සතුට සැනසීම පිරුණ ශ්‍රී සුභ නව වසරක් වේවා......!!!!!!!!

අම්මෝ.... කාලෙකින් ආවා බ්ලොග් අඩවිය පැත්තට
වැඩේ කියන්නේ, "කවුළු" ගොඩායිනේ දැන් අයියෝ..!!!!
කමක් නෑ ඉතින් උයාලාට මාව මතකයිනේ

ඉතින් සීතල උඳුවප් මාසේ..... නත්තල් කාලේ... සීතලේ ..... පාළුවේ...... අකුරු ටිකක්  අමුණන්න ආවා...
ඔය පැත්තේ කොහොමද? නත්තල් එහෙම සරුද?
හස්ථිශෛල පුරවරයේ නම් නත්තල වැඩිය පේන්න නැ නැ වගේ දැනුනා... හුඟක් දුරට හේතුව සාමාන්‍ය ජනතාවගේ, අසාමාන්‍ය දුප්පත්කම වෙන්න ඕනේ. කොහොම උනත් ඇති හැකි හැටියට හැමදෙනාම නත්තල සමරනවා නේ....

ඒ මදිවට අද 31 නයිට් එක... බලන බලන අතේ පාටි / මියුසිකල් ශෝ/ බොතල් ද පොල් කටුද අරවද මේවද නානාප්‍රකාර එව්වා මෙව්වා නේද?  ඒවත් ඉතින් තියෙන්න එපායැ. නැද්ද!!


අවුරුද්දක් ගෙවිලා ගියා.(අපි වයසට ගියා බොලව්)
මට නම් අවුරුද්ද සර්ව සම්පූර්ණ අවුරුද්දක් උනා.
ඒ කියන්නනේ දුක /සතුට /ජොලිය ඇති වෙන්න තිබුණ වේදනාවෙනුත් කිසීම අඩුපාඩුවක් නැති වුණ අවුරුද්දක්..... (ලුණු ඇඹුල් පදමට තිබුණ අස්සෙන් මුල්ලෙන් තිත්තත් තිබුණ පට්ට අවුරුද්දක් ඈ..) අතපහුවීම්/පසුතැවීම් නැතුවා නොවේ, ඒ අතර හිතට දැනුන ආදරණීය මතකයන් ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා.
ඔය අස්සේ මගේ කට වැරැද්දකින් අත වැරැද්දකින් ඔයාලා ගේ හිත් රිදවීමක් උනානම් සමාව භජනයකට දමන සේක්වා..!!

පහු උන දින 365 සාරාංශ ගත කරලා බැලුවාම ආර්ථිකය අතින් මං තාම එතනමයි වගේ කියලා හැඟීමක් ආවාද මන්දා. (ටිකක් ඇඬුනා ලු ත්)
මොනවා උනත් එන අවුරුද්දේ නම් , මේ අවුරුද්දේ කරපු ගොන්කම් නොකර ... කරපු හපංකම් තව තවත් දියුණු කරගෙන දෙයියනේ කියලා අළුත් අවුරුද්දට පය ගහන්න තමයි මේ සැරසෙන්නේ...!!!!!


ඉතින් පතන්නම් මගේ එකී මෙකී නොකී, යාළු මාළු හැමෝටම....
සතුට සැනසීම පිරුණ ශ්‍රී සුභ නව වසරක් වේවා......!!!!!!!!

වැඩට යන නිසා ලියන්න ටිකක් නෙවේ, ගොඩක් ම අතපහු උනා ඒත් කවුළුව අමතක නැතුව ඇති නේද?
 එන අවුරුද්දේ නම් ඒ අතපසු වීම නොවෙන්න වග බලාගන්න තමයි තීරණය කරන් ඉන්න....

ගිහින් එන්නම්. බුදු සරණයි..!! ජේසු පිහිටයි!!!!

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම