කවුළුවේ සිතුවිලි - 06


නුඹෙන් ලැබෙන ආදරෙ මට තරම _________මහමෙරක් 
එයින් විඳින සැනසීමද මට ______________මහෝගයක්
අයදින්නම් දන නමමින් එක පොඩි___________ වරයක්
හැකිනම් තව ඈත් වෙන්න මතින් ___________දශමයක්.....

නුඹෙන් ලැබුනි ජීවිතයට සුන්දර _____________අරුතක් 
සසර පුරා රැගෙන යන්න මිහිරි _____________මතකයක් 
නුඹේ සුවඳ විඳගන්නට දෙන්න මට_____________ඉඩක්
හැමදාටම දුම්වැටිය ට තියනුමැන______________තිතක්.....

මගේ ලොවට එලිය ගෙනෙන මැනික නුඹ ________ඉරක් 
සසල සිතට සිසිල ගෙනෙන සොඳුර මට__________සඳක් 
විඩාබරිත ගත සනහන නුඹ පවන් _____________රොදක් 
ඉඩෝරයට සුවය ගෙනෙන නුඹ __________මල්වැස්සක්....

ඉර ගින්නට පුළුස්සන්න එපා මං ______________මලක් 
අමාවකට සැඟවී මට දෙනු එපා_______________ දුකක් 
විසිරවන්න එපා මසිත වී සැඩ _______________සුලගක් 
අසරන වෙයි මා නුඹ වුවොත් _____________කුනාටුවක්....

Comments

  1. දසමෙන් අයින් උනාට වැඩක් නැති වෙයි නගේ..

    ReplyDelete
    Replies
    1. දැහැමෙන් සෙමෙන් නෙ දේශකතුමෝ

      Delete
  2. නියමයි නංගියෝ...ලස්සනයි ගොඩාක්....

    ReplyDelete
  3. නියමයි නංගියෝ...ලස්සනයි ගොඩාක්....

    ReplyDelete
  4. හම්මේ ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  5. ලස්සනයි කවි ටික.

    ReplyDelete
  6. අනේ ඉතින් උනොත් හොදයි නේද....

    ReplyDelete
    Replies
    1. වේවි නේද? ස්තූතියි මහේෂ් අයියා

      Delete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම