දොයියාගන්න පැටියෝ !!! "Rockabye baby"

ඉංග්‍රීසි ගීත මට දැනුන විදිහ සිංහලෙන් ලියාගෙන එන ගමනේ ඇත්තටම මං ගොඩාක් ආස කරපු සිංදුවක් තමයි මේ ලියන්න හදන්නෙ.
ගීතයේ මියුසික් වීඩියෝව නම් මට සැහිමකට පත් වෙන්න බැරි තත්වයේ එකක් උනත්  ගීතයේ තේරුම හිතලා බලද්දි නම් හරිම සංවේදීයි.
බලන්න කොහොමද කියලා...



"Rockabye"
( Rockabye = used to settle a baby or child down to sleep.)
(feat. Anne-Marie & Sean Paul)

[Sean Paul:]
Call it love and devotion - Call it a mom's adoration
Foundation
A special bond of creation,Ha
For all the single moms out there -Going through frustration
Clean Bandit, Sean-da-Paul, Anne-Marie
Sing, make them hear

ඒකට කියන්න “ආදරය හා ආත්ම  පරිත්‍යාගය “කියලා -  ඒකට කියන්න  අම්මා කෙනෙක්ගේ “ උතුම් ආදරයේ  පදනම “කියලා
ලෝකයේ විශේෂිතම බැඳීම.
(ඉච්චාභංගත්වය) ඉහිරුණු පැතුම්  අතරින් ජීවිත ගමන  යන , ලොව සිටින සියළුම තනිවූ මවුවරුන්  වෙනුවෙන් ගයන්න -  ඔවුන්ට ඇහෙන්න

[Anne-Marie:]
She works at nights by the water
She's gone astray so far away
From her father's daughter
She just wants a life for her baby
All on her own, no one will come
She's got to save him

ඇය වැඩකරන්නෙ රාත්‍රියේදී වතුර ලඟපාත
ඇය  නොමඟ ගිහින් සෑහෙන්න දුර
ඇගේ “අප්පච්චිගෙ දෝණි “කියන චරිතයෙන්
ඇයට ජීවිතයක් ඕන ඇගේ දරුවා වෙනුවෙන් විතරයි.
සියල්ල ඇය මතයි,  කවුරුත් පිහිටට එන්නෙ නැහැ
ඇය පුතාව රැක බලාගත යුතුයි..

________________________________________________________
(She works at nights by the water -ඇය වැඩකරන්නෙ රාත්‍රියේදී වතුර ලඟපාත  )
ගීතයේ හැටියට“වතුර ලඟ“ අදහස  දිගුව හිතුවොත් - ජලාශයක් ,මුහුදක් ලඟ. තොටුපලක් හෝ කුඩා වරායක නැව් තොටක් ලඟපාත කියන අදහස ගලපගන්න පුළුවන්.
ඇයි රාත්‍රියේ? -  එය කාර්යාලයක පැය අටේ  රැකියාවක් නොවේ. අනෙක් අතට එය නම්බුකාර රැකියාවක්ද නොවිය හැකි බව අදහස් කල හැකියි.
ඇයි ඇය රාත්‍රියේ තොටුපලක් ලඟ වැඩකරන්නෙ?  - තනිකඩ මවක් තමන්ගෙ දරුවා ජීවත් කරවන්න,
ඒ කොහොමද? ඇය මුදල් උපයාගන්නෙ තොටුපලේ ගැවසෙන නැවියන් ගෙන් . රාත්‍රියේ “විදි සරන ගැහැණියක්“ විදිහට.

(She's gone astray so far away - ඇය  නොමඟ ගිහින් සෑහෙන්න දුර)
කාන්තාවක් විදිහට ඇය සෑහෙන දුරක් වැරදි පාරක ගිහින් . කොටින්ම ඇය “ගණිකාවක්“.

( From her father's daughter - ඇගේ “අප්පච්චිගෙ දෝණි “කියන චරිතයෙන්)
 ඇය මේ ගැන  ලැජ්ජා වෙනවා. ඇය අගේ පවුලට අවනම්බු කරන්න කැමති නැහැ. මෙයින් අදහස් දෙකක් ගන්න පුළුවන්
1. ඇය ඇයගේ පියාගේ දියණිය  බව  හිතින් අතහැරලා මේ නොමඟ ගිය රැකියාවට  යොමු වුණ  බව
2. ඇය නොමඟ ගියාට ඇගේ සහෝදරිය එහෙම නොවේ කියන අර්ථය.  පියාගේ  අනෙක් දියණිය හැඟවීමට.

(She just wants a life for her baby - ඇයට ජීවිතයක් ඕන ඇගේ දරුවා වෙනුවෙන් විතරයි.)
 ඇයට මේ විදිහට තවදුරටත් ජීවත් වීමට ආශාවක් නැහැ. ඇය ජීවත් වන්නේ ඇගේ  දරුවා වෙනුවෙන් පමණි.

(All on her own, no one will come , She's got to save him - සියල්ල ඇය මතයි,  කවුරුත් පිහිටට එන්නෙ නැහැ , ඇය පුතාව රැක බලාගත යුතුයි.)
සියළු ජීවන බර ඇයදරාගත යුතුයි. කිසි කෙනෙකුගෙන් සරණක් අනුකම්පාවක් නැත. ඇය තනිව  දරුවා පෝෂණය කරමින් රැකබලාගෙන ලොකුමහත් කල යුතුව ඇත.
__________________________________________________________

[Sean Paul:]
Daily struggle -  දෛනික අරගලය

[Anne-Marie:]
She tells him, "Ooh, love, no one's ever gonna hurt you, love.
I'm gonna give you all of my love.
Nobody matters like you."

ඇය ඔහුට කියනවා -  වස්තුව, කවුරුවත් කවදාවත් ඔයාට රිදවන්නෙ නැහැ පැටියෝ
මම ඔයාට මගේ සම්පූර්ණ ආදරේම  දෙනවා
ඔයා තරම් කිසි කෙනෙක්  වටින්නෙ නැහැ .

[Sean Paul:]
Stay up there, stay up there -  ඔහොමම ඉන්න//

[Anne-Marie:]
She tells him, "Your life ain't gon' be nothing like my life." (Straight!)
"You're gonna grow and have a good life.
I'm gonna do what I've got to do."

ඇය ඔහුට කියනවා -  ඔයාගේ ජීවිතේ කොහෙත්ම මගේ ජීවිතේ වගේ වෙන්න යන්නෙ නැහැ. ( එකෙම්ම/ අවංකවම)
ඔයා ලොකු ලමෙක් වෙලා  ලස්සන ජීවිතයක් ලබාගන්නයි යන්නෙ..
මම  ඒ වෙනුවෙන්  කරන්න තියෙන හැමදේම කරන්නයි යන්නෙ..

[Anne-Marie:]
So, rockabye baby, rockabye - I'm gonna rock you
Rockabye baby, don't you cry 
Somebody's got you 
Rockabye baby, rockabye - I'm gonna rock you
Rockabye baby, don't you cry

ඉතින් දොයියාගන්න පැටියෝ- දොයියාගන්න - මම ඔයා නලවන්නයි යන්නේ..
දොයියාගන්න පැටියෝ ඔයා අඬන්නෙ නෑ නේද?
ඔයාට කෙනෙක් ඉන්නවා
දොයියාගන්න පැටියෝ- දොයියාගන්න
මම ඔයා නලවන්නයි යන්නේ..
දොයියාගන්න පැටියෝ ඔයා අඬන්නෙ නෑ නේද?



[Sean Paul (Anne-Marie):]
Single mom, how're you doing out there?
Facing the hard life without no fear (yeah)
Just so you know that you really care
'Cause any obstacle come you're well prepared (oh, no)
No, mama, you never shed tear
'Cause you have to shed things year after year
And you give the youth love beyond compare (yeah)
You find his school fee and the bus fare (yeah)
Mmm, Marie, the pops' disappear
In the wrong bar, can't find him nowhere
Steadily you work flow, everything you know
So you nah stop, no time–no time for your jeer

