Posts

Showing posts from July, 2014

ගස්සා ගන්න එපා! කඩා ගන්න එපා! අතහැර ගන්න එපා!!

Image
ආයිබෝවන්ඩ....... හුඟ කාලෙකින් ආපහු කවුළුව පැත්තෙ ආවා.. මාව නිලව්වක් නැතුව ඇති බාගදා. සෑහෙන කාලෙකින් නේ.

සරුංගල් යවන කාලේ ආවා නේද? මං බලාගෙන මහ රජත් සරුංගල් හැඩ බලනවා. ඉස්සර නං ඉතින්  අගොස්තු කිව්වම ගොයං කැපුවට පස්සේ  වෙල් එලියෙ අහසෙන්  එකයි සරුංගල්.. දැන් ඒ වගේ කාලයක් ආය නැ ඉතින්. 21 වෙනි සියවසලුනේ. දැන් තීන්නෙ තරඟෙට බීච් එකේ යවන සරුංගල්. එහෙමවත් මදැයි ඉතිරි වුනා.
වෙලාවකට සරුංගල් අපේ හීන වගේ.....
බලාපොරොත්තුව කියන නූලෙන් අපේ හීන සරුංගලේ බැඳගෙන අපි බිම ඉඳන්  ඒකේ ලස්සන බලනවා. 
ඊලඟ මොහොතේ මොනවා වෙයිද  කියන බයත් එක්කම..

අනේ ඇත්තට අපේ ජීවිතත් සරුංගල් වගේ...  නැද්ද කියන්නේ!!!
කවුරුත් ආසා ලස්සනට ආඩම්බරෙන් ගුවනේ වැජබෙන්න... ඒත් ඒ ලස්සන තියෙන්නේ නූල  හසුරවන අතත් එක්ක නේද? 
නූල ගැස්සුනොත්? කැඩුනොත්? අතහැරුනොත්????
මොනවා නං වෙයිද..

සරුංගලේ අපේ ජීවිත වලට ලං වෙන්නේ පුංචි පැංචි කාලේ ඉඳන්. යාංතං අතපය එහා මොහා කරං දෙයක් හදන්න පුලුවන් උන මුල්ම කාලේ අපි හදන්නේ “සරුංගලේ “ ඒකත් ඉරටු වලින්. අම්මගෙන්  කාසියක් හොයං  බ්රූම්.... කියලා කඩේට දුවලා රූං.. ගාලා සවුකරදහියක් ගෙනත් අලවලා  රැලි දෙකතුනක් දාලා.. ඒකේ න…