කවුද මේ......

කොහොමද මං ඔයාව හරියටම විග්‍රහ කරන්නේ මහ දුෂ්ට නපුරෙක් කියලද තැම්පත් යහපත් කෙනෙක් විදියටද? නැ .....
ඔයා මහ දෙකටම නැති කෙනෙක්.
වෙලාවකට රිද්දනවා මට දරාගන්න බැරි තරමට ගින්දරක් දීලා,  ඒ වගේම මාව සතුටෙන් තියනවා සැහැල්ලුවෙන් පාවෙන්න තරම් .ඒ සේරමත් හරි මාව පිස්සු වට්ටන්නේ ඇයි, ඇයි මාව බය කරන්නේ,ඇයි මට එක අරමුණක ඉන්න නොදෙන්නේ? මේ සේරම කරලා කඳුළු පනිනකල් මාව හිනස්සවන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ ඔයා කොයි වගේද?

ඇත්තටම එක විදියකට ඉන්නම බැරිද?

නැ නැ. එහෙම එපා එහෙම උනානම් මං දුක දරාගන්න බැරිව මැරෙයි නැත්නම් සතුට දරාගන්න බැරිව මැරෙයි. ඔයා මහ බයගුල්ලෙක් එකනේ හැංගිලා ඉන්නේ. කොහෙ ඉන්නවද මොන වගේද .... කවුද දන්නේ !!!
කවුද මේ...
ඔව්... ඔව්..ඔයා තමයි
මොනතරම් රිද්දුවත්, කොයිතරම් සතුටු කරත් මං ගැන ඔයා තරම් වෙන කවුරැවත් දන්නේ නැහැ.ඔයා තරම් මට අවංක කෙනෙක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ.ඒ වගේම ඔයා තරම් කාවවත් මට විශ්වාසත් නැහැ.ඒවගේම මාව විනාශ කරන්න පුළුවන්කම තියෙන්නෙත් මාව ජීවත් කරන්න පුළුවන්කම තියෙන්නෙත් ඔයාටමයි

..... හිත .............

මං දන්න පුදුමාකාරම අවයවය. පටක රහිත ,සෛල රහිත ,අදෘෂ්‍යමාන හිත ..
වෙලාවකට හිතෙනවා ජීවත්වෙනවා කියන්නේ අපි හිතන එකටද කියලා.මං වැරදි ඇති ඒ මට හිතෙන හැටි තමයි. හිත හැම වෙලේම නිවැරදි නැහැ.නමුත් අපිට හිතෙනවා අපි හරිමයි කියලා.ඒ තමයි අපේ හිතුවක්කාර හිත. මොනවා උනත් අපි හිතට වහල් වෙන්න නරකයි. හිතට යහපත් දෙයක් ආවොත් නම් කමක් නැහැ ඒත් වෙනස් දෙයක් ආවොත් හිතට කලින් බුද්ධියට මුල්තැන දෙන්න ඕනේ. නැත්නම් හදිසි සිතුවිල්ලක් හින්දා ජීවිතේ නැතිවෙන තරමටම තීරණ ගන්න ඉඩ තියෙනවා. හිත හරිම මෝඩයි දුකක්, රිදවීමක් ඇතිවුණ වෙලාවට. හිත හොයන්නේ ඉක්මන් ප්‍රතිඵල ඒකේ බලපෑම ගැන හිතන්නේ ඊට පස්සෙයි.

ඉගනගන්න කාලේ තමා හිත අවනත නැත්තේම. ඒත් දක්ෂයා හිත ඉගනීමටම යොදවනවා.නමුත් සැහෙන පිරිසක් හිතට දුවන්න දීලා ජිවිතේ අවුරැද්දක් දෙකක්, සමහරවිට මුළු කඩඉමක්ම නැතිකරගන්නවා.හිත හොයන්නේ තාවකාලික සතුට. ඒනිසා හිතට එන සිතුවිලි බුද්ධියට ස්කෑන් කරන්න දෙන එකයි හොඳම.මොකද තාවකාලික සතුට සදාකාලික දුකක ආරම්භය වෙන්න පුළුවන්.

හැම හිතම සම්පූර්නව අවංක නැහැ. අපි රහත් වෙලා නැහැනේ. කුහකකම ,ආත්මාරථකාමී බව පොඩ්ඩක් හරි වයසත් එක්ක අපේ හිතට ඇතුළුවෙනවා. හරියට වයිරස් වගේ (වෛරස් ගාඩ් එකක් දමා ගැනීම තමතමා සතුයි)  මේ දේවල් වලින් ඈත් උන පිරිසිදුම හිතක් තියෙන්නේ පුංචි ළමයින්ට. ඒකයි පුංචි පැටව් හිනාවෙද්දි සිරියාවන්ත. ඔනෙම දෙයක් කරන්න හිතේ කැමැත්ත ඕනේ. හිතට හැඟීම් දැනීම් දැනෙනවා ඒවා තෝරලා බේරලා ප්‍රකාශ කරන්න ඕනේ. 

හිත කොටස් දෙකයි. උඩු හිත සහ යටි හිත කියලා දෙකකට බෙදෙනවා. අපේ උඩු හිතේ තමයි එදිනෙදා සිදුවීම් මතකයන් තියෙන්නේ. ඒවා තාවකාලිකයි. නමුත් යටි හිතට ඇතුල්වෙන සිතුවිලි දීරිඝකාලීනයි. ඒ සිතුවිල්ල යහපත් නම් හොදයි නමුත් ඒක නපුරක් නම් හිතට ඒ දේ ඉෂ්ඨ වෙනකන් ඉවසුම් නැහැ. මිනිස්සුන්ගේ හිත් දුර්වල නම් ඉක්මනින් පොඩි දේකිනුත් මුළු ආත්මයම කඩාවට්ටාගන්නවා. නමුත් හිත හයියයි නම් දරාගෙන ඉදිරියටම යන්න ඊටත් වඩා ගැම්මක් තවත් නැහැ. දුරුවල හිතට රිදවීම් වේදනාවන් දරාගන්න අමාරැයි. මානසික ලෙඩක්/පිස්සුවක් තරමටම උනත් වැටෙන්න පුළුවන් මේ හිත හරියට යෙදෙව්වොත් දියුනු කලොත් කරන්න බැරි දෙයක් නැහැ.

මිනිහෙක්ව දෙවියෙක් කරන්නත් අමනුස්සයෙක් කරන්නත් පුළුවන් හිතට. බලාගෙන යද්දි මිනිස් හිත මහා භයානක ආයුධයක් වගෙයි නේද? පුරැදුවෙන්න හිතත් එක්ක කතාකරන්න.. ඇයි මේ දේ මං කරන්නේ? මේකේ බලපෑම් මොනවද? ප්‍රතිඵල හොඳද නරකද? මට මොනවද මේදෙයින් ලැබෙන්නේ? දෙපාරක් හිතන්න. හිත් වේදනාවක් ආවොත් මුලින්ම හිතට එන්නේ හිතුවක්කාර තීරණයක් ඒ ගැන සංසුන්ව හොඳ සිහියෙන් හිතන්න. දහ අතේ දුවන හිත මෙල්ල කරගෙන දුක සතුට සම සේ දරාගෙන ජීවත්වෙන්න. ඒක තමයි හොඳම දේ.

ඔබේ හිතට, ඔබේ යහපත් අරමුණට ලගාවීමට අවැසි ශක්තිය නොඅඩුවම ලැබේවා....!!!!!




Comments

  1. මේක මගේ ප්‍රියතම බ්ලොග්ස් කිහිපයෙන් එකක් බවට පත් වෙමින් තියෙනවා නංගි. මේ ලිවීමේ ශෛලියට මන් කැමතියි. වචන නියම තැනට නියම විදියට හසුරවලා තියෙනවා. දිග ගමනක් ඔයාගෙන් පේනවා. නියමයි. මේක තමයි වෙන්න ඕන දේ.
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. අතට පන එන්න ඔය වචනෙත් ඇති අයියේ ....
      ගොඩක් ස්තූතියි. ජය!!

      Delete
  2. ඒ...මාත් ආවෝ....මාව සාදරයෙන් පිලිගන්නෝ ඈ......අඩේ....අදමනේ ආවේ...මට මොනවහරි දෙන්න ඉතින්..මං පොඩි එකා පව්නේ....ආ...තව එකක් මේ හිත ගැන නේද.....එක්කෝ ඕනි නෑ...ඕක ගැන වචනෙකින් කිව්වෑකියෑ...

    ReplyDelete
    Replies
    1. ම්.... මගේ කවුළුවට තරැවක් පායලා නේද??? සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයාව.ඉතින් මං මොනවද ඔයාට දෙන්නේ....
      අපොයි ඔවු හිත ගැන නම් කියලා ඉවරකරන්න බැහැ වචනෙන් දෙකෙන්.
      ඉතින් පොඩි එකෝ.. මේ බ්ලොග් අවකාශයේ පායන්න ,සරසන්න ඉඩක් ලැබුනම මගේ පුංචි කවුළුවෙනුත් එබිලා බලන්න.මාත් කවුළුවේ ඉඳන් ඔයා දිහා බලං ඉන්නම්

      Delete
  3. ගොඩාක් ලස්සනයි මයෙ නංගි......!
    ගොඩක්ම ලස්සනයි.....!

    ♥.......

    ReplyDelete
    Replies
    1. මගේ අයියා පැට්ටා ඉත්තූතී ඔයාට

      Delete
  4. ඔයාට හොඳට ලියන්න පුළුවන් තව ලියන්න ඔන්න... වැඩ එක්ක මට හැම වෙලාවෙම කියවන්න බෑනෙ පැටියො...

    ReplyDelete
    Replies
    1. මං දන්නවනේ අක්කි .... ලඟ ඉන්නවනේ මට ඒ ඇති

      Delete
  5. සුබ පැතුම් අක්කේ...... ඔයාට තව තවත් ලියන්න , තව තවත් සිතුවිලි පහල වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .... සුබ පැතුම් අක්කේ........ ♥♥♥.......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම