකද බං  හරියටම.?“
“අනේ ඇයි  එහෙම ඇහුවේ?“ මං දෙගිඩියාවෙන් කතාකරේ මං ගැන හැමෝටම තේරිලාද කියලා බයෙන්.
“උඹට නිකමට වත් මතකද උඹේ අම්මා, තාත්තාගෙන් වෙන් වෙලා ඉඳපු බව? මාත් එක්ක උඹ ඉඳපු විදිහ?  අඩු ම ගානේ උඹ ටියානාගේ මූණ වත් නොබලා මගඇරපු බව? යොහාන් මගේ ඇස් වලට එබිලා ඇහුවා.
“ අදට සති කීයක්ද ? තාම උඹ ශෙවින්ද්‍යා ගැන නිකමට වත් මං එක්ක කිව්වේ නැහැ? ඒකමයි මට ප්‍රශ්නේ?“ 
හයියෙන් හුස්මක් අරගත්ත යොහාන් ,
“උඔ ශෙවාන්, සම්පූර්ණ ම වෙනස් කෙනෙක්  වෙලා.  .  තාත්තා බයෙන් ඉන්නේ උඹ තාම අසනිපෙන් අවසිහියෙන් ඉන්නේ කියලා.“

“මෙහෙම ගියොත් මං පිස්සෙක් වෙයි යොහාන්.“ මගේ  ඇස් වලට තවත් දරාගන්න බැරි උනා. “මට ලංකාවට යන්න උදව් කරපං .මට එකම සැනසීම ඒක විතරයි. මට වෙන කියන්න කෙනෙක් නැහැ“
මම යොහාන්ගේ දකුණු අත  මගේ අත් දෙකෙම්ම මිරිකගෙන කිව්වා.
“ඇයි බං මේ  අඞන්නේ? අවුරැදු පහක් තිස්සේ මලමිනියක් වගේ ඉඳපු උඹ. දැන්  වෙනස් වුණාට අපිට උඹව එපාවෙලා නැහැ ශෙයියා.“ පුදුමෙන් කට ඇරං මං දිහා බලං ඉන්න යොහාන්ට මං කොහොමද ඇත්ත කියන්නේ?
“භෞතිකව ඇහැට පේන දේ , නැහැ කියලා ඔප්පු කරන්න තරං දක්ෂයෙක් නෙවෙයි මම යොහාන්.. එක උදව්වක් කරපං... මාව ලංකාවට යවපං.. “ මං බිම බලං කිව්වා.
යොහාන් ටිකක් මං දිහා හිටියා. මට දැනුනේ පැය ගානක් ගෙව්නා වගේ.
“හරි මං ඒක කරන්නම්. හැබැයි ටියානා  ෂේප් කරගන්න වෙයි. මොකද  දැන් උඔ  කැමැත්ත දීලා ඉවරයි එයාගේ ගොනා වෙන්න.“ යොහාන් කියනකොට මම ඔළුව වැනුවේ , වැඳලා හරි මං ඒකිව කැමති කර ගන්නවා කියලා හිතාගෙන.

“විෂ්වාසද හැමදේ ම හරියයි කියලා? .. “
මං ඔළුව වනනවා බලං ඉඳලා යොහාන් ඇහුවා සැකෙන්.
“මං දන්නවා උඹට ශෙවින්ද්‍යා නොදැක ඉන්න බැරි බවත්, ඒත් උඹ හිත හදාගත්තනේ එයා එයාගේ ආදරේ ලබාගත්ත හින්දා. ඉතින් ... ගිහින් ඉක්මනට එනවනම් මාත් එනවා උඹත් එක්ක ලංකාවට. අංකල් එතකොට බැහැ කියන්නේ නැහැ.“ 
එහෙම කියලා මගේ අත මිරික ගත්තු යොහාන් ව මට පෙනුනේ මට පිහිටට ආව දෙවියෙක් වගේ.
“අපි යං බං වහින්න වගේ“

එක අතකට ඊයෙ රෑ උන හැමදේම සිද්ද නොවුනනම් මං සදාකාලික මෙහෙම  ඉඳලා පිස්සෙක් වෙන්න තිබුණා. යොහාන් කිව්ව දේවල් එක්ක බලද්දි ඇත්තටම ශෙවාන්ට ඉඳපු හොඳම යාළුවා මෙයා වෙන්න ඇති.. මං ගැනත් දන්නවනේ.
ශෙවාන් මට ආදරේ කරලා කියලා මං දැනගෙන හිටියේ නැහැ. මේ හැමදේම මට සිද්ද උනේ ඒ නිසාවත් ද? ටියානා  නරක කෙනෙක් නෙවෙයි .. එයාට ශෙවාන් අකමැති ඇයි?  මං හින්දද? පොද වැස්සේ තෙමි තෙමි මං ගෙදරට ඇවිදගෙන ආවේ දාහක් දේවල් හිතේ තියාගෙන.
 ගෙට එනකොටම  ශෙවාන්ගේ අම්මා මාව ඇදලා අරං ඔළුව පිසදාන්න ගත්තා නිහඞවම. පලවෙනි වතාවට හිතුණා මට මේ අම්මා තාත්තා උනත් දාල යන්න අමාරැයි නේද කියලා.  මං ගියොත් එයාලට මොනා වෙයිද? “අම්මා ආයෙම මාවයි තාත්තායි දාලා යන්නේනැ නේද?“ මං යොහාන්ගෙන් අහුල ගත්ත දේ හෙමිහිට කියලා දැම්මා.
මගේ මූණ අත්දෙකම්ම අල්ලගෙන ටික වෙලාවක් බලං ඉඳපු අම්මා මාව තුරැළු කරගත්තා. “නෑ පුතේ“
මට මගෙ සුදු අම්මා මතක් උනා. ඒ ආදරේ පිරැණ වචන මයි.. අම්මලා කවුරැත් එකවගේම තමන්ගේ දරැවන්ට ආදරෙයි කියලා මට අද තේරැණා... ඒත් හැම ළමයෙක්ටම වගේ මට මගේ අම්ම නැතුව බැහැ. මං අසාධාරණ ද?  මං ඇහුවේ හැංගිලා බලං ඉඳපු තාත්තාගේ ඇස් වලින්....

Comments

Popular posts from this blog

මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට - I love the way you lie

love the way you lie - part 2

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම