Tuesday, February 5, 2013

අකුරැ තුනක්

තුට අකුරැ තුනයි..... ශෝකය අකුරැ තුනයි...........
මේ දෙකේම අඩුවැඩි වීමේ නූතන රහස....................
ඔව් ඒකටත් අකුරැ තුනයි...
        සල්ලි
ඔයා මොනාද කරන්නේ....?
සල්ලි හොයන්න ජිවත් වෙනවද?  ජීවත් වෙලා සල්ලි හොයනවද?
තනිකඩයෙක් නම්
ජීවත් වෙලා සල්ලි හොයනවා කියයි.
ඒ කාලෙට තියෙන ඇඳුම ගන්න. මොබයිල් එක දුවා ගන්න සරල දේවල් කිහිපයක් ඇරැණම ඒතරම් බරක් නැති හින්දා.
ඒත් විවාහකයෙක් නම් උත්තරේ වෙනස්...
බිරිඳ - දරැවෝ  - වියදම්  එක්ක බලද්දි සිද්ද වෙලා තියෙන්නේ සල්ලි හොයන්න ජීවත් වෙන්නයි.ජීවිතේ එක රාමුවකටම යට වෙලා නේද? එලිවෙනවා , වැඩට යනවා, ගෙදර එනවා, රෑ වෙනවා. එහෙම නැතුවත් බැහැ.  හැමෝම ආසයි  ලස්සනට ඉන්න. ගෙයක් දොරක්, වාහනයක් , පවුලක්. ඒත් ඒ සේරම කරන්න  අද අත්‍යවශය දුව්‍ය වෙලා තියෙන්නේ මුදල්. මේ සමාජ රැල්ල අපිවත් ගහගෙන කොහාටද  යන්නේ ?  මට නම් හිතෙන්නේ  මගේ  ජීවිතේ සෑදෑ සමයට එන කාලේ එනකොට සුපර් මාකට් එකෙන් සැනසීම කිලෝවක් සල්ලි වලට ගේන්න තරමට  අපි යාන්ත්‍රික වෙයි කියලා. ඕන කෙනෙක් බනින්න මේ ලිපියට. මං සම්පූර්ණ කළකිරීමෙන් ලියන්නේ. (ආයෙ ලියන්න එපා කියලා කිවුවත් මට දුකක් නැහැ) මට මේ දේවල් වෙනස් කරන්න බැහැ නමුත් උත්සාහ කරනවා ටිකක් හරි මේ දුවන  තරඟෙන් අපගමනය වෙන්න.

අම්මලා තාත්තලා උනාම සල්ලි එක්ක ඔට්ටු වෙන්න වෙනවා ළමයින්ට උගන්වන්න. නිදහස් අධ්‍යාපනය තියෙන්නේ උසස් පෙළට විතරනේ. පාස් කට්ටිය ට කැම්පස්  හරහා අනාගතයක් තිබුණට අසමත් අයට  අනාගතයක් තියෙන්නේ අම්මගේ තාත්තගේ පර්ස් එකට පණ තිබ්බොත් තමයි. ඒකටත් දෙයියන්ගේ පිහිටයි ගෙදර දරැවෝ ගාන අනුව. ඒතරමට  හොට් හිට් බිස්නස් එකක් දුවනවා ලංකාවේ. දක්ෂද? නැද්ද? වැඩක් නෑ ඩිග්රියේ ගාන ගෙව්වද මෙන්න ... සමහරැන්ට හිතෙයි ලියන්න ඒව නැතුවද කියලා ඒත්  කට්ට කාපු අයට නම් තේරෙයි. දුක් විඳින්න ඕනේ ගොඩ එන්න. අතීතේ වගේම වර්ථමානෙත් ඒකේ වෙනසක් නැහැ. බෝඩිමේ පැදුරේ නිදාගෙන හීටරෙන් පරිප්පු හදාගෙන ඉස්තිරික්කෙන් රොටී පුච්චන් කාලා ,අද  රෝද හතරෙන් යනකොට දකින අය හිතන්නේ  මේ මනුස්සයා ඉපදුනේ කාර් එකේ කියලා.ඒත් දන්නෝ දන්නවා  වින්ද දුක කොහොමද කියලා.
ඒත් ඒ දුක වින්ද අයගෙන් සමහරැන්ට ඇයි මුල අමතක වෙලා....
මේ තරමටම   මිනිස්සුන්ට  හිතක් පපුවක් නැති වුනේ කොහොමද?

“උඹට සල්ලි නැත්නම්. . ගිහින් මහනණ වෙයං  නැත්තන් මැරියං“ සත්තයි අහක ඉඳපු මට  මහණ දම් පුරන්න හිතුනා..................
සල්ලි නැති හින්දනම් නෙවෙයි. ඒ වචන ඔයාගේ කටින් පිට වුනා අහන්න වුණ  කළකිරීමට.

හිස් අත මිටමොලවන් ඉපදෙන අපි යන්නේත් හිස් අතෙන්මයි ඒත්  මේක තේරැම් අරං ජීවත් වෙන අය අද ඉන්නවාද??
ඇති නමුත් බොහොම සුළුතරයක්.
මීට අවුරැදු 25ක් තිහක් උඩදී නම් මේ තරමටම  මේ ගැන හිතන්න උවමනා නැහැ . ඒත් දැන් තත්වෙ වෙනස්. ඒත් එහෙමයි කියලා අපි අත් දෙකට මළු බැඳන් වැලිගම්පිටි යනවද දැන් ??? නැත්නම් එලොව එකවුන්ට් එකක් ඔපන් කරලා ඒකට මෙහෙන් තැම්පතු යවනවද ?  කරන පව් පින් අරං යනවා මිසක් අඩු ගානේ ජීවත් වුන ශරීර කූඩුව වත් අරං යන්නේ නැහැ.

නූතන ලෝකේ ජීවත් වෙන්න සල්ලි ඔනේ. අවංකවම මේ ලිපි කෑල්ල දාන්නත් මට  මෙගා බයිට් ගන්න සල්ලි ගියා.
මං කියන්නේ නැහැ  සල්ලි එපා කියලා
මං කියන්නේ නැහැ  සල්ලි  විකාරයක් කියලා
මං කවදාවත් කියන්නේ නැහැ ඒවා වැඩක් නැහැ කියලා
මං කියන්නේ  සල්ලි වලට දෙන වටිනා කම  වචනෙන් හරි මනුස්සකමටත් දෙන්න කියලා.
මොකද රිදෙන දැනෙන , හිතක් පපුවක් කියලා දෙයක් තියෙන  මනුස්සයෝ තවම ඉන්නවා.

6 comments:

  1. ලස්සන ලිපියක් අක්කි.... ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත... සල්ලි නැත්නම් ජිවත් වෙන්න බැ. ඒ වගේම ජිවත් වෙන්න ඕනේ කියල සල්ලි ඕනෙමත් නෑ... සමහරු සල්ලි නිසා මනුස්සකම විකුණන සමාජයේ ඔයා වගේ එක්කෙනෙක් ඉන්න එක ගැන ඇත්තටම ඔයාගේ මල්ලි වශයෙන් මට හුගක් ආඩම්බරයි අක්කි..

    තවත් මේ වගේ ලිපි ලියන්නත් , බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්නටත් ලැබේවා මගේම අක්කට !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ මල්ලියෝ

      Delete
  2. හ්ම්..දෙයියංගේ මල්ලි. එහෙම කිව්වට අයියගේ නම්බුවත් නැති කරනවා. කිසිම මනුස්සකමක් නෑ. ඒත් වෙලාවකට හිතෙනවා ඉන්නේම මනුස්සයෝ එක්ක හින්දා මනුස්සකම නැතිවෙලාද කියලා... ;) :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තරෑවෝ...... මනුස්යෝ එක්කම ඉඳලා මනුස්සකම දියවෙලා :D

      Delete
  3. අපූරුයි. අන්තර්ගතය ගැන තවත් ඌනපූරක එකතු කරන්න යන්නෙ නෑ මන්. මොකද සියල්ලම අඩුත් නැතිව වැඩිත් නැතිව ලියවිලා තියෙන නිසා. මන් කතා කරන්නෙ සමස්ත ලියවිල්ල ගැන විතරයි. නියමයි නංගි නියමයි. මේක තමයි මන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ.

    ReplyDelete
    Replies
    1. ^_^ එදා වගේම අදත් එක පාරක් ස්තූතියි කියලා මදි හින්දා මං නොකියාම ඉන්නවා.....

      Delete