Posts

Showing posts from April, 2013

වෙස් මාරැව 03

“පු තේ ලැහැස්තිවෙලා පහලට එන්න “ සුපුරැදු කටහඞක් නොවුනත් මං ඇහැරැනේ ශෙවාන්ගේ අම්මගේ කටහඞෙන්.  ඇහැ ඇරපු ගමන් මං බැළුවේ වෙනදා වගේ මං මගේ ගෙදර ඇඳේ ඉන්නවාද කියලා. ඒත් ... දැන් තේරෙනවා මේක තවදුරටත් හීනයක් නෙවෙයි.  ඇඳේම වාඩි වෙලා ආයෙමත් ඇස් පියාගෙන හිටියේ ඇත්තට මූණ දෙන්න තියෙන බයට. අමුතු හැඟීම් වලින් ඇඟටට නුහුරැ බවක් ආවත් මං හිත තද කරගන  ඇඳෙන් නැගිටලා නාගන්න ගියා. පිළිකුල් කරන්නේ මං ජීවත්වෙන ඇඟමයි නේද කියලා හිතුනත්  මට හිත හදාගෙන මගේ ඇග දිහා බලන්න ලැජ්ජාවක් දැනුනා. තුවාය ඇඟේ පටලගෙන ඇවිත් ඇඳුම් තොරනකොට මට හිතාගන්න බැරි උනා මොකක් අඳින්නද කියලා. අන්තිමට හිතලා බලල ෂෝටක් අරං ඇඳගෙන සුදු ටී එකක් දාගෙන ලෙඩ වුණ මනසක් එක්ක පහල තට්ටුවට ගෑටුවා. “කෝ පුතේ සපත්තු“ ශෙවාන්ගේ අම්මා  කෝපිඑකක්ද කොහෙද හදන ගමන් ඉඳලා, ඒකත් නවත්තලා මගෙන් ඇහුවා. “ අහ් “ මං ආපහු කාමරේට  දිව්වා.  “මූ මේවා කොහෙද දන්නැ තියන්නේ අප්පා“  හිතෙන් බැණ බැණ මං කාමරේ පීරලා හොයනකොට අතට අහු උන දෙකක් කකුලට  දාගෙන ආයෙ පහලට ආවේ මර බඩගින්නෙන්. “ඔයා වෙනදා චීස් කන්නේ නැහැනේ පුතේ..“ අම්මා කිව්වා. “මං, මං මේ.. ගානක් නැ කෑවා අද නිකමට “ මේ මෝඩයා ඒව

වෙස් මාරැව 02

Image
සු දු පාට ටිකටික බොඳවෙලා සුදුපාට සිවිලිමක් වුණා.. මං මැරිලාද?  නැද්ද?  මට හිතුන පලවෙනි ප්‍රශ්නේ ඒක. මං ඇඟිලි නවන්න හැදුවා. නැවුණද කියල දැනෙනකල් මගේ උපරිම හයිය දාලා අත මිටි කලත් මට කිසි  ම දැනීමක් තිබුනේ නැහැ. හරියට මුළු ඇඟම හිරි වැටිලා වගේ .  කතාකරන්න හැදුවට වචන පිට වුනේ නැහැ. මොකද මට  අවමනා විදියට මගේ තොල් හසුරවන්න අපහසුවක් දැනුනා. සුදු පාට සිවිලමේ ජායාව අඳුරැ හෙවනැල්ලකින් වැසුනා. තත්පර කිහිපයකින් වගේ මට ඒ සෙවනැල්ල මොකක්ද පැහැදිලි උනේ. කවුදෝ ගැහැනුකෙනෙක් මගේ මූණට එබිලා මොනවද කිවුව,  එයාගේ හිනාව තිබුණ තොල් පෙති වලින් කිව්ව දේ මොනවා උනත්,, මගේ ජීවිත කාලේ පුරාම මගේ යටි හිතේ  හොල්මන් කරන තරමට  ම, මට ඒ මුහුණ මතකයි. කියපු දේවල් මට ඇහුණේ වත්  මට තේරැණේ වත් නැහැ.  පොඩ්ඩක් ඉන්න , ඒ ලංකාවේ කෙනෙකේ නම් නෙවෙයි. මං මේ කොහෙද? මගේ අම්ම කෝ...?  අම්මා මාව කොහේවත් අරං ආවද? මට අමාරැයිද? වට පිටාව බලන්න ඇස් ඒ මේ අත කරකවද්දී මගේ අතේ හීනි රිදීමක් එක්කම මට නින්ද යාගෙන ආවා.. .. *********** මං ඇස් ඇරියා. කලින් වතාවට වඩා මගේ ඇඟට පණ ඇවිත් වගේ දැනුනා. ඇඟ හිරි වැටීමක් දැනුනව වඩා අමුතු සැහැල්ලුවක් දැනුනේ හර