ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ක එක ඒවා යුනිකෝඩ් හරහා ප්‍රකාශ කරගෙන එන මේ ගමනේ, හතරවරක් චක්කරේ දාන්නයි හදන්නේ ඔන්න අද නම්.......................

අපි කවුරැත් හොයන, වචනෙන් පැහැදිලි කරන්න බැරි , කොච්චර ලැබුනත් ඇති නොවෙන  පුංචි එකාගේ ඉඳන් මහළු අයෙක් වෙනකල්ම හිත ඉල්ලන ජනප්‍රියම අකුරැ හතර ........ “ආදරය
ආදරය නිවැරදිව විඳීමෙන් , එකිනෙකාට අවංක වීමෙන්, කාලයත් එක්ක දෙනෙත් පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම අකුරැ හතර ...... “සැනසීම“.
ආදරයට  රැවටීමෙන් , බොරැවකට අහුවීමෙන්  නෙත් හිත් තෙත්වන අකුරැ හතර......... “වේදනාව
වේදනාව දරාගත නොහැකිව දොරේ ගලාගෙන  යන අකුරැ හතර.............“වැලපීම
කඳුළු අවසානයේ උරැම වන සිවු අක්ෂර  කරැමය..........“වැනසීම
මේ සියල්ල වෙනස් කරගන්න අත්‍යාවශයම අකුරැ හතර.....“බුද්ධිය
සියල්ල පාලනය කරන ප්‍රභල  සිවු අක්ෂර උත්පේරකය....... “ඉවසීම

ඉතින් අද පෙබරවාරි දාහතරවෙනිදා... සමහරැන්ට නිකම්ම බ්‍රහස්පතින්දාවක් උනාට අද පෙම්වතුන්ගේ දවස ලු නේ. වරදවා හිතන්න එපා ආදරේ දවස නෙවේ.... ආදරේට එක දවසත් තිබ්බොත් ඉතින් මදැයි. වැලන්ටයින් නැති වුණත් මටත් අද යාළුවන්ට හම්බෙන චොකලට් වලින් පගාව හම්බෙනවා. ඉතින් මං ලියන්න ගත්තා. පොදුවේ...  මොකක් ගැනද? 
.......ආදරය ගැන....

ලෝකේ මුලින්ම අපි හැමෝම  විඳින උතුම්ම ආදරේ , අපේ අම්මාගේ ආදරේ. ඒ ආදරේ නැත්නම් අපි අද ජීවතුන් අතර නැහැ . ඒ ගැන ඕන කෙනෙක්  ඕනේම තර්කයක් දාන්න ,ඊලඟට අපි විඳින්නේ වැටි වැටී ඇවිදින්න අත දුන්න අපේ තාත්තාගේ ආදරේ. පුංචිකාලේ රෝස පාටට අම්මාගේ උණුහුමේ ගුලි වෙලා ඉද්දි සියුමැලි පැටියාට රිදෙයි කියලා බයට අල්ලන්නේවත් නැතිව ලඟට වෙලා බලං ඉන්න තාත්තා, ආදරේ පෙන්වන්නේ නැති වුණාට අම්මා වගේම ආදරෙයි.
දැන් කවුරැ මොන කෙනාට මොන විදියට ආදරෙයි කීවත්, අපි අංක එකට ආදරේ අපේ දෙමව්පියන්ට.මොකද හිස් අත් දෙක ගුලි කරන් ආව අපි අද යම් තැනකට ඇවිත් තියෙනවද ඒ තැනට අපිට එන්න පිටිපස්සේ ඉඳන් දුක් වින්දේ අපේ දෙමවුපියෝ. ඉතින්  ඒතරම් කැප කිරිමක් කරපු ඒ දෙපලට ආදරේ කරන්නේ නැති කෙනෙක් කවමදාකවත් තවත් අයෙක්ට ආදරේ කරයිද?

ඊලඟට අපේ සහෝදර සහෝදරියන්ගේ ආදරේ ලැබෙනවා අපිට. අපිත් ආදරේ කරනවා.. පස්සේ යාළුවන්ගේ ආදරේ. ඊලඟට වයසත් එක්ක පෙම්වතියගේ/පෙම්වතාගේ ආදරේ...
මං කියන්නේ ආදරේ කියන්නේ එකම දේකට. මං දකින්නේ ඒක සහෝදරයට, යාළුවට, පෙම්වතියට ,බිරිඳට කියලා වෙන් කර කර පෙන්වන්න බැරි පොදු දෙයක් විදියට. ඇත්තටම වෙන්නේ අනෙකා ගැන හදවතින්ම ලෙන්ගතු බැඳීමක් ඇති වන එක. ඒකෙ අඩුවැඩි ප්‍රමානේ වෙනසක් විතරයි.

කාලයත් එක්ක අපි වයසෙන් වැඩෙද්දි එක එක හැඟීම් එනවා. ආදරෙත් ඒවගේ තමයි.. විරැද්ධ ලිංගිකයෙක්ට ආදරේ කරනවා. ඒක සාමාන්‍යයි. අපි මිනිස්සුනේ.. ගැලපෙන කෙනා ලැබුනම විවාහවෙනවා. තියෙන ආදරේ  බැඳීම වැඩි වෙනවා, වගකීම් වලට හිරවෙනවා, ඒත් ආදරේ අඩුවක් වෙන්නේනැහැ.
මෙහෙම  හරියටම වෙනවනම් ලෝකෙ කොයිතරම් සුන්දරද? ඒත් සීයට සීයක් එහෙම නැහැනේ. අවංක ආදරය දුර්ලභ දෙයක් වෙලා දැන්.. ආකර්ෂණයට ආදරය කියලා රැවටෙන එකයි තියන ප්‍රශ්නේ.
ආදරේ මොකද්ද කියලා තේරැම් ගත්ත තැන ප්‍රශ්ණ නැහැ. එකිනෙකා තේරැම් අරං දෙන්නට දෙන්න ගෞරවයක් තියාගෙන ඉන්නයි ඕනේ. ඒත් අද කාලේ කොහෙද එහෙම???

අද වැලන්ටයින් දවස..............................
අද පෙම්වතුන්ට විශේෂ දවසක් ....
ඇයි මං එහෙම කිව්වේ .. අද සාමාන්‍යෙයන්  පාර්ටි එකක් දාලා , කොහේ හරි ඇවිදලා එනවා වගේම  ඊට වඩා හොඳ ‍දේකටත් මුල පුරැන්න පුළුවන් දවසක්. පෙම්වතාගේ හෝ පෙම්වතීගේ  තමන් අකමැති වරදක් වෙනස් කරන්න කතා කරන්න පුළුවන් . හිත් අමනාපකම් ඇති වුණා නම් ඒවා විසඳගන්න පුළුවන්.
වෙන දවසක කැගහල කියනවට වඩා අද හොඳින් කියන්න ඉඩක් ලැබෙනවා වගේම හිතට වැදෙන්න කියන්නත් පුළුවන්.
ඒ වගේම ඉතින්  මේ විශේෂ දවසේ...

වැලන්ටයින් එකට රෑම් යං කියලා රංඩුවෙන ජෝඩු කොච්චර ඇද්ද?
දෙන ගිෆ්ට් එක පොඩි කියලා රංඩුවෙන ජෝඩු කොච්චර ඇද්ද?
රෑ දොලහට හරියටම විෂ් නොකලා කියලා  ඇනුම්පද කියන ජෝඩු කොච්චර ඇද්ද?
අතේ සතේ නැතිව මතක සැමරැමක් නොදුන්නත් වෙනදා වගේම ආදරෙන් ඉන්න ජෝඩු කොච්චර ඇද්ද?
වැලන්ටයින් එකට හම්බු වේන විදියක්  නැති ඒත් ආදරෙන් ඉන්න ජෝඩු කොච්චර ඇද්ද?
වැලන්ටයින් විෂ්එක දෙතුන්දෙනාට යවන කෙල්ලෝ කොල්ලෝ කොච්චර ඇද්ද?
බිරිඳ /සැමියා ගෙදර දාලා වෙන කෙනෙක් එක්ක වැලන්ටයින් සමරන අය කොච්චර ඇද්ද?
වැලන්ටයින් ගැන වගක්වත් නැතුව වෙනදා වගේම දෙන බත් එක අරං නෝනගේ නලල ඉඹලා වැඩට යන අය කීදෙනෙක් ඇද්ද?
කවුද හරි ... ????

පෙම්වතුන්ගේ ආදරේ... විශ්වාසය  ,අවංකකත්වය, දඟකාරක්ම් පොඩි පොඩි රංඩු හැමදේම පිරැණු අපූරැ හැඟීම . අනෙක් කෙනාගේ දුක, වේදනාව ඉදිරියේ හිත උණුවෙන හැටි. සතුට බෙදාගෙන ලෙන්ගතුව ජීවත් වෙන හැටි. මේ හැමදේම මිශුවුනු ආදරේ විඳින අය වගේම විඳවන අයත් ඉන්නවා.
ආදරේ වයස අනුව තේරෙන නොතේරෙන ක්‍රමය වෙනස්. ඉක්මන් වෙලා ආදරය, ආකර්ෂනය, රාගය මැද අතරමං වෙලා, හැඟීමට ආශ්වාදයට යටවෙලා ජීවිත විනාශ කරගන්න එක තමා භයානක. මේකේ බලපෑම පිරිමි ළමෙක්ට වඩා දහස් ගුණයකින් ගැහැනු ළමෙක්ට වැඩියි. ඕනේ දෙයක් කරලා පිරිමි ළමෙක් නාවලා ගෙට ගන්න පුළුවන් කියනවානේ. ඉතින්  සිහි බුද්ධිය  නැතිව ආදරේ වරදවා තේරැම් අරං. එකිනෙකාට  අවංක නැකි වීමෙන් හිත අයාලේ යවාගෙන හිත් රිදවීම් පුරවන් වැනසෙන එක දැන් සුලභ දෙයක් වෙලා. සමහරක් ඉවසීම නැතිව ජීවිත හානි කරං හැදූ වැඩූ දෙමාපියන්ටක් ගින්දර දෙනවා. මේකද ආදරේ වෙන්න ඕනේ. 
ආදරේ කියන්නේ සැනසීමෙන් පිරැණ දෙයක්.  තමන්ගේ වාසියට හෝ අවශ්‍යතාවයට විතරක් නෙවේ, අනෙකාව තේරැම් ගන්න ඕනේ අවංකවම.අනෙකාටත් අවස්ථාවක් දෙන්න ඕනේ තමන්ගේ යෝජනාවකට කැමැත්ත ගන්න කලින්, අනෙකාටත්  හිතන්න ඉඩක් දෙන්න ඕනේ එයාගේ මතය අහන්න ඕනේ.එතකොටයි ආදරේ පැවැත්ම තියෙන්නේ.
දාලා යන්න බලාගෙන ආදරේ කරන්න එපා. මොකද සෙල්ලම් කරන්නේ ජීවිතයක් එක්ක. හිතක් එක්ක... ඒ සෙල්ලමේ අවසන් ප්‍රතිචාරය මොනවා වේවිද අනෙකාට තීරණය කරන්න බැහැ. නොගැලපෙනවානම් එක කතාරලා විසඳාගන්න විදිහක් තියෙනවා. රෝමියෝ ජුලියට්ලා , ජැක් රෝස් ලා , ගාමිණි  චිත්‍රා ලා වගේ පෙම්වතුන් සාහිත්‍ය චරිත වුනත් අදටත් අපිට ඒවගේ ආදරෙන් ඉන්න චරිත ඉන්නවා.
මේ මෑතකදී වම් අත අහිමි උන නීති විද්‍යාලීය සිසුවිය ගේ පෙම්වතා කොයිතරම් උත්තරීතරද? කැපකිරීම් පිරැණ මේ ආදරය, උපදින හැම ආත්මෙකම නොපතයි කියලා කවුද කියන්නේ?  “අතක් පයක් නැති වුණත් මං හැමදාමත් මෙයාව ආදරෙන් බලාගන්නවා“
වචනෙත් ඇති . 

අවසානෙට කියන්නම්.............
ආදරේට අවංකවම ආදරේ කරන්න . ඒක සැනසීම පිරැණ සුන්දර හැඟීමක් . කිලුටු කරන්න එපා.!!!!





Comments

  1. දැට්ස් වයි.. අයි හේට් ලව් ස්ටෝරීස්! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ම්ම්ම්ම හැමදේම අකුරු හතරකින්....

    ReplyDelete
  3. ආදරය වෙනුවෙන් මුළු හිතින්ම ලියවුණ සත්‍ය සාධාරණ වටින ලිපියක්..!

    ReplyDelete
  4. සත්තකින්ම මට තේරෙන්නෙ නෑ මන් මොනවා කියන්න ඕනෙද කියලා. ඇත්තටම මට කියන්න දෙයක් නැති තරම්. මොකද ඔයාගෙ ලිපිය සෑම දේකින්ම පිරිලා. තනි වචන‍යෙන් කියනවනම් අංගසම්පූර්ණයි. කදිමයි නංගී. ඉතාම අපූරුයි. හුඟක් සංතොසයි ඔයාගෙ හැකියාව ගැන.
    ජය!

    ReplyDelete
  5. මං මුකුත් කියන්නෙ නෑ.. බබෝ.. කියන්න දෙයක් නෑ.. අක්කාට!!! සුපිරි ලියවිල්ල... හරි ආසයි!!! දිගටම මෙහෙම ලියන්න. අක්කලා වාගෙ නරක් නොවී! :D

    ReplyDelete
    Replies
    1. :D අක්කාලා නරකද කියන්න මං දන්නවනේ . ඉත්තූතී හොඳේ මගේ අක්කියෝ

      Delete
  6. හරිම ලස්සන, අපූරුවට ලියැවුනු.., කිව යුතු සියල්ලම තියෙන ලිපියක් නගෝ!!! ජය වේවා!!

    ReplyDelete
  7. ම්ම්ම්ම සුපිරි ලිපියක් එලටම ලියල තියනවා... ඔයාගේ ලිවිල්ල නම් මාරම ගති... කියවන්න තමයි වෙලාවක් නැත්තේ....:P

    ReplyDelete
    Replies
    1. ^_____^ ඉත්තූතියි ගුණේ අයියේ.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ආදරේ කරලා ගොඩක් විදවනවා. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් ආවා අපේ ඉස්කෝලෙ ට මට ආදරේ හිතුනා මම ඇහුවා නමුත් බැහැ කියලා ගියාට මම හොයලා බැලුවා ඒත් එ අතර තුර එයා ඉස්කෝලෙ ඇතුලේම ජීවිතය නැති කර ගන්න ඕනා කියලා පේනඩෝල් කාඩ් 5 බීලා ඉස්කොලේ මිස්ලා එයාව ඉස්පිරිතාලේ අරන් ගියාම මම ඇහුවා එයාගෙ යාළුවන් ගෙන් මොකද උනේ ඇයි මෙහෙම කර ගත්තෙ කියලා එ ගොල්ලො කීවේ එයාගෙ සම්බන්ධෙ නැවතිලා ඒක නිසා එහෙම කරලා කියලා. මේ මගේ පලමු ආදරේ එයාගෙ හිත වේදනාවෙන් පිරිලා ඇත්තේ දුකින් ඉන්නවා ඇති පවු සේරම ඉවර වෙලා කාළයක් යනකොට මම එ වේදනාවෙන් පිරුණ හදවතට ආදරේ කරා ඒත් එ කොල්ලෙක් නිසා උන දෙයක් නිසා. ආපහු දවසක මම එයට ආදරේ කිවුවම එයා පිළිගත්තා නමුත් මම කවදාවත් එයට දැනෙන්න තිබ්බෙ නෑ මම හැමදේම දන්නවා කියලා මම එයට තේරුම් කරලා දුන්නා මම කවදාවත් ආදරේ කරලා නැ කිසිම කෙල්ලෙක් ව අමාරුවේ දාලා නැ කෙල්ලෙක් ගෙ සිතුම් පැතුම් දන්නේ නැ නමුත් මම ඔයට ආදරෙයි එ හැමදේම ඔයා ගෙන් ම ඉගෙන ගන්නම්. කවදාවත් room යන්න අනවශ්‍ය දේවල් කරන්න ගියේ නෑ මුලින්ම ඔයා තේරුම් ගන්න ඕනා මම කව්ද මොන වගේද මොනවා ද මගේ ජීවිතය තුළ තියෙන්නේ එ හැමදේම තේරුම් ගත්ත දවසට මගේම වෙන්න එතකන් ඔයට මාව හරියන්නේ නැ ගැලපෙන්නේ නෑ කියලා හිතුනොත් මාව දාලා යන්න මාගෙන් ඈත් වෙන්න ඔයට පුළුවන් වෙන්න ඕන නිසා මම මෙහෙම කරනවා. මම එයට ආදරේ කරේ ඇයි එයාට ලැබුණ එ වේදනාව විඳපු දුක හිතේ තියෙන තුවාලය කවදාවත් මට නොඳේවි කියලා බලාපොරොත්තු උනා මම. ආදරේ කරේ මම කවදාවත් දාලා යන්න නේම්. මම ආදරේ කරොත් කවදාවත් අමතක නොවෙන තරමට ආදරේ කරන නිසා. ඒත් අද මම තනියම මට වෙන හිතකට ආදරේ කරන්න බැරි තරමටම මගේ හිත පුරාම ඉන්නෙ එයා එයාගෙ හිතේ මම නැ. මැරෙනතුරුම ආදරේ කරනවා හැමදාමත් තනියම ඉන්නවා. දවසක එනකන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආත්මගත බැඳීම - සහෝදරකම