තනිවුණ අම්මේ, ඔයා මේවා කරගන්නෙ කොහොමද?
අමාරු ජීවිතේට  කිසි බයක් නැතුව මුණදෙමින්,
ඔයා දන්නවා ඔයා සෑහෙන හිතනවා
මොකද  මොන කරදර ආවත් ඔයා මුහුණදෙන්න ලෑස්තියි.
නෑ අම්මේ ඔයා කවදාවත් කඳුළු සැළුවේ  නැහැ
මොකද  ඔයාට වසරින් වසර  ගෙවලා දාන්න වෙනවා මේ අපුල දේවල්
ඔයා දුන්නා සැසදීමකට එහා ගිය ශක්තිමත් ආදරයක්
ඔයා එයාගෙ පාසල් ගාස්තු බස් ගාස්තු හොයාගත්තා
මරී!, පියා අතරුදහන් වෙලා,
වැරදිලවත් තැබෑරුමක් ඇතුලෙන්  එයාව කොහෙත්ම හොයාගන්න බෑ
ඔබ මහන්සියෙන් වැඩකරනවා දිගටම හැමදේම දැනගෙන
ඉතින් ඔයාට නවතින්න බෑ.  කාලයක් නෑ-  කාලයක් නෑ ඔබලාගේ සරදම් විඳින්න

( shed things *   අයින් කලත් නැවත මතුවෙන දේවල් කියන තේරුම.
   pop *  පියා  යන තේරුමට ඇමරිකානු අවිධිමත් ඉංග්‍රීසි භාවිතයක්
  “මරී“ Marie  නමේ තේරුම මෙතනින් දැනගන්න පුළුවන්
Origin of the name Marie:
French cognate of Mary, which is derived from the Hebrew Miryām,
a name of debated meaning. Many believe it to mean "sea of bitterness" or "sea of sorrow."
However, some sources cite the alternative definitions of "rebellion," "wished-for child," and
 "mistress or lady of the sea." The name is borne in the Bible by the mother of Jesus, 
 සයුරේ කටුක බව/ සයුරේ  වේනාකාරීබව / කැරලිකාරීබව/ තනිව දරාගනීමට සිදු වීම/ස්වාදීනත්වය
https://www.kabalarians.com/m/marie.htm    -  වැඩි විස්තර

[Anne-Marie:]
Now she got a six-year-old
Trying to keep him warm
Trying to keep out the cold
When he looks  - in her eyes
He don't know  - he is safe

When she says, "Ooh, love, no one's ever gonna hurt you, love.
I'm gonna give you all of my love.
Nobody matters like you."

දැන් ඇයට අවුරුදු 06ක් ගතවෙලා
පුතාව උණුහුමට තියන්න උත්සාහා කරමින්
සීතලෙන් ආරක්ෂාකරන්න උත්සාහා කරමින්
ඇගේ දෑස් වලින් ඔහු දිහා බලද්දි
ඔහු දන්නෙ නැහැ ඔහු කොයිකරම් පරිස්සම්ද කියලා..

ඇය ඔහුට කියනවා -  වස්තුව, කවුරුවත් කවදාවත් ඔයාට රිදවන්නෙ නැහැ පැටියෝ
මම ඔයාට මගේ සම්පූර්ණ ආදරේම  දෙනවා
ඔයා තරම් කිසි කෙනෙක්  වටින්නෙ නැහැ .

[Anne-Marie (Sean Paul):]
So, rockabye baby, rockabye - I'm gonna rock you
Rockabye baby, don't you cry - Somebody's got you
Rockabye baby, rockabye
I'm gonna rock you - Rockabye baby, don't you cry

ඉතින් දොයියාගන්න පැටියෝ- දොයියාගන්න - මම ඔයා නලවන්නයි යන්නේ..
දොයියාගන්න පැටියෝ ඔයා අඬන්නෙ නෑ නේද?
ඔයාට කෙනෙක් ඉන්නවා
දොයියාගන්න පැටියෝ- දොයියාගන්න
මම ඔයා නලවන්නයි යන්නේ..
දොයියාගන්න පැටියෝ ඔයා අඬන්නෙ නෑ නේද?

[Sean Paul (Anne-Marie):]

Rockabye, don't bother cry
Lift up your head, lift it up to the sky
Rockabye, don't bother cry
Angels surround you, just dry your eye

දොයියාගන්න - අඬන්න එපා සහෝ
ඔයාගේ ඔළුව ඔසවලා බලන්න -  අහස දිහා බලන්න
දොයියාගන්න - අඬන්න එපා සහෝ
සුරංගනාවෝ ඔයාව වටකරගෙන -  දැන්ම කඳුළු පිහාගන්න



 ස්තූතියි!!!

 FIND THE SONG HERE!!

 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )

Comments

  1. මගෙත් favorite එකක් තමයි මේක. interpretation එකත් හොඳයි . katy perry ගෙ chained to the rhythm එකට අදහසක් දෙනවනම් කැමති. වැඩේ නියමයි එල.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම